🔥 0 day streak
📖 Long surah — split into smaller parts to help you focus (13 ආයාත්)
📚 All Surahs
30%
🎤 Tap the microphone icon 🎙️ next to any verse to record yourself reciting it, then listen back and compare with the reciter.
0/13
60:1 🔁 0/5
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ عَدُوِّي وَعَدُوَّكُمۡ أَوۡلِيَآءَ تُلۡقُونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَقَدۡ كَفَرُواْ بِمَا جَآءَكُم مِّنَ ٱلۡحَقِّ يُخۡرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمۡ أَن تُؤۡمِنُواْ بِٱللَّهِ رَبِّكُمۡ إِن كُنتُمۡ خَرَجۡتُمۡ جِهَٰدًا فِي سَبِيلِي وَٱبۡتِغَآءَ مَرۡضَاتِيۚ تُسِرُّونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَأَنَا۠ أَعۡلَمُ بِمَآ أَخۡفَيۡتُمۡ وَمَآ أَعۡلَنتُمۡۚ وَمَن يَفۡعَلۡهُ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ  ۝١
Yaa ayyuhal lazeena aamanoo laa tattakhizoo `aduwwee wa `aduwaakum awliyaaa`a tulqoona ilaihim bilmawaddati wa qad kafaroo bima jaaa`akum minal haqq, yukhrijoonar Rasoola wa iyyaakum an tu`minoo billaahi rabbikum in kuntum kharajtum jihaadan fee sabeelee wabtighaaa`a mardaatee; tusirroona ilaihim bilma waddati wa ana a`alamu bimaaa akhfaitum wa maaa a`lantum; wa many yaf`alhu minkum faqad dalla sawaaa`as sabeel
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මාගේ සතුරා හා නුඹලාගේ සතුරා වන ඔවුන් වෙත නුඹලා ආදරය දක්වමින් මිතුරන් ලෙස නොගනු. තවද සත්‍යයෙන් යුතු ව නුඹලා වෙත පැමිණි දෑ ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ් ව නුඹලා විශ්වාස කිරීම හේතුවෙන් රසූල්වරයා හා නුඹලා ව ඔවුහු පිටුවහල් කරති. මාගේ මාර්ගයේ කැපවෙමින් ද මාගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ද නුඹලා පිටත් වූයෙහු නම් ආදරය පෙන්වමින් නුඹලා ඔවුන් වෙත රහසින් සම්බන්ධකම් පාන්නෙහුය. නුඹලා සැඟ වූ දෑ ද නුඹලා හෙළි කළ දෑ ද මා මැනවින් දනිමි. තවද නුඹලා අතරින් කවරෙකු එය සිදු කරන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් නොමග ගියේය.
🎤 Your recording:
60:2 🔁 0/5
إِن يَثۡقَفُوكُمۡ يَكُونُواْ لَكُمۡ أَعۡدَآءً وَيَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ وَأَلۡسِنَتَهُم بِٱلسُّوٓءِ وَوَدُّواْ لَوۡ تَكۡفُرُونَ  ۝٢
Iny yasqafookum yakoonoo lakum a`daaa`anw wa yabsutooo ilaikum aydiyahum wa alsinatahum bissooo`i wa waddoo law takfuroon
ඔවුන් නුඹලාව ජයගත්තේ නම් නුඹලාට ඔවුහු සතුරන් වී නපුරකම් කරමින් තම අත් හා තම දිවවල් නුඹලා වෙත දිගු කරනු ඇත. තවද නුඹලා ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.
🎤 Your recording:
60:3 🔁 0/5
لَن تَنفَعَكُمۡ أَرۡحَامُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡۚ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَفۡصِلُ بَيۡنَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ  ۝٣
Lan tanfa`akum arhaamukum wa laaa awlaadukum; yawmal qiyaamati yafsilu bainakum; wallaahu bimaa ta`maloon baseer
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ඥාතීන් හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. (එදින) ඔහු නුඹලා අතර විනිශ්චය කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
🎤 Your recording:
60:4 🔁 0/5
قَدۡ كَانَتۡ لَكُمۡ أُسۡوَةٌ حَسَنَةٌ فِيٓ إِبۡرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذۡ قَالُواْ لِقَوۡمِهِمۡ إِنَّا بُرَءَٰٓؤُاْ مِنكُمۡ وَمِمَّا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرۡنَا بِكُمۡ وَبَدَا بَيۡنَنَا وَبَيۡنَكُمُ ٱلۡعَدَٰوَةُ وَٱلۡبَغۡضَآءُ أَبَدًا حَتَّىٰ تُؤۡمِنُواْ بِٱللَّهِ وَحۡدَهُۥٓ إِلَّا قَوۡلَ إِبۡرَٰهِيمَ لِأَبِيهِ لَأَسۡتَغۡفِرَنَّ لَكَ وَمَآ أَمۡلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَيۡءٍۖ رَّبَّنَا عَلَيۡكَ تَوَكَّلۡنَا وَإِلَيۡكَ أَنَبۡنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ  ۝٤
Qad kaanat lakum uswatun basanatun feee Ibraaheema wallazeena ma`ahoo iz qaaloo liqawmihim innaa bura`aaa`u minkum wa mimmaa ta`budoona min doonil laahi kafarnaa bikum wa badaa bainanaa wa bainakumul `adaawatu wal baghdaaa`u abadan hattaa tu`minoo billaahi wahdahooo illaa qawla Ibraheema li abeehi la astaghfiranna laka wa maaa amliku laka minal laahi min shai; rabbanaa `alaika tawakkalnaa wa ilaika anabnaa wa ilaikal maseer
ඉබ්රාහීම් හා ඔහු සමග වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින්ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන්ම අපි නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්රෝධය ඉස්මතු වී ඇත.’ නමුත් ‘මම ඔබ වෙනුවෙන් සමාව අයැදිමි. අල්ලාහ්ගෙන් කිසිවක් (ලබා දීම) මා සතු නැත’ යැයි ඉබ්රාහීම් තම පියාණන්ට කළ ප්‍රකාශය හැර. (අනිකුත් කරුණුවල ආදර්ශයක් ඇත්තේය. තවද ඉබ්රාහීම්) “අපගේ පරමාධිපතියාණනි! ඔබ වෙත අපි (සියල්ල) භාර කළෙමු. තවද ඔබ වෙතම අපි යොමු වූයෙමු. තවද නැවත යොමු වන ස්ථානය ද ඇත්තේ ඔබ වෙතය;
🎤 Your recording:
60:5 🔁 0/5
رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةً لِّلَّذِينَ كَفَرُواْ وَٱغۡفِرۡ لَنَا رَبَّنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ  ۝٥
Rabbana laa taj`alnaa fitnatal lillazeena kafaroo waghfir lanaa rabbanaa innaka antal azeezul hakeem
“අපගේ පරමාධිපතියාණනි! ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙස අප පත් නොකරනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම නුඹ සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
🎤 Your recording:
60:6 🔁 0/5
لَقَدۡ كَانَ لَكُمۡ فِيهِمۡ أُسۡوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَۚ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ  ۝٦
Laqad kaana lakum feehim uswatunhasanatul liman kaana yarjul laaha wal yawmal aakhir; wa many yatawalla fa innal laaha huwal ghaniyyul hameed
අල්ලාහ් හා මතු ලොව අපේක්ෂා කරන අයට අලංකාර ආදර්ශයක් සැබැවින්ම ඔවුන් තුළ නුඹලාට විය. තවද කවරෙකු පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අවශ්යතාවන්ගෙන් තොරය; ප්‍රශංසාලාභීය.
🎤 Your recording:
60:7 🔁 0/5
۞ عَسَى ٱللَّهُ أَن يَجۡعَلَ بَيۡنَكُمۡ وَبَيۡنَ ٱلَّذِينَ عَادَيۡتُم مِّنۡهُم مَّوَدَّةًۚ وَٱللَّهُ قَدِيرٌۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ  ۝٧
Asal laahu any yaj`ala bainakum wa bainal lazeena `aadaitum minhum mawaddah; wallahu qadeer; wallahu ghafoorur raheem
නුඹලා අතර හා නුඹලා සමග සතුරුකම ඇති කර ගත්තවුන් අතර සෙනෙහස ඇති කරවීමට අල්ලාහ්ට පුළුවන. තවද අල්ලාහ් සර්ව ශක්තිය ඇත්තාය. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
🎤 Your recording:
60:8 🔁 0/5
لَّا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمۡ يُقَٰتِلُوكُمۡ فِي ٱلدِّينِ وَلَمۡ يُخۡرِجُوكُم مِّن دِيَٰرِكُمۡ أَن تَبَرُّوهُمۡ وَتُقۡسِطُوٓاْ إِلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ  ۝٨
Laa yanhaakumul laahu `anil lazeena lam yuqaatilookum fid deeni wa lam yukhrijookum min diyaarikum an tabarroohum wa tuqsitooo ilaihim; innal laaha yuhibbul muqsiteen
දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවැදුනු, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකළ අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. යුක්තිගරුක ව කටුයුතු කරන්නන් ව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි.
🎤 Your recording:
60:9 🔁 0/5
إِنَّمَا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ قَٰتَلُوكُمۡ فِي ٱلدِّينِ وَأَخۡرَجُوكُم مِّن دِيَٰرِكُمۡ وَظَٰهَرُواْ عَلَىٰٓ إِخۡرَاجِكُمۡ أَن تَوَلَّوۡهُمۡۚ وَمَن يَتَوَلَّهُمۡ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ  ۝٩
Innamaa yanhaakumul laahu `anil lazeena qaatalookum fid deeni wa akhrajookum min diyaarikum wa zaaharoo `alaa ikhraajikum an tawallawhum; wa many yatawallahum faulaaa`ika humuz zaalimoon
නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමග සටන් වැද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා පිටුවහල් කොට නුඹලා ව පිටුවහල් කිරීමට උරදුන් අය සමඟ නුඹලා මිතුරුකම් පෑමය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ.
🎤 Your recording:
60:10 🔁 0/5
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا جَآءَكُمُ ٱلۡمُؤۡمِنَٰتُ مُهَٰجِرَٰتٍ فَٱمۡتَحِنُوهُنَّۖ ٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِهِنَّۖ فَإِنۡ عَلِمۡتُمُوهُنَّ مُؤۡمِنَٰتٍ فَلَا تَرۡجِعُوهُنَّ إِلَى ٱلۡكُفَّارِۖ لَا هُنَّ حِلٌّ لَّهُمۡ وَلَا هُمۡ يَحِلُّونَ لَهُنَّۖ وَءَاتُوهُم مَّآ أَنفَقُواْۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّۚ وَلَا تُمۡسِكُواْ بِعِصَمِ ٱلۡكَوَافِرِ وَسۡـَٔلُواْ مَآ أَنفَقۡتُمۡ وَلۡيَسۡـَٔلُواْ مَآ أَنفَقُواْۚ ذَٰلِكُمۡ حُكۡمُ ٱللَّهِ يَحۡكُمُ بَيۡنَكُمۡۖ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ  ۝١٠
Yaa ayyuhal lazeena aamanoo izaa jaaa`akumul mu`minaatu muhaajiraatin famtah inoohunna Allaahu a`lamu bieemaanihinna fa in `alimtumoohunna mu`minaatin falaa tarji`oohunna ilal kuffaar; laa hunna hillul lahum wa laa hum uahilloona lahunna wa aatoohum maa anfaqoo wa laa junaaha `alaikum an tankihoohunna izaaa aataitumoohunna ujoorahunn; wa laa tumsikoo bi `isamil kawaafiri was`aloo maaa anfaqtum walyas`aloo maaa anfaqoo zaalikum hukmul laahi yahkumu bainakum wallaahu `aleemun hakeem
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේවත්වය විශ්වාස කරන කාන්තාවන් (උපන් දේශයෙන්) නික්මවූවන් ලෙස නුඹලා වෙත පැමිණියේ නම් නුඹලා ඔවුන්(ගේ විශ්වාසය) පරීක්ෂා කර බලනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන් දේවත්වය විශ්වාස කරන කාන්තාවන් බව නුඹලා හඳුනා ගත්තේ නම් එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත නුඹලා ඔවුන් හරවා නොයවනු. මොවුන් ඔවුනට අනුමත නොවේ. තවද ඔවුහු මොවුනට අනුමත නොවෙති. ඔවුන් වියදම් කළ දෑ ඔවුනට නුඹලා ගෙවනු. මොවුන්ට හිමි විවාහ ත්යාග මුදල නුඹලා මොවුනට පිරිනැමූ විට නුඹලා මොවුන් විවාහ කර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන කාන්තාවන් සමග වූ විවාහ බන්ධනය පවත්වාගෙන නොයනු. නුඹලා ඔවුනට (මහර් වශයෙන්) වියදම් කළ දෑ නුඹලා නැවත ඉල්ලා ගනු. (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වන) ඔවුහු ද ඔවුන් වියදම් කළ දෑ ඉල්ලා ගනිත්වා! එය අල්ලාහ්ගේ තීන්දුවයි. ඔහු නුඹලා අතර තීන්දු දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥාවන්තය.
🎤 Your recording:
60:11 🔁 0/5
وَإِن فَاتَكُمۡ شَيۡءٌ مِّنۡ أَزۡوَٰجِكُمۡ إِلَى ٱلۡكُفَّارِ فَعَاقَبۡتُمۡ فَـَٔاتُواْ ٱلَّذِينَ ذَهَبَتۡ أَزۡوَٰجُهُم مِّثۡلَ مَآ أَنفَقُواْۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ  ۝١١
Wa in faatakum shai`um min azwaajikum ilal kuffaari fa`aaqabtum fa aatul lazeena zahabat azwaajuhum misla maaa anfaqoo; wattaqul laahal lazeee antum bihee mu`minoon
තවද, නුඹලාගේ බිරියන් අතරින් කිසිවෙක් (ආගමෙන් ඉවත්ව) නුඹලා හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත ගියේ නම් පසුව (යුද්ධයකදී) නුඹලා ජය ගත්තෙහු නම් (නුඹලාගේ) බිරියන් හැර දමා ගිය ඔවුනට ඔවුන් වියදම් කළ හා සමාන දෙයක් ලබා දෙනු. තවද නුඹලා කවර අයකු විශ්වාස කරන්නන් ලෙස සිටින්නනෝ ද එවන් අල්ලාහ්ට බිය බැතිමත් වනු.
🎤 Your recording:
60:12 🔁 0/5
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا جَآءَكَ ٱلۡمُؤۡمِنَٰتُ يُبَايِعۡنَكَ عَلَىٰٓ أَن لَّا يُشۡرِكۡنَ بِٱللَّهِ شَيۡـًٔا وَلَا يَسۡرِقۡنَ وَلَا يَزۡنِينَ وَلَا يَقۡتُلۡنَ أَوۡلَٰدَهُنَّ وَلَا يَأۡتِينَ بِبُهۡتَٰنٍ يَفۡتَرِينَهُۥ بَيۡنَ أَيۡدِيهِنَّ وَأَرۡجُلِهِنَّ وَلَا يَعۡصِينَكَ فِي مَعۡرُوفٍ فَبَايِعۡهُنَّ وَٱسۡتَغۡفِرۡ لَهُنَّ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ  ۝١٢
Yaaa ayyuhan nabbiyyu izaa jaaa`akal mu`minaau yubaai naka `alaaa allaa yushrikna billaahi shai `anw wa laa yasriqna wa laa yazneena wa laa yaqtulna awlaadahunna wa laa yaateena bibuhtaaniny yaftaree nahoo baina aydeehinna wa arjulihinna wa laa ya`seenaka fee ma`roofin fabaayi`hunna wastaghfir lahunnal laaha innnal laaha ghafoorur raheem
අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන කාන්තාවෝ නුඹට ප්‍රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණ, ඔවුන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන බවටත්, ඔවුන් සොරකම් නොකරන බවටත්, ඔවුන් කාම අපචාරයේ නිරත නොවන බවටත්, ඔවුන් තම දරුවන් ඝාතනය නොකරන බවටත්, ඔවුන් අතර ගෙතූ කිසිදු අවලාදයක් ඔවුන් නොගෙනන බවටත්, යහපත් කටයුතු වලදී ඔවුන් නුඹට පිටු නොපාන බවටත් ප්‍රතිඥා දුන් විට එය පිළිගනු. තවද නුඹ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලනු. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
🎤 Your recording:
60:13 🔁 0/5
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَوَلَّوۡاْ قَوۡمًا غَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ قَدۡ يَئِسُواْ مِنَ ٱلۡأٓخِرَةِ كَمَا يَئِسَ ٱلۡكُفَّارُ مِنۡ أَصۡحَٰبِ ٱلۡقُبُورِ  ۝١٣
Yaaa ayyuhal lazeena amanoo laa tatawallaw qawman ghadibal laahu `alaihim qad ya`isoo minal aakhirati kamaa ya`isal kuffaaru min as haabil quboor
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් කවුරුන් වෙත කෝප වූයේද එවන් පිරිසක් නුඹලා මිතුරන් කර නොගනු. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මිනී වළවල් තුළ සිටින්නන් (නැවත නැගිටුවීම) පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් මොවුන් (මතුලොව) පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගෙන ඇත.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.

🎉
🎊 Well Done! Memorization Complete
Mishary Rashid Alafasy
Mahmoud Khalil Al-Husary
Abdurrahman As-Sudais
Mohamed Siddiq Al-Minshawi
Abdul Basit Abdul Samad
Ali Al-Hudhaify
Ahmed ibn Ali al-Ajamy
Abu Bakr Ash-Shaatree
Muhammad Ayyoub
Abdullah Basfar
Abdullah Al-Juhani
Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers