අල්-කහ්ෆ් සූරා අරාබි සහ සිංහල

අල්-කහ්ෆ් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (110 ආයාත් — مكية). අල්-කහ්ෆ් අසන්න, අල්-කහ්ෆ් පරිවර්තනය, අල්-කහ්ෆ් mp3, අල්-කහ්ෆ් pdf.

අල්-කහ්ෆ් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
الْحَمْدُ لِلَّهِ الَّذِي أَنزَلَ عَلَىٰ عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَل لَّهُ عِوَجًا ۜ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
තම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය (අල්-කුර්ආනය) පහළ කළා වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා! තවද ඔහු එහි කිසිදු ඇදයක් තැබුවේ නැත.
قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِّن لَّدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
(එය) ඍජුය. (අල්ලාහ් වන) ඔහු වෙතින් වූ දැඩි දඬුවම ගැන අවවාද කරනු පිණිසත් යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන්හට නියත වශයෙන්ම ඔවුනට අලංකාර ප්‍රතිඵල ඇතැයි දන්වනු පිණිසත් (ඔහු එය පහළ කළේ)ය.
مَّاكِثِينَ فِيهِ أَبَدًا ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
ඔවුන් නිරන්තරයෙන්ම එහි රැඳී සිටින්නන් ලෙසින්.
وَيُنذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ප්‍රකාශ කළවුනට ඔහු අවවාද කරනු පිණිස ද (එය පහළ කළේය.)
مَّا لَهُم بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ ۚ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ ۚ إِن يَقُولُونَ إِلَّا كَذِبًا ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
ඔවුනට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ඒ පිළිබඳ ව කිසිදු දැනුමක් නොවීය. ඔවුන්ගේ මුඛවල් වලින් පිට වන ප්‍රකාශය දරුණු විය. ඔවුහු බොරුව මිස වෙනෙකක් නොපවසති.
فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلَىٰ آثَارِهِمْ إِن لَّمْ يُؤْمِنُوا بِهَٰذَا الْحَدِيثِ أَسَفًا ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
මෙම දෙසුම (අල්-කුර්ආනය) ඔවුහු විශ්වාස නොකළේ නම් ඔවුන් හේතුවෙන් දුකට පත් ව නුඹ නුඹවම විනාශ කර ගන්නට බලනු ඇත.
إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
ඔවුන් අතරින් ක්‍රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන්දැයි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු.
وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
තවද නියත වශයෙන්ම අපි ඒ මත ඇති දෑ (විනාශ කර) පැළෑටි රහිත හිස් තැනිතලාවක් බවට පත් කරන්නන් වෙමු.
أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
නියත වශයෙන්ම එම ලෙනට හා සෙල්ලිපිවලට අයත් වූවන් අපගේ සංඥා අතරින් පුදුම සහගත අය වශයෙන් සිටියහ යැයි (නබිවරය) නුඹ අදහස් කරන්නෙහි ද?.
إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තරුණයින් (රැකවරණ සොයා) ලෙන වෙත පිවිසුනු විට ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ වෙතින් වූ කරුණාව අපට පිරිනමනු මැනව! අපගේ කටයුතු සෘජු ලෙස අපට සකස් කර දෙනු මැනව.!’ යැයි ප්‍රාර්ථනා කළහ.
فَضَرَبْنَا عَلَىٰ آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًا ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
එවිට ලෙනෙහි වසර ගණනාවක් (නිදන්නට) ඔවුන්ගේ කන් මත ආවරණයක් අපි හෙළුවෙමු.
ثُمَّ بَعَثْنَاهُمْ لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوا أَمَدًا ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
පසු ව ඔවුන් රැඳී සිටි කාලය මැනවින් සටහන් කරගෙන ඇත්තේ කණ්ඩායම් දෙකින් කවර (කණ්ඩායම)ක් දැයි අපි දන්වනු පිණිස අපි ඔවුන් ව අවදි කළෙමු.
نَّحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِالْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
ඔවුන්ගේ පුවත පිළිබඳ ව අපි සැබෑ ලෙසින් නුඹ වෙත පවසන්නෙමු. නියත වශයෙන්ම ඔවුහු තරුණයෝය. ඔවුහු ඔවුන්ගේ පරමාධිපති ව විශ්වාස කළහ. තවද අපි ඔවුනට යහ මග අධික කළෙමු.
وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَن نَّدْعُوَ مِن دُونِهِ إِلَٰهًا ۖ لَّقَدْ قُلْنَا إِذًا شَطَطًا ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
තවද ඔවුහු අවදි වී ‘අපගේ පරමාධිපති අහස් හා මහපොළොවේ හිමිපාණන්ය. ඔහුගෙන් තොරව කිසිදු දෙවියකුට අපි ඇරයුම් නොකරන්නෙමු. එවිට (එසේ කළේ නම්) සැබැවින්ම අපි බොරුවක්ම පවසා ඇත්තෙමු’ යැයි ඔවුහු පැවසූ විට ඔවුන්ගේ හදවත් අපි ශක්තිමත් කළෙමු.
هَٰؤُلَاءِ قَوْمُنَا اتَّخَذُوا مِن دُونِهِ آلِهَةً ۖ لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَانٍ بَيِّنٍ ۖ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
මොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?
وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِ وَيُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًا ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
තවද නුඹලා ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් තොරව ඔවුන් නමදිමින් සිටි දැයින් ඉවත් වූ විට (ආරක්ෂාව පතා) ලෙන තුළට නුඹලා පිවිසෙනු. නුඹලාගේ පරමාධිපති ඔහුගේ කරුණාව නුඹලා වෙත විහිදු වනු ඇත. තවද නුඹලාගේ කටයුතු නුඹලාට (පහසු බවට) සකස් කර දෙනු ඇත.
۞ وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَت تَّزَاوَرُ عَن كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِّنْهُ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ ۗ مَن يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُ وَلِيًّا مُّرْشِدًا ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
තවද හිරු උදා වූ විට ඔවුන්ගේ ලෙනින් දකුණු දෙසට එය නැඹුරුවීමද, අවරට ගිය විට වම් දෙසින් ඔවුන් ව මග හැරී යාමද නුඹ දකිනු ඇත. (නමුත්) ඔවුහු එහි විශාල ස්ථානයක වූහ. එය අල්ලාහ්ගේ සාධකයන් අතරිනි. අල්ලාහ් කවරෙකු යහ මග යොමු කරන්නේ ද ඔහු යහ මග ලැබූවෙක්මය. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් මග පෙන්වන භාරකරුවකු නුඹ නොදකිනු ඇත.
وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ ۖ وَكَلْبُهُم بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ ۚ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
තවද නුඹ (ඔවුන් දුටුවේ නම්) ඔවුන් අවදි ව සිටින්නන් යැයි නුඹ සිතනු ඇත. නමුත් ඔවුහු නිදාගෙන සිටිති. තවද අපි දකුණු දෙසටත් වම් දෙසටත් ඔවුන්ව පෙරළමින් සිටියෙමු. ඔවුන්ගේ සුනඛයා තම පෙර පාද දෙක දිගු කරමින් දොරටුව මත විය. නුඹ ඔවුන් වෙත එබී බැලුවෙහි නම් ඔවුන්ගෙන් නුඹ වේගයෙන් පලා යනු ඇත. තවද ඔවුන් පිළිබඳ භීතියෙන් නුඹ පිරෙනු ඇත.
وَكَذَٰلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءَلُوا بَيْنَهُمْ ۚ قَالَ قَائِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۚ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُم بِوَرِقِكُمْ هَٰذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَا أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
තවද එලෙස ඔවුන් අතර ඔවුන් එකිනෙකා විමසා ගනු පිණිස ඔවුන් ව අපි අවදි කළෙමු. ඔවුන් අතරින් ප්‍රකාශකයකු ‘නුඹලා කොපමණ කාලයක් රැඳුණෙහු දැයි විමසා සිටියේය. අපි දිනක් හෝ දිනකින් කොටසක් හෝ රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘නුඹලා රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතිය. එහෙයින් නුඹලාගෙන් කෙනෙකු නුඹලාගේ මෙම කාසි සමග නගරයට එවනු. එහි වඩා පිවිතුරු ආහාරයක් බලා එයින් පෝෂණය (ආහාරය) නුඹලා වෙත ඔහු ගෙනෙත්වා! තවද ඔහු ප්‍රවේශමෙන් සිටිත්වා! තවද නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නොහැඟිවිය යුතුය’ යැයි ඔවුහු පැවසුවෝය.
إِنَّهُمْ إِن يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَن تُفْلِحُوا إِذًا أَبَدًا ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
නියත වශයෙන්ම නුඹලා ව ඔවුන් දුටුවේ නම් ඔවුන් නුඹලා ව ගල් ගසා මරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ දහම තුළට නැවත නුඹලා ව හරවා ගනු ඇත. එවිට නුඹලා කිසිවිටෙක ජය නොලබන්නෙහුමය.
وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ ۖ فَقَالُوا ابْنُوا عَلَيْهِم بُنْيَانًا ۖ رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ ۚ قَالَ الَّذِينَ غَلَبُوا عَلَىٰ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍ය බවද, නියත වශයෙන්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙනු ඇතැයිද යන්න ජනයා දැන ගනු පිණිස එලෙස අපි ඔවුන්ගේ තත්ත්වය ගැන නගරවාසීන්ට ප්‍රකාශ කළෙමු. එවිට (ලෙනෙහි සිටි පිරිස සම්බන්ධයෙන්) ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් (නගරවාසීන්) එකිනෙකා අතර වාද කරමින් සිටියහ. ඔවුන්ගෙන් සමහරුන් ගොඩනැගිල්ලක් ඔවුන් (ගේ ලෙන) මත ඉදි කරනු යැයි පැවැසූහ. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව මැනවින් දන්නාය. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් පමණ ඉක්මවා ගියවුන් ඔවුන් වෙනුවෙන් අපි මස්ජිදයක් ඉදි කරමු යැයි පැවසුවෝය.
سَيَقُولُونَ ثَلَاثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُل رَّبِّي أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاءً ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًا ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
තිදෙනෙකි. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි මතුවට ඔවුහු පවසති. තවද පස් දෙනෙකි. ඔවුන්ගෙන් සයවැන්නා සුනඛයා යැයි ගුප්ත දෑ පිළිබඳ උපකල්පනය කරමින් පවසති. තවද සත් දෙනෙකි. ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි පවසති. ඔවුන්ගේ සංඛ්‍යාව ගැන මැනවින් දන්නා මාගේ පරමාධිපතිය. ස්වල්ප දෙනෙකු හැර ඔවුන් පිළිබඳ වෙනත් කිසිවකු නොදනියි යැයි (නබිවරය) නුඹ පවසනු. එහෙයින් හෙළි කරන්නා වූ කරුණු සම්බන්ධයෙන් හැර ඔවුන් විෂයයෙහි නුඹ තර්ක නොකරනු. ඔවුන් පිළිබඳ තීන්දු ඔවුන් කිසිවෙකුගෙන් නොඅසනු.
وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَٰلِكَ غَدًا ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
තවද යම් කරුණක් සඳහා නියත වශයෙන්ම මම එය හෙට දින සිදු කරන්නෙමි යැයි නුඹ නොපැවසිය යුතුය.
إِلَّا أَن يَشَاءَ اللَّهُ ۚ وَاذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰ أَن يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَٰذَا رَشَدًا ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස. තවද නුඹට අමතක වී නම් නුඹගේ පරමාධිපති ව මෙනෙහි කරනු. තවද මාගේ පරමාධිපති මීට වඩා සමීප මග පෙන්වීමකින් මට මග පෙන්වන්නට පුළුවනැයි නුඹ පවසනු.
وَلَبِثُوا فِي كَهْفِهِمْ ثَلَاثَ مِائَةٍ سِنِينَ وَازْدَادُوا تِسْعًا ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
තවද ඔවුහු ඔවුන්ගේ ලෙන තුළ වසර තුන්සීයක් රැඳී සිටියෝය. තවද ඔවුහු (තවත් වසර) නවයක් අමතර ව එකතු කළහ.
قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا ۖ لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَبْصِرْ بِهِ وَأَسْمِعْ ۚ مَا لَهُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. අහස් හි හා මහපොළොවේ ගුප්තය ඔහු සතුය. ඒ පිළිබඳ ව (ඔහු) කෙතරම් මහා නිරීක්ෂක ද? සර්ව ශ්‍රාවක ද? ඔහුගෙන් තොර ව කිසිදු භාරකරුවකු ඔවුනට නොමැත. ඔහුගේ පාලනයෙහි කිසිවකුව ඔහු හවුල් කර නොගනී යැයි (නබිවරය) නුඹ පවසනු.
وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَ ۖ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَن تَجِدَ مِن دُونِهِ مُلْتَحَدًا ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
තවද නුඹගේ පරමාධිපතිගේ ග්‍රන්ථයෙන් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ පාරායනය කරනු. ඔහුගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද ඔහුගෙන් තොර ව ආරක්ෂිත ස්ථානයක් නුඹ කිසිවිටෙක නොලබනු ඇත.
وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَن ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
තවද තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සවස තම පරමාධිපතිට ප්‍රාර්ථනා කරන්නන් සමඟ නුඹ ද ඉවසා සිටිනු. මෙලොව ජීවිතයේ අලංකාරය ප්‍රිය කරමින් නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට යොමු නොකරනු. අප ව මෙනෙහි කිරීමෙන් ඔහුගේ හදවත නොසැලකිලිමත්භාවයට අප පත් කළ, තවද තම ආශාවන් අනුගමනය කළ, තවද තම කටයුතු අපතේ ගිය අයට නුඹ අවනත නොවනු.
وَقُلِ الْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَن شَاءَ فَلْيُؤْمِن وَمَن شَاءَ فَلْيَكْفُرْ ۚ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا ۚ وَإِن يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ ۚ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًا ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
තවද සත්‍යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා! නියත වශයෙන්ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන් ව වටලා ගෙන තිබේ. ඔවුහු (පිපාසය සඳහා) පිහිට පතන්නේ නම් මුහුණු දවාළන ලෝදිය මෙන් වූ පානයක් ඔවුනට පිහිට සඳහා දෙනු ලැබේ. එය නපුරු පානයක් විය. වාසස්ථානයෙන් ද නපුරු විය.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ක්‍රියාවෙන් වඩාත් යහපත් දෑ කළවුන්ගේ ප්‍රතිඵල සැබැවින්ම අපි අපතේ නොහරින්නෙමු.
أُولَٰئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِّن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۚ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
ඔවුනට සදාතනික (ස්වර්ග) උයන් ඇත. ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති. එහි රනින් වූ වළලු වලින් ඔවුහු පලන්දවනු ලබති. ඔවුහු සිනිඳු සේද හා ගන සේද වලින් යුත් කොළ පැහැති ඇඳුම් අඳිති. එහි ඔවුහු කවිච්චි මත හාන්සිවෙමින් සිටිති. එම ප්‍රතිඵලය යහපත් විය. එය වාසස්ථානයෙන් ද අලංකාරවත් විය.
۞ وَاضْرِبْ لَهُم مَّثَلًا رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
තවද මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව නුඹ ඔවුනට ගෙන හැර පානු. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට අපි මිදි වලින් යුත් උයන් දෙකක් ඇති කළෙමු. ඒ දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. තවද අපි ඒ දෙක අතර කෙත් යායක් ඇති කළෙමු.
كِلْتَا الْجَنَّتَيْنِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِم مِّنْهُ شَيْئًا ۚ وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًا ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
එම වතු දෙක එහි ඵලදාව දුන්නේය. ඉන් කිසිවකින් අඩුවක් නොකළේය. තවද ඒ දෙක අතර ගංගාවක් අපි ඇති කළෙමු.
وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنكَ مَالًا وَأَعَزُّ نَفَرًا ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
තවද ඔහුට (මනා) ඵලදාවක් විය. එවිට ඔහු ඔහුගේ මිතුරා සමග සාකච්ඡාවේ යෙදිමින් ‘මම නුඹට වඩා ධනයෙන් අධික කෙනෙකි. තවද පුද්ගල වශයෙන් ද අති ගෞරවනීය කෙනෙකි’ යැයි පවසා සිටියේය.
وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَن تَبِيدَ هَٰذِهِ أَبَدًا ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
තවද ඔහු තමන්ටම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසීය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නොසිතමි යැයි ඔහු පැවසීය.
وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِّنْهَا مُنقَلَبًا ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
අවසන් හෝරාව සිදුවන්නක් බව ද මම නොසිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේය.
قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ يُحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِي خَلَقَكَ مِن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
ඔහුගේ මිතුරා ඔහු සමග සාකච්ඡාවේ යෙදෙමින් ‘නුඹ ව පසින් ද පසු ව ශුක්‍රාණුවෙන් ද මවා මිනිසෙකු ලෙසින් නුඹ ව සැකසූ අයට නුඹ ගුණමකු වන්නෙහි ද?’ යැයි විමසා සිටියේය.
لَّٰكِنَّا هُوَ اللَّهُ رَبِّي وَلَا أُشْرِكُ بِرَبِّي أَحَدًا ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
එනමුත් මාගේ පරමාධිපති අල්ලාහ් වන ඔහුය. තවද මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නොකරමි.
وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ ۚ إِن تَرَنِ أَنَا أَقَلَّ مِنكَ مَالًا وَوَلَدًا ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
නුඹ නුඹේ උයනට පිවිසුණු විට මාෂා අල්ලාහු ලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොරව කිසිදු ශක්තියක් නොමැත) යැයි පැවසිය යුතු නොවේ ද? ධනයෙන් හා දරුවන්ගෙන් නුඹට වඩා අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුවද!
فَعَسَىٰ رَبِّي أَن يُؤْتِيَنِ خَيْرًا مِّن جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِّنَ السَّمَاءِ فَتُصْبِحَ صَعِيدًا زَلَقًا ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
මාගේ පරමාධිපති නුඹේ උයනට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මා වෙත පිරිනමා ඒ (නුඹගේ උයන) වෙත ගින්නක් එවන්නට පුළුවන. එවිට එය නිසරු තැනිතලාවක් බවට පත් වනු ඇත.
أَوْ يُصْبِحَ مَاؤُهَا غَوْرًا فَلَن تَسْتَطِيعَ لَهُ طَلَبًا ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
එසේ නැතහොත් එහි ජලය සිඳී යන්නක් බවට පත් කරනු ඇත. එවිට එය සෙවීමට නුඹ කිසිවිටෙක හැකියාව නොදරනු ඇත.
وَأُحِيطَ بِثَمَرِهِ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَا أَنفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُشْرِكْ بِرَبِّي أَحَدًا ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
තවද ඔහුගේ පලදාව (විනාශයෙන්) වෙළා ගනු ලැබීය. ඒ සඳහා තමන් වියදම් කර තිබිය දී එහි උඩුවියන ද ගරා වැටී තිබිය දී (ඒ ගැන කනස්සල්ලට පත් ව) තම දෙඅත් පෙරළමින් ‘අහෝ මාගේ විනාශය! මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නොකර සිටියේ නම්’ යැයි පවසන්නෙකු බවට පත් විය.
وَلَمْ تَكُن لَّهُ فِئَةٌ يَنصُرُونَهُ مِن دُونِ اللَّهِ وَمَا كَانَ مُنتَصِرًا ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
තවද අල්ලාහ්ගෙන් තොර ව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නොවීය. තවද ඔහු ඔහුටම උදව් කර ගන්නකු ද නොවීය.
هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ ۚ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا ۝٤٤
📖 පරිවර්තනය ආයාත් 44
මෙහි පාලන බලය සත්‍යය වූ අල්ලාහ් සතුය. ඔහු කුසල් පිරිනැමීමෙන් අති ශ්‍රේෂ්ඨය. එමෙන්ම අවසානයෙන් ද අති ශ්‍රේෂ්ඨය.
وَاضْرِبْ لَهُم مَّثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُّقْتَدِرًا ۝٤٥
📖 පරිවර්තනය ආයාත් 45
තවද මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට නුඹ ගෙන හැර පෙන්වනු. (එය) අපි අහසින් පහළ කළා වූ ජලය මෙනි. ඒ සමග මහපොළොවේ පැළෑටි මුසු වෙයි. පසු ව එය ඉපනැලි බවට පත් ව සුළඟ එය ගසා ගෙන යයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا ۝٤٦
📖 පරිවර්තනය ආයාත් 46
ධනය හා දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. (කවදත්) ශේෂ ව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණ වශයෙන් උතුම්ය. බලාපොරොත්තු තැබීමෙන් ද උතුම්ය.
وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا ۝٤٧
📖 පරිවර්තනය ආයාත් 47
තවද එදින අපි කඳු ගමන් කරවන්නෙමු. නුඹ මහපොළොව මුඩු එළිමහනක් ලෙස දකිනු ඇත. තවද අපි ඔවුන් ව රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගෙන් කිසිවකු ව අපි අත් නොහරින්නෙමු.
وَعُرِضُوا عَلَىٰ رَبِّكَ صَفًّا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ ۚ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًا ۝٤٨
📖 පරිවර්තනය ආයාත් 48
තවද ඔවුහු නුඹගේ පරමාධිපති වෙත පෙළට ඉදිරිපත් කරනු ලබති. සැබැවින්ම අපි නුඹලා ව මුල් වරට මැව්වාක් මෙන්ම නුඹලා අප වෙත පැමිණ ඇත. නමුත් ‘නුඹලාට (නැවත නැගිටුවනු ලැබීමේ) ප්‍රතිඥාව අපි කිසි දිනක ඇති නොකරනු ඇතැයි නුඹලා සිතුවෙහුය.
وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا ۚ وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا ۝٤٩
📖 පරිවර්තනය ආයාත් 49
තවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ අපගේ විනාශය! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත. තවද ඔවුන් සිදු කළ දේ (තමන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නොකරයි.
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ ۗ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِن دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ ۚ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا ۝٥٠
📖 පරිවර්තනය ආයාත් 50
"නුඹලා ආදම්ට සුජූද් (ආචාර) කරනු" යැයි මලක්වරුන්ට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙස්සන්) සුජූද් (ආචාර) කළෝය. ඔහු ජින් වර්ගයාගෙන් විය. ඔහු ඔහුගේ පරමාධිපතිගේ අණට අකීකරු විය. එහෙයින් නුඹලා මා හැර දමා ඔහු හා ඔහුගේ පරපුර භාරකරුවන් ලෙස ගන්නෙහු ද? තවද ඔවුහු නුඹලාට සතුරුය. (අල්ලාහ්) වෙනුවට (වෙනත් ආරක්ෂකයින්) ගැනීම අපරාධකරුවන්ට නපුරු විය.
۞ مَّا أَشْهَدتُّهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا ۝٥١
📖 පරිවර්තනය ආයාත් 51
අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලා ව මැවීමට හෝ මා ඔවුන් ව සහභාගි කරවා ගත්තේ නැත. එමෙන්ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවනවුන් ගන්නෙකු ද නොවූයෙමි.
وَيَوْمَ يَقُولُ نَادُوا شُرَكَائِيَ الَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًا ۝٥٢
📖 පරිවර්තනය ආයාත් 52
තවද එදින ‘නුඹලා උකල්පනය කරමින් මට ආදේශ කළවුන් ව නුඹලා කැඳවනු’ යැයි ඔහු පවසයි. එවිට ඔවුහු ඔවුන් ව කැඳවති. නමුත් ඔවුහු ඔවුනට ප්‍රතිචාර නොදක්වති. ඔවුන් අතර විනාශකාරී ස්ථානයක් අපි ඇති කළෙමු.
وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا ۝٥٣
📖 පරිවර්තනය ආයාත් 53
තවද වැරදිකරුවන් (නිරා) ගින්න දකිනු ඇත. එවිට නියත වශයෙන්ම තමන් එහි වැටෙන්නන් බව දැන ඔවුහු වටහා ගනිති. තවද ඉන් හැරීමක් ඔවුහු නොදකිනු ඇත.
وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍ ۚ وَكَانَ الْإِنسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا ۝٥٤
📖 පරිවර්තනය ආයාත් 54
තවද සැබැවින්ම අපි ජනයාට මෙම අල්-කුර්ආනයේ සෑම උපමාවකින්ම විස්තර කර ඇත්තෙමු. තවද මිනිසා බොහෝ දෑ ගැන විවාදශීලී විය.
وَمَا مَنَعَ النَّاسَ أَن يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَىٰ وَيَسْتَغْفِرُوا رَبَّهُمْ إِلَّا أَن تَأْتِيَهُمْ سُنَّةُ الْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ قُبُلًا ۝٥٥
📖 පරිවර්තනය ආයාත් 55
තවද මුතුන්මිත්තන්හට අත් වූ ඉරණම තමන් වෙත නොපැමිණීම හා (ඔවුන්) ඉදිරියේදීම දඬුවම ඔවුන් වෙත නොපැමිණීම මිස ජනයා වෙත යහමග පැමිණි විට ඔවුන් විශ්වාස කිරීමට හා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටීමට වෙනත් කිසිවක් ඔවුන් ව වැළැක්වූයේ නැත.
وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۚ وَيُجَادِلُ الَّذِينَ كَفَرُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ ۖ وَاتَّخَذُوا آيَاتِي وَمَا أُنذِرُوا هُزُوًا ۝٥٦
📖 පරිවර්තනය ආයාත් 56
තවද ධර්ම දූතරවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් එමගින් සත්‍යය විනාශ කිරීම පිණිස අසත්‍ය දැයින් තර්ක කරති. තවද ඔවුහු මාගේ සංඥාවන් හා අවවාද කරනු ලැබූ දෑ උපහාසයට ගත්තෝය.
وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَاهُ ۚ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۖ وَإِن تَدْعُهُمْ إِلَى الْهُدَىٰ فَلَن يَهْتَدُوا إِذًا أَبَدًا ۝٥٧
📖 පරිවර්තනය ආයාත් 57
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, ඉන් පසු ව එය නොසලකා හැර තම දෑත් ඉදිරිපත් කළ දෑ අමතක කර දැමූ අයට වඩා මහා අපරාධ කරු කවුරුද? එය ඔවුහු අවබෝධ කර ගැනීමට (නොහැකිවන සේ) සැබැවින්ම අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයන් ද ඔවුන්ගේ සවන් වලට බිහිරිභාවය ද ඇති කළෙමු. තවද යහ මග වෙත නුඹ ඔවුන් ඇරයුම් කළ ද ඔවුහු කිසිවිටෙක යහ මග නොලබන්නෝමය.
وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ ۖ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ ۚ بَل لَّهُم مَّوْعِدٌ لَّن يَجِدُوا مِن دُونِهِ مَوْئِلًا ۝٥٨
📖 පරිවර්තනය ආයාත් 58
තවද නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය. ඔවුහු ඉපැයූ දෑ හේතුකොට ගෙන ඔහු ඔවුන් ව ග්‍රහණය කරන්නේ නම් ඔවුනට දඬුවම ඔහු ඉක්මන් කරනු ඇත. නමුත් ඔවුනට නියමිත කාලයක් ඇත. ඔහුගෙන් තොර ව බේරී යාමක් ඔවුහු නොදකින්නෝමය.
وَتِلْكَ الْقُرَىٰ أَهْلَكْنَاهُمْ لَمَّا ظَلَمُوا وَجَعَلْنَا لِمَهْلِكِهِم مَّوْعِدًا ۝٥٩
📖 පරිවර්තනය ආයාත් 59
තවද එම ගම්වාසීහු, ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන් ව විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට නියමිත කාල අවකාශයක් ඇති කළෙමු.
وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّىٰ أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًا ۝٦٠
📖 පරිවර්තනය ආයාත් 60
තවද මුහුදු දෙක එක් වන තැනට මම ළඟා වන තෙක් හෝ දිගු කාලයක් මම ගත කරන තෙක් හෝ මම ගමන නොනවත්වමි යැයි තම (සේවක) කොලුවාට මූසා පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا ۝٦١
📖 පරිවර්තනය ආයාත් 61
ඒ (මුහුදු) දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේය.
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءَنَا لَقَدْ لَقِينَا مِن سَفَرِنَا هَٰذَا نَصَبًا ۝٦٢
📖 පරිවර්තනය ආයාත් 62
පසු ව ඔවුන් දෙදෙනා තරණය කළ කල්හි ඔහු ඔහුගේ (සේවක) කොලුවාට ‘අපගේ ආහාරය අප වෙත ගෙන එන්න. අපි අපගේ ගමනින් වෙහෙසට පත් ව ඇත්තෙමු’ යැයි පැවසීය.
قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ ۚ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًا ۝٦٣
📖 පරිවර්තනය ආයාත් 63
එම ගල්පර්වතය වෙත (ගොස්) අපි ගිමන් නිවා ගත් අවස්ථාව ඔබට මතකද? එවිට සැබැවින්ම මත්සයා පිළිබඳ (දැනුම් දීමට) මට අමතක විය? එය මා සිහි කිරීමට මා හට එය අමතක කළේ ෂෙයිතාන් හැර වෙනත් කිසිවකු නොවේ. මුහුදේ ඌ උගේ ගමන් මග පුදුමාකාර අයුරින් ගත්තේය යැයි ඔහු පැවසීය..
قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَارْتَدَّا عَلَىٰ آثَارِهِمَا قَصَصًا ۝٦٤
📖 පරිවර්තනය ආයාත් 64
අපි සොයමින් සිටි ස්ථානය එය වේ යැයි ඔහු පැවසීය. පසු ව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු හඹා නැවත හැරී ගියෝය.
فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِّنْ عِندِنَا وَعَلَّمْنَاهُ مِن لَّدُنَّا عِلْمًا ۝٦٥
📖 පරිවර්තනය ආයාත් 65
එවිට ඔවුන් දෙදෙනාම අපගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකු ව මුණ ගැසුණෝය. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු.
قَالَ لَهُ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰ أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا ۝٦٦
📖 පරිවර්තනය ආයාත් 66
යහ මගින් ඔබට උගන්වනු ලැබූ දැයින් ඔබ මට ඉගැන්වීම සඳහා මම ඔබ ව අනුගමනය කරන්නදැයි මූසා ඔහුගෙන් විමසුවේය.
قَالَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًا ۝٦٧
📖 පරිවර්තනය ආයාත් 67
නියත වශයෙන් මා සමගින් ඉවසා සිටීමට ඔබ හැකියාව නොදරන්නෙහිම යැයි ඔහු පැවසුවේය.
وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِ خُبْرًا ۝٦٨
📖 පරිවර්තනය ආයාත් 68
තවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේද?
قَالَ سَتَجِدُنِي إِن شَاءَ اللَّهُ صَابِرًا وَلَا أَعْصِي لَكَ أَمْرًا ۝٦٩
📖 පරිවර්තනය ආයාත් 69
තවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේද.
قَالَ فَإِنِ اتَّبَعْتَنِي فَلَا تَسْأَلْنِي عَن شَيْءٍ حَتَّىٰ أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا ۝٧٠
📖 පරිවර්තනය ආයාත් 70
එසේ නුඹ මා අනුගමනය කරන්නෙහි නම් කිසිවක් පිළිබඳ මම නුඹට මෙනෙහි කර පවසන තෙක් නුඹ ඒ ගැන මගෙන් විමසිය නොයුතු යැයි ඔහු පැවසුවේය.
فَانطَلَقَا حَتَّىٰ إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًا ۝٧١
📖 පරිවර්තනය ආයාත් 71
එසේ නුඹ මා අනුගමනය කරන්නෙහි නම් කිසිවක් පිළිබඳ මම නුඹට මෙනෙහි කර පවසන තෙක් නුඹ ඒ ගැන මගෙන් විමසිය නොයුතු යැයි ඔහු පැවසුවේය.
قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًا ۝٧٢
📖 පරිවර්තනය ආයාත් 72
නියත වශයෙන්ම ඔබ මා සමග ඉවසා දරා ගැනීමට හැකියාව නොදරන්නෙහිමය යැයි මම නොකීවෙම්දැයි ඔහු විමසීය.
قَالَ لَا تُؤَاخِذْنِي بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِي مِنْ أَمْرِي عُسْرًا ۝٧٣
📖 පරිවර්තනය ආයාත් 73
මා අමතක කළ දෑ හේතුවෙන් ඔබ මා වරදට නොගනු. තවද මාගේ විෂය සම්බන්ධයෙන් ඔබ මා අපහසුතාවට ලක් නොකරනු යැයි ඔහු (මූසා) පැවසුවේය.
فَانطَلَقَا حَتَّىٰ إِذَا لَقِيَا غُلَامًا فَقَتَلَهُ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةً بِغَيْرِ نَفْسٍ لَّقَدْ جِئْتَ شَيْئًا نُّكْرًا ۝٧٤
📖 පරිවර්තනය ආයාත් 74
පසු ව දෙදෙනාම දරුවකු මුණ ගැසෙන තෙක් ගමන් ගත්හ. එවිට ඔහු ඔහු ව මරා දැමුවේය. (එවිට මූසා) කිසිදු ප්‍රාණ අයිතියකින් තොර ව පිවිතුරු ආත්මයක් ඔබ මරා දැමුවෙහි ද? ඔබ පිළිකුල් සහගත කරුණක් කර ඇත්තෙහිය යැයි පැවසුවේය.
۞ قَالَ أَلَمْ أَقُل لَّكَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِيَ صَبْرًا ۝٧٥
📖 පරිවර්තනය ආයාත් 75
නියත වශයෙන්ම ඔබ මා සමග ඉවසා දරා ගැනීමට හැකියාව නොදරන්නෙහිමය යැයි මම ඔබට නොකීවෙම්දැයි ඔහු විමසීය.
قَالَ إِن سَأَلْتُكَ عَن شَيْءٍ بَعْدَهَا فَلَا تُصَاحِبْنِي ۖ قَدْ بَلَغْتَ مِن لَّدُنِّي عُذْرًا ۝٧٦
📖 පරිවර්තනය ආයාත් 76
මින් පසු ව මම යමක් පිළිබඳ ව ඔබෙන් විමසා සිටියේ නම් ඔබ මා සඟයෙකු ලෙස නොගනු. සැබැවින්ම ඔබ මා වෙතින් (ඇති තරම්) නිදහසට කරුණු ලබා ඇතිතෙහිය යැයි ඔහු පැවසීය.
