අල්-මුම්තහිනා සූරා අරාබි සහ සිංහල
අල්-මුම්තහිනා සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (13 ආයාත් — مدنية). අල්-මුම්තහිනා අසන්න, අල්-මුම්තහිනා පරිවර්තනය, අල්-මුම්තහිනා mp3, අල්-මුම්තහිනා pdf.අල්-මුම්තහිනා සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّي وَعَدُوَّكُمْ أَوْلِيَاءَ تُلْقُونَ إِلَيْهِم بِالْمَوَدَّةِ وَقَدْ كَفَرُوا بِمَا جَاءَكُم مِّنَ الْحَقِّ يُخْرِجُونَ الرَّسُولَ وَإِيَّاكُمْ ۙ أَن تُؤْمِنُوا بِاللَّهِ رَبِّكُمْ إِن كُنتُمْ خَرَجْتُمْ جِهَادًا فِي سَبِيلِي وَابْتِغَاءَ مَرْضَاتِي ۚ تُسِرُّونَ إِلَيْهِم بِالْمَوَدَّةِ وَأَنَا أَعْلَمُ بِمَا أَخْفَيْتُمْ وَمَا أَعْلَنتُمْ ۚ وَمَن يَفْعَلْهُ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاءَ السَّبِيلِ ١
📖 පරිවර්තනය
ආයාත් 1
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මාගේ සතුරා හා නුඹලාගේ සතුරා වන ඔවුන් වෙත නුඹලා ආදරය දක්වමින් මිතුරන් ලෙස නොගනු. තවද සත්‍යයෙන් යුතු ව නුඹලා වෙත පැමිණි දෑ ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ් ව නුඹලා විශ්වාස කිරීම හේතුවෙන් රසූල්වරයා හා නුඹලා ව ඔවුහු පිටුවහල් කරති. මාගේ මාර්ගයේ කැපවෙමින් ද මාගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ද නුඹලා පිටත් වූයෙහු නම් ආදරය පෙන්වමින් නුඹලා ඔවුන් වෙත රහසින් සම්බන්ධකම් පාන්නෙහුය. නුඹලා සැඟ වූ දෑ ද නුඹලා හෙළි කළ දෑ ද මා මැනවින් දනිමි. තවද නුඹලා අතරින් කවරෙකු එය සිදු කරන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් නොමග ගියේය.
إِن يَثْقَفُوكُمْ يَكُونُوا لَكُمْ أَعْدَاءً وَيَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُم بِالسُّوءِ وَوَدُّوا لَوْ تَكْفُرُونَ ٢
📖 පරිවර්තනය
ආයාත් 2
ඔවුන් නුඹලාව ජයගත්තේ නම් නුඹලාට ඔවුහු සතුරන් වී නපුරකම් කරමින් තම අත් හා තම දිවවල් නුඹලා වෙත දිගු කරනු ඇත. තවද නුඹලා ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.
لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْ ۚ يَوْمَ الْقِيَامَةِ يَفْصِلُ بَيْنَكُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ٣
📖 පරිවර්තනය
ආයාත් 3
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ඥාතීන් හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. (එදින) ඔහු නුඹලා අතර විනිශ්චය කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَآءُ مِنكُمْ وَمِمَّا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ إِلَّا قَوْلَ إِبْرَاهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَا أَمْلِكُ لَكَ مِنَ اللَّهِ مِن شَيْءٍ ۖ رَّبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ الْمَصِيرُ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
ඉබ්රාහීම් හා ඔහු සමග වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින්ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන්ම අපි නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්රෝධය ඉස්මතු වී ඇත.’ නමුත් ‘මම ඔබ වෙනුවෙන් සමාව අයැදිමි. අල්ලාහ්ගෙන් කිසිවක් (ලබා දීම) මා සතු නැත’ යැයි ඉබ්රාහීම් තම පියාණන්ට කළ ප්‍රකාශය හැර. (අනිකුත් කරුණුවල ආදර්ශයක් ඇත්තේය. තවද ඉබ්රාහීම්) “අපගේ පරමාධිපතියාණනි! ඔබ වෙත අපි (සියල්ල) භාර කළෙමු. තවද ඔබ වෙතම අපි යොමු වූයෙමු. තවද නැවත යොමු වන ස්ථානය ද ඇත්තේ ඔබ වෙතය;
رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا وَاغْفِرْ لَنَا رَبَّنَا ۖ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
“අපගේ පරමාධිපතියාණනි! ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙස අප පත් නොකරනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම නුඹ සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ ۚ وَمَن يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
අල්ලාහ් හා මතු ලොව අපේක්ෂා කරන අයට අලංකාර ආදර්ශයක් සැබැවින්ම ඔවුන් තුළ නුඹලාට විය. තවද කවරෙකු පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අවශ්යතාවන්ගෙන් තොරය; ප්‍රශංසාලාභීය.
۞ عَسَى اللَّهُ أَن يَجْعَلَ بَيْنَكُمْ وَبَيْنَ الَّذِينَ عَادَيْتُم مِّنْهُم مَّوَدَّةً ۚ وَاللَّهُ قَدِيرٌ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
නුඹලා අතර හා නුඹලා සමග සතුරුකම ඇති කර ගත්තවුන් අතර සෙනෙහස ඇති කරවීමට අල්ලාහ්ට පුළුවන. තවද අල්ලාහ් සර්ව ශක්තිය ඇත්තාය. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
لَّا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَارِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ ٨
📖 පරිවර්තනය
ආයාත් 8
දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවැදුනු, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකළ අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. යුක්තිගරුක ව කටුයුතු කරන්නන් ව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි.
إِنَّمَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ قَاتَلُوكُمْ فِي الدِّينِ وَأَخْرَجُوكُم مِّن دِيَارِكُمْ وَظَاهَرُوا عَلَىٰ إِخْرَاجِكُمْ أَن تَوَلَّوْهُمْ ۚ وَمَن يَتَوَلَّهُمْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ ٩
📖 පරිවර්තනය
ආයාත් 9
නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමග සටන් වැද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා පිටුවහල් කොට නුඹලා ව පිටුවහල් කිරීමට උරදුන් අය සමඟ නුඹලා මිතුරුකම් පෑමය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا جَاءَكُمُ الْمُؤْمِنَاتُ مُهَاجِرَاتٍ فَامْتَحِنُوهُنَّ ۖ اللَّهُ أَعْلَمُ بِإِيمَانِهِنَّ ۖ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِنَاتٍ فَلَا تَرْجِعُوهُنَّ إِلَى الْكُفَّارِ ۖ لَا هُنَّ حِلٌّ لَّهُمْ وَلَا هُمْ يَحِلُّونَ لَهُنَّ ۖ وَآتُوهُم مَّا أَنفَقُوا ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ أَن تَنكِحُوهُنَّ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ ۚ وَلَا تُمْسِكُوا بِعِصَمِ الْكَوَافِرِ وَاسْأَلُوا مَا أَنفَقْتُمْ وَلْيَسْأَلُوا مَا أَنفَقُوا ۚ ذَٰلِكُمْ حُكْمُ اللَّهِ ۖ يَحْكُمُ بَيْنَكُمْ ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! දේවත්වය විශ්වාස කරන කාන්තාවන් (උපන් දේශයෙන්) නික්මවූවන් ලෙස නුඹලා වෙත පැමිණියේ නම් නුඹලා ඔවුන්(ගේ විශ්වාසය) පරීක්ෂා කර බලනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන් දේවත්වය විශ්වාස කරන කාන්තාවන් බව නුඹලා හඳුනා ගත්තේ නම් එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත නුඹලා ඔවුන් හරවා නොයවනු. මොවුන් ඔවුනට අනුමත නොවේ. තවද ඔවුහු මොවුනට අනුමත නොවෙති. ඔවුන් වියදම් කළ දෑ ඔවුනට නුඹලා ගෙවනු. මොවුන්ට හිමි විවාහ ත්යාග මුදල නුඹලා මොවුනට පිරිනැමූ විට නුඹලා මොවුන් විවාහ කර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන කාන්තාවන් සමග වූ විවාහ බන්ධනය පවත්වාගෙන නොයනු. නුඹලා ඔවුනට (මහර් වශයෙන්) වියදම් කළ දෑ නුඹලා නැවත ඉල්ලා ගනු. (දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වන) ඔවුහු ද ඔවුන් වියදම් කළ දෑ ඉල්ලා ගනිත්වා! එය අල්ලාහ්ගේ තීන්දුවයි. ඔහු නුඹලා අතර තීන්දු දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥාවන්තය.
وَإِن فَاتَكُمْ شَيْءٌ مِّنْ أَزْوَاجِكُمْ إِلَى الْكُفَّارِ فَعَاقَبْتُمْ فَآتُوا الَّذِينَ ذَهَبَتْ أَزْوَاجُهُم مِّثْلَ مَا أَنفَقُوا ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي أَنتُم بِهِ مُؤْمِنُونَ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
තවද, නුඹලාගේ බිරියන් අතරින් කිසිවෙක් (ආගමෙන් ඉවත්ව) නුඹලා හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත ගියේ නම් පසුව (යුද්ධයකදී) නුඹලා ජය ගත්තෙහු නම් (නුඹලාගේ) බිරියන් හැර දමා ගිය ඔවුනට ඔවුන් වියදම් කළ හා සමාන දෙයක් ලබා දෙනු. තවද නුඹලා කවර අයකු විශ්වාස කරන්නන් ලෙස සිටින්නනෝ ද එවන් අල්ලාහ්ට බිය බැතිමත් වනු.
يَا أَيُّهَا النَّبِيُّ إِذَا جَاءَكَ الْمُؤْمِنَاتُ يُبَايِعْنَكَ عَلَىٰ أَن لَّا يُشْرِكْنَ بِاللَّهِ شَيْئًا وَلَا يَسْرِقْنَ وَلَا يَزْنِينَ وَلَا يَقْتُلْنَ أَوْلَادَهُنَّ وَلَا يَأْتِينَ بِبُهْتَانٍ يَفْتَرِينَهُ بَيْنَ أَيْدِيهِنَّ وَأَرْجُلِهِنَّ وَلَا يَعْصِينَكَ فِي مَعْرُوفٍ ۙ فَبَايِعْهُنَّ وَاسْتَغْفِرْ لَهُنَّ اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
අහෝ නබිවරය! දේවත්වය විශ්වාස කරන කාන්තාවෝ නුඹට ප්‍රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණ, ඔවුන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන බවටත්, ඔවුන් සොරකම් නොකරන බවටත්, ඔවුන් කාම අපචාරයේ නිරත නොවන බවටත්, ඔවුන් තම දරුවන් ඝාතනය නොකරන බවටත්, ඔවුන් අතර ගෙතූ කිසිදු අවලාදයක් ඔවුන් නොගෙනන බවටත්, යහපත් කටයුතු වලදී ඔවුන් නුඹට පිටු නොපාන බවටත් ප්‍රතිඥා දුන් විට එය පිළිගනු. තවද නුඹ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලනු. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِمْ قَدْ يَئِسُوا مِنَ الْآخِرَةِ كَمَا يَئِسَ الْكُفَّارُ مِنْ أَصْحَابِ الْقُبُورِ ١٣
📖 පරිවර්තනය
ආයාත් 13
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! අල්ලාහ් කවුරුන් වෙත කෝප වූයේද එවන් පිරිසක් නුඹලා මිතුරන් කර නොගනු. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මිනී වළවල් තුළ සිටින්නන් (නැවත නැගිටුවීම) පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් මොවුන් (මතුලොව) පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගෙන ඇත.
කියවන්න අල්-මුම්තහිනා සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

