අද්-දුඛාන් සූරා අරාබි සහ සිංහල
අද්-දුඛාන් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (59 ආයාත් — مكية). අද්-දුඛාන් අසන්න, අද්-දුඛාන් පරිවර්තනය, අද්-දුඛාන් mp3, අද්-දුඛාන් pdf.අද්-දුඛාන් සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ ٣
📖 පරිවර්තනය
ආයාත් 3
නියත වශයෙන්ම භාග්යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු.
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක්ම තීරණය කරනු ලබයි.
أَمْرًا مِّنْ عِندِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (ධර්ම දූතයින්) එවන්නන් වූයෙමු.
رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
(එය) නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُم مُّوقِنِينَ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු! ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.
لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ ٨
📖 පරිවර්තනය
ආයාත් 8
ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාගේ ප්රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපතිය.
فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُّبِينٍ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
එහෙයින් අහස පැහැදිලි දුමාරයක් රැගෙන එන දිනය (නබිවරය!) නුඹ බලාපෙරොත්තුවෙන් සිටිනු.
يَغْشَى النَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
رَّبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُّبِينٌ ١٣
📖 පරිවර්තනය
ආයාත් 13
ඔවුනට උපදෙස කෙසේ නම් (ප්‍රයෝජනවත්) වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَّجْنُونٌ ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
පසු ව ඔවුහු ඔහුට පිටු පා “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තෙකි, උම්මත්තකයෙකි” යැයි පැවසුවෝය.
إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ ١٥
📖 පරිවර්තනය
ආයාත් 15
නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා (මුල් තත්ත්වයට) නැවත හැරී යන්නෝය.
يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنتَقِمُونَ ١٦
📖 පරිවර්තනය
ආයාත් 16
දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන්ම අපි සම ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.
۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය ධර්ම දූතයකු පැමිණියේය.
أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය ධර්ම දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය.)
وَأَن لَّا تَعْلُوا عَلَى اللَّهِ ۖ إِنِّي آتِيكُم بِسُلْطَانٍ مُّبِينٍ ١٩
📖 පරිවර්තනය
ආයාත් 19
“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නොවනු. නියත වශයෙන්ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන එන්නෙක් මි.”
وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَن تَرْجُمُونِ ٢٠
📖 පරිවර්තනය
ආයාත් 20
“තවද නුඹලා මා ගල් ගසා මැරීමෙන් නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් ද එමෙන්ම නුඹලාගේ පරමාධිපති වෙතින් ද ආරක්ෂාව පතමි.”
وَإِن لَّمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ ٢١
📖 පරිවර්තනය
ආයාත් 21
“තවද නුඹලා මා විශ්වාස නොකළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත් ව සිටිනු.”
فَدَعَا رَبَّهُ أَنَّ هَٰؤُلَاءِ قَوْمٌ مُّجْرِمُونَ ٢٢
📖 පරිවර්තනය
ආයාත් 22
එවිට ඔහු ‘නියත වශයෙන්ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේය.
فَأَسْرِ بِعِبَادِي لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ ٢٣
📖 පරිවර්තනය
ආයාත් 23
(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන්ය.”
وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ ٢٤
📖 පරිවර්තනය
ආයාත් 24
තවද “මුහුද ඒ අයුරින්ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන්ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
كَمْ تَرَكُوا مِن جَنَّاتٍ وَعُيُونٍ ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?
وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ ٢٧
📖 පරිවර්තනය
ආයාත් 27
තවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් ද (අතහැර දමා ගියෝ ද?)
كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ ٢٨
📖 පරිවර්තනය
ආයාත් 28
එලෙසය! අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.
فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නොවූවෝය.
وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ ٣٠
📖 පරිවර්තනය
ආයාත් 30
තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින්ම අපි මුදවා ගත්තෙමු.
مِن فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِّنَ الْمُسْرِفِينَ ٣١
📖 පරිවර්තනය
ආයාත් 31
ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් උද්දච්ච අයෙකු විය.
وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَىٰ عِلْمٍ عَلَى الْعَالَمِينَ ٣٢
📖 පරිවර්තනය
ආයාත් 32
තවද දැනුවත්ව ම ලෝවැසියනට වඩා සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.
وَآتَيْنَاهُم مِّنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مُّبِينٌ ٣٣
📖 පරිවර්තනය
ආයාත් 33
තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.
إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ ٣٥
📖 පරිවර්තනය
ආයාත් 35
“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”
فَأْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ ٣٦
📖 පරිවර්තනය
ආයාත් 36
එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِن قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ ٣٧
📖 පරිවර්තනය
ආයාත් 37
ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූවෝය.
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ ٣٨
📖 පරිවර්තනය
ආයාත් 38
තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නොමැව්වෙමු.
مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ٣٩
📖 පරිවර්තනය
ආයාත් 39
ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ ٤٠
📖 පරිවර්තනය
ආයාත් 40
නියත වශයෙන්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
يَوْمَ لَا يُغْنِي مَوْلًى عَن مَّوْلًى شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ ٤١
📖 පරිවර්තනය
ආයාත් 41
එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති.
إِلَّا مَن رَّحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ ٤٢
📖 පරිවර්තනය
ආයාත් 42
නමුත් අල්ලාහ් කරුණාව පෙන් වූ අය හැර. නියත වශයෙන්ම ඔහුමය සර්ව බලධාරී මහා කරුණාන්විත වනුයේ.
كَالْمُهْلِ يَغْلِي فِي الْبُطُونِ ٤٥
📖 පරිවර්තනය
ආයාත් 45
එය උණු කළ තඹ මෙන්ය. එය උදර තුළ නටමින් පවතින්නේය.
خُذُوهُ فَاعْتِلُوهُ إِلَىٰ سَوَاءِ الْجَحِيمِ ٤٧
📖 පරිවර්තනය
ආයාත් 47
(නිරයේ ආරක්ෂකයින් වන) නුඹලා ඔහු (අධර්මිෂ්ඨයා) හසු කරනු. පසු ව නුඹලා ඔහු නිරය මධ්‍යයට ඇද ගෙන යනු.
ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الْحَمِيمِ ٤٨
📖 පරිවර්තනය
ආයාත් 48
පසු ව ඔහුගේ හිසට ඉහළින් වේදනා ගෙන දෙන ලෝ දිය වක් කරනු.
ذُقْ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْكَرِيمُ ٤٩
📖 පරිවර්තනය
ආයාත් 49
නුඹ විඳිනු. නියත වශයෙන්ම නුඹ (මෙලොව) ගරුසරු ඇති බලධාරියෙකු විය.
إِنَّ هَٰذَا مَا كُنتُم بِهِ تَمْتَرُونَ ٥٠
📖 පරිවර්තනය
ආයාත් 50
නියත වශයෙන්ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එය වේ.
إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ ٥١
📖 පරිවර්තනය
ආයාත් 51
නියත වශයෙන්ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති.
يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَابِلِينَ ٥٣
📖 පරිවර්තනය
ආයාත් 53
ඔවුහු සිනිඳු සේද හා ඝන සේද වලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති.
كَذَٰلِكَ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ ٥٤
📖 පරිවර්තනය
ආයාත් 54
එලෙසය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු.
يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ ٥٥
📖 පරිවර්තනය
ආයාත් 55
ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.
لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَىٰ ۖ وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ ٥٦
📖 පරිවර්තනය
ආයාත් 56
මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නොවිඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කළේය.
فَضْلًا مِّن رَّبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ ٥٧
📖 පරිවර්තනය
ආයාත් 57
(එය) ඔබේ පරමාධිපතිගේ භාග්යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණය.
فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ٥٨
📖 පරිවර්තනය
ආයාත් 58
එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය නුඹේ දිවට (නුඹේ භාෂාවෙන්) පහසු කළෙමු.
فَارْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ ٥٩
📖 පරිවර්තනය
ආයාත් 59
එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.
කියවන්න අද්-දුඛාන් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

