📖 0/604 කියවූ පිටු
📄 83
وَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيۡكُمۡ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُواْ مَيۡلًا عَظِيمًا ٢٧ يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمۡۚ وَخُلِقَ ٱلۡإِنسَٰنُ ضَعِيفًا ٢٨ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَكُم بَيۡنَكُم بِٱلۡبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٍ مِّنكُمۡۚ وَلَا تَقۡتُلُوٓاْ أَنفُسَكُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمۡ رَحِيمًا ٢٩ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ عُدۡوَٰنًا وَظُلۡمًا فَسَوۡفَ نُصۡلِيهِ نَارًاۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا ٣٠ إِن تَجۡتَنِبُواْ كَبَآئِرَ مَا تُنۡهَوۡنَ عَنۡهُ نُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَنُدۡخِلۡكُم مُّدۡخَلًا كَرِيمًا ٣١ وَلَا تَتَمَنَّوۡاْ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٍۚ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا ٱكۡتَسَبُواْۖ وَلِلنِّسَآءِ نَصِيبٌ مِّمَّا ٱكۡتَسَبۡنَۚ وَسۡـَٔلُواْ ٱللَّهَ مِن فَضۡلِهِۦٓۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمًا ٣٢ وَلِكُلٍّ جَعَلۡنَا مَوَٰلِيَ مِمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَۚ وَٱلَّذِينَ عَقَدَتۡ أَيۡمَٰنُكُمۡ فَـَٔاتُوهُمۡ نَصِيبَهُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٍ شَهِيدًا ٣٣
4:27
وَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيۡكُمۡ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُواْ مَيۡلًا عَظِيمًا ٢٧
තවද අල්ලාහ් නුඹලාට සමාව දීමටත් අපේක්ෂා කරයි. නමුත් මනෝ ආශාවන් අනුගමනය කරන්නවුන්, නුඹලා සම්පූරණයෙන්ම (නොමඟට)නැඹුරු වීම අපේක්ෂා කරති.
4:28
يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمۡۚ وَخُلِقَ ٱلۡإِنسَٰنُ ضَعِيفًا ٢٨
(නීති රීති) සැහැල්ලු කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබ ඇත.
4:29
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَأۡكُلُوٓاْ أَمۡوَٰلَكُم بَيۡنَكُم بِٱلۡبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٍ مِّنكُمۡۚ وَلَا تَقۡتُلُوٓاْ أَنفُسَكُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمۡ رَحِيمًا ٢٩
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අතර එකඟතාවයකින් යුතු ව්‍යාපාරයකින් හැර නුඹලාගේ වස්තුව නුඹලා වැරදි ලෙස අනුභව නොකරනු. තවද නුඹලා නුඹලාවම ඝාතනය නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විත විය.
4:30
وَمَن يَفۡعَلۡ ذَٰلِكَ عُدۡوَٰنًا وَظُلۡمًا فَسَوۡفَ نُصۡلِيهِ نَارًاۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا ٣٠
කවරෙකු සතුරුකමින් හා අයුක්ති සහගත ලෙස එය සිදු කරන්නේ ද එවිට අපි ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු කාර්යයක් විය.
4:31
إِن تَجۡتَنِبُواْ كَبَآئِرَ مَا تُنۡهَوۡنَ عَنۡهُ نُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَنُدۡخِلۡكُم مُّدۡخَلًا كَرِيمًا ٣١
කවර දෙයක් නුඹලාට තහනම් කරනු ලැබුවේ ද එවැනි මහා පාපයන්ගෙන් නුඹලා වැළකුණේ නම් අපි නුඹලාගේ (සුළු) පාපයන් නුඹලාගෙන් ඉවත් කරන්නෙමු. තවද නුඹලා ව ගෞරවනීය පිවිසුම් ස්ථානයකට අපි ඇතුළත් කරන්නෙමු.
4:32
وَلَا تَتَمَنَّوۡاْ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٍۚ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا ٱكۡتَسَبُواْۖ وَلِلنِّسَآءِ نَصِيبٌ مِّمَّا ٱكۡتَسَبۡنَۚ وَسۡـَٔلُواْ ٱللَّهَ مِن فَضۡلِهِۦٓۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمًا ٣٢
තවද නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අල්ලාහ් කවර දෙයකින් උසස් කොට ඇත්තේ ද එවැනි දෙයකට නුඹලා ආශා නොකරනු. පුරුෂයින්ට ඔවුන් ඉපැයූ දැයින් කොටසක් ඇත. එමෙන්ම කාන්තාවන්ට ද ඔවුන් ඉපැයූ දැයින් කොටසක් ඇත. තවද නුඹලා අල්ලාහ්ගෙන් ඔහුගේ භාග්‍යය පතනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
4:33
وَلِكُلٍّ جَعَلۡنَا مَوَٰلِيَ مِمَّا تَرَكَ ٱلۡوَٰلِدَانِ وَٱلۡأَقۡرَبُونَۚ وَٱلَّذِينَ عَقَدَتۡ أَيۡمَٰنُكُمۡ فَـَٔاتُوهُمۡ نَصِيبَهُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٍ شَهِيدًا ٣٣
(ස්ත්‍රී පුරුෂ) සෑම කෙනෙකුටම, දෙමාපියන් ද සමීප ඥාතීන් ද අතහැර දමා ගිය දෑ ට, භාරකරුවන් පත් කළෙමු. නුඹලාගේ දිවුරුම් ගිවිස ගත් අය වනාහි ඔවුනට ඔවුන්ගේ කොටස පිරිනමනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සාක්ෂිකරුය.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Friday, August 21, 2026
Don't forget us in your sincere prayers