فَانطَلَقَا حَتَّىٰ إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُ ۖ قَالَ لَوْ شِئْتَ لَتَّخَذْتَ عَلَيْهِ أَجْرًا ۝٧٧
📖 පරිවර්තනය ආයාත් 77
පසු ව ඔවුන් දෙදෙනා ගමක වැසියන් වෙත පැමිණෙන තෙක් ගමන් ගත්තෝය. එහි වැසියන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියෝය. නමුත් ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. එවිට ඔවුන් දෙදෙනා එහි ගරා වැටෙන්නට යන බිත්තියක් දුටුවෝය. එවිට ඔහු එය කෙළින් කළේය. (මෙය දුටු) ඔහු (මූසා) ඔබ අභිමත කළේ නම් ඒ සඳහා ඔබට කුලියක් ලබා ගන්නට තිබුණි යැයි පැවසීය.
قَالَ هَٰذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ ۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِع عَّلَيْهِ صَبْرًا ۝٧٨
📖 පරිවර්තනය ආයාත් 78
. මෙය මා අතර හා ඔබ අතර වෙන්වීම (ට ඇති කාලය) වේ. ඔබ කවර දෙයක් මත ඉවසා සිටීමට නොහැකි වූයේද එහි යථාර්ථය මම නුඹට දන්වමි යැයි ඔහු පැවසුවේය..
أَمَّا السَّفِينَةُ فَكَانَتْ لِمَسَاكِينَ يَعْمَلُونَ فِي الْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَاءَهُم مَّلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا ۝٧٩
📖 පරිවර්තනය ආයාත් 79
එම නැව වූ කලී, එය මුහුදෙහි සේවය කරන දිළින්දන් සතු විය. එහෙයින් මම එය පළුදු කරන්නට සිතුවෙමි. (හේතුව) සෑම නැවක්ම බලහත්කාරයෙන් ගන්නා රජකු ඔවුනට පසුපසින් විය
وَأَمَّا الْغُلَامُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَا أَن يُرْهِقَهُمَا طُغْيَانًا وَكُفْرًا ۝٨٠
📖 පරිවර්තනය ආයාත් 80
. තවද එම දරුවා වූ කලී, ඔහුගේ දෙමාපියන් දේවත්වය විශ්වාස කරන දෙදෙනකු වූහ. සීමාව ඉක්මවා යමින් හා දේව ප්‍රතික්ෂේප භාවයෙන් ඔවුන් දෙදෙනාට ඔහු බරපතළකම් සිදු කිරීම ගැන අපි බිය වූයෙමු.
فَأَرَدْنَا أَن يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِّنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًا ۝٨١
📖 පරිවර්තනය ආයාත් 81
එහෙයින් ඔවුන්ගේ පරමාධිපති ඔහුට වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු භාවයෙන් යුත් සෙනෙහසින් වඩාත් සමීප වූ කෙනෙකු ඔවුන් දෙදෙනාට වෙනස්‍ කර දෙනු ඇතැයි අපි සිතුවෙමු
وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَن يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةً مِّن رَّبِّكَ ۚ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًا ۝٨٢
📖 පරිවර්තනය ආයාත් 82
තවද එම බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනෙකුට හිමි ව තිබිණි. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත් ව පසු ව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නොකළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ.
وَيَسْأَلُونَكَ عَن ذِي الْقَرْنَيْنِ ۖ قُلْ سَأَتْلُو عَلَيْكُم مِّنْهُ ذِكْرًا ۝٨٣
📖 පරිවර්තනය ආයාත් 83
. (අහෝ නබිවරය!) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු.
إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِن كُلِّ شَيْءٍ سَبَبًا ۝٨٤
📖 පරිවර්තනය ආයාත් 84
. නියත වශයෙන්ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින්ම ඔහුට හේතු මාර්ග පිරිනැමුවෙමු
فَأَتْبَعَ سَبَبًا ۝٨٥
📖 පරිවර්තනය ආයාත් 85
එවිට ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
حَتَّىٰ إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًا ۗ قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَن تُعَذِّبَ وَإِمَّا أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا ۝٨٦
📖 පරිවර්තනය ආයාත් 86
හිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේය. අහෝ දුල් කර්නයින්! නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු.
قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُّكْرًا ۝٨٧
📖 පරිවර්තනය ආයාත් 87
අපරාධ කළවුන් වූ කළී, අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසු ව ඔහුගේ පරමාධිපති වෙත ඔහු නැවත යොමු කරනු ලබනු ඇත. එවිට බිහිසුණු දඬුවමකින් ඔහු ඔහුට දඬුවම් කරනු ඇත යැයි ඔහු පැවසුවේය
وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاءً الْحُسْنَىٰ ۖ وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًا ۝٨٨
📖 පරිවර්තනය ආයාත් 88
. තවද විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී, ඔහුට යහපත් ප්‍රතිඵල සතුය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු
ثُمَّ أَتْبَعَ سَبَبًا ۝٨٩
📖 පරිවර්තනය ආයාත් 89
පසු ව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
حَتَّىٰ إِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًا ۝٩٠
📖 පරිවර්තනය ආයාත් 90
. හිරු උදා වන තැනට ඔහු ළඟා වූ විට අපි ඔවුනට කිසිදු ආවරණයක් ඇති නොකළ පිරිසක් වෙත එය උදා වනු ඔහු දුටුවේය.
كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا ۝٩١
📖 පරිවර්තනය ආයාත් 91
එලෙසය. ඔහු සතු ව ඇති දෑ අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු.
ثُمَّ أَتْبَعَ سَبَبًا ۝٩٢
📖 පරිවර්තනය ආයාත් 92
පසු ව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
حَتَّىٰ إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا ۝٩٣
📖 පරිවර්තනය ආයාත් 93
. ඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේය.
قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰ أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا ۝٩٤
📖 පරිවර්තනය ආයාත් 94
අහෝ දුල් කර්නයින්! නියත වශයෙන්ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහුය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැයි ඔවුහු විමසුවෝය.
قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا ۝٩٥
📖 පරිවර්තනය ආයාත් 95
. මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨය. එබැවින් නුඹලා ශක්තිමත් ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේය.
آتُونِي زُبَرَ الْحَدِيدِ ۖ حَتَّىٰ إِذَا سَاوَىٰ بَيْنَ الصَّدَفَيْنِ قَالَ انفُخُوا ۖ حَتَّىٰ إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًا ۝٩٦
📖 පරිවර්තනය ආයාත් 96
කදු පාමුල දෙක අතර සමාන වන තරමට නුඹලා මා වෙත ගණ යකඩ කුට්ටි ගෙන එනු. එය ගිනියම් බවට පත් වන තෙක් නුඹලා පිඹිනු යැයි ඔහු පැවසුවේය. ඒ මත උණු කළ තඹ මා වක් කරනු පිණිස මා වෙත නුඹලා (එය) ගෙන එනු යැයි පැවසුවේය.
فَمَا اسْطَاعُوا أَن يَظْهَرُوهُ وَمَا اسْتَطَاعُوا لَهُ نَقْبًا ۝٩٧
📖 පරිවර්තනය ආයාත් 97
. එවිට ඉන් බැහැර වන්නට (යඃජූජ් මඃජූජ් වන) ඔවුහු ශක්තිය නොදැරූහ. තවද එයට සිදුරක් කරන්නට ද ඔවුහු ශක්තිය නොදැරූහ.
قَالَ هَٰذَا رَحْمَةٌ مِّن رَّبِّي ۖ فَإِذَا جَاءَ وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاءَ ۖ وَكَانَ وَعْدُ رَبِّي حَقًّا ۝٩٨
📖 පරිවර්තනය ආයාත් 98
මෙය මාගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයකි. එහෙයින් මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරයි. තවද මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සැබෑවක් විය.
۞ وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِي بَعْضٍ ۖ وَنُفِخَ فِي الصُّورِ فَجَمَعْنَاهُمْ جَمْعًا ۝٩٩
📖 පරිවර්තනය ආයාත් 99
එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු තුළ රළ මෙන් නගින්නට අපි අත හැර දමන්නෙමු. තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරන්නෙමු.
وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَافِرِينَ عَرْضًا ۝١٠٠
📖 පරිවර්තනය ආයාත් 100
එදින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය ප්‍රදර්ශනයක් ලෙස අපි ප්‍රදර්ශනය කර පෙන්වන්නෙමු.
الَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِي غِطَاءٍ عَن ذِكْرِي وَكَانُوا لَا يَسْتَطِيعُونَ سَمْعًا ۝١٠١
📖 පරිවර්තනය ආයාත් 101
ඔවුහු වනාහි, මා සිහිපත් කිරීමෙන් ඔවුන්ගේ ඇස් ආවරණයක් තුළ වූ අය වෙති. තවද ඔවුහු සවන් දෙන්නට නොහැකිව සිටියෝය.
أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَن يَتَّخِذُوا عِبَادِي مِن دُونِي أَوْلِيَاءَ ۚ إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلًا ۝١٠٢
📖 පරිවර්තනය ආයාත් 102
මාගෙන් තොර ව මාගේ ගැත්තන් තම භාරකරුවන් ලෙස ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් සිතුවෝ ද? නියත වශයෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට නවාතැනක් වශයෙන් නිරය අපි සූදානම් කළෙමු.
قُلْ هَلْ نُنَبِّئُكُم بِالْأَخْسَرِينَ أَعْمَالًا ۝١٠٣
📖 පරිවර්තනය ආයාත් 103
ක්‍රියාවන්ගෙන් වඩාත් අලාභහානි කර ගත්තවුන් පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නදැයි (නබිවරය) නුඹ විමසනු.
الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا ۝١٠٤
📖 පරිවර්තනය ආයාත් 104
ඔවුන් වනාහි මෙලොව ජීවිතයේ තම පරිශ්‍රමය නාස්ති වී ගියවුන්ය. නියත වශයෙන්ම තමන් ක්‍රියාවෙන් දැහැමි දෑ කරන්නන් බව ඔවුහු සිතති.
أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا ۝١٠٥
📖 පරිවර්තනය ආයාත් 105
තම පරමාධිපතිගේ වදන් හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. ඒහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල වී ගියේය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (ඉන්) කිසිදු බරක වටිනාකමක් ඔවුනට නොදෙන්නෙමු.
ذَٰلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا ۝١٠٦
📖 පරිවර්තනය ආයාත් 106
එය, ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවින් හා මාගේ වදන් හා මාගේ රසූල්වරුන් ඔවුන් සමච්චලයට ගත් බැවින් නිරය ඔවුන්ගේ ප්‍රතිවිපාකයයි.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا ۝١٠٧
📖 පරිවර්තනය ආයාත් 107
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් ස්වර්ග උයන් ඔවුනට විය.
خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا ۝١٠٨
📖 පරිවර්තනය ආයාත් 108
එහි ඔවුන් සදාතනිකයින්ය. එයින් මාරුවීමක් ඔවුහු අපේක්ෂා නොකරති.
قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا ۝١٠٩
📖 පරිවර්තනය ආයාත් 109
මාගේ පරමාධිපතිගේ වදන් (ලිවීමට) තීන්ත බවට මුහුද පත් වුව ද මාගේ පරමාධිපතිගේ වදන් (ලියා) නිමා වීමට පෙර මුහුද සිඳී යනු ඇත. එවන් (මුහුද) හා සමාන දෙයක් අපි අමතර ව ගෙන ආව ද (එය ද ප්‍රමාණවත් නොවනු ඇත.) යැයි (නබිවරය) නුඹ පවසනු.
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَمَن كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا ۝١١٠
📖 පරිවර්තනය ආයාත් 110
මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නොකරත්වා! යැයි (නබිවරය) නුඹ පවසනු.
← 17 අල්-කහ්ෆ් (18/114) 19 →
කියවන්න අල්-කහ්ෆ් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

18الكهف Al-Kahf 📚 110 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-කහ්ෆ් සූරා — 110 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers