අස්-සජ්දා සූරා අරාබි සහ සිංහල

අස්-සජ්දා සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (30 ආයාත් — مكية). අස්-සජ්දා අසන්න, අස්-සජ්දා පරිවර්තනය, අස්-සජ්දා mp3, අස්-සජ්දා pdf.

අස්-සජ්දා සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
الم ۝١
📖 පරිවර්තනය ආයාත් 1
අලිෆ්, ලාම්, මීම්.
تَنزِيلُ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ الْعَالَمِينَ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
මෙම ග්‍රන්ථයේ පහළවීම ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගෙනි. එහි කිසිදු සැකයක් නැත.
أَمْ يَقُولُونَ افْتَرَاهُ ۚ بَلْ هُوَ الْحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوْمًا مَّا أَتَاهُم مِّن نَّذِيرٍ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව එය ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු හෝ ඔවුන් වෙත නොපැමිණි පිරිසකට ඔබ අවවාද කරනු පිණිසත් ඔවුන් යහමග ලැබිය හැකි වනු පිණිසත්ඔ බගේ පරමාධිපතිගෙන් පැමිණි සත්යයකි.
اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُم مِّن دُونِهِ مِن وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු හැර කිසිදු භාරකරුවකු හෝ මැදිහත්කරුවකු හෝ නුඹලාට නොමැත. (මෙයින්) නුඹලා උපදෙස් ලැබිය යුතු නොවේ ද?
يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِّمَّا تَعُدُّونَ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
අහසේ සිට මහපොළොව දක්වා වූ සියලුම කරුණු ඔහු සැලසුම් කරයි. පසු ව එහි ප්‍රමාණය නුඹලා ගණන් කරන වසර දහසක් වූ දිනක ඔහු වෙත එය ආරෝහණය වෙයි.
ذَٰلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الرَّحِيمُ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
ඔහු අදෘශ්යමාන දෑ හා දෘශ්යමාන දෑ පිළිබඳ දැනුමැති සර්ව බලධාරී මහා කරුණාන්විතය.
الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ ۖ وَبَدَأَ خَلْقَ الْإِنسَانِ مِن طِينٍ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
ඔහු මැවූ සියලු දෑ අලංකාරවත් කළේය. තවද මිනිසාගේ මැවීම මැටියෙන් ආරම්භ කළේය.
ثُمَّ جَعَلَ نَسْلَهُ مِن سُلَالَةٍ مِّن مَّاءٍ مَّهِينٍ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
පසුව ඔහුගේ පරපුර අල්පේච්චිත ජල ධාතුවෙන් ඇති කළේය.
ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِ ۖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَّا تَشْكُرُونَ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
පසු ව ඔහු ඔහුව හැඩ ගන්වා ඔහුගේ ප්රාණයෙන් ඔහු තුළ පිඹ ප්‍රාණවත් කළේය. තවද නුඹලාට ශ්රවණය, දෘෂ්ටීන් හා හදවත් ඇති කළේය. නමුත් නුඹලා කෘතවේදී වනුයේ ස්වල්පයකි.
وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۚ بَلْ هُم بِلِقَاءِ رَبِّهِمْ كَافِرُونَ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තවද අපි මහපොළොවෙන් තුරන් ව ගිය විට නියත වශයෙන්ම අපි අලුත් මැවීමක් වන්නෙමු ද? යැයි ඔවුහු ප්‍රශ්න කළෝය. එසේ නොව, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
۞ قُلْ يَتَوَفَّاكُم مَّلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَلَوْ تَرَىٰ إِذِ الْمُجْرِمُونَ نَاكِسُو رُءُوسِهِمْ عِندَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
එවිට වැරදිකරුවෝ තම පරමාධිපති අබියස තම හිස් පහත් කර ගනිමින් අපගේ පරමාධිපතියාණනි! අපි දුටුවෙමු. අපි සවන් දුන්නෙමු. එහෙයින් අප ව නැවත එවනු මැනව! අපි යහකම් කරන්නෙමු. නියත වශයෙන්ම අපි ස්ථීර ව විශ්වාස කරන්නෝ වෙමු යැයි ඔවුන් පවසනු නුඹ දක්නිනේ නම් (එදින තත්ත්වය නුඹට හෙළි වේ.)
وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلَّ نَفْسٍ هُدَاهَا وَلَٰكِنْ حَقَّ الْقَوْلُ مِنِّي لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
තවද අපි අභිමත කළේ නම් සෑම ආත්මයකට එහි යහමග (මුල සිටම) පිරිනමන්නට තිබුණි. නමුත් (අපරාධකාරී) ජින් වර්ගයා සහ මිනිස් වර්ගයා යන සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි යන මා විසින් වූ ප්‍රකාශය නියම වී ඇත.
فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا إِنَّا نَسِينَاكُمْ ۖ وَذُوقُوا عَذَابَ الْخُلْدِ بِمَا كُنتُمْ تَعْمَلُونَ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
එහෙයින් මේ නුඹලාගේ දිනයේ හමු ව නුඹලා අමතක කළ බැවින් නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන්ම අපි නුඹලා අමතක කළෙමු. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම භුක්ති විඳිනු.
إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවා ඔවුනට මෙනෙහි කරනු ලබන විට (සිරස බිම තබා) සුජූද් කරමින් බිම වැටී ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කළ අය වෙති. තවද ඔවුහු උඬගු නොවෙති.
تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
ඔවුන්ගේ ඇලපත් නිදියහන් වලින් ඔසවා ගෙන බියෙන් හා ආසාවෙන් ඔවුන්ගේ පරමාධිපතිට ඇරයුම් කරති. තවද අප ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.
فَلَا تَعْلَمُ نَفْسٌ مَّا أُخْفِيَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී.
أَفَمَن كَانَ مُؤْمِنًا كَمَن كَانَ فَاسِقًا ۚ لَّا يَسْتَوُونَ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
කවරෙකු විශ්වාසවන්තයෙකු වූයේ ද ඔහු පාපතරයකු වූ අය මෙන් විය හැකි ද? ඔවුහු සමාන නොවෙති.
أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَىٰ نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට සංග්‍රහයක් වශයෙන් නවාතැන් සහිත ස්වර්ග උයන් ඇත.
وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ ۖ كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنتُم بِهِ تُكَذِّبُونَ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
තවද පාපකම් කළවුන් වූ කලී ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්නය. ඉන් බැහැර වීමට ඔවුන් සිතන සෑම මොහොතකම ඔවුන් එහි නැවත යොමු කරනු ලබති. තවද නුඹලා කවර දෙයක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු යැයි ඔවුනට පවසනු ලැබේ.
وَلَنُذِيقَنَّهُم مِّنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
තවද (පාපකම් වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මෙම මහත් දඬුවමට පෙර සුළු දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු.
وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا ۚ إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنتَقِمُونَ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසු ව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම අපි වැරදි කරන්නන්ට ප්‍රතිවිපාක දෙන්නෝ වෙමු.
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُن فِي مِرْيَةٍ مِّن لِّقَائِهِ ۖ وَجَعَلْنَاهُ هُدًى لِّبَنِي إِسْرَائِيلَ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
තවද සැබැවින්ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳ ව සැකයෙහි නොවනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු.
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا ۖ وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
තවද ඔවුන් ඉවසා අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි හෙයින් අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් ඔවුන් අතරින් අපි පත් කළෙමු.
إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
ඔවුන් කවර දෙයක් ගැන මතභේද ඇති කරගෙන සිටියේ ද නියත වශයෙන්ම ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔබේ පරමාධිපති වන ඔහු ඔවුන් අතර තීන්දු කරයි.
أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ ۖ أَفَلَا يَسْمَعُونَ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
තවද ඔවුනට පෙර, පරම්පරාවන් කොපමණක් අප විනාශ කළෙමු ද? මොවුන් ඔවුන්ගේ වාසස්ථාන හරහා ගමන් කරති. එය ඔවුනට මගපෙන්වීමක් නොවී ද? නියත වශයෙන්ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නොදෙන්නෙහු ද?
أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاءَ إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
තවද නියත වශයෙන්ම අප ජලය නිසරු පොළොව වෙත ගෙන ගොස් එමගින් ඔවුන්ගේ ගොවිපළ සතුන් හා ඔවුන් අනුභව කරන භෝග අප හටගැන්වීම ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු නිරීක්ෂා කර නොබලන්නෙහු ද?
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْفَتْحُ إِن كُنتُمْ صَادِقِينَ ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
තවද නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ජයග්‍රහණය කවදාදැයි (නුඹලා පවසනු යැයි) ඔවුහු විමසති.
قُلْ يَوْمَ الْفَتْحِ لَا يَنفَعُ الَّذِينَ كَفَرُوا إِيمَانُهُمْ وَلَا هُمْ يُنظَرُونَ ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
ජයග්‍රහණයේ දින, දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ විශ්වාසය ඵල දෙන්නේ නැත. තවද ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති යැයි (නබිවරය!) නුඹ පවසනු.
فَأَعْرِضْ عَنْهُمْ وَانتَظِرْ إِنَّهُم مُّنتَظِرُونَ ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
එහෙයින් ඔබ ඔවුන් ගැන නොසලකා හරිනු. තවද ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.
← 31 අස්-සජ්දා (32/114) 33 →
කියවන්න අස්-සජ්දා සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

32السجدة As-Sajdah 📚 30 ආයාත් مكية

ආයාත් ආයාත් – අස්-සජ්දා සූරා — 30 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers