මර්යම් සූරා අරාබි සහ සිංහල

මර්යම් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (98 ආයාත් — مكية). මර්යම් අසන්න, මර්යම් පරිවර්තනය, මර්යම් mp3, මර්යම් pdf.

මර්යම් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
كهيعص ۝١
📖 පරිවර්තනය ආයාත් 1
කාෆ්, හා, යා, අයින්, ස්වාද්.
ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
(මෙය) තම ගැත්තා සකරිය්යා වෙත නුඹගේ පරමාධිපති දැක් වූ කරුණාව පිළිබඳ සිහිපත් කිරීමකි.
إِذْ نَادَىٰ رَبَّهُ نِدَاءً خَفِيًّا ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
ඔහු තම පරමාධිපති ව සිහින් ඇමතුමකින් ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.
قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُن بِدُعَائِكَ رَبِّ شَقِيًّا ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
මාගේ පරමාධිපතියාණනි! මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි! මම ඔබගේ ප්රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්යවන්තයකු නොවූයෙමි.
وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِن وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
තවද මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳ ව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවකි. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු.
يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ ۖ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
මට උරුමකම්පාන එමෙන්ම යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව! තවද මාගේ පරමාධිපතියාණනි! ඔහු ව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව.
يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُ مِن قَبْلُ سَمِيًّا ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
අහෝ සකරිය්යා! යහ්යා නමින් වූ දරුවකු පිළිබඳ ව නියත වශයෙන්ම අපි ඔබට ශුභාරංචි දන්වන්නෙමු. මීට පෙර මේ නමින් කිසිවකුට නම් නොතැබුවෙමු.
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
මාගේ පරමාධිපතියාණනි! මට දරුවකු කෙසේ නම් වන්නේ ද? මාගේ බිරිය වඳ කාන්තාවක් වූවාය. මා ද මහලුවියේ අවසානයට ළඟා වී ඇත්තෙමි යැයි ඔහු පැවසුවේය.
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْئًا ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
(එය) එලෙසය යැයි ඔහු කීය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක් ව නොසිටිය දී සැබැවින්ම මම නුඹ ව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේය.
قَالَ رَبِّ اجْعَل لِّي آيَةً ۚ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
පරමාධිපතියාණනි! මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසීය. ඔබේ සංඥාව වනුයේ නුඹ නිරෝගී ව සිටිය දී රාත්රි තුනක් ජනයා සමඟ කතා නොකිරීම ය යැයි ඔහු පැවසුවේය.
فَخَرَجَ عَلَىٰ قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَىٰ إِلَيْهِمْ أَن سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
පසු ව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැර ට පැමිණියේය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔහු ඔවුනට ඇඟවිය.
يَا يَحْيَىٰ خُذِ الْكِتَابَ بِقُوَّةٍ ۖ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
අහෝ යහ්යා! ධර්ම ග්රන්ථය බලවත් ලෙස (ග්රහණය කර) ගනු. තවද අපි ඔහුට ළමා කාලයේම ප්රඥාව පිරිනැමුවෙමු.
وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً ۖ وَكَانَ تَقِيًّا ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
තවද අප වෙතින් වූ ආදරය හා පිවිතුරු බව ද (ඔහුට පිරිනැමුවෙමු.) තවද ඔහු බිය බැතිමත් කෙනෙකු විය.
وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
තවද ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නකු විය. තවද ඔහු දඬබ්බර අකීකරු වන්තයෙකු නොවීය.
وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
තවද ඔහු උපත ලැබූ දින ද ඔහු මිය යන දින ද ඔහු නැවත ජීවමාන ව නැගිටු වනු ලබන දින ද ඔහු වෙත සාමය ඇති වේවා!
وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
තවද මෙම ධර්ම ග්රන්ථයේ මර්යම් ගැන ඇය තම පවුලෙන් වෙන් ව නැගෙනහිර ස්ථානයකට ගිය අවස්ථාව (නබිවරය) නුඹ සිහිපත් කරනු.
فَاتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
එවිට ඇය ඔවුන්ගෙන් වෙන් ව තිරයක් ගත්තාය. එවිට අපි ඇය වෙත අපගේ ප්රාණය (හෙවත් ජිබ්රීල් මලක්වරයා) එව්වෙමු. එවිට ඔහු පූර්ණ මිනිසෙකු වෙසින් ඇය වෙත පෙනී සිටියේය.
قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّا ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
නියත වශයෙන් නුඹගෙන් ආරක්ෂාව මහා කාරුණිකයාණන්ගෙන් මම පතමි. නුඹ බිය බැතිමත් කෙනෙකු වී නම් (මා වෙත ළං නොවනු) යැයි ඇය පැවසුවාය.
قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
‘නියත වශයෙන්ම මම නුඹට පිවිතුරු දරුවකු පිරිනමනු පිණිස නුඹගේ පරමාධිපතිගේ දූතයෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේය.
قَالَتْ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
‘කිසිදු මිනිසකු මා ස්පර්ශ කර නොතිබිය දී මට දරුවකු වනුයේ කෙසේ ද? තවද මම අපචාරී (කාන්තාවක්) නොවූයෙමි’ යැයි ඇය පැවසුවාය.
قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ ۖ وَلِنَجْعَلَهُ آيَةً لِّلنَّاسِ وَرَحْمَةً مِّنَّا ۚ وَكَانَ أَمْرًا مَّقْضِيًّا ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
එය එලෙසය යැයි ඔහු පැවසුවේය. ‘එය මා වෙත පහසු කාර්යයකි. එය ජනයාට අපගෙන් වූ සංඥාවක් හා ආශිර්වාදයක් බවට පත් කරනු පිණිසය. එය තීන්දු කරනු ලැබූ නියෝගයක් ද විය’ යැයි නුඹගේ පරමාධිපති පැවසුවේය.
۞ فَحَمَلَتْهُ فَانتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
එවිට ඇය ඔහු ගැබ් ගත්තාය. ඇය ඔහු දරමින් දුර ස්ථානයකට වෙන්ව ගියාය.
فَأَجَاءَهَا الْمَخَاضُ إِلَىٰ جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَٰذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
විලිරුදාව ඇයව ඉඳි කඳක් වෙත ගෙන ආවේය. අහෝ! මීට පෙර මා මිය යා යුතු නොවේ ද? තවද මුළුමනින් ම අමතක වූ කෙනකු බවට පත් විය යුතු නොවේදැ?යි පැවසුවාය.
فَنَادَاهَا مِن تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
‘නුඹ දුක් නොවනු සැබැවින්ම නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කළේය’ යැයි ඇයව පහළ දෙසින් ඔහු ඇමතීය.
وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
ඉඳි ගසේ කඳ නුඹ දෙසට සොලවනු. නුඹ වෙත නෙලන ලද පැහුණු ගෙඩි වැටෙනු ඇත.
فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
එවිට නුඹ අනුභව කරනු. තවද පානය කරනු. ඇස් පිනවා ගනු. තවද නුඹ මිනිසුන් අතරින් කිසිවකු හෝ දුටුවෙහි නම් එවිට සැබැවින්ම (කතාවෙන් වැළකී සිටින) උපවාසයක් මම මහා කරුණාවන්තයාණන්හට භාර වූයෙමි. එහෙයින් අද දින කිසිදු මිනිසෙකු සමග සැබැවින්ම මම කතා නොකරන්නෙමි යැයි පවසනු.
فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ ۖ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
ඔහු ව උසුලා ගෙන ඔහු සමගම ඇයගේ සමූහයා වෙත ඇය පැමිණියාය. ‘අහෝ මර්යම්! සැබැවින්ම නුඹ බරපතළ කරුණක් ගෙනැවිත් ඇතැ’යි ඔවුහු පැවසුවෝය.
يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
අහෝ හාරූන්ගේ සහෝදරිය! නුඹේ පියා නරක පුද්ගලයකු නොවීය. එමෙන්ම නුඹේ මව ද අපචාරී (කාන්තාවක්) නොවීය.
فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِي الْمَهْدِ صَبِيًّا ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
එවිට ඇය ඔහු දෙසට (ඔවුන් කතා කිරීම සඳහා) ඉඟි කළාය. ‘බිළිඳු වියේ තොටිල්ලෙහි පසු වන අය සමග අපි කෙසේ කතා කරන්නෙම්දැයි ඔවුහු පැවසුවෝය.
قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
නියත වශයෙන්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. ඔහු මා වෙත දේව ග්රන්ථය පිරිනමා ඇත. තවද මා නබිවරයකු බවට පත් කළේය යැයි ඔහු පැවසුවේය.
وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
මා කොතැනක සිටිය ද ඔහු මට සමෘද්ධිය ඇති කළේය. තවද මා ජීවමාන ව සිටින තාක්කල් සලාතය හා සකාතය (ඉටු කිරීම) පිළිබඳ මට උපදෙස් දුන්නේය.
وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
තවද මාගේ මවට ඇප උපස්ථාන කිරීමට ද (උපදෙස් දුන්නේය.) තවද ඔහු මා අභාග්යවන්ත දරුණු පාලකයකු ලෙස මා පත් නොකළේය.
وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
තවද මම උපත ලැබූ දිනයෙහි ද මම මරණයට පත් වන දිනයෙහි ද නැවත මා නැගිටුවනු ලබන දිනයෙහි ද මා වෙත සාමය වේවා!
ذَٰلِكَ عِيسَى ابْنُ مَرْيَمَ ۚ قَوْلَ الْحَقِّ الَّذِي فِيهِ يَمْتَرُونَ ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
එය මර්යම්ගේ පුත් ඊසා(ගේ ප්රකාශය) වේ. සත්ය ප්රකාශය වන එහි ඔවුහු සැක කරති.
مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍ ۖ سُبْحَانَهُ ۚ إِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
දරුවකු තබා ගැනීම අල්ලාහ්ට (සුදුසු) නොවීය. ඔහු සුවිශුද්ධය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු කුන් (වනු) යැයි පවසනවා පමණය. එය සිදු වනු ඇත.
وَإِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُّسْتَقِيمٌ ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
තවද නියත වශයෙන්ම අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලාගේ ද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට නැමදුම් කරනු. මෙය ඍජු මාර්ගයයි.
فَاخْتَلَفَ الْأَحْزَابُ مِن بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
එවිට ඔවුන් අතර වූ (විවිධ) කණ්ඩායම් මත ගැටුම් ඇති කර ගත්තෝය. අතිමහත් දින දර්ශනය වන ස්ථානයේ ප්රතික්ෂේප කළවුනට විනාශය වේවා!
أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَٰكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُّبِينٍ ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
ඔවුන් අප වෙත පැමිණෙන දින ඔවුන්ගේ ශ්රවණය කෙතරම් පුදුම සහගතද! තවද (ඔවුන්ගේ) බැල්ම කෙතරම් පුදුම සහගතද! නමුත් අද දින අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි වෙති.
وَأَنذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
ඔවුහු විශ්වාස නොකරමින් හා ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු.
إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
නියත වශයෙන්ම අපි මහපොළොව හා ඒ මත සිටිනවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ ද අප වෙතමය.
وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
ධර්ම ග්‍රන්ථයේ ඉබ්රාහීම් ව මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු සත්යවාදී නබිවරයකු විය.
إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنكَ شَيْئًا ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
මාගේ පියාණනි! සවන් නොදෙන තවද නොබලන එමෙන්ම ඔබට කිසිදු පලක් නොදෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැයි ඉබ්රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.
يَا أَبَتِ إِنِّي قَدْ جَاءَنِي مِنَ الْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَاتَّبِعْنِي أَهْدِكَ صِرَاطًا سَوِيًّا ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
මාගේ පියාණනි! ඔබ වෙත නොපැමිණි ඥානය මා වෙත සැබැවින්ම පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරනු මැනව. ඍජු මාර්ගය වෙත මම ඔබට මග පෙන්වමි.
يَا أَبَتِ لَا تَعْبُدِ الشَّيْطَانَ ۖ إِنَّ الشَّيْطَانَ كَانَ لِلرَّحْمَٰنِ عَصِيًّا ۝٤٤
📖 පරිවර්තනය ආයාත් 44
අහෝ මාගේ පියාණනි! ෂෛයිතාන්ට ගැතිකම් නොකරනු. නියත වශයෙන්ම ෂෛයිතාන් මහා කරුණාන්විතයාණන්ට පිටුපාන්නෙකු විය.
يَا أَبَتِ إِنِّي أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌ مِّنَ الرَّحْمَٰنِ فَتَكُونَ لِلشَّيْطَانِ وَلِيًّا ۝٤٥
📖 පරිවර්තනය ආයාත් 45
අහෝ ! මාගේ පියාණනි, ඔබට මහා කරුණාන්විතයාණන්ගෙන් වූ දඬුවමක් ස්පර්ශ වීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි. එවිට ඔබ ෂෛයිතාන්ට උදව්කරුවකු වන්නෙහිය.
قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ آلِهَتِي يَا إِبْرَاهِيمُ ۖ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَاهْجُرْنِي مَلِيًّا ۝٤٦
📖 පරිවර්තනය ආයාත් 46
නුඹ මාගේ දෙවියන් පිළිකුල් කරන්නෙකු ද? අහෝ ඉබ්රාහීම්! නුඹ මෙයින් නොවැළකුණෙහි නම් මම නුඹට ගල් ගසා මරමි. තවද නුඹ මාගෙන් සදහටම ඈත් ව සිටිනු යැයි ඔහු පැවසීය.
قَالَ سَلَامٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي ۖ إِنَّهُ كَانَ بِي حَفِيًّا ۝٤٧
📖 පරිවර්තනය ආයාත් 47
ඔබට ශාන්තිය අත්වේවා! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමා ව අයැදිමි. නියත වශයෙන්ම ඔහු මා හට කරුණාවන්ත විය යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය.
وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَىٰ أَلَّا أَكُونَ بِدُعَاءِ رَبِّي شَقِيًّا ۝٤٨
📖 පරිවර්තනය ආයාත් 48
තවද මම නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්රාර්ථනාවෙන් මා දුර්භාග්යවන්තයකු ලෙස නොවන්නට පුළුවන.
فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۖ وَكُلًّا جَعَلْنَا نَبِيًّا ۝٤٩
📖 පරිවර්තනය ආයාත් 49
ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ් ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.
وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا ۝٥٠
📖 පරිවර්තනය ආයාත් 50
තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුනට උසස් ප්රශංසාව ද ඇති කළෙමු.
وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَىٰ ۚ إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا ۝٥١
📖 පරිවර්තනය ආයාත් 51
තවද ධර්ම ග්රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය.
وَنَادَيْنَاهُ مِن جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا ۝٥٢
📖 පරිවර්තනය ආයාත් 52
තවද තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහුව සමීප කළෙමු.
وَوَهَبْنَا لَهُ مِن رَّحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا ۝٥٣
📖 පරිවර්තනය ආයාත් 53
තවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔහුට ඔහුගේ සහෝදර හාරූන් ව නබිවරයකු ලෙස ඔහුට පිරිනැමුවෙමු.
وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ ۚ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا ۝٥٤
📖 පරිවර්තනය ආයාත් 54
ධර්ම ග්‍රන්ථයේ ඉස්මාඊල්වද මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු ප්‍රතිඥාව සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයකු විය.
وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّا ۝٥٥
📖 පරිවර්තනය ආයාත් 55
තවද ඔහු සලාතය හා සකාතය පිළිබඳ ඔහුගේ පවුලේ අයට නියෝග කරන්නෙකු විය. තවද ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගනු ලැබූ කෙනෙකු ද විය.
وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا ۝٥٦
📖 පරිවර්තනය ආයාත් 56
තවද ධර්ම ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු සත්යවාදී නබිවරයකු විය.
وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا ۝٥٧
📖 පරිවර්තනය ආයාත් 57
තවද අපි උසස් ස්ථානයකට ඔහු ව උසස් කළෙමු.
أُولَٰئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ مِن ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا ۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُ الرَّحْمَٰنِ خَرُّوا سُجَّدًا وَبُكِيًّا ۩ ۝٥٨
📖 පරිවර්තනය ආයාත් 58
ඔවුහු ආදම්ගේ පරපුරින් ද නූහ් සමග අපි ඉසිලූ අයගෙන්ද ඉබ්රාහීම්ගේ හා ඉස්රාඊල්ගේ පරපුරින් ද අපි යහමඟ පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතරින් අල්ලාහ් කවරෙකු වෙත ආශිර්වාද කළේ ද එවැනි අය වෙති. ඔවුන් වෙත මහා කරුණාන්විතයාණන්ගේ වදන් පාරායනා කරනු ලබන විට අඬමින් සුජූද්හි වැටෙති.
