අන්-නබා සූරා අරාබි සහ සිංහල

අන්-නබා සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (40 ආයාත් — مكية). අන්-නබා අසන්න, අන්-නබා පරිවර්තනය, අන්-නබා mp3, අන්-නබා pdf.

අන්-නබා සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
عَمَّ يَتَسَاءَلُونَ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
(නබිවරය!) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ.
عَنِ النَّبَإِ الْعَظِيمِ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
මහඟු වූ ආරංචිය පිළිබඳව ය.
الَّذِي هُمْ فِيهِ مُخْتَلِفُونَ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
එය ඔවුන් භේද බින්න වී සිටි දෑය.
كَلَّا سَيَعْلَمُونَ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
නොඑසේය. ඔවුහු මතු දැන ගනු ඇත.
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
යළි නොඑසේය. ඔවුහු මතු දැන ගනු ඇත.
أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නොකළෙමු ද?
وَالْجِبَالَ أَوْتَادًا ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)
وَخَلَقْنَاكُمْ أَزْوَاجًا ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.
وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.
وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.
وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු.
وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු.
وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.
وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.
لِّنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
وَجَنَّاتٍ أَلْفَافًا ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
إِنَّ يَوْمَ الْفَصْلِ كَانَ مِيقَاتًا ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
يَوْمَ يُنفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.
وَسُيِّرَتِ الْجِبَالُ فَكَانَتْ سَرَابًا ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
කඳු (තිබූ තැන් වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
නියත වශයෙන්ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.
لِّلطَّاغِينَ مَآبًا ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
لَّابِثِينَ فِيهَا أَحْقَابًا ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.
لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.
إِلَّا حَمِيمًا وَغَسَّاقًا ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
නමුත් නටන උණු දිය සහ සැරව මිස.
جَزَاءً وِفَاقًا ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියෝය.
وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය.
وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.
فَذُوقُوا فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස අන් කිසිවක් අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.”
إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත.
حَدَائِقَ وَأَعْنَابًا ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
වතු හා මිදි ද (ඇත.)
وَكَوَاعِبَ أَتْرَابًا ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).
وَكَأْسًا دِهَاقًا ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّابًا ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
නිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති.
جَزَاءً مِّن رَّبِّكَ عَطَاءً حِسَابًا ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ නිර්ණය කරන ලද දායාදයක ප්‍රතිඵලයකි.
رَّبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කතා කිරීමට ඔවුනට බලය නොමැත.
يَوْمَ يَقُومُ الرُّوحُ وَالْمَلَائِكَةُ صَفًّا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَقَالَ صَوَابًا ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
එදින රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටිති. අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කතා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කතා නොකරයි.
ذَٰلِكَ الْيَوْمُ الْحَقُّ ۖ فَمَن شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ مَآبًا ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
මෙයමය සත්‍යය වූ දිනය. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම පරමාධිපති වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා!
إِنَّا أَنذَرْنَاكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ الْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنتُ تُرَابًا ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් ඉදිරිපත් කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි.
← 77 අන්-නබා (78/114) 79 →
කියවන්න අන්-නබා සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

78النبأ An-Naba 📚 40 ආයාත් مكية

ආයාත් ආයාත් – අන්-නබා සූරා — 40 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers