🔥 0 day streak
📖 Long surah — split into smaller parts to help you focus (111 ආයාත්)
0/111
12:1
🔁 0/5
الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ١
Alif-Laaam-Raa; tilka Aayaatul Kitaabil Mubeen
අලිෆ්, ලාම්, රා. එය පැහැදිලි දේව ග්‍රන්ථයේ වදන් ය.
🎤 Your recording:
12:2
🔁 0/5
إِنَّآ أَنزَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ ٢
Innaaa anzalnaahu quraanan `Arabiyyal la `allakum ta`qiloon
නුඹලා වටහා ගත හැකි වනු පිණිස නියත වශයෙන්ම අපි එය අරාබි බසින් පාරායනය කරන්නක් බවට පහළ කළෙමු.
🎤 Your recording:
12:3
🔁 0/5
نَحۡنُ نَقُصُّ عَلَيۡكَ أَحۡسَنَ ٱلۡقَصَصِ بِمَآ أَوۡحَيۡنَآ إِلَيۡكَ هَٰذَا ٱلۡقُرۡءَانَ وَإِن كُنتَ مِن قَبۡلِهِۦ لَمِنَ ٱلۡغَٰفِلِينَ ٣
Nahnu naqussu `alaika ahsanal qasasi bimaaa awhainaaa ilaika haazal quraana wa in kunta min qablihee laminal ghaafileen
(නබිවරය!) අපි නුඹ වෙත හෙළිදරව් කළ දැයින් වඩාත් අලංකාර කතා අපි නුඹට කියවා පෙන්වන්නෙමු. තවද නුඹ මීට පෙර (ඒවා ගැන) නොදැනුවත් අය අතරින් සිටිය ද.
🎤 Your recording:
12:4
🔁 0/5
إِذۡ قَالَ يُوسُفُ لِأَبِيهِ يَٰٓأَبَتِ إِنِّي رَأَيۡتُ أَحَدَ عَشَرَ كَوۡكَبًا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ رَأَيۡتُهُمۡ لِي سَٰجِدِينَ ٤
Iz qaala Yoosufu li abeehi yaaa abati innee ra aytu ahada `ashara kawkabanw wash shamsa walqamara ra aytuhum lee saajideen
යූසුෆ් තම පියාණන් ට ‘මාගේ පියතුමනි, නියත වශයෙන්ම මම ග්‍රහ තාරකා එකොළහක් ද හිරු හා සඳු ද දුටුවෙමි. ඒවා මට සුජූද් කරන්නාක් මෙන් ද මම දුටුවෙමි’ යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
🎤 Your recording:
12:5
🔁 0/5
قَالَ يَٰبُنَيَّ لَا تَقۡصُصۡ رُءۡيَاكَ عَلَىٰٓ إِخۡوَتِكَ فَيَكِيدُواْ لَكَ كَيۡدًاۖ إِنَّ ٱلشَّيۡطَٰنَ لِلۡإِنسَٰنِ عَدُوٌّ مُّبِينٌ ٥
Qaala yaa bunaiya laa taqsus ru`yaaka `alaaa ikhwatika fayakeedoo laka kaidaa; innash Shaitaana lil insaani `aduwwum mubeen
‘මාගේ පුතණුවනි, නුඹේ සිහිනයේ කතාව නුඹ නුඹගේ සහෝදරයින්ට නොකියනු. එවිට ඔවුහු යම් කුමන්ත්‍රණයකින් නුඹට කුමන්ත්‍රණය කරනු ඇත. නියත වශයෙන්ම ෂයිතාන් මිනිස් වර්ගයාට පැහැදිලි සතුරෙකි.’ යැයි ඔහු කීවේය.
🎤 Your recording:
12:6
🔁 0/5
وَكَذَٰلِكَ يَجۡتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِ وَيُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَعَلَىٰٓ ءَالِ يَعۡقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيۡكَ مِن قَبۡلُ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌ ٦
Wa kazaalika yajtabeeka rabbuka wa yu`allimuka min taaweelil ahaadeesi wa yutimmu ni`matahoo `alaika wa `alaaa Aali Ya`qooba kamaaa atammahaa `alaaa abawaika min qablu Ibraaheema wa Ishaaq; inna Rabbaka `Aleemun hakeem
තවද එලෙසය නුඹගේ පරමාධිපති නුඹ ව තෝරා ගෙන ඇත්තේ. තවද සිදුවීම්වල යථාර්ථය නුඹට ඔහු උගන්වනු ඇත. තවද මීට පෙර නුඹගේ පියවරුන් දෙපළ වන ඉබ්‍රාහීම් හා ඉස්හාක්ට ඔහු එය පූර්ණවත් කළාක් මෙන් නුඹ වෙතත් යඃකූබ්ගේ පරපුර වෙතත් එය පූර්ණවත් කරනු ඇත. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සර්ව ඥානීය; සියුම් ඥානය ඇත්තාය.
🎤 Your recording:
12:7
🔁 0/5
۞ لَّقَدۡ كَانَ فِي يُوسُفَ وَإِخۡوَتِهِۦٓ ءَايَٰتٌ لِّلسَّآئِلِينَ ٧
Laqad kaana fee Yoosufa wa ikhwatiheee Aayaatul lissaaa`ileen
සැබැවින්ම යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් විෂයෙහි විමසන්නන්හට සංඥාවන් තිබේ..
🎤 Your recording:
12:8
🔁 0/5
إِذۡ قَالُواْ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحۡنُ عُصۡبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَٰلٍ مُّبِينٍ ٨
Iz qaaloo la Yoosufu wa akhoohu ahabbu ilaaa Abeenaa minnaa wa nahnu `usbah; inna abaanaa lafee dalaalim mubeen
‘අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී පවා අපට වඩා අපගේ පියාණන් වෙත යූසුෆ් හා ඔහුගේ සහෝදරයා ප්‍රිය මනාප වී ඇත. නියත වශයෙන්ම අපගේ පියාණන් පැහැදිලි නොමගෙහිය’ යැයි ඔවුහු පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
🎤 Your recording:
12:9
🔁 0/5
ٱقۡتُلُواْ يُوسُفَ أَوِ ٱطۡرَحُوهُ أَرۡضًا يَخۡلُ لَكُمۡ وَجۡهُ أَبِيكُمۡ وَتَكُونُواْ مِنۢ بَعۡدِهِۦ قَوۡمًا صَٰلِحِينَ ٩
Uqtuloo Yoosufa awitra hoohu ardany yakhlu lakum wajhu abeekum wa takoonoo mim ba`dihee qawman saaliheen
නුඹලාගේ පියාගේ තෘප්තිය නුඹලා වෙත පමණක් වනු පිණිස නුඹලා යූසුෆ් ව මරා දමනු. නැතහොත් යම් භූමි භාගයක (කොතනක හෝ) ඔහු ව විසි කර දමනු. තවද ඔහුගෙන් පසු ව දැහැමි පිරිසක් බවට නුඹලා වනු ඇත.
🎤 Your recording:
12:10
🔁 0/5
قَالَ قَآئِلٌ مِّنۡهُمۡ لَا تَقۡتُلُواْ يُوسُفَ وَأَلۡقُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّ يَلۡتَقِطۡهُ بَعۡضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمۡ فَٰعِلِينَ ١٠
Qaalaa qaaa`ilum minhum laa taqtuloo Yoosufa wa alqoohu fee ghayaabatil jubbi yaltaqithu badus sai yaarati in kuntum faa `ileen
ඔවුන් අතරින් කතා කරන්නෙකු මෙසේ පවසා සිටීයේය. නුඹලා (යමක්) කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලා යූසුෆ් ව මරා නොදමා නුඹලා ඔහු ව (පාළු) ළිං අඳුරට හෙළනු. ඇතැම් නඩයන් ඔහු ව අහුළා ගනු ඇත.
🎤 Your recording:
12:11
🔁 0/5
قَالُواْ يَٰٓأَبَانَا مَا لَكَ لَا تَأۡمَ۬نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ ١١
Qaaloo yaaa abaanaa maa laka laa taamannaa `alaa Yoosufa wa innaa lahoo lanaa sihoon
අහෝ අපගේ පියාණනි! යූසුෆ් සම්බන්ධයෙන් ඔබ අප ව විශ්වාස නොකර සිටීමට ඔබට කුමක් වී ද? නියත වශයෙන්ම අපි ඔහුට (යහපත) උපදෙස් දෙනන්නන් ම වෙමු යැයි ඔවුහු පැවසූහ.
🎤 Your recording:
12:12
🔁 0/5
أَرۡسِلۡهُ مَعَنَا غَدًا يَرۡتَعۡ وَيَلۡعَبۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ١٢
Arilhu ma`anaa ghadany yarta`wa yal`ab wa innaa lahoo lahaafizoon
ඔහු විනෝද වන්නටත් සෙල්ලම් කරන්නටත් හෙට දින අප සමග ඔහු එවනු. තවද නියත වශයෙන්ම අපි ඔහු ව ආරක්ෂා කරන්නෝ වෙමු.
🎤 Your recording:
12:13
🔁 0/5
قَالَ إِنِّي لَيَحۡزُنُنِيٓ أَن تَذۡهَبُواْ بِهِۦ وَأَخَافُ أَن يَأۡكُلَهُ ٱلذِّئۡبُ وَأَنتُمۡ عَنۡهُ غَٰفِلُونَ ١٣
Qaala innee la yahzununeee an tazhaboo bihee wa akhaafu anyyaakulahuz zi`bu wa antum `anhu ghaafiloon
නුඹලා ඔහු කැටුවාගෙන යෑම නියත වශයෙන්ම මා දුකට පත් කරනු ඇත. තවද නුඹලා ඔහු ගැන නොසැලකිල්ලෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය.
🎤 Your recording:
12:14
🔁 0/5
قَالُواْ لَئِنۡ أَكَلَهُ ٱلذِّئۡبُ وَنَحۡنُ عُصۡبَةٌ إِنَّآ إِذًا لَّخَٰسِرُونَ ١٤
Qaaloo la in akalahuzzi`bu wa nahnu `usbatun innaaa izal lakhaasiroon
අපි (ශක්තිමත්) කණ්ඩායමක් ලෙස සිටිය දී වෘකයා ඔහු ව කා දැමුවේ නම් නියත වශයෙන්ම අපි එවිට අලාභවන්තයෝ වෙමු යැයි ඔවුහු පැවසූහ.
🎤 Your recording:
12:15
🔁 0/5
فَلَمَّا ذَهَبُواْ بِهِۦ وَأَجۡمَعُوٓاْ أَن يَجۡعَلُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّۚ وَأَوۡحَيۡنَآ إِلَيۡهِ لَتُنَبِّئَنَّهُم بِأَمۡرِهِمۡ هَٰذَا وَهُمۡ لَا يَشۡعُرُونَ ١٥
Falammaa zahaboo bihee wa ajma`ooo anyyaj`aloohu fee ghayaabatil jubb; wa awyainaaa ilaihi latunabbi `annahum bi amrihim haaza wa hum laa yash`uroon
ඔවුහු ඔහු ව කැටුවා ගෙන ගිය කල්හි ඔවුහු ඔහු ව ළිං අඳුරෙහි තබන්නට එක් වූහ. තවද නියත වශයෙන්ම ඔවුන් නොදැන සිටිය දී ඔවුන්ගේ මෙම විෂයය සම්බන්ධයෙන් නුඹ ඔවුනට දන්වා සිටිනු ඇතැයි ද අපි ඔහු (යූසුෆ්) වෙත දන්වා සිටියෙමු.
🎤 Your recording:
12:16
🔁 0/5
وَجَآءُوٓ أَبَاهُمۡ عِشَآءً يَبۡكُونَ ١٦
Wa jaaa`ooo abaahum `ishaaa `any yabkoon
තවද ඔවුහු හඩා වැළපෙමින් අඳුරු සමයේ ඔවුන්ගේ පියාණන් වෙත පැමිණියෝය.
🎤 Your recording:
12:17
🔁 0/5
قَالُواْ يَٰٓأَبَانَآ إِنَّا ذَهَبۡنَا نَسۡتَبِقُ وَتَرَكۡنَا يُوسُفَ عِندَ مَتَٰعِنَا فَأَكَلَهُ ٱلذِّئۡبُۖ وَمَآ أَنتَ بِمُؤۡمِنٍ لَّنَا وَلَوۡ كُنَّا صَٰدِقِينَ ١٧
Qaaloo yaaa abaanaaa innaa zahabnaa nastabiqu wa taraknaa Yoosufa `inda mataa`inaa fa akhalahuz zi`b, wa maaa anta bimu`minil lanaa wa law kunnaa saadiqeen
‘අපගේ පියාණනි! නියත වශයෙන්ම අපි ගොස් තරඟ වැදුනෙමු. අපගේ භාණ්ඩ සමග යූසුෆ් ව ද අත හැර දැමුවෙමු. එවිට වෘකයා ඔහු ව කා දැමීය. අපි සත්‍යවාදීන් ව සිටිය ද ඔබ අප ව විශ්වාස කරන්නකු නොවනු ඇතැයි’ ඔවුහු පැවසුවෝය.
🎤 Your recording:
12:18
🔁 0/5
وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍ كَذِبٍۚ قَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرًاۖ فَصَبۡرٌ جَمِيلٌۖ وَٱللَّهُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ١٨
Wa jaaa`oo `alaa qamee shihee bidamin kazi` qaala bal sawwalat lakum anfusukum amraa; fasabrun jameel; wallaahul musta`aanu `alaa man tasifoon
ඔවුහු ව්‍යාජ ලේ ඔහුගේ කමිසය මත තවරා ගෙන ආවෝය. (එවිට) නුඹලාගේ ආත්මාවන් නුඹලාට මෙය අලංකාරවත් කළේය. එබැවින් (මා කළ යුත්තේ) අලංකාර ඉවසීමය. තවද අල්ලාහ් නුඹලා වර්ණනා කරන දෑ කෙරෙහි උදව් පතනු ලබන්නාය. (එහෙයින් මම ඔහුගෙන්ම උදව් පතමි.) යැයි ඔහු පැවසීය.
🎤 Your recording:
12:19
🔁 0/5
وَجَآءَتۡ سَيَّارَةٌ فَأَرۡسَلُواْ وَارِدَهُمۡ فَأَدۡلَىٰ دَلۡوَهُۥۖ قَالَ يَٰبُشۡرَىٰ هَٰذَا غُلَٰمٌۚ وَأَسَرُّوهُ بِضَٰعَةًۚ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَعۡمَلُونَ ١٩
Wa jaaa`at saiyaaratun fa-arsaloo waaridahum fa adlaa dalwah; qaala yaa bushraa haaza ghulaam; wa asarroohu bi-daa`ah; wallaahu `aleemum bimaa ya`maloon
තවද (වෙළෙඳ) නඩයක් පැමිණියේය. ඔවුනට ජලය සපයන්නකු ව ඔවුහු එවුහ. එවිට ඔහු ඔහුගේ පනිට්ටු ව (ළිඳට) දැමුවේය. ‘අහෝ ශුභාරංචියකි. මෙන්න, දරුවෙකි’ යැයි ඔහු පැවසුවේය. තවද (ළිඳෙන් පිටත ගත්) ඔවුහු වෙළඳ භාණ්ඩයක් ලෙසින් ඔහු ව ද සඟවා ගත්තෝය. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
🎤 Your recording:
12:20
🔁 0/5
وَشَرَوۡهُ بِثَمَنِۭ بَخۡسٍ دَرَٰهِمَ مَعۡدُودَةٍ وَكَانُواْ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ ٢٠
Wa sharawhu bisamanim bakhsin daraahima ma`doo datinw wa kaanoo feehi minaz zaahideen
තවද ඔවුහු අඩු වටිනාකමට නියමිත රිදී කාසි ගණනකට ඔහු ව විකුණා දැමුවෝය. තවද ඔහු සම්බන්ධයෙන් ඔවුහු උදාසීන වූවන් අතරින් වූහ.
🎤 Your recording:
12:21
🔁 0/5
وَقَالَ ٱلَّذِي ٱشۡتَرَىٰهُ مِن مِّصۡرَ لِٱمۡرَأَتِهِۦٓ أَكۡرِمِي مَثۡوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدًاۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمۡرِهِۦ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٢١
Wa qaalal lazish taraahu mim Misra limra atiheee akrimee maswaahu `asaaa any-yanfa`anaaa aw nattakhizahoo waladaa; wa kazaalika mak-kannaa li-Yoosufa fil ardi wa linu`allimahoo min taaweelil ahaadees; wallaahu ghaalibun `alaaa amrihee wa laakinna aksaran naasi laa ya`lamoon
තවද මිස්රයේ දී ඔහු ව මිලට ගත් අය තම බිරිය අමතා මොහුගේ නවාතැන ගෞරවයෙන් රැක බලා ගනු. මොහු අපට ප්‍රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපගේ දරුවකු වශයෙන් ගනිමු යැයි පැවසුවේය. අපි යූසුෆ්ට පොළොවේ පහසුකම් සැලැස්වූයේ එලෙසය. තවද අපි ඔහුට සිදුවීම් වල යථාර්ථය (අවබෝධ කර ගන්නට) ඉගැන් වූයෙමු. තවද අල්ලාහ් ඔහුගේ නියෝගය (ක්‍රියාත්මක කිරීම) මත බලය දරන්නාය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
🎤 Your recording:
12:22
🔁 0/5
وَلَمَّا بَلَغَ أَشُدَّهُۥٓ ءَاتَيۡنَٰهُ حُكۡمًا وَعِلۡمًاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ٢٢
Wa lammaa balagha ashuddahooo aatainaahu bukmanw wa `ilmaa; wa kazaa lika najzil muhsineen
තවද ඔහු පරිණතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. එලෙසය දැහැමියන්ට අපි ප්‍රතිඵල පිරිනමනුයේ.
🎤 Your recording:
12:23
🔁 0/5
وَرَٰوَدَتۡهُ ٱلَّتِي هُوَ فِي بَيۡتِهَا عَن نَّفۡسِهِۦ وَغَلَّقَتِ ٱلۡأَبۡوَٰبَ وَقَالَتۡ هَيۡتَ لَكَۚ قَالَ مَعَاذَ ٱللَّهِۖ إِنَّهُۥ رَبِّيٓ أَحۡسَنَ مَثۡوَايَۖ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ ٢٣
Wa raawadat hul latee huwa fee baitihaa `an nafsihee wa ghallaqatil abwaaba wa qaalat haita lak; qaala ma`aazal laahi innahoo rabbeee ahsana maswaay; innahoo laa yuflihuz-zaalimoon
තවද ඇය ඇයගේ නිවසේ විසූ ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) පොළඹවා දොරටු වසා ගෙන තමන් අසලට පැමිණෙන්නැයි පැවසුවාය. අල්ලාහ්ගේ ආරක්ෂාව වේවා. නියත වශයෙන්ම මාගේ ස්වාමියා මාගේ ස්ථානය අලංකාරවත් කළේය. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි ඔහු පැවසීය.
🎤 Your recording:
12:24
🔁 0/5
وَلَقَدۡ هَمَّتۡ بِهِۦۖ وَهَمَّ بِهَا لَوۡلَآ أَن رَّءَا بُرۡهَٰنَ رَبِّهِۦۚ كَذَٰلِكَ لِنَصۡرِفَ عَنۡهُ ٱلسُّوٓءَ وَٱلۡفَحۡشَآءَۚ إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُخۡلَصِينَ ٢٤
Wa laqad hammat bihee wa hamma bihaa law laaa ar ra-aa burhaana rabbih;; kazaalika linasrifa `anhu sooo`a walfa hshaaa`; innahoo min `ibaadi nal mukhlaseen
ඇය ඔහු සමග (කාමයේ වරදවා හැසිරෙන්නට) උත්සාහ දැරුවාය. ඔහුගේ පරමාධිපතිගේ සාධක ඔහු නොදුටුවේ නම් ඔහු ද ඇය සමග නැඹුරු වන්නට තිබුණි. එලෙස (අපි සිදු කළේ) නපුර හා අශික්ෂිත දෑ ඔහුගෙන් අපි වෙනතකට යොමු කරනු පිණිසය. නියත වශයෙන්ම ඔහු අපගේ අවංක ගැත්තන් අතරින් විය.
🎤 Your recording:
12:25
🔁 0/5
وَٱسۡتَبَقَا ٱلۡبَابَ وَقَدَّتۡ قَمِيصَهُۥ مِن دُبُرٍ وَأَلۡفَيَا سَيِّدَهَا لَدَا ٱلۡبَابِۚ قَالَتۡ مَا جَزَآءُ مَنۡ أَرَادَ بِأَهۡلِكَ سُوٓءًا إِلَّآ أَن يُسۡجَنَ أَوۡ عَذَابٌ أَلِيمٌ ٢٥
Wastabaqal baaba wa qaddat qameesahoo min dubu rinw wa alfayaa saiyidahaa ladal baab; qaalat maa jazaaa`u man araada bi ahlika sooo`an illaaa any-yusjana aw azaabun aleem
තවද දෙදෙනාම තරඟ වැද දොරටු ව වෙත ගියහ. ඇය ඔහුගේ කමිසය පිටුපසින් ඇද ඉරා දැමුවාය. දෙදෙනාම දොර අසල දී ඇයගේ ස්වාමියා හමු වූහ. ‘ඔබේ පවුලට නපුරක් අපේක්ෂා කළ අය සිරගත කරනු ලැබීම හෝ වේදනීය දඬුවමක් මිස වෙනත් කවර ප්‍රතිවිපාකයක් දැයි ඇය (එවිට ඇයගේ ස්වාමියාගෙන්) විමසුවාය.
🎤 Your recording:
12:26
🔁 0/5
قَالَ هِيَ رَٰوَدَتۡنِي عَن نَّفۡسِيۚ وَشَهِدَ شَاهِدٌ مِّنۡ أَهۡلِهَآ إِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن قُبُلٍ فَصَدَقَتۡ وَهُوَ مِنَ ٱلۡكَٰذِبِينَ ٢٦
Qaala hiya raawadatnee `an nafsee wa shahida shaahidum min ahlihaa in kaana qameesuhoo qudda min qubulin fasadaqat wa huwa minal kaazibeen
මා පොලඹවාලීමට තැත් කළේ ඇයයි යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. (එවිට) ඔහුගේ කමිසය ඉදිරියෙන් ඇද ඉරනු ලැබ තිබුණේ නම් ඇය සත්‍යය පවසා ඇත. තවද ඔහු මුසාවාදීන් අතරිනි යැයි ඇයගේ පවුලෙන් වූ සාක්ෂිකරුවකු සාක්ෂි දැරුවේය.
🎤 Your recording:
12:27
🔁 0/5
وَإِن كَانَ قَمِيصُهُۥ قُدَّ مِن دُبُرٍ فَكَذَبَتۡ وَهُوَ مِنَ ٱلصَّٰدِقِينَ ٢٧
Wa in kaana qameesuhoo qudda min duburin fakazabat wa huwa minas saadiqeen
තවද ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබ තිබුණේ නම් එවිට ඇය බොරු පවසා ඇත. ඔහු සත්‍යවාදීන් අතරිනි (යැයි තවදුරටත් පැවසුවේය).
🎤 Your recording:
12:28
🔁 0/5
فَلَمَّا رَءَا قَمِيصَهُۥ قُدَّ مِن دُبُرٍ قَالَ إِنَّهُۥ مِن كَيۡدِكُنَّۖ إِنَّ كَيۡدَكُنَّ عَظِيمٌ ٢٨
Falammaa ra-aa qamee sahoo qudda min duburin qaala innahoo min kaidikunna inna kaidakunna `azeem
ඔහුගේ කමිසය පසුපසින් ඉරනු ලැබී තිබෙනු ඔහු දුටු කල්හි " (එවිට තම බිරිඳ ට) නියත වශයෙන්ම මෙය (කාන්තාවන් වන) නුඹලාගේ උපායකි. නියත වශයෙන්ම නුඹලාගේ උපාය අතිභයානකය" යැයි ඔහු පැවසුවේය.
🎤 Your recording:
12:29
🔁 0/5
يُوسُفُ أَعۡرِضۡ عَنۡ هَٰذَاۚ وَٱسۡتَغۡفِرِي لِذَنۢبِكِۖ إِنَّكِ كُنتِ مِنَ ٱلۡخَاطِـِٔينَ ٢٩
Yoosofu a`rid `an haaza wastaghfiree lizambiki innaki kunti minal khaati`een
තවද යූසුෆ්, එය නොසලකා හරිනු. (අහෝ ස්ත්‍රිය,) ඔබ ඔබේ පාපයට සමාව අයැදිනු. නියත වශයෙන්ම ඔබ වැරදිකරුවන් අතරින් විය.
🎤 Your recording:
12:30
🔁 0/5
۞ وَقَالَ نِسۡوَةٌ فِي ٱلۡمَدِينَةِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ تُرَٰوِدُ فَتَىٰهَا عَن نَّفۡسِهِۦۖ قَدۡ شَغَفَهَا حُبًّاۖ إِنَّا لَنَرَىٰهَا فِي ضَلَٰلٍ مُّبِينٍ ٣٠
Wa qaala niswatun filma deenatim ra atul`Azeezi turaawidu fataahaa `an nafsihee qad shaghafahaa bubbaa; innaa lana raahaa fee dalaalim mubeen
පාලකයාගේ බිරිය ඇයගේ (වහල්) තරුණයා සමග (කාමයේ වරදවා හැසිරීමට) තැත් කොට ඇත. ආලයෙන් ඇය ව වෙළා ඇත. සැබැවින්ම අපි ඇය පැහැදිලි මුළාවෙහි සිටිනු දකිමු යැයි නගරයේ කාන්තාවෝ පවසා සිටියහ.
🎤 Your recording:
12:31
🔁 0/5
فَلَمَّا سَمِعَتۡ بِمَكۡرِهِنَّ أَرۡسَلَتۡ إِلَيۡهِنَّ وَأَعۡتَدَتۡ لَهُنَّ مُتَّكَـًٔا وَءَاتَتۡ كُلَّ وَٰحِدَةٍ مِّنۡهُنَّ سِكِّينًا وَقَالَتِ ٱخۡرُجۡ عَلَيۡهِنَّۖ فَلَمَّا رَأَيۡنَهُۥٓ أَكۡبَرۡنَهُۥ وَقَطَّعۡنَ أَيۡدِيَهُنَّ وَقُلۡنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنۡ هَٰذَآ إِلَّا مَلَكٌ كَرِيمٌ ٣١
Falammaa sami`at bimak rihinna arsalat ilaihinna wa a`tadat lahunna muttaka anw wa aatat kulla waahidatim min hunna sikkeenanw wa qaala tikh ruj `alaihinna falammaa ra aynahooo akbarnahoo wa qatta`na aydiyahunna wa qulna haasha lillaahi maa haaza basharaa; in haazaaa illaa malakun kareem
ඔවුන්ගේ රහස් කතාවට ඇය සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළාය. ඔවුන් අතරින් සෑම කෙනෙකුටම පිහියක් බැගින් දුන්නාය. පසු ව ඔබ ඔවුන් ඉදිරියට පිට ව යනු යැයි (යූසුෆ්ට) ඇය පැවසුවාය. ඔවුහු ඔහු ව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. තවද ඔවුන්ගේ අත් (නොදැනුවත්වම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නොවේ. මොහු ගෞරවනීය සුර දූතයකු මිස වෙනකෙකු නැතැයි ඔවුහු පවසා සිටියහ.
🎤 Your recording:
12:32
🔁 0/5
قَالَتۡ فَذَٰلِكُنَّ ٱلَّذِي لُمۡتُنَّنِي فِيهِۖ وَلَقَدۡ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ فَٱسۡتَعۡصَمَۖ وَلَئِن لَّمۡ يَفۡعَلۡ مَآ ءَامُرُهُۥ لَيُسۡجَنَنَّ وَلَيَكُونًا مِّنَ ٱلصَّٰغِرِينَ ٣٢
Qaalat fazaalikunnal lazee lumtunnanee feeh; wa laqad raawattuhoo `an nafsihee fasta`sam; wa la`il lam yaf`al maaa aamuruhoo la yusjananna wa la yakoonam minas saaghireen
නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මට දොස් නැගුවෙහුද එයයි මෙය. මම ඔහු සමග (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළෙමි. නමුත් ඔහු සුරක්ෂිත විය. මා ඔහුට අණ කරන දෑ ඔහු ඉටු නොකළේ නම් සැබැවින් ම ඔහු සිරගත කරනු ලබනු ඇත. තවද ඔහු පහත් අය අතරින් වනු ඇත යැයි ඇය පැවසුවාය..
🎤 Your recording:
12:33
🔁 0/5
قَالَ رَبِّ ٱلسِّجۡنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدۡعُونَنِيٓ إِلَيۡهِۖ وَإِلَّا تَصۡرِفۡ عَنِّي كَيۡدَهُنَّ أَصۡبُ إِلَيۡهِنَّ وَأَكُن مِّنَ ٱلۡجَٰهِلِينَ ٣٣
Qaala rabbis sijnu ahabbu ilaiya mimma yad`oo naneee `ilaihi wa illaa tasrif `annee kaidahunna asbu ilaihinna wa akum minal jaahileen
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් කවර දෙයක් වෙත මා කැඳවන්නේ ද ඊට වඩා සිරගත වීම මට ප්‍රිය මනාපය. ඔවුන්ගේ උපායෙන් නුඹ මා වෙනතකට නොහරවන්නේ නම් ඔවුන් වෙත මම හසුවන්නෙමි. තවද මම අඥානයින් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
🎤 Your recording:
12:34
🔁 0/5
فَٱسۡتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنۡهُ كَيۡدَهُنَّۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٣٤
Fastajaaba lahoo rabbuhoo fasarafa `anhu kaidahunn; innahoo Huswas_Samee`ul `Aleem
එවිට ඔහුගේ පරමාධිපති ඔහුට පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ උපාය ඔහු ඔහුගෙන් වෙනතකට හැරෙව්වේය. නියත වශයෙන්ම ඔහුමය සර්ව ශ්‍රාවක; සර්ව ඥානී වන්නේ.
🎤 Your recording:
12:35
🔁 0/5
ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعۡدِ مَا رَأَوُاْ ٱلۡأٓيَٰتِ لَيَسۡجُنُنَّهُۥ حَتَّىٰ حِينٍ ٣٥
Summa badaa lahum mim ba`di maa ra-awul Aayaati layasjununnahoo hatta heen
අනතුරු ව ඔවුන් (ඔහුගේ අවංකභාවයට) සාධක දුටු පසු ව මද කලකට ඔහු ව සිරභාරයට ගනු ලැබීම යහපත් යැයි ඔවුනට හෙළි විය.
🎤 Your recording:
12:36
🔁 0/5
وَدَخَلَ مَعَهُ ٱلسِّجۡنَ فَتَيَانِۖ قَالَ أَحَدُهُمَآ إِنِّيٓ أَرَىٰنِيٓ أَعۡصِرُ خَمۡرًاۖ وَقَالَ ٱلۡأٓخَرُ إِنِّيٓ أَرَىٰنِيٓ أَحۡمِلُ فَوۡقَ رَأۡسِي خُبۡزًا تَأۡكُلُ ٱلطَّيۡرُ مِنۡهُۖ نَبِّئۡنَا بِتَأۡوِيلِهِۦٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ ٣٦
Wa dakhala ma`ahussijna fata yaan; qaala ahaduhumaaa inneee araaneee a`siru khamranw wa qaalal aakharu inneee khubzan taakulut tairu minh; nabbi `naa bitaaweelihee innaa naraaka minal muhsineen
තවද ඔහු සමග සිරගෙයට තරුණයින් දෙදෙනෙකු ද ඇතුළු වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු සැබැවින්ම මම මත්පැන් පෙරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි යැයි පැවසුවේය. තවද අනෙකා සැබැවින්ම මම ද මාගේ හිසට ඉහළින් මා රොටියක් උසුලමින් සිටියෙමි. පක්ෂියකු ඉන් අනුභව කරනු මම මා ගැන සිහිනයක් දුටුවෙමි යැයි පැවසුවේය. එහි යථාර්ථය ඔබ අපට දන්වා සිටිනු. සැබැවින්ම අපි ඔබ ව දැහැමියන් අතරින් දකිමු (යැයි තවදුරටත් පවසා සිටියහ.)
🎤 Your recording:
12:37
🔁 0/5
قَالَ لَا يَأۡتِيكُمَا طَعَامٌ تُرۡزَقَانِهِۦٓ إِلَّا نَبَّأۡتُكُمَا بِتَأۡوِيلِهِۦ قَبۡلَ أَن يَأۡتِيَكُمَاۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّيٓۚ إِنِّي تَرَكۡتُ مِلَّةَ قَوۡمٍ لَّا يُؤۡمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ ٣٧
Qaala laa yaateekumaa ta`aamun turzaqaaniheee illaa nabbaatukumaa bitaaweelihee qabla any yaatiyakumaa; zaali kumaa mimmaa `allamanee rabbee; innee taraktu millata qawmil laa yu`minoona billaahi wahum bil aakhirati hum kaafiroon
නුඹලා දෙදෙනාට පෝෂණය වශයෙන් දෙනු ලබන ආහාර නුඹලා වෙත නොපැමිණි නමුත් නුඹලා දෙදෙනාට එය පැමිණීමට පෙර එහි යථාර්ථය නුඹලා දෙදෙනාට දන්වමි යැයි ඔහු පැවසුවේය. එය මාගේ පරමාධිපති මට ඉගැන්වූ දැයිනි. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ පිළිවෙත මම අත හැරියෙමි. තවද ඔවුහු පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
🎤 Your recording:
12:38
🔁 0/5
وَٱتَّبَعۡتُ مِلَّةَ ءَابَآءِيٓ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَۚ مَا كَانَ لَنَآ أَن نُّشۡرِكَ بِٱللَّهِ مِن شَيۡءٍۚ ذَٰلِكَ مِن فَضۡلِ ٱللَّهِ عَلَيۡنَا وَعَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ٣٨
Wattab`tu millata aabaaa`eee Ibraaheema wa Ishaaqa wa Ya`qoob; maa kaana lanaaa an nushrika billaahi min shai` zaalikamin fadlil laahi `alainaa wa `alan naasi wa laakinna aksaran naasi laa yashkuroon
තවද මාගේ මුතුන්මිත්තන් වූ ඉබ්‍රාහීම, ඉස්හාක් හා යඃකූබ්ගේ පිළිවෙත මම අනුගමනය කරමි. කිසිවකින් අල්ලාහ්ට අප ආදේශ කිරීම අපට සුදුසු නොවීය. එය අප වෙත හා ජනයා වෙත වූ අල්ලාහ්ගේ භාග්‍යය අතරිනි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
🎤 Your recording:
12:39
🔁 0/5
يَٰصَٰحِبَيِ ٱلسِّجۡنِ ءَأَرۡبَابٌ مُّتَفَرِّقُونَ خَيۡرٌ أَمِ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ٣٩
Yaa saahibayis sijni `a-arbaabum mutafarriqoona khayrun amil laahul waahidul qahhaar
අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! උතුම් වනුයේ (වෙන් වෙන් ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එකම දෙවිඳුන් අල්ලාහ් ද?
🎤 Your recording:
12:40
🔁 0/5
مَا تَعۡبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسۡمَآءً سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِ أَمَرَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٤٠
Maa ta`budoona min doonihee illaaa asmaaa`an sam maitumoohaaa antum wa aabaaa`ukum maaa anzalal laahu bihaa min sultan; inilhukmu illaa lillaah; amara allaa ta`budooo illaaa iyyaah; zaalikad deenul qaiyimu wa laakinna aksaran naasi laa ya`lamoon
ඔහු හැර දමා නුඹලා නැමදුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස වෙනකක් නැත. අල්ලාහ් ඒ පිළිබඳ ව කිසිදු සාධකයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස වෙනත් කිසිවකුව නැත. නුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකළ යුතු බවට ඔහු අණ කළේය. එයයි ඍජු දහම වනුයේ. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
🎤 Your recording:
12:41
🔁 0/5
يَٰصَٰحِبَيِ ٱلسِّجۡنِ أَمَّآ أَحَدُكُمَا فَيَسۡقِي رَبَّهُۥ خَمۡرًاۖ وَأَمَّا ٱلۡأٓخَرُ فَيُصۡلَبُ فَتَأۡكُلُ ٱلطَّيۡرُ مِن رَّأۡسِهِۦۚ قُضِيَ ٱلۡأَمۡرُ ٱلَّذِي فِيهِ تَسۡتَفۡتِيَانِ ٤١
Yaa saahibayis sijni ammaaa ahadukumaa fa yasqee rabbahoo khamranw wa ammal aakharu fa yuslabu fataakulut tairu mir raasih; qudiyal amrul lazee feehi tastaftiyaan
අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! නුඹලා දෙදෙනාගෙන් එක් අයකු වූ කලී, ඔහු තම ස්වාමියාට මත්පැන් සපයනු ඇත. අනෙක් අය වූ කලී, කුරුසයේ තබා බැද දමනු ලැබේ. එවිට ඔහුගේ හිස මත සිට පක්ෂීන් අනුභව කරයි. කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා දෙදෙනා විමසා සිටියේ ද එම කරුණ තීන්දු කරනු ලැබීය.
🎤 Your recording:
12:42
🔁 0/5
وَقَالَ لِلَّذِي ظَنَّ أَنَّهُۥ نَاجٍ مِّنۡهُمَا ٱذۡكُرۡنِي عِندَ رَبِّكَ فَأَنسَىٰهُ ٱلشَّيۡطَٰنُ ذِكۡرَ رَبِّهِۦ فَلَبِثَ فِي ٱلسِّجۡنِ بِضۡعَ سِنِينَ ٤٢
Wa qaala lillazee zanna annahoo najim minhumaz kurnee `inda rabbika fa-ansaahush Shaitaanu zikra Rabbihee falabisa fis sijni bad`a sineen
තවද ඔවුන් දෙදෙනාගෙන් සැබැවින්ම මොහු නිදහස් වනු ඇතැයි සිතූ පුද්ගලයා අමතා, නුඹේ ස්වාමියා අබියස මා ගැන මතක් කරන්න යැයි ඔහු (යූසුෆ්) පැවසුවේය. නමුත් තම ස්වාමියා වෙත මෙනෙහි කිරීමට ෂෙයිතාන් ඔහුට අමතක කර දැමීය. එහෙයින් ඔහු (තවත්) වසර කිහිපයක් සිරගෙහි රැඳුණේය.
🎤 Your recording:
12:43
🔁 0/5
وَقَالَ ٱلۡمَلِكُ إِنِّيٓ أَرَىٰ سَبۡعَ بَقَرَٰتٍ سِمَانٍ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٌ وَسَبۡعَ سُنۢبُلَٰتٍ خُضۡرٍ وَأُخَرَ يَابِسَٰتٍۖ يَٰٓأَيُّهَا ٱلۡمَلَأُ أَفۡتُونِي فِي رُءۡيَٰيَ إِن كُنتُمۡ لِلرُّءۡيَا تَعۡبُرُونَ ٤٣
Wa qaalal maliku inneee araa sab`a baqaraatin simaaniny yaakuluhunna sab`un `ijaafunw wa sab`a sumbulaatinkhudrinw wa ukhara yaabisaat; yaaa ayuhal mala-u aftoonee fee nu`yaaya in kuntum lirru`yaa ta`buroon
තවද ‘සැබැවින්ම පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකුව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම ද සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ලෙස තිබීම ද සත්‍යවශයෙන්ම මම (සිහිනෙන්) දුටුවෙම්. අහෝ ප්‍රධානියිනි! නුඹලා සිහින වලට පලාපල කියමින් සිටියෙහු නම් මාගේ මෙම සිහිනය පිළිබඳ ව මා හට විස්තර කරනු යැයි රජතෙම පැවසුවේය.
🎤 Your recording:
12:44
🔁 0/5
قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمٍۖ وَمَا نَحۡنُ بِتَأۡوِيلِ ٱلۡأَحۡلَٰمِ بِعَٰلِمِينَ ٤٤
Qaalooo adghaasu ahlaa minw wa maa nahnu bitaaweelil ahlaami bi`aalimeen
මේවා ව්‍යාකූල සිහින වෙති. තවද අපි සිහින වල අර්ථ පිළිබඳ දැනුමැත්තන් නොවන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
🎤 Your recording:
12:45
🔁 0/5
وَقَالَ ٱلَّذِي نَجَا مِنۡهُمَا وَٱدَّكَرَ بَعۡدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأۡوِيلِهِۦ فَأَرۡسِلُونِ ٤٥
Wa qaalal lazee najaa minhumaa waddakara ba`da ummatin ana unabbi`ukum bitalweelihee fa-arsiloon
ඔවුන් දෙදෙනාගෙන් නිදහස් වූ අයට ටික කලකට පසු ව (යූසුෆ් පිළිබඳ ව) මතක් වී එහි අර්ථය පිළිබඳ ව මම නුඹලාට දැනුම් දෙමි. එහෙයින් නුඹලා මා (යූසුෆ් වෙත) යවනු යැයි ඔහු කීය.
🎤 Your recording:
12:46
🔁 0/5
يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفۡتِنَا فِي سَبۡعِ بَقَرَٰتٍ سِمَانٍ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٌ وَسَبۡعِ سُنۢبُلَٰتٍ خُضۡرٍ وَأُخَرَ يَابِسَٰتٍ لَّعَلِّيٓ أَرۡجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمۡ يَعۡلَمُونَ ٤٦
Yoosufu ayyuhas siddee qu aftinaa fee sab`i baqaraatin simaaniny yaakuluhunna sab`un `ijaafunw wa sabi`i sumbulaatin khudrinw wa ukhara yaabisaatil la`alleee arj`u ilan naasi la`allahum ya`lamoon
අහෝ සත්‍යවාදී යූසුෆ්! පුෂ්ටිමත් ගවයන් හත් දෙනෙකු ව වැහිරී ගිය (ගවයන්) හත් දෙනෙකු කා දැමීම හා සාරවත් (ධාන්‍ය) කරල් හතක් හා අනෙක් ඒවා වියළි ව තිබීම ගැන මට විස්තර කරන්න. මම ජනයා වෙත හැරී ගොස් (දන්වමි) ඔවුන් එය දැන ගත හැකි වනු පිණිස.
🎤 Your recording:
12:47
🔁 0/5
قَالَ تَزۡرَعُونَ سَبۡعَ سِنِينَ دَأَبًا فَمَا حَصَدتُّمۡ فَذَرُوهُ فِي سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلًا مِّمَّا تَأۡكُلُونَ ٤٧
Qaala tazra`oona sab`a sineena da aban famaa basattum fazaroohu fee sumbu liheee illaa qaleelam mimmaa taakuloon
අවුරුදු හතක් දිගටම නුඹලා වගා කරනු ඇත. නුඹලා අස්වනු වශයෙන් නෙළාගන්නා දැයින් නුඹලා අනුභව කරන ස්වල්ප ප්‍රමාණය හැර (අනෙක් ඒවා) එහි කරල් තුළම තිබෙන්නට හරිනු යැයි ඔහු පැවසීය.
🎤 Your recording:
12:48
🔁 0/5
ثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ سَبۡعٌ شِدَادٌ يَأۡكُلۡنَ مَا قَدَّمۡتُمۡ لَهُنَّ إِلَّا قَلِيلًا مِّمَّا تُحۡصِنُونَ ٤٨
Summa yaatee mim ba`di zaalika sab`un shidaaduny yaa kulna maa qaddamtum lahunna illaa qaleelam mimma tuhsinoon
ඉන් පසුව දරුණු (වසර) හතක් පැමිණෙනු ඇත. නුඹලා ගබඩා කරන දැයින් ස්වල්පයක් මිස නුඹලා ඒ සඳහා පෙර සූදානම් කළ (සෙසු සියළු) දෑ එය අනුභව කරනු ඇත.
🎤 Your recording:
12:49
🔁 0/5
ثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ عَامٌ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعۡصِرُونَ ٤٩
Summa yadtee mim ba`di zaalika `aamun feehi yughaa sun naasu wa feehi ya`siroon
ඉන් පසු ව වසරක් පැමිණෙයි. ජනයා එහි වර්ෂාවෙන් ආශිර්වාද කරනු ලබනු අතර තවද ඔවුහු එහි (පලතුරු) යුෂ පෙරති.
🎤 Your recording:
12:50
🔁 0/5
وَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرۡجِعۡ إِلَىٰ رَبِّكَ فَسۡـَٔلۡهُ مَا بَالُ ٱلنِّسۡوَةِ ٱلَّٰتِي قَطَّعۡنَ أَيۡدِيَهُنَّۚ إِنَّ رَبِّي بِكَيۡدِهِنَّ عَلِيمٌ ٥٠
Wa qaalal maliku`toonee bihee falammaa jaaa`ahur rasoolu qaalar-ji ilaa rabbika fas`alhu maa baalun niswatil laatee qatta`na aydiyahunn; inna Rabbee bikaidihinna `Aleem
තවද ‘ඔහු මා වෙත ගෙන එනු’ යැයි රජතෙම පැවසීය. නමුත් දූතයා ඔහු(යූසුෆ්) වෙත පැමිණි කල්හි ‘ඔබ ඔබේ ස්වාමියා වෙත හැරී ගොස් තම අත් කපා ගත් කාන්තාවන්ගේ තත්ත්වය කුමක් දැයි ඔහුගෙන් විමසනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔවුන්ගේ උපාය පිළිබඳ සර්ව ඥානීය’ යැයි පැවසුවේය.
🎤 Your recording:
12:51
🔁 0/5
قَالَ مَا خَطۡبُكُنَّ إِذۡ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفۡسِهِۦۚ قُلۡنَ حَٰشَ لِلَّهِ مَا عَلِمۡنَا عَلَيۡهِ مِن سُوٓءٍۚ قَالَتِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ ٱلۡـَٰٔنَ حَصۡحَصَ ٱلۡحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ ٥١
Qaala maa khatbukunna iz raawattunna Yoosufa `annafsih; qulna haasha lillaahi maa `alimnaa `alaihi min sooo`; qaalatim ra atul `Azeezil `aana hashasal haqq, ana raawat tuhoo `an nafsihee wa innahoo laminas saadiqeen
‘නුඹලා යූසුෆ් පොලඹවා ගන්නට තැත් කළ අවස්ථාවේ නුඹලාට කුමක් වී දැ’යි (රජු) විමසුවේය. ‘අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු. ඔහු ගැන කිසිදු අයහපතක් අපි නොදනිමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘දැන් සත්‍යය පැහැදිලි විය. ඔහු ව (කාමයේ වරදවා හැසිරෙන්නට) තැත් කළේ මමයි. තවද නියත වශයෙන්ම ඔහු සත්‍යවාදීන් අතරිනි’ යැයි පාලකයාගේ (අසීස්ගේ) බිරිය පැවසුවාය.
🎤 Your recording:
12:52
🔁 0/5
ذَٰلِكَ لِيَعۡلَمَ أَنِّي لَمۡ أَخُنۡهُ بِٱلۡغَيۡبِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي كَيۡدَ ٱلۡخَآئِنِينَ ٥٢
Zaalika liya`lama annee lam akhunhu bilghaibi wa annal laaha laa yahdee kaidal khaaa`ineen
එය(ට හේතුව, ඔහු) නොමැති තැන මම ඔහු(අසීස්)ට ද්‍රෝහිකම් නොකළ බවටත් සැබැවින්ම අල්ලාහ් ද්‍රෝහිකම් කරන්නන්ගේ කුමන්ත්‍රණ වලට මග නොපෙන්වන බවටත් ඔහු දැන ගනු පිණිසය.
🎤 Your recording:
12:53
🔁 0/5
۞ وَمَآ أُبَرِّئُ نَفۡسِيٓۚ إِنَّ ٱلنَّفۡسَ لَأَمَّارَةُۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّيٓۚ إِنَّ رَبِّي غَفُورٌ رَّحِيمٌ ٥٣
Wa maa ubarri`u nafsee; innan nafsa la ammaaratum bissooo`i illaa maa rahima Rabbee; inna Rabbee Ghafoorur Raheem
තවද මාගේ ආත්මය මම නිර්දෝෂි නොකරමි. නියත වශයෙන්ම ආත්මය පව් කිරීමට දැඩි ලෙස පොලඹවන්නකි. නමුත් මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ(ආත්මය) හැර. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; මහා කරුණා ගුණයෙන් යුක්තය (යැයි අසීස්ගේ බිරිඳ පැවසුවාය.)
🎤 Your recording:
12:54
🔁 0/5
وَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦٓ أَسۡتَخۡلِصۡهُ لِنَفۡسِيۖ فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلۡيَوۡمَ لَدَيۡنَا مَكِينٌ أَمِينٌ ٥٤
Wa qaalal maliku` toonee biheee astakhlishu linafsee falammaa kallamahoo qaala innakal yawma ladainaa makeenun ameen
මට පමණක් විශේෂ කෙනෙකු ලෙස මා ඔහු ව පත් කර ගැනීමට මා වෙතට ඔහු ව ගෙන එනු යැයි රජු පැවසුවේය. රජු ඔහු සමග කථා කළ විට "නියත වශයෙන්ම ඔබ අද දින අප ඉදිරියේ විශ්වාසනීය, ගෞරවණීය ස්ථානයක් ලැබූවෙකි" යැයි (රජු) පැවසුවේය.
🎤 Your recording:
12:55
🔁 0/5
قَالَ ٱجۡعَلۡنِي عَلَىٰ خَزَآئِنِ ٱلۡأَرۡضِۖ إِنِّي حَفِيظٌ عَلِيمٌ ٥٥
Qaalaj `alnee `alaa khazaaa`inil ardi innee hafeezun `aleem
මිහිතලයේ භාණ්ඩාගාර සඳහා ඔබ මා පත් කරනු. නියත වශයෙන්ම මම මනා දැනුමැති ආරක්ෂකයෙකි යැයි (යූසුෆ්) කීය.
🎤 Your recording:
12:56
🔁 0/5
وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ يَتَبَوَّأُ مِنۡهَا حَيۡثُ يَشَآءُۚ نُصِيبُ بِرَحۡمَتِنَا مَن نَّشَآءُۖ وَلَا نُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ٥٦
Wa kazaalika makkannaa li Yoosufa fil ardi yatabawwa`u minhaa haisu yashaaaa`; nuseebu birahmatinaa man nashaaa`u wa laa nudee`u ajral muhsineen
තවද එලෙස අපි යූසුෆ්ට එම දේශයේ ඔහු කැමති පරිදි එහි පදිංචි වන්නට ඉඩ සලසා දුනිමු. අපි අභිමත කරන අයට අපගේ කරුණාව තුළින් පිරිනමන්නෙමු. තවද දැහැමියන්ගේ ප්‍රතිඵල අපි නිෂ්ඵල නොකරන්නෙමු
🎤 Your recording:
12:57
🔁 0/5
وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ خَيۡرٌ لِّلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ٥٧
Wa la ajrul Aakhirati khairul lillazeena aamanoo wa kaanoo yattaqoon
තවද දේවත්වය විශ්වාස කොට බිය හැඟීමෙන් කටයුතු කරන්නන් ලෙස සිටියවුන් වනාහි ඔවුනට මතු ලොව ප්‍රතිඵල උතුම්ය.
🎤 Your recording:
12:58
🔁 0/5
وَجَآءَ إِخۡوَةُ يُوسُفَ فَدَخَلُواْ عَلَيۡهِ فَعَرَفَهُمۡ وَهُمۡ لَهُۥ مُنكِرُونَ ٥٨
Wa jaaa`a ikhwatu Yoosufa fadakhaloo `alaihi fa`arafahum wa hum lahoo munkiroon
තවද යූසුෆ්ගේ සහෝදරයෝ පැමිණ ඔහු වෙත ප්‍රවේශ වූහ. එවිට ඔවුන් ඔහු ව නාඳුනන්නන් ලෙසින් සිටිය ද ඔහු (යූසුෆ්) ඔවුන් ව හඳුනා ගත්තේය.
🎤 Your recording:
12:59
🔁 0/5
وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ قَالَ ٱئۡتُونِي بِأَخٍ لَّكُم مِّنۡ أَبِيكُمۡۚ أَلَا تَرَوۡنَ أَنِّيٓ أُوفِي ٱلۡكَيۡلَ وَأَنَا۠ خَيۡرُ ٱلۡمُنزِلِينَ ٥٩
Wa lammaa jahhazahum bijahaazihim qaala` toonee bi akhil lakum min abeekum; alaa tarawna anneee oofil kaila wa ana khairul munzileen
තවද ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු (යූසුෆ් විසින්) සූදානම් කර දී ( ඔවුන් පිටත්ව යන කල්හි) නුඹලාගේ පියාගෙන් වූ නුඹලාගේ සහෝදරයා මා වෙත ගෙන එනු. නියත වශයෙන්ම මම කිරුම පූර්ණ ව දෙන බවත්, සත්කාරයින් අතරින් මම ශ්‍රේෂ්ඨයෙකු වන බවත් නුඹලා දුටුවා නොවේ දැයි පවසා සිටීය.
🎤 Your recording:
12:60
🔁 0/5
فَإِن لَّمۡ تَأۡتُونِي بِهِۦ فَلَا كَيۡلَ لَكُمۡ عِندِي وَلَا تَقۡرَبُونِ ٦٠
Fa il lam taatoonee bihee falaa kaila lakum `indee wa laa taqraboon
නමුත් නුඹලා මා වෙත ඔහු නොගෙනාවෙහු නම් මා වෙතින් නුඹලාට කිසිදු කිරුමක් නොමැත. තවද නුඹලා මා වෙත සමීප නොවනු.
🎤 Your recording:
12:61
🔁 0/5
قَالُواْ سَنُرَٰوِدُ عَنۡهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ ٦١
Qaaloo sanuraawidu `anhu abaahu wa innaa lafaa`iloon
ඔහු ගැන අපගේ පියාණන්ට අපි සැල කරන්නෙමු. තවද නියත වශයෙන්ම අප එය සිදු කරන්නෝමය යැයි ඔවුහු පැවසූහ.
🎤 Your recording:
12:62
🔁 0/5
وَقَالَ لِفِتۡيَٰنِهِ ٱجۡعَلُواْ بِضَٰعَتَهُمۡ فِي رِحَالِهِمۡ لَعَلَّهُمۡ يَعۡرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمۡ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٦٢
Wa qaala lifityaanihij `aloo bidaa`atahum fee rihaalihim la`allahum ya`rifoonahaaa izan qalabooo ilaaa ahlihim la`allahum yarji`oon
තවද ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගේ ගමන් මලු වලම තබනු. ඔවුන් ඔවුන්ගේ පවුල වෙත හැරී ගිය විට ඔවුන් එය දැන, නැවත හැරී ආ හැකි වනු පිණිස යැයි ඔහු ඔහුගේ සේවකයින්ට කීය.
🎤 Your recording:
12:63
🔁 0/5
فَلَمَّا رَجَعُوٓاْ إِلَىٰٓ أَبِيهِمۡ قَالُواْ يَٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلۡكَيۡلُ فَأَرۡسِلۡ مَعَنَآ أَخَانَا نَكۡتَلۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ٦٣
Falammaa raja`ooo ilaaa abeehim qaaloo yaaa abaanaa muni`a minnal kailu fa arsil ma`anaaa akhaanaa naktal wa innaa lahoo lahaafizoon
ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත ගිය කල්හි අපගේ පියාණනි, (මින් ඉදිරියට ධාන්‍ය) කිරා දීම අප වෙත වළක්වන ලදී. එබැවින් අප සමග අපගේ සහෝදරයා එවනු. අපි (ධාන්‍ය) කිරා ගන්නෙමු. තවද නියත වශයෙන්ම අපි ඔහු ව ආරක්ෂා කරන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.
🎤 Your recording:
12:64
🔁 0/5
قَالَ هَلۡ ءَامَنُكُمۡ عَلَيۡهِ إِلَّا كَمَآ أَمِنتُكُمۡ عَلَىٰٓ أَخِيهِ مِن قَبۡلُ فَٱللَّهُ خَيۡرٌ حَٰفِظًاۖ وَهُوَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ ٦٤
Qaala hal aamanukum `alihi illaa kamaa amintukum `alaaa akheehimin qabl; fal laahu khairun haafizanw wa Huwa arhamur Raahimeen
මීට පෙර නුඹලාගේ සහෝදරයා (යූසුෆ්) විෂයයෙහි නුඹලා ව මම විශ්වාස කළාක් මෙන් මොහු කෙරෙහි ද නුඹලා ව මම විශ්වාස කළ යුතු ද? එහෙයින් ආරක්ෂකයා වශයෙන් අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්ත ය.
🎤 Your recording:
12:65
🔁 0/5
وَلَمَّا فَتَحُواْ مَتَٰعَهُمۡ وَجَدُواْ بِضَٰعَتَهُمۡ رُدَّتۡ إِلَيۡهِمۡۖ قَالُواْ يَٰٓأَبَانَا مَا نَبۡغِيۖ هَٰذِهِۦ بِضَٰعَتُنَا رُدَّتۡ إِلَيۡنَاۖ وَنَمِيرُ أَهۡلَنَا وَنَحۡفَظُ أَخَانَا وَنَزۡدَادُ كَيۡلَ بَعِيرٍۖ ذَٰلِكَ كَيۡلٌ يَسِيرٌ ٦٥
Wa lammaa fatahoo mataa `ahum wajadoo bidaa`atahum ruddat ilaihim qaaloo yaaa abaanaa maa nabghee; haazihee bida `atunaa ruddat ilainaa wa nameeru ahlanaa wa nahfazu akhaanaa wa nazdaadu kaila ba`eer; zaalika kailuny yaseer
තවද ඔවුන්ගේ මලු ඔවුහු විවෘත කළ කල්හි ඔවුන් වෙත ආපසු දෙන ලද ඔවුන්ගේ භාණ්ඩ ඔවුහු දුටුවෝය. අපගේ පියාණනි, මෙය අපි නොපැතුවෙමු, නමුත් අපගේ භාණ්ඩ අපට නැවත දෙන ලැබ ඇත. තවද අපි (මින් ඉදිරියට) අපගේ පවුලට ආහාර රැගෙන එන්නෙමු. තවද අපගේ සහෝදරයාව ද රැක බලා ගන්නෙමු. ඔටු (මත පටවන) බරට අපි අධික ව ලබා ගන්නෙමු. එය පහසු කිරුම් බරකි යැයි පැවසුවෝය.
🎤 Your recording:
12:66
🔁 0/5
قَالَ لَنۡ أُرۡسِلَهُۥ مَعَكُمۡ حَتَّىٰ تُؤۡتُونِ مَوۡثِقًا مِّنَ ٱللَّهِ لَتَأۡتُنَّنِي بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمۡۖ فَلَمَّآ ءَاتَوۡهُ مَوۡثِقَهُمۡ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ ٦٦
Qaala lan ursilahoo ma`akum hattaa tu`tooni mawsiqam minal laahis lataa tunnanee biheee illaaa nay yuhaata bikum falammaaa aatawhu mawsiqahum qaalal laahu `alaa maa naqoolu Wakeel
මොහු ව මා වෙත (නැවත) ගෙන එන බවට අල්ලාහ් වෙතින් නුඹලා මට ප්‍රතිඥාවක් දෙන තෙක් මම ඔහු ව නුඹලා සමග කිසිවිටෙක නොයවමි. නමුත් නුඹලාට (යම් නපුරක්) වට කර ගනු ලැබුවොත් මිස යැයි ඔහු පැවසීය. එහෙයින් ඔවුන්ගේ ප්‍රතිඥාව ඔවුහු ඔහුට දුන් කල්හි අප පවසන දෑ කෙරෙහි අල්ලාහ් භාරකරු යැයි ඔහු කීවේය.
🎤 Your recording:
12:67
🔁 0/5
وَقَالَ يَٰبَنِيَّ لَا تَدۡخُلُواْ مِنۢ بَابٍ وَٰحِدٍ وَٱدۡخُلُواْ مِنۡ أَبۡوَٰبٍ مُّتَفَرِّقَةٍۖ وَمَآ أُغۡنِي عَنكُم مِّنَ ٱللَّهِ مِن شَيۡءٍۖ إِنِ ٱلۡحُكۡمُ إِلَّا لِلَّهِۖ عَلَيۡهِ تَوَكَّلۡتُۖ وَعَلَيۡهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُتَوَكِّلُونَ ٦٧
Wa qaala yaa baniyya laa tadkhuloo mim baabinw waa hidinw wadkhuloo min abwaabim mutafarriqah; wa maaa ughnee `ankum minal laahi min shai`in; inil hukmu illaa lillaahi `alaihi tawakkaltu wa `alaihi fal yatawakkalil Mutawakkiloon
තවද මාගේ දරුවනි! නුඹලා එකම දොරටුවකින් ඇතුළු නොවනු. විවිධ දොරටු වලින් ඇතුළු වනු. අල්ලාහ්ගෙන් සිදුවන කිසිවකින් නුඹලා වළක්වාලන්නට මට නොහැකිය. තීන්දුව අල්ලාහ් සතු ව මිස වෙනත් කිසිවකු සතු ව නැත. ඔහු වෙත මම භාර කළෙමි. එමෙන්ම භාර කරන්නන් ද ඔහු වෙතම භාර කළ යුතුය.
🎤 Your recording:
12:68
🔁 0/5
وَلَمَّا دَخَلُواْ مِنۡ حَيۡثُ أَمَرَهُمۡ أَبُوهُم مَّا كَانَ يُغۡنِي عَنۡهُم مِّنَ ٱللَّهِ مِن شَيۡءٍ إِلَّا حَاجَةً فِي نَفۡسِ يَعۡقُوبَ قَضَىٰهَاۚ وَإِنَّهُۥ لَذُو عِلۡمٍ لِّمَا عَلَّمۡنَٰهُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٦٨
Wa lammaa dakhaloo min haisu amarahum aboohum maa kaana yughnee `anhum minal laahi min shai`in illaa haajatan fee nafsi Ya`qooba qadaahaa; wa innahoo lazoo `ilmil limaa `allamnaahu wa laakinna aksaran naasi laa ya`lamoon
තවද ඔවුන්ගේ පියා ඔවුනට අණ කළ පරිදි ඔවුන් ඇතුළු වූ කල්හි යඃකූබ්ගේ මනස තුළ තිබූ අභිලාෂය ඉටු වීම මිස වෙනත් කිසිවක් අල්ලාහ්ගෙන් ඔවුනට ප්‍රයෝජනය ගෙන දෙන්නක් නොවීය. තවද නියත වශයෙන්ම අපි ඔහුට ඉගැන් වූ දෑ පිළිබඳ ව ඔහු දැනුමැත්තෙකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
🎤 Your recording:
12:69
🔁 0/5
وَلَمَّا دَخَلُواْ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيۡهِ أَخَاهُۖ قَالَ إِنِّيٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبۡتَئِسۡ بِمَا كَانُواْ يَعۡمَلُونَ ٦٩
Wa lammaa dakhaloo `alaa Yoosufa aawaaa ilaihi akhaahu qaala inneee ana akhooka falaa tabta`is bimaa kaanoo ya`maloon
ඔවුහු යූසුෆ් වෙත ඇතුළු වූ කල්හි ඔහු තම සහෝදරයා ව ළං කර ගෙන නියත වශයෙන්ම මම ඔබේ සහෝදරයා වෙමි. එබැවින් ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳව නුඹ දුක් නොවනු යැයි පැවසුවේය.
🎤 Your recording:
12:70
🔁 0/5
فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ جَعَلَ ٱلسِّقَايَةَ فِي رَحۡلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلۡعِيرُ إِنَّكُمۡ لَسَٰرِقُونَ ٧٠
Falammaa jahhazahum bijahaazihim ja`alas siqaayata fee rahli akheehi summa azzana mu`azzinun ayyatuhal`eeru innakum lasaariqoon
එසේ ඔවුනට සූදානම් කර දිය යුතු දෑ ඔවුනට ඔහු සූදානම් කර දුන් කල්හි තම සහෝදරයාගේ ගමන් මලු ව තුළ (රන්) ජල බඳුන තබන්නට ඔහු සැලැස්සුවේය. පසු ව අහෝ තවලම් කරුවනි! නියත වශයෙන්ම නුඹලා සොරුන් යැයි නිවේදකයකු දන්වා සිටියේය.
🎤 Your recording:
12:71
🔁 0/5
قَالُواْ وَأَقۡبَلُواْ عَلَيۡهِم مَّاذَا تَفۡقِدُونَ ٧١
Qaaloo wa aqbaloo `alaihim maazaa tafqidoon
ඔවුහු ඔවුන් වෙත හැරී නුඹලා නැති කර ගත්තේ කුමක් දැයි විමසුවෝය.
🎤 Your recording:
12:72
🔁 0/5
قَالُواْ نَفۡقِدُ صُوَاعَ ٱلۡمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمۡلُ بَعِيرٍ وَأَنَا۠ بِهِۦ زَعِيمٌ ٧٢
Qaaloo nafqidu suwaa`al maliki wa liman jaaa`a bihee himlu ba`eerinw wa ana bihee za`eem
රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙක් බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි යැයි ඔවුහු පැවසුවෝය.
🎤 Your recording:
12:73
🔁 0/5
قَالُواْ تَٱللَّهِ لَقَدۡ عَلِمۡتُم مَّا جِئۡنَا لِنُفۡسِدَ فِي ٱلۡأَرۡضِ وَمَا كُنَّا سَٰرِقِينَ ٧٣
Qaaloo tallaahi laqad `alimtum maa ji`na linufsida fil ardi wa maa kunnaa saariqeen
අල්ලාහ් මත දිවුරා පවසමු. මහපොළොවේ කලහකම් කිරීමට අපි නොපැමිණි බවත් අපි සොරුන් නොවන බවත් සැබැවින්ම නුඹලා දන්නෙහු යැයි ඔවුහු පැවසුවෝය.
🎤 Your recording:
12:74
🔁 0/5
قَالُواْ فَمَا جَزَٰٓؤُهُۥٓ إِن كُنتُمۡ كَٰذِبِينَ ٧٤
Qaaloo famaa jazaaa`u hooo in kuntum kaazibeen
එසේ නුඹලා බොරුකාරයින් වී නම් නුඹලාගේ ප්‍රතිවිපාකය කුමක් විය යුතු දැයි ඔවුහු විමසුවෝය.
🎤 Your recording:
12:75
🔁 0/5
قَالُواْ جَزَٰٓؤُهُۥ مَن وُجِدَ فِي رَحۡلِهِۦ فَهُوَ جَزَٰٓؤُهُۥۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّٰلِمِينَ ٧٥
Qaaloo jazaaa`uhoo manw wujida fee rahlihee fahuwa jazaaa`uh; kazaalika najziz zaalimeen
එහි ප්‍රතිවිපාකය, එනම් කවරෙකුගේ ගමන් මල්ලෙහි එය සොයා ගනු ලබන්නේ ද එවිට ඔහුමය එහි ප්‍රතිවිපාකය විඳිය යුත්තේ. අපි අපරාධකරුවන්ට ප්‍රතිවිපාක ලබා දෙනුයේ එලෙසය යැයි ඔවුහු පැවසුවෝය.
🎤 Your recording:
12:76
🔁 0/5
فَبَدَأَ بِأَوۡعِيَتِهِمۡ قَبۡلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسۡتَخۡرَجَهَا مِن وِعَآءِ أَخِيهِۚ كَذَٰلِكَ كِدۡنَا لِيُوسُفَۖ مَا كَانَ لِيَأۡخُذَ أَخَاهُ فِي دِينِ ٱلۡمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ نَرۡفَعُ دَرَجَٰتٍ مَّن نَّشَآءُۗ وَفَوۡقَ كُلِّ ذِي عِلۡمٍ عَلِيمٌ ٧٦
Fabada-a bi-aw`iyatihim qabla wi`aaa`i akheehi summas takhrajahaa minw wi `aaa`i akheeh; kazaalika kidnaa li Yoosuf; maa kaana liyaakhuza akhaahu fee deenil maliki illaaa any yashaaa`al laah; narfa`u darajaatim man nashaaa`; wa fawqa kulli zee `ilmin `Aleem
තම සහෝදරයාගේ පොදියට පෙර ඔවුන්ගේ පොදි වලින් (සොයන්නට) පටන් ගත්තේය. පසු ව තම සහෝදරයාගේ පොදියෙන් එය එළියට ගත්තේය. එලෙසය අපි යූසුෆ්ට (සියල්ල) සැලසුම් කළේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස රජුගේ නීතිය තුළ ඔහුගේ සහෝදරයා ගැනීමට සුදුසු නොවීය. අපි අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. තවද දැනුමැති සියල්ලන්ට වඩා ඉහළින් මනා දැනුමැත්තකු ඇත.
🎤 Your recording:
12:77
🔁 0/5
۞ قَالُوٓاْ إِن يَسۡرِقۡ فَقَدۡ سَرَقَ أَخٌ لَّهُۥ مِن قَبۡلُۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفۡسِهِۦ وَلَمۡ يُبۡدِهَا لَهُمۡۚ قَالَ أَنتُمۡ شَرٌّ مَّكَانًاۖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا تَصِفُونَ ٧٧
Qaaloo iny yasriq faqad saraqa akhul lahoo min qabl; fa asarrahaa Yoosufu fee nafsihee wa lam yubdihaa lahum; qaala antum sharrum makaananw wallaahu a`lamu bimaa tasifoon
ඔහු සොරකම් කර ඇත්නම් (පුදුමයක් නොවේ.) මීට පෙර ඔහුගේම සහෝදරයා සොරකම් කර ඇත යැයි ඔවුහු (එම සහොදරයෝ) පැවසුවෝය. නමුත් යූසුෆ් එය ඔවුනට හෙළි නොකර ඔහුගේ මනස තුළ එය සඟවා ගත්තේය. නුඹලා ස්ථානයෙන් නපුරුම අය වෙති. තවද නුඹලා වර්ණනා කරමින් පවසන දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය යැයි ඔහු පැවසීය
🎤 Your recording:
12:78
🔁 0/5
قَالُواْ يَٰٓأَيُّهَا ٱلۡعَزِيزُ إِنَّ لَهُۥٓ أَبًا شَيۡخًا كَبِيرًا فَخُذۡ أَحَدَنَا مَكَانَهُۥٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ ٧٨
Qaaloo yaaa ayyuhal `Azeezu inna lahooo aban shaikhan kabeeran fakhuz ahadanaa makaanahoo innaa naraaka minal muhsineen
අහෝ උතුමාණනි! සැබැවින්ම මොහුට ඉතා වයස් ගත පියෙකු සිටියි. එබැවින් ඔහුගේ තැනට අප අතරින් කෙනෙකු ගනු. නියත වශයෙන්ම අපි ඔබ ව දැහැමියන් අතරින් කෙනෙකු ලෙස දකින්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
🎤 Your recording:
12:79
🔁 0/5
قَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأۡخُذَ إِلَّا مَن وَجَدۡنَا مَتَٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذًا لَّظَٰلِمُونَ ٧٩
Qaala ma`aazal laahi an naakhuza illaa manw wajadnaa mataa`anaa `indahoo innaaa izal lazaalimoon
අපගේ භාණ්ඩ කවුරුන් වෙතින් අපි සොයා ගත්තෙමු ද ඔහු හැර වෙනත් කෙනෙකු අප ගැනීමෙන් අල්ලාහ් ආරක්ෂා කරත්වා, එවිට අපි නියත වශයෙන්ම අපරාධකරුවන් වෙමු යැයි ඔහු පැවසුවේය.
🎤 Your recording:
12:80
🔁 0/5
فَلَمَّا ٱسۡتَيۡـَٔسُواْ مِنۡهُ خَلَصُواْ نَجِيًّاۖ قَالَ كَبِيرُهُمۡ أَلَمۡ تَعۡلَمُوٓاْ أَنَّ أَبَاكُمۡ قَدۡ أَخَذَ عَلَيۡكُم مَّوۡثِقًا مِّنَ ٱللَّهِ وَمِن قَبۡلُ مَا فَرَّطتُمۡ فِي يُوسُفَۖ فَلَنۡ أَبۡرَحَ ٱلۡأَرۡضَ حَتَّىٰ يَأۡذَنَ لِيٓ أَبِيٓ أَوۡ يَحۡكُمَ ٱللَّهُ لِيۖ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ ٨٠
Falammas tay`asoo minhu khalasoo najiyyan qaala kabeeruhum alam ta`lamoon anna abaakum qad akhaza `alaikum mawsiqam minal laahi wa min qablu maa farrattum fee Yoosufa falan abrahal arda hattaa yaazana leee abeee aw yahkumal laahu lee wa huwa khairul lhaakimeen
ඔහු ගැන ඔවුහු බලාපොරොත්තු සුන් වූ කල්හි රහසින් සාකච්ඡා කිරීමට වෙන් ව ගියෝය. නියත වශයෙන්ම නුඹලාගේ පියා අල්ලාහ්ගෙන් වූ ප්‍රතිඥාවක් නුඹලා වෙතින් ගත් සැටිත් මීට පෙර යූසුෆ් විෂයෙහි (එවන් ප්‍රතිඥාවක්) නුඹලා කඩ කළ සැටිත් නුඹලා නොදන්නෙහුද? එහෙයින් මාගේ පියා මා හට අවසර දෙන තෙක් හෝ අල්ලාහ් මට තීන්දු දෙන තෙක් හෝ මම මෙම භූමියෙන් ඉවත නොයමි. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය යැයි ඔවුන් අතරින් වැඩිමලා පැවසුවේය
🎤 Your recording:
12:81
🔁 0/5
ٱرۡجِعُوٓاْ إِلَىٰٓ أَبِيكُمۡ فَقُولُواْ يَٰٓأَبَانَآ إِنَّ ٱبۡنَكَ سَرَقَ وَمَا شَهِدۡنَآ إِلَّا بِمَا عَلِمۡنَا وَمَا كُنَّا لِلۡغَيۡبِ حَٰفِظِينَ ٨١
Irji`ooo ilaaa abeekum faqooloo yaaa abaanaaa innab naka saraq; wa maa shahidnaaa illaa bimaa `alimnaa wa maa kunnaa lilghaibi haafizeen
නුඹලා නුඹලාගේ පියා වෙත ආපසු ගොස් අපගේ පියාණනි! නියත වශයෙන්ම ඔබේ පුතා සොරකම් කර ඇත. අප දන්නා දෑ පිළිබඳ ව මිස අපි සාක්ෂි නොදරන්නෙමු. තවද අපි (අපට) නොපෙනෙන දෑ ආරක්ෂා කරන්නන් ලෙස නොසිටියෙමු යැයි නුඹලා පවසනු.
🎤 Your recording:
12:82
🔁 0/5
وَسۡـَٔلِ ٱلۡقَرۡيَةَ ٱلَّتِي كُنَّا فِيهَا وَٱلۡعِيرَ ٱلَّتِيٓ أَقۡبَلۡنَا فِيهَاۖ وَإِنَّا لَصَٰدِقُونَ ٨٢
Was`alil qaryatal latee kunnaa feehaa wal`eeral lateee aqbalnaa feehaa wa innaa lasaadiqoon
අපි එහි සිටි ගම්මානයෙන් හා එහි අපි මුණගැසුණු නඩයෙන් නුඹ විමසා බලනු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය. (යැයි පවසන ලෙස කියා දී පිටත් කළේය.)
🎤 Your recording:
12:83
🔁 0/5
قَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرًاۖ فَصَبۡرٌ جَمِيلٌۖ عَسَى ٱللَّهُ أَن يَأۡتِيَنِي بِهِمۡ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ٨٣
Qaala bal sawwalat lakum anfusukum amran fasabrun jameelun `asal laahu any yaa tiyanee bihim jamee`aa; innahoo Huwal `Aleemul Hakeem
නමුත් (මීට පෙර) නුඹලාගේ ආත්මාවන් නුඹලාට කරුණක් පොළඹවීය. එහෙයින් අලංකාර ඉවසීමකි (වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ.) ඔවුන් සියල්ල මා වෙත ගෙන ඒමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානී; මහා ප්‍රඥාවන්තය යැයි ඔහු(පියා) පැවසීය.
🎤 Your recording:
12:84
🔁 0/5
وَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبۡيَضَّتۡ عَيۡنَاهُ مِنَ ٱلۡحُزۡنِ فَهُوَ كَظِيمٌ ٨٤
Wa tawallaa `anhum wa qaala yaaa asafaa `alaa Yoosufa wabyaddat `aynaahu minal huzni fahuwa kazeem
තවද ඔහු ඔවුන්ගෙන් හැරී අහෝ යූසුෆ් කෙරෙහි තිබූ මාගේ ශෝකයේ තරම යැයි පැවසීය. තවද දුකෙන් ඔහුගේ දෑස් සුදුමැලි විය. ඔහු (දුක) යටපත් කර ගත්තෙකු විය.
🎤 Your recording:
12:85
🔁 0/5
قَالُواْ تَٱللَّهِ تَفۡتَؤُاْ تَذۡكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوۡ تَكُونَ مِنَ ٱلۡهَٰلِكِينَ ٨٥
Qaaloo tallaahi tafta`u tazkuru Yoosufa hattaa takoona haradan aw takoona minal haalikeen
අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. ඔබ රෝගාතුරු වන තෙක් හෝ විනාශ වී යන්නන් අතරින් වන තෙක් හෝ ඔබ යූසුෆ්ගේ මතකයෙන් ඉවත් නොවන්නේ මය යැයි ඔවුහු පැවසුවෝය.
🎤 Your recording:
12:86
🔁 0/5
قَالَ إِنَّمَآ أَشۡكُواْ بَثِّي وَحُزۡنِيٓ إِلَى ٱللَّهِ وَأَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ٨٦
Qaala innamaaa ashkoo bassee wa huzneee ilal laahi wa a`lamu minal laahi maa laa ta`lamoon
මාගේ ශෝකය හා මාගේ දුක මම පැමිණිලි කර සිටිනුයේ අල්ලාහ් වෙතමය. තවද නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි ඔහු පැවසුවේය.
🎤 Your recording:
12:87
🔁 0/5
يَٰبَنِيَّ ٱذۡهَبُواْ فَتَحَسَّسُواْ مِن يُوسُفَ وَأَخِيهِ وَلَا تَاْيۡـَٔسُواْ مِن رَّوۡحِ ٱللَّهِۖ إِنَّهُۥ لَا يَاْيۡـَٔسُ مِن رَّوۡحِ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡكَٰفِرُونَ ٨٧
Yaa baniyyaz haboo fatahassasoo miny Yoosufa wa akheehi wa laa tai`asoo mir rawhil laahi innahoo laa yai`asu mir rawhil laahi illal qawmul kaafiroon
අහෝ මාගේ දරුවනි! නුඹලා ගොස් යූසුෆ් හා ඔහුගේ සහෝදරයා පිළිබඳ සොයා බලනු. තවද අල්ලාහ්ගේ දයාව පිළිබඳ ව නුඹලා බලාපොරොත්තු සුන් කර නොගනු. නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන ජනයා මිස වෙනත් කිසිවකු අල්ලාහ්ගේ දයාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර නොගනිති.
🎤 Your recording:
12:88
🔁 0/5
فَلَمَّا دَخَلُواْ عَلَيۡهِ قَالُواْ يَٰٓأَيُّهَا ٱلۡعَزِيزُ مَسَّنَا وَأَهۡلَنَا ٱلضُّرُّ وَجِئۡنَا بِبِضَٰعَةٍ مُّزۡجَىٰةٍ فَأَوۡفِ لَنَا ٱلۡكَيۡلَ وَتَصَدَّقۡ عَلَيۡنَآۖ إِنَّ ٱللَّهَ يَجۡزِي ٱلۡمُتَصَدِّقِينَ ٨٨
Falammaa dakhaloo `alaihi qaaloo yaaa ayyuhal `Azeezu massanaa wa ahlanad durru wa ji`naa bibidaa `timmuzjaatin fa awfi lanal kaila wa tasaddaq `alainaa innal laaha yajzil mutasaddiqeen
එසේ ඔහු වෙත ඔවුන් ඇතුළු වූ කල්හි අහෝ උතුමාණනි! අප හා අපගේ පවුලට විපතක් සිදු වී ඇත. අපි අල්ප වටිනාකමින් යුත් භාණ්ඩ සමග පැමිණ ඇත්තෙමු. එබැවින් කිරුම් බර අපට පූර්ණ ව ලබා දී තවද අප හට (තවත් වැඩියෙන්) දන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් දන් දෙන්නන්හට කුසල් පිරිනමනු ඇත යැයි ඔවුහු පැවසුවෝය.
🎤 Your recording:
12:89
🔁 0/5
قَالَ هَلۡ عَلِمۡتُم مَّا فَعَلۡتُم بِيُوسُفَ وَأَخِيهِ إِذۡ أَنتُمۡ جَٰهِلُونَ ٨٩
Qaala hal `alimtum maa fa`altum bi Yoosufa wa akheehi iz antum jaahiloon
නුඹලා අඥානයින් ලෙස සිටි අවස්ථාවේ යූසුෆ් හා ඔහුගේ සහෝදරයාට නුඹලා කළ දෑ නුඹලා දන්නෙහු දැයි ඔහු විමසුවේය.
🎤 Your recording:
12:90
🔁 0/5
قَالُوٓاْ أَءِنَّكَ لَأَنتَ يُوسُفُۖ قَالَ أَنَا۠ يُوسُفُ وَهَٰذَآ أَخِيۖ قَدۡ مَنَّ ٱللَّهُ عَلَيۡنَآۖ إِنَّهُۥ مَن يَتَّقِ وَيَصۡبِرۡ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ٩٠
Qaaloo `a innaka la anta Yoosufu qaala ana Yoosufu wa haazaaa akhee qad mannal laahu `alainaa innahoo mai yattaqi wa yasbir fa innal laaha laa yudee`u ajral muhsineen
සැබැවින්ම ඔබ ද යූසුෆ්? යැයි ඔවුහු විමසුවෝය. මම යූසුෆ්, මේ මාගේ සහෝදරයාය. අල්ලාහ් අප වෙත ආශිර්වාද කර ඇත. නියත වශයෙන්ම කරුණ නම් කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වී ඉවසීමෙන් කටයුතු කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන්ගේ කුලිය නිෂ්ඵල නොකරනු ඇතැයි ඔහු පැවසුවේය.
🎤 Your recording:
12:91
🔁 0/5
قَالُواْ تَٱللَّهِ لَقَدۡ ءَاثَرَكَ ٱللَّهُ عَلَيۡنَا وَإِن كُنَّا لَخَٰطِـِٔينَ ٩١
Qaaloo tallaahi laqad aasarakal laahu `alainaa wa in kunnaa lakhaati`een
අල්ලාහ් මත දිවුරමු. අල්ලාහ් අපට වඩා ඔබ ව උසස් කර ඇත. තවද නියත වශයෙන්ම අපි වැරදි වීමු යැයි ඔවුහු පැවසුවෝය.
🎤 Your recording:
12:92
🔁 0/5
قَالَ لَا تَثۡرِيبَ عَلَيۡكُمُ ٱلۡيَوۡمَۖ يَغۡفِرُ ٱللَّهُ لَكُمۡۖ وَهُوَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ ٩٢
Qaala laa tasreeba `alaikumul yawma yaghfirul laahu lakum wa Huwa arhamur raahimeen
අද දින නුඹලා කෙරෙහි කිසිදු දොසක් නැත. අල්ලාහ් නුඹලාට සමාව දෙනු ඇත. තවද ඔහු කරුණාවන්තයින්ගෙන් මහා කරුණාවන්තය යැයි ඔහු පැවසුවේය.
🎤 Your recording:
12:93
🔁 0/5
ٱذۡهَبُواْ بِقَمِيصِي هَٰذَا فَأَلۡقُوهُ عَلَىٰ وَجۡهِ أَبِي يَأۡتِ بَصِيرًا وَأۡتُونِي بِأَهۡلِكُمۡ أَجۡمَعِينَ ٩٣
Izhaboo biqameesee haazaa fa alqoohu `alaa wajhi abee yaati baseeranw waatoonee bi ahlikum ajma`een
නුඹලා මේ මාගේ කමිසය ගෙන ගොස් මාගේ පියාගේ මුහුණ මත දමනු. ඔහු පෙනුමැත්තෙකු ලෙස පැමිණෙනු ඇත. තවද නුඹලාගේ පවුලේ සියලු අය මා වෙත රැගෙන එනු.
🎤 Your recording:
12:94
🔁 0/5
وَلَمَّا فَصَلَتِ ٱلۡعِيرُ قَالَ أَبُوهُمۡ إِنِّي لَأَجِدُ رِيحَ يُوسُفَۖ لَوۡلَآ أَن تُفَنِّدُونِ ٩٤
Wa lammaa fasalatil `eeru qaala aboohum innee la ajidu reeha Yoosufa law laaa an tufannidoon
එම නඩය පිටත් ව ගිය කල්හි, නියත වශයෙන්ම මට යූසුෆ්ගේ සුවඳ දැනෙයි. නුඹලා මට (බුද්ධි හීන ලෙස කතා කරන්නේ යැයි පවසා) දොස් නොනැගිය යුතු යැයි ඔවුන්ගේ පියා පැවසුවේය.
🎤 Your recording:
12:95
🔁 0/5
قَالُواْ تَٱللَّهِ إِنَّكَ لَفِي ضَلَٰلِكَ ٱلۡقَدِيمِ ٩٥
Qaaloo tallaahi innaka lafee dalaalikal qadeem
අල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන්ම ඔබ (තවමත්) ඔබේ පැරණි මුළාවෙහිම පසුවන්නෙහි යැයි ඔවුහු පැවසුවෝය.
🎤 Your recording:
12:96
🔁 0/5
فَلَمَّآ أَن جَآءَ ٱلۡبَشِيرُ أَلۡقَىٰهُ عَلَىٰ وَجۡهِهِۦ فَٱرۡتَدَّ بَصِيرًاۖ قَالَ أَلَمۡ أَقُل لَّكُمۡ إِنِّيٓ أَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ٩٦
Falammaaa an jaaa`albasheeru alqaahu `alaa wajhihee fartadda baseeran qaala alam aqul lakum inneee a`lamu minal laahi maa laa ta`lamoon
පසු ව ශුභාරංචි දන්වන්නා පැමිණි කල්හි ඔහු ඔහුගේ මුහුණට එය දැමුවේය. එවිට ඔහු නැවත පෙනීම ඇත්තෙකු ලෙස පත් විය. නුඹලා නොදන්නා දෑ මම අල්ලාහ්ගෙන් දැන ගනිමි යැයි නුඹලාට මම නොකීවෙම්දැයි ඔහු විමසුවේය.
🎤 Your recording:
12:97
🔁 0/5
قَالُواْ يَٰٓأَبَانَا ٱسۡتَغۡفِرۡ لَنَا ذُنُوبَنَآ إِنَّا كُنَّا خَٰطِـِٔينَ ٩٧
Qaaloo yaaa abaanas taghfir lanaa zunoo =banaaa innaa kunnaa khaati`een
අපගේ පියාණනි! අපගේ පාපයන් වලට ඔබ අප වෙනුවෙන් සමාව අයැද සිටිනු මැනව! නියත වශයෙන්ම අපි වැරදි කරන්නන් වූයෙමු යැයි ඔවුහු පැවසුවෝය.
🎤 Your recording:
12:98
🔁 0/5
قَالَ سَوۡفَ أَسۡتَغۡفِرُ لَكُمۡ رَبِّيٓۖ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٩٨
Qaala sawfa astaghfiru lakum Rabbeee innahoo Huwal Ghafoorur Raheem
මම මාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙනුවෙන් මතු සමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලීය; මහා කරුණාවන්තය.
🎤 Your recording:
12:99
🔁 0/5
فَلَمَّا دَخَلُواْ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيۡهِ أَبَوَيۡهِ وَقَالَ ٱدۡخُلُواْ مِصۡرَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ ٩٩
Falammaa dakhaloo `alaa Yoosufa aawaaa ilaihi abayaihi wa qaalad khuloo Misra inshaaa`al laahu aamineen
ඔවුන් යූසුෆ් වෙත පිවිසුනු කල්හි ඔහු වෙත ඔහුගේ දෙමාපියන් ඔහු ළං කර ගත්තේය. තවද අල්ලාහ් අභිමත කළේ නම් සුරක්ෂිතයින් ලෙස නුඹලා මිසරයට ඇතුළු වනු යැයි ඔහු පැවසුවේය.
🎤 Your recording:
12:100
🔁 0/5
وَرَفَعَ أَبَوَيۡهِ عَلَى ٱلۡعَرۡشِ وَخَرُّواْ لَهُۥ سُجَّدًاۖ وَقَالَ يَٰٓأَبَتِ هَٰذَا تَأۡوِيلُ رُءۡيَٰيَ مِن قَبۡلُ قَدۡ جَعَلَهَا رَبِّي حَقًّاۖ وَقَدۡ أَحۡسَنَ بِيٓ إِذۡ أَخۡرَجَنِي مِنَ ٱلسِّجۡنِ وَجَآءَ بِكُم مِّنَ ٱلۡبَدۡوِ مِنۢ بَعۡدِ أَن نَّزَغَ ٱلشَّيۡطَٰنُ بَيۡنِي وَبَيۡنَ إِخۡوَتِيٓۚ إِنَّ رَبِّي لَطِيفٌ لِّمَا يَشَآءُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ١٠٠
Wa raf`a abawaihi `alal `arshi wa kharroo lahoo sujjadaa; wa qaala yaaa abati haaza taaweelu ru`yaaya min qablu qad ja`alahaa Rabbee haqqaa; wa qad ahsana beee iz akhrajanee minas sijni wa jaaa`a bikum minal badwi mim ba`di an nazaghash Shaitaanu bainee wa baina ikhwatee; inna Rabbee lateeful limaa yashaaa`; innahoo Huwal `Aleemul Hakeem
තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේය. තවද ඔවුහු ඔහුට හිස නැමූහ. තවද මාගේ පියාණනි! මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ කළේය. තවද සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලා ව ගෙන ආ විටද ඔහු මා සමග යහපත් අයුරින් කටයුතු කළේය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට මෛත්‍රීය. නියත වශයෙන්ම සර්වඥානී මහා ප්‍රඥාවන්තයා ඔහුමය යැයි කීය.
🎤 Your recording:
12:101
🔁 0/5
۞ رَبِّ قَدۡ ءَاتَيۡتَنِي مِنَ ٱلۡمُلۡكِ وَعَلَّمۡتَنِي مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِۚ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَنتَ وَلِيِّۦ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ تَوَفَّنِي مُسۡلِمًا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ ١٠١
Rabbi qad aataitanee minal mulki wa `allamtanee min taaweelil ahaadees; faati ras samaawaati wal ardi Anta waliyyee fid dunyaa wal Aakhirati tawaffanee muslimanw wa alhiqnee bissaaliheen
මාගේ පරමාධිපතියාණනි! ඔබ මට රාජ්‍ය බලයෙන් කොටසක් පිරිනැමුවෙහිය. තවද සිදුවීම් වල යථාර්ථය ඉගැන්වූවෙහිය. අහස් හා පොළොවේ නිර්මාපකයාණනි! මෙලොව හා මතු ලොවෙහි මාගේ භාරකරු ඔබය. මා (ඔබට) අවනත වන්නෙකු ලෙස මරණයට පත් කරනු මැනව! තවද දැහැමියන් සමග මා එක් කරනු මැනව! (යනුවෙන් ඔහු ප්‍රාර්ථනා කළේය.)
🎤 Your recording:
12:102
🔁 0/5
ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهِ إِلَيۡكَۖ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ أَجۡمَعُوٓاْ أَمۡرَهُمۡ وَهُمۡ يَمۡكُرُونَ ١٠٢
Zaalika min ambaaa`il ghaibi nooheehi ilaika wa maa kunta ladaihim iz ajma`ooo amrahum wa hum yamkuroon
(නබිවරය,) මෙය අපි නුඹ වෙත දන්වා සිටින අදෘෂ්‍යමාන පුවත් අතරිනි. තවද ඔවුහු කුමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ විෂයය සඳහා එක් රැස් වූ අවස්ථාවේ නුඹ ඔවුන් අබියස නොවීය.
🎤 Your recording:
12:103
🔁 0/5
وَمَآ أَكۡثَرُ ٱلنَّاسِ وَلَوۡ حَرَصۡتَ بِمُؤۡمِنِينَ ١٠٣
Wa maa aksarun naasi wa law harasta bimu`mineen
තවද නුඹ කෙතරම් ආශා කළ ද ජනයා අතරින් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවෙති.
🎤 Your recording:
12:104
🔁 0/5
وَمَا تَسۡـَٔلُهُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۚ إِنۡ هُوَ إِلَّا ذِكۡرٌ لِّلۡعَٰلَمِينَ ١٠٤
Wa maa tas`aluhum `alaihi min ajr; in huwa illaa zikrul lil`aalameen
තවද මේ සඳහා නුඹ කිසිදු කුලියක් ඔවුන්ගෙන් නොපතන්නෙහිය. මෙය ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.
🎤 Your recording:
12:105
🔁 0/5
وَكَأَيِّن مِّنۡ ءَايَةٍ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ يَمُرُّونَ عَلَيۡهَا وَهُمۡ عَنۡهَا مُعۡرِضُونَ ١٠٥
Wa ka ayyim min Aayatin fis samaawaati wal ardi yamurroona `alaihaa wa hum `anhaa mu`ridoon
අහස්හි හා මහපොළොවේ කෙතරම් නම් සාධක වී ද? නමුත් ඔවුහු ඒ ගැන පිටුපාමීන් ඒ හරහා ගමන් කරති.
🎤 Your recording:
12:106
🔁 0/5
وَمَا يُؤۡمِنُ أَكۡثَرُهُم بِٱللَّهِ إِلَّا وَهُم مُّشۡرِكُونَ ١٠٦
Wa maa yu`minu aksaru hum billaahi illaa wa hum mushrikoon
ඔවුන්ගෙන් බහුතරයක් දෙනා, ඔවුන් ආදේශ කරන්නන් ලෙස සිටිමින් මිස අල්ලාහ් ව විශ්වාස නොකරති.
🎤 Your recording:
12:107
🔁 0/5
أَفَأَمِنُوٓاْ أَن تَأۡتِيَهُمۡ غَٰشِيَةٌ مِّنۡ عَذَابِ ٱللَّهِ أَوۡ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةً وَهُمۡ لَا يَشۡعُرُونَ ١٠٧
Afa aminooo an taatiya hum ghaashiyatum min `azaabil laahi aw taatiyahumus Saa`atu baghtatanw wa hum laa yash`uroon
අල්ලාහ්ගේ දඬුවමින් වෙළාගන්නා වූ ව්‍යසනයක් ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු හැඟීමකින් තොරව සිටිය දී හදිසියේම අවසන් හෝරාව පැමිණීම ගැන හෝ ඔවුහු අභයදායී ව සිටින්නෝ ද?
🎤 Your recording:
12:108
🔁 0/5
قُلۡ هَٰذِهِۦ سَبِيلِيٓ أَدۡعُوٓاْ إِلَى ٱللَّهِۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِيۖ وَسُبۡحَٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٠٨
Qul haazihee sabeeleee ad`ooo ilal laah; `alaa baseera tin ana wa manit taba`anee wa Subhaanal laahi wa maaa ana minal mushrikeen
මෙය මාගේ මාර්ගයයි. අල්ලාහ් වෙත මම ඇරයුම් කරමි. මා හා මා අනුගමනය කළවුන් පැහැදිලි සාධක මත සිටිමු. තවද අල්ලාහ් සුපිවිතුරුය. මම ආදේශ කරන්නන් අතරින් කෙනෙකු නොවෙමි යැයි (නබිවරය) නුඹ පවසනු.
🎤 Your recording:
12:109
🔁 0/5
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالًا نُّوحِيٓ إِلَيۡهِم مِّنۡ أَهۡلِ ٱلۡقُرَىٰٓۗ أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۗ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٌ لِّلَّذِينَ ٱتَّقَوۡاْۚ أَفَلَا تَعۡقِلُونَ ١٠٩
Wa maaa arsalnaa min qablika illaa rijaalan nooheee ilaihim min ahlil quraa; afalam yaseeroo fil ardi fa yanzuroo kaifa kaana `aaqibatul lazeena min qablihim; wa la Daarul Aakhirati Khairul lillazeenat taqaw; afalaa ta`qiloon
නුඹට පෙර ගම්වාසීන් අතරින් සිටි පුරුෂයින් හැර අපි දහම් දූතවරු ලෙස නොඑව්වෙමු. ඔවුන් වෙත අපි දේව පණිවිඩය පහළ කළෙමු. ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු මහපොළොවෙහි සැරිසරා අධික්ෂණය කර නොබැලුවෝ ද? තවද බිය බැතිමත් අයට අවසන් නිවහන උතුම්ය. නුඹලා වටහා නොගන්නෙහු ද?
🎤 Your recording:
12:110
🔁 0/5
حَتَّىٰٓ إِذَا ٱسۡتَيۡـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓاْ أَنَّهُمۡ قَدۡ كُذِبُواْ جَآءَهُمۡ نَصۡرُنَا فَنُجِّيَ مَن نَّشَآءُۖ وَلَا يُرَدُّ بَأۡسُنَا عَنِ ٱلۡقَوۡمِ ٱلۡمُجۡرِمِينَ ١١٠
Hattaaa izas tai`asar Rusulu wa zannooo annahum qad kuziboo jaaa`ahum nas runaa fanujjiya man nashaaa`u wa laa yuraddu baasunna `anil qawmil mujrimeen
රසූල්වරුන් බලාපොරොත්තු සුන් කර ගත් විට නියත වශයෙන්ම තමන් බොරු කරනු ලැබූ බව සිතූහ. (එවිට) අපගේ උපකාරය ඔවුන් වෙත පැමිණියේය. එවිට අප අභිමත කරන අය ව මුදවා ගනු ලැබීය. තවද අපගේ දඬුවම වැරදිකාර ජනයාගෙන් වළක්වනු නොලැබේ.
🎤 Your recording:
12:111
🔁 0/5
لَقَدۡ كَانَ فِي قَصَصِهِمۡ عِبۡرَةٌ لِّأُوْلِي ٱلۡأَلۡبَٰبِۗ مَا كَانَ حَدِيثًا يُفۡتَرَىٰ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ كُلِّ شَيۡءٍ وَهُدًى وَرَحۡمَةً لِّقَوۡمٍ يُؤۡمِنُونَ ١١١
Laqad kaana fee qasasihim `ibratul li ulil albaa; maa kaana hadeesany yuftaraa wa laakin tasdeeqal lazee baina yadihi wa tafseela kulli shai`inw wa hudanw wa rahmatal liqawminy yu`minoon
සැබැවින්ම ඔවුන්ගේ කතා වස්තු වල බුද්ධිය ඇත්තවුනට පාඩමක් විය. එය ගොතනු ලැබූ කතාවක් නොවීය. එනමුත් ඔවුන් අතර ඇති දෑ තහවුරු කරන්නක් ද සියලු දෑ විස්තර කරන්නක් ද විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා දයාවක් ද විය.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