۞ فَخَلَفَ مِن بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ ۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا ۝٥٩
📖 පරිවර්තනය ආයාත් 59
ඔවුනට පසු ව පසුපරම්පරාවක් පැමිණියේය. ඔවුහු සලාතය පැහැර හැරියෝය. තවද ආශාවන් අනුගමනය කළෝය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත.
إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْئًا ۝٦٠
📖 පරිවර්තනය ආයාත් 60
නමුත් පසුතැවිලි වී දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නොලබති.
جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدَ الرَّحْمَٰنُ عِبَادَهُ بِالْغَيْبِ ۚ إِنَّهُ كَانَ وَعْدُهُ مَأْتِيًّا ۝٦١
📖 පරිවර්තනය ආයාත් 61
(ඒවා) මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්යමාන සදාතනික (ස්වර්ග) උයන්ය. නියත වශයෙන්ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි.
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَامًا ۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا ۝٦٢
📖 පරිවර්තනය ආයාත් 62
තවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයකට එහි සවන් නොදෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත.
تِلْكَ الْجَنَّةُ الَّتِي نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّا ۝٦٣
📖 පරිවර්තනය ආයාත් 63
එය අපගේ ගැත්තන් අතරින් බිය බැතිමත් වූ අයට අපි උරුම කර දෙන (ස්වර්ග) උයනයි.
وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ ۖ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا ۝٦٤
📖 පරිවර්තනය ආයාත් 64
තවද නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නොවන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑ ද අපට පසුපසින් ඇති දෑ ද ඒ අතර ඇති දෑ ද ඔහු සතුය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙකු නොවීය. (යැයි ජිබ්රීල් පැවසීය.)
رَّبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ ۚ هَلْ تَعْلَمُ لَهُ سَمِيًّا ۝٦٥
📖 පරිවර්තනය ආයාත් 65
(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. එහෙයින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට නැමදුම් කිරීම සඳහා නුඹ ඉවසනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?
وَيَقُولُ الْإِنسَانُ أَإِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا ۝٦٦
📖 පරිවර්තනය ආයාත් 66
තවද මා මිය ගිය විට ජීවය ලබා මා මතු බැහැර කරනු ලබන්නෙම් දැයි මිනිසා විමසා සිටියි.
أَوَلَا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا ۝٦٧
📖 පරිවර්තනය ආයාත් 67
මීට පෙර කිසිවක් ලෙස නොපැවති තත්ත්වයෙන් සැබැවින්ම අපි ඔහු ව මැවූ බව මිනිසා මෙනෙහි කළ යුතු නොවේ ද?
فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا ۝٦٨
📖 පරිවර්තනය ආයාත් 68
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් සැබැවින්ම අපි ඔවුන් හා ෂෙයිතානුන් ව නැවත රැස් කරන්නෙමු. පසු ව නිරය වටා ඔවුන් දණ ගස්වා ගෙන එන්නෙමු.
ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَٰنِ عِتِيًّا ۝٦٩
📖 පරිවර්තනය ආයාත් 69
පසු ව සෑම කණ්ඩායමකින්ම කවරෙකු මහා කරුණාන්විතයාණන්ට එරෙහිව දැඩි ලෙස පිටුපෑවේ ද ඔවුන් ව අපි වෙන් කරන්නෙමු.
ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّا ۝٧٠
📖 පරිවර්තනය ආයාත් 70
එහි පිවිස දැවීමට වඩාත් සුදුස්සන් වූ අය පිළිබඳ ව අපි මැනවින් දනිමු.
وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَّقْضِيًّا ۝٧١
📖 පරිවර්තනය ආයාත් 71
තවද නුඹලා අතරින් එය තරණය නොකරන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙතින් නියම වූ තීන්දුවක් විය.
ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوا وَّنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا ۝٧٢
📖 පරිවර්තනය ආයාත් 72
පසු ව අපි බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් (නිරයෙන්) මුදවා ගන්නෙමු. තවද අපරාධකරුවන් එහි දණින් වැටී සිටීමට අත හැර දමන්නෙමු.
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَيُّ الْفَرِيقَيْنِ خَيْرٌ مَّقَامًا وَأَحْسَنُ نَدِيًّا ۝٧٣
📖 පරිවර්තනය ආයාත් 73
තවද අපගේ වදන් පැහැදිලි ව ඔවුන් වෙත පාරායනය කර පෙන්වනු ලබන විට දේවත්වය ප්රතික්ෂේප කළවුන් ‘(අප) කණ්ඩායම් දෙකින් නිලයෙන් වඩාත් ශ්රේෂ්ඨ හා සභාවෙන් වඩාත් අලංකාර වන්නේ කවරහු දැ’යි දේවත්වය විශ්වාස කරන්නන් හට පැවසුවෝය.
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَاثًا وَرِئْيًا ۝٧٤
📖 පරිවර්තනය ආයාත් 74
තවද ඔවුනට පෙර, සම්පත් හා පෙනුමෙන් වඩාත් අලංකාර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද?
قُلْ مَن كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَٰنُ مَدًّا ۚ حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَأَضْعَفُ جُندًا ۝٧٥
📖 පරිවර්තනය ආයාත් 75
කවරෙකු මුළාවෙහි සිටිත් ද එවිට මහා කරුණාන්විතයාණන් ඔහුට කාල අවකාශය දිගු හරිනු ඇත. එය, ඔවුනට දඬුවමක් වශයෙන් හෝ අවසන් හෝරාව වශයෙන් හෝ ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින තෙක් වනු ඇත. එවිට ස්ථානයෙන් නපුරු වන්නේ කවරෙකු ද එමෙන්ම සේනාවෙන් වඩාත් දුර්වල කවරෙකු ද යන වග ඔවුහු මතු දැන ගනු ඇත යැයි (නබිවරය) නුඹ පවසනු.
وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى ۗ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَّرَدًّا ۝٧٦
📖 පරිවර්තනය ආයාත් 76
යහ මග ලැබූවන්හට අල්ලාහ් යහ මග අධික කරයි. ශේෂ ව සදා පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස කුසලින් වඩාත් උතුම්ය. තවද නැවත යොමු වන ස්ථානයෙන් ද වඩාත් උතුම්ය.
أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا ۝٧٧
📖 පරිවර්තනය ආයාත් 77
අපගේ වදන් ප්‍රතික්ෂේප කළ අය නුඹ නොදුටුවෙහිද? සැබැවින්ම ධනය හා දරුවන් මට දෙනු ලබනු ඇතැයි ඔහු පැවසීය.
أَطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِندَ الرَّحْمَٰنِ عَهْدًا ۝٧٨
📖 පරිවර්තනය ආයාත් 78
ඔහු ගුප්ත දෑ දෙස එඹී බැලුවේ ද? එසේ නැතහොත් මහා කරුණාන්විතයාණන් වෙතින් ඔහු ගිවිසුමක් ගෙන ඇත්ද?
كَلَّا ۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا ۝٧٩
📖 පරිවර්තනය ආයාත් 79
එසේ නොව ඔහු පවසන දෑ අපි ලියා තබන්නෙමු. තවද අපි දඬුවම දිගු කර ඔහුට පිරිනමන්නෙමු.
وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا ۝٨٠
📖 පරිවර්තනය ආයාත් 80
තවද ඔහු පවසන දෑ අපි ඔහුට උරුම කර දෙන්නෙමු. ඔහු අප වෙත තනි ව පැමිණෙනු ඇත.
وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لِّيَكُونُوا لَهُمْ عِزًّا ۝٨١
📖 පරිවර්තනය ආයාත් 81
තවද ඔවුහු (බහු දේවවාදීන්) අල්ලාහ් හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුනට පිහිටක් වනු පිණිස ගත්තෝය.
كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا ۝٨٢
📖 පරිවර්තනය ආයාත් 82
එසේ නොව, ඔවුන් කළ නැමදුම් මොවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. තවද ඔවුනට එරෙහි ව ම‍ොවුන් සිටිනු ඇත.
أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا ۝٨٣
📖 පරිවර්තනය ආයාත් 83
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පොලඹවන ෂෙයිතානුන්ව සැබැවින්ම අපි ඔවුන් වෙත එවා ඇති බව නුඹ නොදුටුවෙහිද?
فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا ۝٨٤
📖 පරිවර්තනය ආයාත් 84
එහෙයින් ඔවුනට එරෙහි ව නුඹ ඉක්මන් නොවනු. ඔවුන් සඳහා වූ (නියමිත දින) ගණන් ගණනය කරමින් සිටින්නෙමු.
يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَٰنِ وَفْدًا ۝٨٥
📖 පරිවර්තනය ආයාත් 85
එදින බිය බැතිමතුන් කණ්ඩායමක් වශයෙන් මහා කරුණාන්විතයාණන් වෙත අපි එක් රැස් කරන්නෙමු.
وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا ۝٨٦
📖 පරිවර්තනය ආයාත් 86
තවද වැරදිකරුවන් පිපාසයෙන් යුතු ව ගමන් කරවමින් නිරය වෙත අපි දක්කාගෙන යන්නෙමු.
لَّا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِندَ الرَّحْمَٰنِ عَهْدًا ۝٨٧
📖 පරිවර්තනය ආයාත් 87
මහා කරුණාන්විතයාණන් වෙතින් ප්‍රතිඥාවක් ගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත්වීමට බලය නොදරනු ඇත.
وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا ۝٨٨
📖 පරිවර්තනය ආයාත් 88
තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ.
لَّقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا ۝٨٩
📖 පරිවර්තනය ආයාත් 89
සැබැවින්ම නුඹලා බරපතළ කරුණක් ගෙනැවිත් ඇත.
تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا ۝٩٠
📖 පරිවර්තනය ආයාත් 90
ඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් ළඟා විය.
أَن دَعَوْا لِلرَّحْمَٰنِ وَلَدًا ۝٩١
📖 පරිවර්තනය ආයාත් 91
(එසේ සිදුවන්නේ) මහා කරුණාන්විතයාණන්හට දරුවකු වෙතැයි ඔවුහු අමතන හෙයිනි.
وَمَا يَنبَغِي لِلرَّحْمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا ۝٩٢
📖 පරිවර්තනය ආයාත් 92
තවද මහා කරුණාන්විතයාණන් හට දරුවකු ගැනීමට අවශ්ය නොවීය.
إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَٰنِ عَبْدًا ۝٩٣
📖 පරිවර්තනය ආයාත් 93
අහස්හි හා මහපොළොවේ සිටින සෑම කෙනෙකුම මහා කරුණාන්විතයාණන් වෙත ගැත්තකු ලෙසම පැමිණෙන්නේමය.
لَّقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا ۝٩٤
📖 පරිවර්තනය ආයාත් 94
සැබැවින්ම ඔහු ඔවුන්ව තක්සේරු කර ඇත. එමෙන්ම ඔහු ඔවුන්ගේ (ක්‍රියාවන්හි) ගණන් ගණනය කර ඇත.
وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا ۝٩٥
📖 පරිවර්තනය ආයාත් 95
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් සෑම කෙනෙකුම ඔහු වෙත තනි ව පැමිණෙනු ඇත.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَٰنُ وُدًّا ۝٩٦
📖 පරිවර්තනය ආයාත් 96
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට මහා කරුණාන්විතයාණන් මතු සෙනෙහසක් ඇති කරයි.
فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنذِرَ بِهِ قَوْمًا لُّدًّا ۝٩٧
📖 පරිවර්තනය ආයාත් 97
එසේ නුඹගේ බසින්ම අපි එය පහසු කරනුයේ එමගින් නුඹ බිය බැතිමතුන්හට ශුභාරංචි දැන්වීමට හා මුරණ්ඩු ජනයා වෙත එමගින් නුඹ අවවාද කිරීමටය.
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا ۝٩٨
📖 පරිවර්තනය ආයාත් 98
තවද ඔවුනට පෙර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු ගැන හෝ නුඹට දැනෙනවාද? නැතහොත් ඔවුන්ගේ කෙඳිරීමට නුඹ සවන් දෙන්නෙහිද?
← 18 මර්යම් (19/114) 20 →
කියවන්න මර්යම් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

19مريم Maryam 📚 98 ආයාත් مكية

ආයාත් ආයාත් – මර්යම් සූරා — 98 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers