අර්-රහ්මාන් සූරා අරාබි සහ සිංහල

අර්-රහ්මාන් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (78 ආයාත් — مدنية). අර්-රහ්මාන් අසන්න, අර්-රහ්මාන් පරිවර්තනය, අර්-රහ්මාන් mp3, අර්-රහ්මාන් pdf.

අර්-රහ්මාන් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
الرَّحْمَٰنُ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
අපරිමිත දයාන්විතයාණෝ;
عَلَّمَ الْقُرْآنَ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
ඔහු අල් කුර්ආනය ඉගැන්වීය.
خَلَقَ الْإِنسَانَ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
ඔහු මිනිසා මැව්වේය.
عَلَّمَهُ الْبَيَانَ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වීය.
الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
හිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී.
وَالنَّجْمُ وَالشَّجَرُ يَسْجُدَانِ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
තවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.
وَالسَّمَاءَ رَفَعَهَا وَوَضَعَ الْمِيزَانَ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
තවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේය.
أَلَّا تَطْغَوْا فِي الْمِيزَانِ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස.
وَأَقِيمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْمِيزَانَ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
තවද නුඹලා සාධාරණයෙන් යුතු ව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරනු.
وَالْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.
فِيهَا فَاكِهَةٌ وَالنَّخْلُ ذَاتُ الْأَكْمَامِ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.
وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانُ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
තවද පොතු සහිත ධාන්ය ද සුවඳැති පැළෑටි ද ඇත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
خَلَقَ الْإِنسَانَ مِن صَلْصَالٍ كَالْفَخَّارِ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේය.
وَخَلَقَ الْجَانَّ مِن مَّارِجٍ مِّن نَّارٍ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේය.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරීය.
بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
ඒ දෙක ඉක්මවා නොයන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
وَلَهُ الْجَوَارِ الْمُنشَآتُ فِي الْبَحْرِ كَالْأَعْلَامِ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්රා ද ඔහුට ඇත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
كُلُّ مَنْ عَلَيْهَا فَانٍ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක්ය.
وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ නිත්‍යයව පවතී.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
يَسْأَلُهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِي شَأْنٍ ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ(තම අවශ්යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරත ව සිටියි.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
سَنَفْرُغُ لَكُمْ أَيُّهَ الثَّقَلَانِ ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانفُذُوا ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَانٍ ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ සීමාවන්ගෙන් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය උදව් නොලබනු ඇත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
فَإِذَا انشَقَّتِ السَّمَاءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
فَيَوْمَئِذٍ لَّا يُسْأَلُ عَن ذَنبِهِ إِنسٌ وَلَا جَانٌّ ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නොලබයි.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණු වලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාද වලින් ග්‍රහණය කරනු ලබති.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
هَٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
වැරදි කරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.
يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ ۝٤٤
📖 පරිවර්තනය ආයාත් 44
ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු සැරිසරමින් සිටිති.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٤٥
📖 පරිවර්තනය ආයාත් 45
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ ۝٤٦
📖 පරිවර්තනය ආයාත් 46
තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٤٧
📖 පරිවර්තනය ආයාත් 47
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
ذَوَاتَا أَفْنَانٍ ۝٤٨
📖 පරිවර්තනය ආයාත් 48
සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٤٩
📖 පරිවර්තනය ආයාත් 49
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ ۝٥٠
📖 පරිවර්තනය ආයාත් 50
ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකක් ඇත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٥١
📖 පරිවර්තනය ආයාත් 51
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
فِيهِمَا مِن كُلِّ فَاكِهَةٍ زَوْجَانِ ۝٥٢
📖 පරිවර්තනය ආයාත් 52
සෑම පලතුරකින්ම දෙවර්ගයක් බැගින් ඒ දෙකහි ඇත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٥٣
📖 පරිවර්තනය ආයාත් 53
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ ۝٥٤
📖 පරිවර්තනය ආයාත් 54
ඔවුන් ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙස සිටිති. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්තය. එම උයන් දෙකෙහි පලතුරු පහළට බරවී පවතී.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٥٥
📖 පරිවර්තනය ආයාත් 55
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ ۝٥٦
📖 පරිවර්තනය ආයාත් 56
ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٥٧
📖 පරිවර්තනය ආයාත් 57
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ ۝٥٨
📖 පරිවර්තනය ආයාත් 58
නියත වශයෙන්ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٥٩
📖 පරිවර්තනය ආයාත් 59
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ ۝٦٠
📖 පරිවර්තනය ආයාත් 60
යහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් තිබේ ද?
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٦١
📖 පරිවර්තනය ආයාත් 61
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?
وَمِن دُونِهِمَا جَنَّتَانِ ۝٦٢
📖 පරිවර්තනය ආයාත් 62
තවද ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٦٣
📖 පරිවර්තනය ආයාත් 63
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
مُدْهَامَّتَانِ ۝٦٤
📖 පරිවර්තනය ආයාත් 64
(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්තය.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٦٥
📖 පරිවර්තනය ආයාත් 65
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ ۝٦٦
📖 පරිවර්තනය ආයාත් 66
ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٦٧
📖 පරිවර්තනය ආයාත් 67
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ ۝٦٨
📖 පරිවර්තනය ආයාත් 68
ඒ දෙකෙහි පලතුරු ද රටඉඳි ද දෙළුම් ද ඇත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٦٩
📖 පරිවර්තනය ආයාත් 69
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ ۝٧٠
📖 පරිවර්තනය ආයාත් 70
රූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٧١
📖 පරිවර්තනය ආයාත් 71
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
حُورٌ مَّقْصُورَاتٌ فِي الْخِيَامِ ۝٧٢
📖 පරිවර්තනය ආයාත් 72
(ඔවුහු) කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٧٣
📖 පරිවර්තනය ආයාත් 73
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ ۝٧٤
📖 පරිවර්තනය ආයාත් 74
ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٧٥
📖 පරිවර්තනය ආයාත් 75
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
مُتَّكِئِينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ ۝٧٦
📖 පරිවර්තනය ආයාත් 76
(ඔවුන්) කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති.
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ۝٧٧
📖 පරිවර්තනය ආයාත් 77
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ وَالْإِكْرَامِ ۝٧٨
📖 පරිවර්තනය ආයාත් 78
තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අති උත්කෘෂ්ට විය.
← 54 අර්-රහ්මාන් (55/114) 56 →
කියවන්න අර්-රහ්මාන් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

55الرحمن Ar-Rahman 📚 78 ආයාත් مدنية

ආයාත් ආයාත් – අර්-රහ්මාන් සූරා — 78 ආයාත්

ශුද්ධ වූ අල් කුර්ආනය

Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers