🔥 0 day streak
📖 Long surah — split into smaller parts to help you focus (29 ආයාත්)
0/29
48:1
🔁 0/5
إِنَّا فَتَحۡنَا لَكَ فَتۡحًا مُّبِينًا ١
Innaa fatahnaa laka Fatham Mubeenaa
(අහෝ නබිවරය!) නියත වශයෙන්ම අපි නුඹට ප්‍රකට ජයක් ලබා දුනිමු.
🎤 Your recording:
48:2
🔁 0/5
لِّيَغۡفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَيَهۡدِيَكَ صِرَٰطًا مُّسۡتَقِيمًا ٢
Liyaghfira lakal laahu maa taqaddama min zambika wa maa ta akhkhara wa yutimma ni`matahoo `alaika wa yahdiyaka siraatam mustaqeema
නුඹේ පාපයෙන් පෙර සිදු වූ දෑ හා පසු සිදු වූ දෑ සඳහා අල්ලාහ් නුඹට සමාව දෙනු පිණිසත් ඔහුගේ ආශිර්වාදය නුඹ වෙත සම්පූර්ණ කරනු පිණිසත් ඍජු මාර්ගය වෙත නුඹට ඔහු මග පෙන්වනු පිණිසත්ය.
🎤 Your recording:
48:3
🔁 0/5
وَيَنصُرَكَ ٱللَّهُ نَصۡرًا عَزِيزًا ٣
Wa yansurakal laahu nasran `azeezaa
තවද අති මහත් උපකාරයකින් අල්ලාහ් නුඹට උදව් කරනු පිණිසත් ය.
🎤 Your recording:
48:4
🔁 0/5
هُوَ ٱلَّذِيٓ أَنزَلَ ٱلسَّكِينَةَ فِي قُلُوبِ ٱلۡمُؤۡمِنِينَ لِيَزۡدَادُوٓاْ إِيمَٰنًا مَّعَ إِيمَٰنِهِمۡۗ وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا ٤
Huwal lazeee anzalas sakeenata fee quloobil mu`mineena liyazdaadooo eemaanamma`a eemaanihim; wa lillaahi junoodus samawaati wal ard; wa kaanal laahu `Aleeman Hakeemaa
දේවත්වය විශ්වාස කරන්නන්ගේ සිත් තුළට ඔවුන්ගේ විශ්වාසය සමගම විශ්වාසය වැඩි කර ගනු පිණිස ශාන්තභාවය පහළ කළේ ඔහුය. අහස්හි හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
🎤 Your recording:
48:5
🔁 0/5
لِّيُدۡخِلَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّٰتٍ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوۡزًا عَظِيمًا ٥
Liyudkhilal mu`mineena walmu`minaati jannaatin tajree min tahtihal anhaaru khaalideena feehaa wa yukaffira `anhum saiyi aatihim; wa kaana zaalika `indal laahi fawzan `azeemaa
තවද ඔහු දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු පිණිසත්ය. ඔවුන් එහි සදාතනිකයින්ය. තවද ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු කමා කරනු පිණිසත්ය. එය අල්ලාහ් අබියස අතිමහත් ජයග්‍රහණයයි.
🎤 Your recording:
48:6
🔁 0/5
وَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوۡءِۚ عَلَيۡهِمۡ دَآئِرَةُ ٱلسَّوۡءِۖ وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ وَلَعَنَهُمۡ وَأَعَدَّ لَهُمۡ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرًا ٦
Wa yu`azzibal munaafiqeena walmunaafiqaati wal mushrikeena walmushrikaatiz zaaanneena billaahi zannas saw`; `alaihim daaa`iratus saw`i wa ghadibal laahu `alaihim wa la`anahum wa a`adda lahum jahannama wa saaa` at maseeraa
තවද අල්ලාහ් පිළිබඳ නරක සිතුවිලි ඇති කර ගත් කුහක පිරිමීන් හා කුහක කාන්තාවන්ටත් දෙවියන්ට ආදේශ තබන්නන් හා ආදේශ තබන්නියන්ටත් ඔහු දඬුවම් කිරීම පිණිසත්ය. ඔවුන් වෙත නපුර වෙළා ගනු ඇත. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. තවද ඔවුනට ඔහු ශාප කළේය. තවද ඔවුනට නිරය සූදානම් කළේය. තවද යොමු වන ස්ථානයෙන් එය නපුරු විය.
🎤 Your recording:
48:7
🔁 0/5
وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا ٧
Wa lillaahi junoodus samaawaati wal ard; wa kaanal laahu `azeezan hakeema
තවද අහස් හා මහපොළොවේ සේනාවන් අල්ලාහ් සතුය. තවද අල්ලාහ් මහා ප්‍රඥාවන්ත ය; සර්ව බලධාරී ය.
🎤 Your recording:
48:8
🔁 0/5
إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدًا وَمُبَشِّرًا وَنَذِيرًا ٨
Innaaa arsalnaaka shaahi danw wa mubashshiranw wa nazeera
නියත වශයෙන්ම අපි නුඹ සාක්ෂිකරුවෙකු, ශුභාරංචි පවසන්නෙකු හා අවවාද කරන්නෙකු වශයෙන් එව්වෙමු.
🎤 Your recording:
48:9
🔁 0/5
لِّتُؤۡمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُۚ وَتُسَبِّحُوهُ بُكۡرَةً وَأَصِيلًا ٩
Litu minoo billaahi wa Rasoolihee wa tu`azziroohu watuwaqqiroohu watusabbi hoohu bukratanw wa aseelaa
නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාව ද විශ්වාස කර; තවද ඔහුට උදව් කර; ඔහුට ගරුබුහුමන් කර; තවද නුඹලා ඔහු (අල්ලාහ්)ව උදේ සවස සුවිශුද්ධ කරනු පිණිසය.
🎤 Your recording:
48:10
🔁 0/5
إِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوۡقَ أَيۡدِيهِمۡۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفۡسِهِۦۖ وَمَنۡ أَوۡفَىٰ بِمَا عَٰهَدَ عَلَيۡهُ ٱللَّهَ فَسَيُؤۡتِيهِ أَجۡرًا عَظِيمًا ١٠
Innal lazeena yubaayi`oonaka innamaa yubaayi`oonal laaha yadul laahi fawqa aydehim; faman nakasa fainnamaa yuankusu `alaa nafsihee wa man awfaa bimaa `aahada `alihul laaha fasa yu`teehi ajran `azeemaa
නියත වශයෙන්ම නුඹට ප්‍රතිඥා දෙන්නන් වනාහි ඔවුහු ප්‍රතිඥා දෙනුයේ අල්ලාහ්ටය. අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත් වලට ඉහළිනි. එහෙයින් කවරෙකු (ප්‍රතිඥාව) කඩ කළේ ද නියත වශයෙන්ම එසේ ඔවුන් ප්‍රතිඥාව කඩ කරනුයේ තමන්ට එරෙහිවය. තවද කවර දෙයක් වෙත අල්ලාහ්ට ප්‍රතිඥා දුන්නේ ද එය ඉටු කළ අය වනාහි ඔහුට මහත් වූ තිළිණයක් ඔහු පිරිනමනු ඇත.
🎤 Your recording:
48:11
🔁 0/5
سَيَقُولُ لَكَ ٱلۡمُخَلَّفُونَ مِنَ ٱلۡأَعۡرَابِ شَغَلَتۡنَآ أَمۡوَٰلُنَا وَأَهۡلُونَا فَٱسۡتَغۡفِرۡ لَنَاۚ يَقُولُونَ بِأَلۡسِنَتِهِم مَّا لَيۡسَ فِي قُلُوبِهِمۡۚ قُلۡ فَمَن يَمۡلِكُ لَكُم مِّنَ ٱللَّهِ شَيۡـًٔا إِنۡ أَرَادَ بِكُمۡ ضَرًّا أَوۡ أَرَادَ بِكُمۡ نَفۡعَۢاۚ بَلۡ كَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرَۢا ١١
Sa yaqoolu lakal mukhal lafoona minal-A`raabi shaighalatnaaa amwaalunaa wa ahloonaa fastaghfir lanaa; yaqooloona bi alsinatihim maa laisa fee quloobihim; qul famany yamliku lakum minal laahi shai`an in araada bikum darran aw araada bikum naf`aa; bal kaanal laahu bimaa ta`maloona Khabeeraa
අපගේ ධනසම්පත් හා අපගේ පවුල් අප ව නිරත කරවීය. එහෙයින් අපට සමාව දෙනු යැයි ගැමි අරාබිවරුන් අතරින් පමාවී රැඳී සිටියවුන් නුඹට මතු පවසනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන්ගේ දිවවල් වලින් ඔවුහු පවසති. ඔහු නුඹලාට යම් හානියක් අපේක්ෂා කළේ නම් හෝ නුඹලාට යම් ප්‍රයෝජනයක් අපේක්ෂා කළේ නම් හෝ අල්ලාහ් වෙත (මැදිහත් වීමට) ශක්තිය දරනුයේ කවුරුන් ද? එසේ නොව, නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥාවන්තය.
🎤 Your recording:
48:12
🔁 0/5
بَلۡ ظَنَنتُمۡ أَن لَّن يَنقَلِبَ ٱلرَّسُولُ وَٱلۡمُؤۡمِنُونَ إِلَىٰٓ أَهۡلِيهِمۡ أَبَدًا وَزُيِّنَ ذَٰلِكَ فِي قُلُوبِكُمۡ وَظَنَنتُمۡ ظَنَّ ٱلسَّوۡءِ وَكُنتُمۡ قَوۡمَۢا بُورًا ١٢
Bal zanantum al lany yanqalibar Rasoolu walmu`minoona ilaaa ahleehim abadanw wa zuyyina zaalika fee quloobikum wa zanantum zannnas saw`i wa kuntum qawmam booraa
එසේ නොව, රසූල්වරයා හා විශ්වාසවන්තයෝ ඔවුන්ගේ පවුල් වෙත කිසිවිටෙක නැවත හැරී නොඑන්නේම යැයි නුඹලා සිතුවෙහුය. එය නුඹලාගේ සිත් තුළ අලංකාර කර පෙන්වන ලදී. තවද නුඹලා සිතුවේ නරක සිතුවිල්ලකි. තවද නුඹලා විනාශ කරනු ලබන පිරිසක් බවට ද පත්වූයෙහුය.
🎤 Your recording:
48:13
🔁 0/5
وَمَن لَّمۡ يُؤۡمِنۢ بِٱللَّهِ وَرَسُولِهِۦ فَإِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَعِيرًا ١٣
Wa mal lam yu`mim billaahi wa Rasoolihee fainnaaa a`tadnaa lilkaafireena sa`eeraa
තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාව විශ්වාස නොකළේ ද නියත වශයෙන්ම එම ප්‍රතික්ෂේපකයින්ට අපි ඇවිළෙන ගින්නක් සූදානම් කර ඇත්තෙමු.
🎤 Your recording:
48:14
🔁 0/5
وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا ١٤
Wa lillaahii mulkus samaawaati wal ard; yaghfiru limany yashaaa`u wa yu`azzibu many yashaaa`; wa kaanal laahu Ghafoorar Raheemaa
තවද අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන අයට සමාව දෙයි. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරයි. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විතය.
🎤 Your recording:
48:15
🔁 0/5
سَيَقُولُ ٱلۡمُخَلَّفُونَ إِذَا ٱنطَلَقۡتُمۡ إِلَىٰ مَغَانِمَ لِتَأۡخُذُوهَا ذَرُونَا نَتَّبِعۡكُمۡۖ يُرِيدُونَ أَن يُبَدِّلُواْ كَلَٰمَ ٱللَّهِۚ قُل لَّن تَتَّبِعُونَا كَذَٰلِكُمۡ قَالَ ٱللَّهُ مِن قَبۡلُۖ فَسَيَقُولُونَ بَلۡ تَحۡسُدُونَنَاۚ بَلۡ كَانُواْ لَا يَفۡقَهُونَ إِلَّا قَلِيلًا ١٥
Sa yaqoolul mukhalla foona izan talaqtum ilaa maghaanima litaakhuzoohaa zaroonaa nattabi`kum yureedoona any yubaddiloo Kalaamallaah; qul lan tattabi`oonaa kazaalikum qaalal laahu min qablu fasa yaqooloona bal tahsudoonanna; bal kaanoo laa yafqahoona illaa qaleela
යුද බිමේ (සතුරා දමා ගිය) වස්තුව ගැනීම සඳහා “අපත් නුඹලා පසුපසින් එන්නට නුඹලා අපට ඉඩ දෙනුයි” පමාවී රැඳී සිටියවුන් කියති. අල්ලාහ්ගේ වදන වෙනස් කිරීමට ඔවුහු අපේක්ෂා කරති. “නුඹලා අප පසුපසින් නොපැමිණෙනු. මීට පෙර අල්ලාහ් පවසා සිටියේ ද එලෙසය” යැයි (නබිවරය!) නුඹ පවසනු. එවිට ඔවුහු, “එසේ නොව නුඹලා අපට ඊර්ෂ්යා කරන්නෙහුය” යැයි පවසනු ඇත. එසේ නොව ස්වල්පයක් මිස ඔවුහු වටහා නොගන්නන් වූහ.
🎤 Your recording:
48:16
🔁 0/5
قُل لِّلۡمُخَلَّفِينَ مِنَ ٱلۡأَعۡرَابِ سَتُدۡعَوۡنَ إِلَىٰ قَوۡمٍ أُوْلِي بَأۡسٍ شَدِيدٍ تُقَٰتِلُونَهُمۡ أَوۡ يُسۡلِمُونَۖ فَإِن تُطِيعُواْ يُؤۡتِكُمُ ٱللَّهُ أَجۡرًا حَسَنًاۖ وَإِن تَتَوَلَّوۡاْ كَمَا تَوَلَّيۡتُم مِّن قَبۡلُ يُعَذِّبۡكُمۡ عَذَابًا أَلِيمًا ١٦
Qul lilmukhallafeena minal A`raabi satud`awna ilaa qawmin ulee baasin shadeedin tuqaati loonahum aw yuslimoona fa in tutee`oo yu`tikumul laahu ajran hasananw wa in tatawallaw kamaa tawallaitum min qablu yu`azzibkum `azaaban aleemaa
නුඹලා වඩාත් බලාධිකාරයෙන් යුත් පිරිසකට එරෙහිව කැඳවනු ලබන්නේය. නුඹලා ඔවුන් සමග සටන් කරනු ඇත. එසේ නැතහොත් ඔවුන් යටත් වනු ඇත යැයි ගැමි අරාබිවරුන් අතරින් පමාවී රැඳී සිටියවුන්හට (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් නුඹලා (නියෝගයට) අවනත වූයෙහු නම් අල්ලාහ් නුඹලාට යහපත් කුලියක් පිරිනමනු ඇත. නමුත් නුඹලා මීට පෙර හැරී ගියාක් මෙන් නුඹලා හැරුණේ නම් ඔහු නුඹලාට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත.
🎤 Your recording:
48:17
🔁 0/5
لَّيۡسَ عَلَى ٱلۡأَعۡمَىٰ حَرَجٌ وَلَا عَلَى ٱلۡأَعۡرَجِ حَرَجٌ وَلَا عَلَى ٱلۡمَرِيضِ حَرَجٌۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّٰتٍ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَمَن يَتَوَلَّ يُعَذِّبۡهُ عَذَابًا أَلِيمًا ١٧
Laisa `alal a`maa harajunw wa laa `alal a`raji harajunw wa laa `alal mareedi haraj` wa many yutil`il laaha wa Rasoolahoo yudkhilhu jannaatin tajree min tahtihal anhaaru wa many yatawalla yu`azzibhu `azaaban aleemaa
(සටනට සහභාගී නොවීම) අන්ධයා මත වරදක් නොවේ. තවද කොරා මත ද වරදක් නොවේ. රෝගියා මත ද වරදක් නොවේ. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාට අවනත වන්නේ ද ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඔහු ව ඇතුළත් කරයි. නමුත් කවරෙකු පිටුපාන්නේ ද ඔහු වේදනීය දඬුවමකින් ඔහුට දඬුවම් කරයි.
🎤 Your recording:
48:18
🔁 0/5
۞ لَّقَدۡ رَضِيَ ٱللَّهُ عَنِ ٱلۡمُؤۡمِنِينَ إِذۡ يُبَايِعُونَكَ تَحۡتَ ٱلشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمۡ فَأَنزَلَ ٱلسَّكِينَةَ عَلَيۡهِمۡ وَأَثَٰبَهُمۡ فَتۡحًا قَرِيبًا ١٨
Laqad radiyal laahu `anil mu`mineena iz yubaayi `oonaka tahtash shajarati fa`alima maa fee quloobihim fa anzalas sakeenata `alaihim wa asaa bahum fat han qareebaa
ගස යට සිට දේවත්වය විශ්වාස කරන්නන් නුඹට ප්‍රතිඥා දුන් විට අල්ලාහ් ඔවුන් සැබැවින්ම පිළිගත්තේය. එවිට ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔහු දැන සිටියේය. එවිට ඔවුන් වෙත ශාන්තභාවය පහළ කළේය. තවද සමීපයෙන් පවත්නා ජයග්‍රහණයක් ඔවුනට ඇති කළේය.
🎤 Your recording:
48:19
🔁 0/5
وَمَغَانِمَ كَثِيرَةً يَأۡخُذُونَهَاۗ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا ١٩
Wa maghaanima kaseera tany yaakhuzoonahaa; wa kaanal laahu `Azeezan Hakeemaa
(යුද පිටියේ හැර දමා යන) අධික යුද සම්පත් ද (පිරිනැමීය.) ඔවුහු එය ගනු ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
🎤 Your recording:
48:20
🔁 0/5
وَعَدَكُمُ ٱللَّهُ مَغَانِمَ كَثِيرَةً تَأۡخُذُونَهَا فَعَجَّلَ لَكُمۡ هَٰذِهِۦ وَكَفَّ أَيۡدِيَ ٱلنَّاسِ عَنكُمۡ وَلِتَكُونَ ءَايَةً لِّلۡمُؤۡمِنِينَ وَيَهۡدِيَكُمۡ صِرَٰطًا مُّسۡتَقِيمًا ٢٠
Wa`adakumul laahu ma ghaanima kaseeratan taakhuzoo nahaa fa`ajjala lakum haazihee wa kaffa aydiyan naasi `ankum wa litakoona aayatal lilmu`mineena wa yahdiyakum siraatam mustaqeema
තවදඅධික ලෙසින් (සතුරන් විසින් යුද පිටියේ හැර දමා ගිය) යුද සම්පත්, නුඹලා එය ලබාගනු ඇතැයි අල්ලාහ් නුඹලාට ප්‍රතිඥා දුන්නේය. එමෙන්ම නුඹලාට ඔහු මෙය කල් ඇති ව ද දී ඇත. තවද ඔහු ජනයාගේ අත් නුඹලාගෙන් වැළැක්වීය. තවද එය දේවත්වය විශ්වාස කරන්නන් හට සංඥාවක් වනු පිණිස හා ඔහු නුඹලාට ඍජු මාර්ගය පෙන්වනු පිණිසය.
🎤 Your recording:
48:21
🔁 0/5
وَأُخۡرَىٰ لَمۡ تَقۡدِرُواْ عَلَيۡهَا قَدۡ أَحَاطَ ٱللَّهُ بِهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٍ قَدِيرًا ٢١
Wa ukhraa lam taqdiroo `alaihaa qad ahaatal laahu bihaa; wa kaanal laahu `alaa kulli shai`in qadeera
තවද නුඹලා (තවමත්) ඒ මත බලය නොදැරූ තවත් දෑ ද ඇත. අල්ලාහ් ඒවා සැබැවින්ම වට කරගෙන සිටියි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.
🎤 Your recording:
48:22
🔁 0/5
وَلَوۡ قَٰتَلَكُمُ ٱلَّذِينَ كَفَرُواْ لَوَلَّوُاْ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يَجِدُونَ وَلِيًّا وَلَا نَصِيرًا ٢٢
Wa law qaatalakumul lazeena kafaroo la wallawul adbaara summa laa yajidoona waliyanw-wa laa naseeraa
තවද ප්‍රතික්ෂේප කළවුන් නුඹලා සමග සටන් වැදුණේ නම් පසුපස හැරී ඔවුන් (දුව) යනු ඇත. පසු ව ඔවුන් කිසිදු ආරක්ෂකයකු හෝ උදව්කරුවෙකු හෝ නොලබනු ඇත.
🎤 Your recording:
48:23
🔁 0/5
سُنَّةَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ مِن قَبۡلُۖ وَلَن تَجِدَ لِسُنَّةِ ٱللَّهِ تَبۡدِيلًا ٢٣
Sunnatal laahil latee qad khalat min qablu wa lan tajida lisunnatil laahi tabdeelaa
(එය) මීට පෙර ඉකුත් ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතයි. තවද අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් නුඹ නොදකින්නේමය.
🎤 Your recording:
48:24
🔁 0/5
وَهُوَ ٱلَّذِي كَفَّ أَيۡدِيَهُمۡ عَنكُمۡ وَأَيۡدِيَكُمۡ عَنۡهُم بِبَطۡنِ مَكَّةَ مِنۢ بَعۡدِ أَنۡ أَظۡفَرَكُمۡ عَلَيۡهِمۡۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا ٢٤
Wa Huwal lazee kaffa aydiyahum `ankum wa aydiyakum `anhum bibatni Makkata mim ba`di an azfarakum `alaihim; wa kaanal laahu bimaa ta`maloona Baseera
ඔවුනට එරෙහි ව ඔහු නුඹලාට ජය ලබා දුන් පසුව මක්කාව තුළ ඔවුන්ගේ අත් නුඹලාගෙන් ද නුඹලාගේ අත් ඔවුන්ගෙන් ද වැළැක්වූයේ ඔහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
🎤 Your recording:
48:25
🔁 0/5
هُمُ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَٱلۡهَدۡيَ مَعۡكُوفًا أَن يَبۡلُغَ مَحِلَّهُۥۚ وَلَوۡلَا رِجَالٌ مُّؤۡمِنُونَ وَنِسَآءٌ مُّؤۡمِنَٰتٌ لَّمۡ تَعۡلَمُوهُمۡ أَن تَطَـُٔوهُمۡ فَتُصِيبَكُم مِّنۡهُم مَّعَرَّةُۢ بِغَيۡرِ عِلۡمٍۖ لِّيُدۡخِلَ ٱللَّهُ فِي رَحۡمَتِهِۦ مَن يَشَآءُۚ لَوۡ تَزَيَّلُواْ لَعَذَّبۡنَا ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابًا أَلِيمًا ٢٥
Humul lazeena kafaroo wa saddookum `anil-Masjidil-Haraami walhadya ma`koofan any yablugha mahillah; wa law laa rijaalum mu`minoona wa nisaaa`um mu`minaatul lam ta`lamoohum an tata`oohum fatuseebakum minhum ma`arratum bighairi `ilmin liyud khilal laahu fee rahmatihee many yashaaa`; law tazayyaloo la`azzabnal lazeena kafaroo minhum `azaaban aleema
මස්ජිදුල් හරාම් (හෙවත් ශුද්ධ දේවස්ථානයෙන්) හා රඳවා තබනු ලැබූ සත්ව කැපයන් එම ස්ථානයට ළඟා වීමෙන් නුඹලා ව වැළැක්වූයේ ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය. නුඹලා නොදන්නා දේවත්වය විශ්වාස කරන පිරිමින් හා විශ්වාස කරන කාන්තාවන් එහි (මක්කාවෙහි) නොවී නම්, නුඹලා ඔවුන් පාගා දමන්නට අවස්ථා තිබුණි. එවිට ඔවුන් හේතුවෙන් නොදැනුවත්වම නුඹලාට හානියක් ඇතිවන්නට තිබුණි. (එය) අල්ලාහ් අභිමත කරන අයට ඔහුගේ දයාව තුළ ඔහු ඇතුළත් කරනු පිණිසය. ඔවුන් (විශ්වාස කළවුන්) මොවුන්ගෙන් වෙන් ව සිටියා නම් මොවුන් අතරින් වු ප්‍රතික්ෂේප කළවුනට සැබැවින් දැඩි දඬුවමකින් අපි දඬුවම් කරන්නට තිබුණි.
🎤 Your recording:
48:26
🔁 0/5
إِذۡ جَعَلَ ٱلَّذِينَ كَفَرُواْ فِي قُلُوبِهِمُ ٱلۡحَمِيَّةَ حَمِيَّةَ ٱلۡجَٰهِلِيَّةِ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَىٰ رَسُولِهِۦ وَعَلَى ٱلۡمُؤۡمِنِينَ وَأَلۡزَمَهُمۡ كَلِمَةَ ٱلتَّقۡوَىٰ وَكَانُوٓاْ أَحَقَّ بِهَا وَأَهۡلَهَاۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمًا ٢٦
Iz ja`alal lazeena kafaroo fee quloobihimul hamiyyata hamiyyatal jaahiliyyati fa anzalal laahu sakeenatahoo `alaa Rasoolihee wa `alal mu mineena wa alzamahum kalimatat taqwaa wa kaanooo ahaqqa bihaa wa ahlahaa; wa kaanal laahu bikulli shai`in Aleema
අඥාන කාලයේ පිළිකුල මෙන් පිළකුල තම හදවත් තුළ ප්‍රතික්ෂේප කළවුන් ඇති කර ගත් අවස්ථාවේ අල්ලාහ් තම දූතයාණන් හා විශ්වාසීන් කෙරෙහි තම ශාන්තභාවය පහළ කළේය. බිය බැතිමත්භාවයේ ප්‍රකාශය ඔවුන් වෙත ස්ථාවර කළේය. තවද ඔවුහු එයට වඩාත් සුදුස්සෝ හා එහි හිමිකරුවෝ වූහ. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානී ය.
🎤 Your recording:
48:27
🔁 0/5
لَّقَدۡ صَدَقَ ٱللَّهُ رَسُولَهُ ٱلرُّءۡيَا بِٱلۡحَقِّۖ لَتَدۡخُلُنَّ ٱلۡمَسۡجِدَ ٱلۡحَرَامَ إِن شَآءَ ٱللَّهُ ءَامِنِينَ مُحَلِّقِينَ رُءُوسَكُمۡ وَمُقَصِّرِينَ لَا تَخَافُونَۖ فَعَلِمَ مَا لَمۡ تَعۡلَمُواْ فَجَعَلَ مِن دُونِ ذَٰلِكَ فَتۡحًا قَرِيبًا ٢٧
Laqad sadaqal laahu Rasoolahur ru`yaa bilhaqq, latadkhulunnal Masjidal-Haraama in shaaa`al laahu aamineena muhalliqeena ru`oosakum wa muqassireena laa takhaafoona fa`alima maa lam ta`lamoo faja`ala min dooni zaalika fathan qareebaa
ඇත්ත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ දූතයාණන්හට සැබෑ ලෙසින්ම හීනය සත්‍යය කළේය. අල්ලාහ් අභිමත කළේ නම් බියකින් තොර ව නුඹලාගේ හිස් මුඩු කරගත් අය ලෙසින් ද (හිසකෙස්) කොටකර ගත් අය ලෙසින් ද සුරක්ෂිතයින් ලෙසින් ද මස්ජිදුල් හරාමය වෙත නුඹලා පිවිසෙනු ඇත. නුඹලා නොදන්නා දෑ ඔහු දැන සිටී. ඊට අමතර ව සමීප ජයග්‍රහණයක් ඔහු ඇති කළේය.
🎤 Your recording:
48:28
🔁 0/5
هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا ٢٨
Huwal lazeee arsala Rasoolahoo bilhudaa wa deenil haqqi liyuzhirahoo `alad deeni kullih; wa kafaa billaahi Shaheeda
ඔහු වනාහි, යහමග හා සත්‍යය දහම සමග ඔහුගේ දූතයාණන් එව්වේය. එය ඒ සියලු දහම් වලට ඉහළින් පිහිටීම පිණිසය. තවද අල්ලාහ් සාක්ෂිකරුවෙකු වශයෙන් ප්‍රමාණවත්ය.
🎤 Your recording:
48:29
🔁 0/5
مُّحَمَّدٌ رَّسُولُ ٱللَّهِۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلۡكُفَّارِ رُحَمَآءُ بَيۡنَهُمۡۖ تَرَىٰهُمۡ رُكَّعًا سُجَّدًا يَبۡتَغُونَ فَضۡلًا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنًاۖ سِيمَاهُمۡ فِي وُجُوهِهِم مِّنۡ أَثَرِ ٱلسُّجُودِۚ ذَٰلِكَ مَثَلُهُمۡ فِي ٱلتَّوۡرَىٰةِۚ وَمَثَلُهُمۡ فِي ٱلۡإِنجِيلِ كَزَرۡعٍ أَخۡرَجَ شَطۡـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسۡتَغۡلَظَ فَٱسۡتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعۡجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلۡكُفَّارَۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِنۡهُم مَّغۡفِرَةً وَأَجۡرًا عَظِيمَۢا ٢٩
Muhammadur Rasoolul laah; wallazeena ma`ahooo ashiddaaa`u `alal kuffaaari ruhamaaa`u bainahum taraahum rukka`an sujjadany yabtaghoona fadlam minal laahi wa ridwaanan seemaahum fee wujoohihim min asaris sujood; zaalika masaluhum fit tawraah; wa masaluhum fil Injeeli kazar`in akhraja shat `ahoo fa `aazarahoo fastaghlaza fastawaa `alaa sooqihee yu`jibuz zurraa`a liyagheeza bihimul kuffaar; wa`adal laahul lazeena aamanoo wa `amilus saalihaati minhum maghfiratanw wa ajran `azeemaa
මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන්ය. තවද ඔහු සමග සිටින්නවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් මත දැඩි ව කටයුතු කරන්නෝ වෙති. තමන් අතර කාරුණික ව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් රුකූඃ කරන්නන් ලෙසින් ද සුජූද් කරන්නන් ලෙසින් ද අල්ලාහ්ගේ භාග්යය හා ඔහුගේ තෘප්තිය සොයනු නුඹ දකිනු ඇත. සුජූද් හේතුවෙන් ඔවුන්ගේ මුහුණු මත ඔවුන්ගේ සලකුණු පවතී. එය තව්රාත්හි සඳහන් ඔවුන්ගේ උපමාවයි. ඉන්ජීලයේ සඳහන් ඔවුන්ගේ උපමාව භෝගයක් මෙනි. එය එහි දලු හටගන්වයි. පසු ව එය ශක්තිමත් වී විශාල වෙයි. එහි කඳන් මත ස්ථාවර ව පිහිටයි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ව එමගින් ඔහු කෝපය ඇති කරවනු පිණිස ගොවීන් (නම් දේවත්වය විශ්වාස කරන්නන් ව) එය මවිතයට පත් කරනු ඇත. ඔවුන් අතරින් විශ්වාස කොට යහකම් කළවුන්ට සමාව හා අතිමහත් ප්‍රතිඵල ඇති බව අල්ලාහ් ප්‍රතිඥා දුන්නේය.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







