🔥 0 day streak
📖 Long surah — split into smaller parts to help you focus (128 ආයාත්)
0/128
16:1
🔁 0/5
أَتَىٰٓ أَمۡرُ ٱللَّهِ فَلَا تَسۡتَعۡجِلُوهُۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ١
Ataaa amrullaahi falaa tasta`jilooh; Subhaanahoo wa Ta`aalaa `ammaa yushrikoon
අල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත. එහෙයින් නුඹලා එයට ඉක්මන් නොවනු. ඔවුහු ආදේශ කරන දැයින් ඔහු සුපිවිතුරුය. තවද උත්තරීතරය.
🎤 Your recording:
16:2
🔁 0/5
يُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ أَنۡ أَنذِرُوٓاْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ ٢
Yunazzilul malaaa `ikata birroohi min amrihee `alaa mai yashaaa`u min `ibaadiheee an anzirooo annahoo laaa ilaaha illaaa ana fattaqoon
නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹලා මට බිය බැතිමත් විය යුතු යැයි (පවසා) නුඹලා අවවාද කිරීම සඳහා ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත ඔහුගේ නියෝගයෙන් ජීවමාන(දේව පණිවිඩ)ය රැගත් මලක්වරුන් ඔහු පහළ කරයි.
🎤 Your recording:
16:3
🔁 0/5
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ تَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٣
Khalaqas samaawaati wal arda bilhaqq; Ta`aalaa `ammaa yushrikoon
සත්‍යයෙන් යුතුව, අහස් හා මහපොළොව ඔහු මැව්වේය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
🎤 Your recording:
16:4
🔁 0/5
خَلَقَ ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ ٤
Khalaqal insaana min nutfatin fa izaa huwa khaseemum mubeen
ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසා ව මැව්වේය. එවිට පවා ඔහු ප්‍රකට වාද කරන්නෙකු වී ඇත.
🎤 Your recording:
16:5
🔁 0/5
وَٱلۡأَنۡعَٰمَ خَلَقَهَاۖ لَكُمۡ فِيهَا دِفۡءٌ وَمَنَٰفِعُ وَمِنۡهَا تَأۡكُلُونَ ٥
Wal an `amaa khalaqahaa; lakum feehaa dif`unw wa manaafi`u wa minhaa taakuloon
තවද ගොවිපළ සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඒවා මැව්වේය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය.
🎤 Your recording:
16:6
🔁 0/5
وَلَكُمۡ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسۡرَحُونَ ٦
Wa lakum feehaa jamaalun heena tureehoona wa heena tasrahoon
තවද ගාල් කරන්නට සවසට දක්කාගෙන එන විට ද තණ බුදින්නට (උදෑසන) දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත.
🎤 Your recording:
16:7
🔁 0/5
وَتَحۡمِلُ أَثۡقَالَكُمۡ إِلَىٰ بَلَدٍ لَّمۡ تَكُونُواْ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلۡأَنفُسِۚ إِنَّ رَبَّكُمۡ لَرَءُوفٌ رَّحِيمٌ ٧
Wa tahmilu asqaalakum ilaa baladil lam takoonoo baaligheehi illaa bishiqqil anfus; inna Rabbakum la Ra`oofur Raheem
නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමක් වෙත උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිතය. මහා කාරුණිකය.
🎤 Your recording:
16:8
🔁 0/5
وَٱلۡخَيۡلَ وَٱلۡبِغَالَ وَٱلۡحَمِيرَ لِتَرۡكَبُوهَا وَزِينَةًۚ وَيَخۡلُقُ مَا لَا تَعۡلَمُونَ ٨
Walkhaila wal bighaala wal hameera litarkaboohaa wa zeenah; wa yakhluqu maa laa ta`lamoon
තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවනු ඇත.
🎤 Your recording:
16:9
🔁 0/5
وَعَلَى ٱللَّهِ قَصۡدُ ٱلسَّبِيلِ وَمِنۡهَا جَآئِرٌۚ وَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ ٩
Wa `alal laahi qasdus sabeeli wa minhaa jaaa`ir; wa law shaaa`a lahadaakum ajma`een
තවද ඍජු මාර්ගය පහදා දීම අල්ලාහ් සතුවය. තවද මාර්ග අතරින් වැරදි මාර්ග ද ඇත. තවද ඔහු අභිමත කළේ නම් ඔහු නුඹලා සියලු දෙනාට මග පෙන්වන්නට තිබුණි.
🎤 Your recording:
16:10
🔁 0/5
هُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۖ لَّكُم مِّنۡهُ شَرَابٌ وَمِنۡهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ ١٠
Huwal lazeee anzala minas samaaa`i maaa`al lakum minhu sharaabunw wa minhu shajarun feehi tuseemoon
අහසින් ජලය පහළ කළේ ඔහුමය. ඉන් නුඹලාට පානය ඇත. තවද එහි නුඹලා (සතුන්ට) බුදින්නට දෙන ගස් ද ඇත.
🎤 Your recording:
16:11
🔁 0/5
يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرۡعَ وَٱلزَّيۡتُونَ وَٱلنَّخِيلَ وَٱلۡأَعۡنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَتَفَكَّرُونَ ١١
Yumbitu lakum bihiz zar`a wazzaitoona wanna kheela wal-a`naaba wa min kullis samaraat, inna fee zaalika la Aayatal liqawminy yatafakkaroon
ඔහු නුඹලාට එමගින් ගොයම ද ඔලිව් ද ඉඳි ද මිදි ද තවත් සියලු බවභෝග වලින් ද හට ගන්වයි. සිතා බලන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත.
🎤 Your recording:
16:12
🔁 0/5
وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتُۢ بِأَمۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّقَوۡمٍ يَعۡقِلُونَ ١٢
Wa sakkhkhara lakumul laila wannahaara wash shamsa walqamara wannujoomu musakhkharaatum bi amrih; inna fee zaalika la Aayaatil liqawminy ya`qiloon
තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහු නුඹලාට වසඟ කර දුන්නේය. තවද සියලු තාරකා ඔහුගේ අණසකට වසඟ කරනු ලැබ ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවන් ඇත.
🎤 Your recording:
16:13
🔁 0/5
وَمَا ذَرَأَ لَكُمۡ فِي ٱلۡأَرۡضِ مُخۡتَلِفًا أَلۡوَٰنُهُۥٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَذَّكَّرُونَ ١٣
Wa maa zara a lakum fil ardi mukhtalifan alwaanuh; inna fee zaalika la Aayatal liqawminy yazakkaroon
තවද මහපොළොවේ නුඹලාට එහි විවිධ වර්ණයෙන් වෙනස් ව බිහි කළ දෑ ද (ඔහු වසඟ කර දුන්නේය.) මෙනෙහි කරන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත.
🎤 Your recording:
16:14
🔁 0/5
وَهُوَ ٱلَّذِي سَخَّرَ ٱلۡبَحۡرَ لِتَأۡكُلُواْ مِنۡهُ لَحۡمًا طَرِيًّا وَتَسۡتَخۡرِجُواْ مِنۡهُ حِلۡيَةً تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ مَوَاخِرَ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٤
Wa Huwal lazee sakhkharal bahra litaakuloo minhu lahman tariyyanw wa tastakhrijoo minhu hilyatan talbasoonahaa wa taral fulka mawaakhira feehi wa litabtaghoo min fadlihee wa la`allakum tashkuroon
තවද ඔහු වනාහි මහ මුහුද නුඹලා එයින් නැවුම් මස් අනුභව කරනු පිණිස ද නුඹලා පලඳින ආභරණ එයින් ගොඩ ගනු පිණිස ද වසඟ කර දුන්නේය. තවද එහි (රළ) හාන නැව් ද නුඹ දකිනු ඇත. එමෙන්ම ඔහුගේ භාග්‍යය නුඹලා සොයනු පිණිස ද වේ. තවද (එය) නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසය.
🎤 Your recording:
16:15
🔁 0/5
وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَأَنۡهَٰرًا وَسُبُلًا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ ١٥
Wa alqaa fil ardi rawaasiya an tameeda bikum wa anhaaranw wa sublulal la `allakum tahtadoon
තවද එය නුඹලා සමග කම්පනය නොවනු වස් මහපොළොවේ ස්ථීර ව පිහිටන කඳුහෙල් ඔහු හෙළුවේය. තවද ගංගා හා මාර්ග ද (ඇති කළේය). නුඹලා නිසිමග ලැබිය හැකි වනු පිණිස.
🎤 Your recording:
16:16
🔁 0/5
وَعَلَٰمَٰتٍۚ وَبِٱلنَّجۡمِ هُمۡ يَهۡتَدُونَ ١٦
Wa `alaamaat; wa bin najmi hum yahtadoon
තවද සලකුණු ද (ඔහු ඇති කළේය) තරු මගින් ඔවුහු නිසිමග දැන ගනු ඇත.
🎤 Your recording:
16:17
🔁 0/5
أَفَمَن يَخۡلُقُ كَمَن لَّا يَخۡلُقُۚ أَفَلَا تَذَكَّرُونَ ١٧
Afamany yakhluqu kamallaa yakhluq; afalaa tazak karoon
එහෙයින් මවන්නා නොමවන අය මෙන් වේවීද? නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
🎤 Your recording:
16:18
🔁 0/5
وَإِن تَعُدُّواْ نِعۡمَةَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱللَّهَ لَغَفُورٌ رَّحِيمٌ ١٨
Wa in ta`uddoo ni`matal laahi laa tuhsoohaa; innal laaha la Ghafoorur Raheem
අල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; කරුණා ගුණයෙන් යුක්තය.
🎤 Your recording:
16:19
🔁 0/5
وَٱللَّهُ يَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَ ١٩
Wallaahu ya`lamu maa tusirroona wa maa tu`linoon
තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි සිටින දෑ ද අල්ලාහ් දනී.
🎤 Your recording:
16:20
🔁 0/5
وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخۡلُقُونَ شَيۡـًٔا وَهُمۡ يُخۡلَقُونَ ٢٠
Wallazeena yad`oona min doonil laahi laa yakhluqoona shai`anw wa hum yukhlaqoon
අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටින අය කිසිවක් නොමවන අතර ඔවුහු ද (අල්ලාහ් විසින්) මවනු ලබන්නෝ වෙති.
🎤 Your recording:
16:21
🔁 0/5
أَمۡوَٰتٌ غَيۡرُ أَحۡيَآءٍۖ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ٢١
Amwaatun ghairu ahyaaa`inw wa maa yash`uroona aiyaana yub`asoon
ඔවුහු ප්‍රාණය නොමැති මළවුන් ය. තවද ඔවුහු නැවත නැගිටුවනු ලබනුයේ කවදා දැයි වටහා නොගනිති.
🎤 Your recording:
16:22
🔁 0/5
إِلَٰهُكُمۡ إِلَٰهٌ وَٰحِدٌۚ فَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسۡتَكۡبِرُونَ ٢٢
Illahukum Ilaahunw Waahid; fallazeena laa yu`minoona bil Aakhirati quloobuhum munkiratunw wa hum mustakbiroon
නුඹලාගේ දෙවිඳු එකම දෙවිඳාය. එහෙයින් පරමාන්ත දිනය පිළිබඳ ව විශ්වාස නොකරන්නන් වන ඔවුන්ගේ හදවත් (එය විශ්වාස කිරීමට) පිළිකුල් කරයි. තවද ඔවුහු අහංකාරකම් පාන්නෝ වෙති.
🎤 Your recording:
16:23
🔁 0/5
لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡتَكۡبِرِينَ ٢٣
Laa jarama annal laaha ya`lamu maa yusirrona wa ma yu`linoon; innahoo laa yuhibbul mustakbireen
ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන්ම අල්ලාහ් දන්නා බවට කිසිදු සැකයක් නැත. නියත වශයෙන්ම ඔහු අහංකාරකම් පාන්නන් ප්‍රිය නොකරයි.
🎤 Your recording:
16:24
🔁 0/5
وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمۡ قَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٢٤
Wa izaa qeela lahum maazaaa anzala Rabbukum qaaloo asaateerul awwaleen
තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි ඔවුන් විමසනු ලැබූ විට මුතුන්මිත්තන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔවුහු පැවසූහ.
🎤 Your recording:
16:25
🔁 0/5
لِيَحۡمِلُوٓاْ أَوۡزَارَهُمۡ كَامِلَةً يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَمِنۡ أَوۡزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيۡرِ عِلۡمٍۗ أَلَا سَآءَ مَا يَزِرُونَ ٢٥
Liyahmilooo awzaarahum kaamilatany Yawmal Qiyaamati wa min awzaaril lazeena yudilloonahum bighairi `ilm; alaa saaa`a maa yaziroon
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ බර හා ඔවුන් කිසිදු දැනුමකින් තොර ව නොමග හැරියවුන්ගේ බර ඔවුන් සම්පූර්ණයෙන් උසුලනු පිණිස (මෙසේ ඔවුහු පවසති.) දැන ගනු! ඔවුන් උසුලන දෑ නපුරුය.
🎤 Your recording:
16:26
🔁 0/5
قَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَى ٱللَّهُ بُنۡيَٰنَهُم مِّنَ ٱلۡقَوَاعِدِ فَخَرَّ عَلَيۡهِمُ ٱلسَّقۡفُ مِن فَوۡقِهِمۡ وَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٢٦
Qad makaral lazeena min qablihim fa atal laahu bunyaa nahum minal qawaa`idi fakharra `alaihimus saqfu min fawqihim wa ataahumul `azaabu min haisu laa yash`uroon
ඔවුනට පෙර සිටියවුන් සැබැවින්ම කුමන්ත්‍රණ කළෝය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ගොඩනැගිල්ල මුලිනුපුටා දැමුවේය. එවිට ඔවුනට ඉහළින් ඔවුන් මත වියන ඇද වැටිණ. තවද ඔවුන් නොසිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේය.
🎤 Your recording:
16:27
🔁 0/5
ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ ٢٧
Summa Yawmal Qiyaamati yukhzeehim wa yaqoolu aina shurakaaa`iyal lazeena kuntum tushaaaqqoona feehim; qaalal lazeena ootul `ilma innal khizyal Yawma wassooo`a `alal kaafireen
පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු (අල්ලාහ්) ඔවුන්ව අවමානයට ලක් කරයි. තවද නුඹලා තර්ක කරමින් සිටි එවන් මගේ හවුල්කරුවන් කොහේ දැයි විමසයි. නියත වශයෙන්ම අද දින නින්දාව හා නපුර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත යැයි ඥානය දෙනු ලැබූවන් පවසති.
🎤 Your recording:
16:28
🔁 0/5
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٨
Allazeena tatawaf faahu mul malaaa`ikatu zaalimeee anfusihim fa alqawus salama maa kunnaa na`malu min sooo`; balaaa innal laaha `aleemum bimaa kuntum ta`maloon
ඔවුන් වනාහි තමන් විසින්ම තමන්ට අපරාධ කරමින් සිටිය දී සුරදූතයින් ඔවුන් ව මරණයට පත් කළ අය වෙති. එවිට ඔවුන් (සුරදූතයින් වෙත) "අපි කිසිදු නපුරක් නොකළෙමු" යැයි පවසමින් යටහත්භාවය ඉදිරිපත් කරති. එසේ නොව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
🎤 Your recording:
16:29
🔁 0/5
فَٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَلَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ٢٩
Fadkhulooo abwaaba jahannama khaalideena feeha falabi`sa maswal mutakab bireen
එහෙයින් නුඹලා නිරයේ දොරටු වලින් එහි සදාතනිකයින් ලෙස ඇතුලු වනු. එවිට එම අහංකාරයින්ගේ නවාතැන සැබැවින්ම නපුරු විය.
🎤 Your recording:
16:30
🔁 0/5
۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرًاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٌۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٌۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ ٣٠
Wa qeela lillazeenat taqaw maazaaa anzala Rabbukum; qaaloo khairaa; lillazeena absanoo fee haazihid dunyaa hasanah; wa la Daarul Aakhirati khair; wa lani`ma daarul muttaqeen
තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන්ගෙන් විමසනු ලැබීය. යහපතය යැයි ඔවුහු පැවසූහ. දැහැමි දෑ කළවුනට මෙලොවෙහි යහපත ඇත. එමෙන්ම මතු ලොව නිවහන උතුම්ය. තවද බිය බැතිමතුන්ගේ නිවහන යහපත් විය.
🎤 Your recording:
16:31
🔁 0/5
جَنَّٰتُ عَدۡنٍ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ ٣١
Jannaatu `Adniny yadkhuloonahaa tajree min tahtihal anhaaru lahum feehaa maa yashaaa`oon; kazaalika yajzil laahul muttaqeen
අද්න් (නම් සදා ස්ථීරව පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. ඔවුන් අභිමත කරන දෑ එහි ඔවුනට ඇත. බිය බැතිමතුන්හට අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය
🎤 Your recording:
16:32
🔁 0/5
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٣٢
Allazeena tatawaf faahumul malaaa`ikatu taiyibeena yaqooloona salaamun `alai kumud khulul Jannata bimaa kuntum ta`maloon
ඔවුන් වනාහි ඔවුන් දැහැමියන්ව සිටිය දී මලක්වරුන් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කර ගන්නා අය වෙති. නුඹලාට සලාම් (ශාන්තිය) අත්වේවා! නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති.
🎤 Your recording:
16:33
🔁 0/5
هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ أَمۡرُ رَبِّكَۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٣٣
Hal yanzuroona illaaa an taatiyahumul malaaa`ikatu aw yaatiya amru Rabbik; kazaalika fa`alal lazeena min qablihim; wa maa zalamahumul laahu wa laakin kaanoo anfusahum yazlimoon
ඔවුන් වෙත මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ නියෝගය පැමිණීම හෝ හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝද ? ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද මෙලෙසමය. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
🎤 Your recording:
16:34
🔁 0/5
فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٣٤
Fa asaabahum saiyi aatu maa `amiloo wa haaqa bihim maa kaano bihee yastahzi`oon
එහෙයින් ඔවුන් සිදු කළ දෑහි නපුරු විපාක ඔවුනට අත් විය. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය.
🎤 Your recording:
16:35
🔁 0/5
وَقَالَ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَا عَبَدۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٍ نَّحۡنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٍۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ فَهَلۡ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٣٥
Wa qaalal lazeena ashrakoo law shaaa`al laahu ma `abadnaa min doonihee min shai`in nahnu wa laaa aabaaa`unaa wa laa harramnaa min doonihee min shai`; kazaalika fa`alal lazeena min qablihim fahal `alar Rusuli illal balaaghul mubeen
තවද අල්ලාහ් අභිමත කළේ නම් අප හෝ අපගේ මුතුන්මිත්තන් හෝ ඔහු හැර වෙනත් කිසිවකු නොනමදින්නට තිබුණි. එමෙන්ම ඔහුගේ නියෝගයෙන් තොර ව කිසිවක් තහනම් නොකරන්නට තිබුණි යැයි අල්ලාහ්ට ආදේශ කළවුන් පැවසූහ. ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද එලෙසමය. (අපගේ නිවේදනය) පැහැදිලි ව දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් රසූල්වරුන් වෙත වීද?
🎤 Your recording:
16:36
🔁 0/5
وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ٣٦
Wa laqad ba`asnaa fee kulli ummatir Rasoolan ani`budul laaha wajtanibut Taaghoota faminhum man hadal laahu wa minhum man haqqat `alaihid dalaalah; faseeroo fil ardi fanzuroo kaifa kaana `aaqibatul mukazzibeen
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද නපුරු බලවේග වලින් වැළකී සිටිනු යැයි (දන්වා) සැබැවින්ම අපි සෑම සමූහයකටම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන්ම ඔවුන් අතරින් තමන් වෙත නොමග නියම වූවන් ද වෙති. එහෙයින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.
🎤 Your recording:
16:37
🔁 0/5
إِن تَحۡرِصۡ عَلَىٰ هُدَىٰهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَن يُضِلُّۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ٣٧
In tahris `alaa hudaahum fa innal laaha laa yahdee mai yudillu wa maa lahum min naasireen
ඔවුන්ගේ යහ මග පිළිබඳ නුඹ ආශා කළ ද නියත වශයෙන්ම අල්ලාහ් නොමග හැරියවුනට මග නොපෙන්වනු ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවකු ද නොමැත.
🎤 Your recording:
16:38
🔁 0/5
وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَا يَبۡعَثُ ٱللَّهُ مَن يَمُوتُۚ بَلَىٰ وَعۡدًا عَلَيۡهِ حَقًّا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٨
Wa aqsamoo billaahi jahda aimaanihim laa yab`asul laahu mai yamoot; balaa wa`dan `alaihi haqqanw wa laakinna aksaran naasi laa ya`lamoon
තවද මියැදෙන්නන් අල්ලාහ් අවදි නොකරනු ඇතැයි ඔවුන් ස්ථීර විශ්වාසයෙන් යුතු ව අල්ලාහ් මත දිවුරා පවසති. එසේ නොව එය ඔහු වෙත වූ සැබෑ ප්‍රතිඥාවකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
🎤 Your recording:
16:39
🔁 0/5
لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِي يَخۡتَلِفُونَ فِيهِ وَلِيَعۡلَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ كَانُواْ كَٰذِبِينَ ٣٩
Liyubaiyina lahumul lazee yakhtalifoona feehi wa liya`lamal lazeena kafarooo annahum kaanoo kaazibeen
ඔවුහු කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තෝ ද එය ඔවුනට ඔහු පැහැදිලි කරනු පිණිස ද නියත වශයෙන්ම තමන් මුසාවාදීහු වූවෙහි යැයි ප්‍රතික්ෂේප කළවුන් දැන ගනු පිණිස ද (එලෙස මළවුන් කෙරෙන් අවදි කරනු ලබනු ඇත.)
🎤 Your recording:
16:40
🔁 0/5
إِنَّمَا قَوۡلُنَا لِشَيۡءٍ إِذَآ أَرَدۡنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ ٤٠
Innamaa qawlunaa lisha y`in izaa aradnaahu an naqoola lahoo kun fa yakoon
යම් දෙයක් අපි අභිමත කළ විට ඒ සඳහා අපගේ ප්‍රකාශය වනුයේ ‘කුන්’ (වනු) යැයි පැවසීමය. එවිට එය සිදු වනු ඇත.
🎤 Your recording:
16:41
🔁 0/5
وَٱلَّذِينَ هَاجَرُواْ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمۡ فِي ٱلدُّنۡيَا حَسَنَةًۖ وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٤١
Wallazeena haajaroo fil laahi mim ba`di maa zulimoo lanubawwi` annahum fiddunyaa hasanatanw wa la ajrul Aakhirati akbar; law kaanoo ya`lamoon
තවද අපරාධ කරනු ලැබූවායින් පසු ව අල්ලාහ් විෂයයෙහි නික්ම ගියවුන් වන ඔවුනට මෙලොවෙහි යහපත් ලෙස ඉඩ සලසා දෙන්නෙමු. තවද මතුලොව ප්‍රතිඵල අතිමහත්ය. ඔවුහු එය දැන සිටියාහු නම්.
🎤 Your recording:
16:42
🔁 0/5
ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٤٢
Allazeena sabaroo wa `alaa Rabbihim yatawak kaloon
ඔවුන් වනාහි ඉවසා දර ගත් අය වෙති. එමෙන්ම තම පරමාධිපති වෙත (සියල්ල) භාරකරන්නන් වෙති.
🎤 Your recording:
16:43
🔁 0/5
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ إِلَّا رِجَالًا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ ٤٣
Wa maaa arsalnaa min qablika illaa rijaalan nooheee ilaihim; fas`alooo ahlaz zikri in kuntum laa ta`lamoon
තවද නුඹට පෙර සිටම, අපි ඔවුන් වෙත දේව පණිවිඩ දන්වමින් එවන ලද්දේ පිරිමීන් මිස වෙනත් කිසිවකු නොවේ. එහෙයින් නුඹලා නොදැන සිටියෙහු නම් දැනුමැත්තන්ගෙන් විමසනු.
🎤 Your recording:
16:44
🔁 0/5
بِٱلۡبَيِّنَٰتِ وَٱلزُّبُرِۗ وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلذِّكۡرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيۡهِمۡ وَلَعَلَّهُمۡ يَتَفَكَّرُونَ ٤٤
Bilbaiyinaati waz Zubur; wa anzalnaaa ilaikaz Zikra litubaiyina linnaasi maa nuzzila ilaihim wa la`allahum yatafakkaroon
පැහැදිලි සාධක හා ධර්ම ග්‍රන්ථ සමඟ (ඔවුහු පැමිණියහ.) තවද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ජනයාට නුඹ පැහැදිලි කරනු පිණිස නුඹ වෙත (අල් කුර්ආනය නොහොත්) මෙම මෙනෙහි කිරීම අපි පහළ කළෙමු. තවද එය ඔවුන් සිතා බලනු පිණිසය.
🎤 Your recording:
16:45
🔁 0/5
أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُواْ ٱلسَّيِّـَٔاتِ أَن يَخۡسِفَ ٱللَّهُ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ يَأۡتِيَهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٤٥
Afa aminal lazeena makarus saiyi aati ai yakhsifal laahu bihimul arda aw yaaa tiyahumul `azaabu min haisu laa yash`uroon
නපුරුකම් කුමන්ත්‍රණය කළවුන් අල්ලාහ් ඔවුන් ව මහපොළොවෙහි ගිලා බැස්සවීම පිළිබඳ ව හෝ ඔවුන් නොසිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුන් නිර්භිය ව සිටිත් ද?
🎤 Your recording:
16:46
🔁 0/5
أَوۡ يَأۡخُذَهُمۡ فِي تَقَلُّبِهِمۡ فَمَا هُم بِمُعۡجِزِينَ ٤٦
Aw yaakhuzahum fee taqallubihim famaa hum bi mu`jizeen
එසේ නොමැති නම් ඔවුන් සැරිසැරීමේ දී ඔවුන් ව ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද?) තවද ඔවුන් (අල්ලාහ් ව) නොහැකියාවට පත් කරන්නන් නොවෙති.
🎤 Your recording:
16:47
🔁 0/5
أَوۡ يَأۡخُذَهُمۡ عَلَىٰ تَخَوُّفٍ فَإِنَّ رَبَّكُمۡ لَرَءُوفٌ رَّحِيمٌ ٤٧
Aw yaakhuzahum `alaa takhawwuf; fa inna Rabbakum la Ra`oofur Raheem
එසේ නොමැති නම් බියෙන් පසුවෙමින් සිටිය දී ඔහු ඔවුන් ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද?) නමුත් නුඹගේ පරමාධිපති මහත් සෙනෙහෙවන්තය; මහා කරුණා ගුණයෙන් යුක්තය.
🎤 Your recording:
16:48
🔁 0/5
أَوَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٍ يَتَفَيَّؤُاْ ظِلَٰلُهُۥ عَنِ ٱلۡيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدًا لِّلَّهِ وَهُمۡ دَٰخِرُونَ ٤٨
Awa lam yaraw ilaa maa khalaqal laahu min shai`iny-yatafaiya`u zilaaluhoo `anil yameeni washshamaaa` ili sujjadal lillaahi wa hum daakhiroon
අල්ලාහ් කවර දෙයක් මැව්වේ ද (ඒ) කිසිවක් දෙස ඔවුහු අවධානයෙන් නොබැලුවෝ ද? එහි සෙවණැල්ල දකුණතට හා වම්පැති වලට නැඹුරු වී යටහත් පහත් ව අල්ලාහ්ට සිරස නමා වැඳ වැටෙයි.
🎤 Your recording:
16:49
🔁 0/5
وَلِلَّهِۤ يَسۡجُدُۤ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ مِن دَآبَّةٍ وَٱلۡمَلَٰٓئِكَةُ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ ٤٩
Wa lillaahi yasjudu maa fis samaawaati wa maa fil ardi min daaabbatinw walma laaa`ikatu wa hum laa yastakbiroon
තවද ජීවීන්ගෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ද මලක්වරුන්ද අල්ලාහ්ට සුජූද් කරති. තවද ඔවුහු උඩඟු නොවෙති.
🎤 Your recording:
16:50
🔁 0/5
يَخَافُونَ رَبَّهُم مِّن فَوۡقِهِمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ۩ ٥٠
yakhaafoona Rabbahum min fawqihim wa yaf`aloona maa yu`maroon
ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු සිදු කරති.
🎤 Your recording:
16:51
🔁 0/5
۞ وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓاْ إِلَٰهَيۡنِ ٱثۡنَيۡنِۖ إِنَّمَا هُوَ إِلَٰهٌ وَٰحِدٌ فَإِيَّٰيَ فَٱرۡهَبُونِ ٥١
Wa qaalal laahu laa tatta khizooo ilaahainis naini innamaa Huwa Ilaahunw Waahid; fa iyyaaya farhaboon
තවද නුඹලා දෙවියන් දෙදෙනෙකු වශයෙන් නොගනු. නියත වශයෙන්ම ඔහු එකම දෙවිඳාය. එබැවින් මට ම නුඹලා බිය වනු යැයි අල්ලාහ් පැවසුවේය.
🎤 Your recording:
16:52
🔁 0/5
وَلَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًاۚ أَفَغَيۡرَ ٱللَّهِ تَتَّقُونَ ٥٢
Wa lahoo maa fis samaawaati wal ardi wa lahud deenu waasibaa; afaghairal laahi tattaqoon
තවද අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සතුය. තවද සදා අවනතභාවය ද ඔහු සතුය. එහෙයින් නුඹලා අල්ලාහ් නොවන දෑට බිය බැතිමත් වන්නෙහු ද?
🎤 Your recording:
16:53
🔁 0/5
وَمَا بِكُم مِّن نِّعۡمَةٍ فَمِنَ ٱللَّهِۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيۡهِ تَجۡـَٔرُونَ ٥٣
Wa maa bikum minni`matin faminal laahi summa izaa massakumud durru fa ilaihi taj`aroon
තවද නුඹලාට කවර හෝ ආශිර්වාදයක් වී නම් එය අල්ලාහ්ගෙනි. පසු ව නුඹලාට යම් හානියක් අත් වූ විට නුඹලා විලාප නගනුයේ ඔහු වෙතමය.
🎤 Your recording:
16:54
🔁 0/5
ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمۡ إِذَا فَرِيقٌ مِّنكُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ ٥٤
Summaa izaa kashafad durra `ankum izaa fareequm minkum bi Rabbihim yushrikoon
පසුව නුඹලාගෙන් එම හානිය ඔහු ඉවත් කළ විට, එම අවස්ථාවේ නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති.
🎤 Your recording:
16:55
🔁 0/5
لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ٥٥
Liyakfuroo bimaa aatainaahum; fatamatta`oo, faswfa ta`lamoon
අපි ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් ප්‍රතික්ෂේප කරනු පිණිසය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. නුඹලා මතු දැන ගනු ඇත.
🎤 Your recording:
16:56
🔁 0/5
وَيَجۡعَلُونَ لِمَا لَا يَعۡلَمُونَ نَصِيبًا مِّمَّا رَزَقۡنَٰهُمۡۗ تَٱللَّهِ لَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَفۡتَرُونَ ٥٦
Wa yaj`aloona limaa laa ya`lamoona naseebam mimmaa razaqnnaahum; tallaahi latus`alunaa `ammaa kuntum taftaroon
තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් කොටසක් ඔවුන් නොදන්නා දෑට තබති. අල්ලාහ් මත දිවුරමින් නුඹලා ගොතමින් සිටි දෑ පිළිබඳ ව නියත වශයෙන්ම නුඹලා විමසනු ලබනු ඇත.
🎤 Your recording:
16:57
🔁 0/5
وَيَجۡعَلُونَ لِلَّهِ ٱلۡبَنَٰتِ سُبۡحَٰنَهُۥ وَلَهُم مَّا يَشۡتَهُونَ ٥٧
Wa yaj`aloona lillaahil banaati Subhaanahoo wa lahum maa yashtahoon
තවද අල්ලාහ්ට දූවරුන් පත් කොට ඔවුනට ඔවුන් ප්‍රිය කරන දෑ (පුතුන්) පත් කර ගනිති. (ඔවුන් සිතන දැයින්) ඔහු සුවිශුද්ධය.
🎤 Your recording:
16:58
🔁 0/5
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلۡأُنثَىٰ ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدًّا وَهُوَ كَظِيمٌ ٥٨
Wa izaa bushshira ahaduhum bil unsaa zalla wajhuhoo muswaddanw wa huwa kazeem
තවද ඔවුන්ගෙන් එක් අයකුට ගැහැනු දරුවකු පිළිබඳ ශුභාරංචි දන්වනු ලැබුවේ නම් ඔහු කෝපයට පත්වෙමින් ඔහුගේ මුහුණ කළු පැහැ වනු ඇත.
🎤 Your recording:
16:59
🔁 0/5
يَتَوَٰرَىٰ مِنَ ٱلۡقَوۡمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓۚ أَيُمۡسِكُهُۥ عَلَىٰ هُونٍ أَمۡ يَدُسُّهُۥ فِي ٱلتُّرَابِۗ أَلَا سَآءَ مَا يَحۡكُمُونَ ٥٩
yatawaaraa minal qawmimin sooo`i maa bushshira bih; a-yumsikuhoo `alaa hoonin am yadussuhoo fit turaab; alaa saaa`a maa yahkumoon
කවර දෙයක් පිළිබඳ ව ඔහුට ශුභාරංචි දෙනු ලැබුවේ ද එහි නපුර හේතුවෙන් එය අවමානය සමග රඳවා තබා ගන්නේ ද එසේ නැතහොත් වැල්ලෙහි සඟවන්නේ දැයි සිතා ජනයාගෙන් ඔහු සැඟවෙන්නට බලයි. දැන ගනු! ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
🎤 Your recording:
16:60
🔁 0/5
لِلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ مَثَلُ ٱلسَّوۡءِۖ وَلِلَّهِ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٦٠
Lillazeena laa yu`minoona bil Aakhirati masalus saw`i wa lillaahil masalul a`laa; wa Huwal `Azeezul Hakeem
මතු ලොව පිළිබඳ විශ්වාස නොකළවුනට ඇත්තේ නපුරු උදාහරණයකි. අල්ලාහ්ට ඇත්තේ උසස් උදාහරණයකි. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
🎤 Your recording:
16:61
🔁 0/5
وَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلۡمِهِم مَّا تَرَكَ عَلَيۡهَا مِن دَآبَّةٍ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةً وَلَا يَسۡتَقۡدِمُونَ ٦١
Wa law yu`aakhizul laahun naasa bizulminhim maa taraka `alaihaa min daaabbatinw wa laakiny yu`akhkhiruhum ilaaa ajalim musamman fa izaa jaaa`a ajaluhum laa yastaakhiroona saa`atanw wa laa yastaqdimoon
තවද ජනයාගේ අපරාධ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ප්‍රාණියෙක් ඔහු අත් හැර නොදමන්නට තිබුණි. එනමුත් නියමිත කාලයක් දක්වා ඔහු ඔවුන්ව ප්‍රමාද කරයි. ඔවුන්ගේ කාලය පැමිණි විට මොහොතක් හෝ ඔවුන් ප්‍රමාද නොවන අතර ඔවුන් ඉක්මන් ද නොවනු ඇත.
🎤 Your recording:
16:62
🔁 0/5
وَيَجۡعَلُونَ لِلَّهِ مَا يَكۡرَهُونَۚ وَتَصِفُ أَلۡسِنَتُهُمُ ٱلۡكَذِبَ أَنَّ لَهُمُ ٱلۡحُسۡنَىٰۚ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفۡرَطُونَ ٦٢
Wa yaj`aloona lillaahi maa yakrahoona wa tasifu alsinatuhumul kaziba anna lahumul husnaa laa jarama anna lahumun Naara wa annahum mufratoon
තවද ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට තබති. නියත වශයෙන්ම තමන්ට යහපත හිමි යැයි ඔවුන්ගේ දිවවල් බොරුව වර්ණනා කරති. නියත වශයෙන්ම ඔවුනට (නිරා) ගින්න ඇති බවටත් නියත වශයෙන්ම ඔවුන් (නිරා ගින්නෙහි) ප්‍රමුඛත්වය දෙනු ලැබූවන් බවටත් කිසිදු සැකයක් නොමැත.
🎤 Your recording:
16:63
🔁 0/5
تَٱللَّهِ لَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٍ مِّن قَبۡلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَهُوَ وَلِيُّهُمُ ٱلۡيَوۡمَ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ٦٣
Tallaahi laqad arsalnaaa ilaaa umamim min qablika fazayyana lahumush Shaitaanu a`maalahum fahuwa waliyyuhumul yawma wa lahum `azaabun aleem
අල්ලාහ් මත දිවුරමින්. නුඹට පෙර සිටම, සැබැවින්ම අපි සමූහයන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. නමුත් ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කළේය. එහෙයින් අද දින ඔවුන්ගේ භාරකරු ඔහුය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
🎤 Your recording:
16:64
🔁 0/5
وَمَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِي ٱخۡتَلَفُواْ فِيهِ وَهُدًى وَرَحۡمَةً لِّقَوۡمٍ يُؤۡمِنُونَ ٦٤
Wa maaa anzalnaa `alaikal Kitaaba illaa litubaiyina lahumul lazikh talafoo feehi wa hudanw wa rahmatal liqawminy yu`minoon
තවද කවර දෙයක ඔවුන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එය ඔවුනට නුඹ පැහැදිලි කරනු පිණිස ද දේවත්වය විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයක් වනු පිණිස ද මිස අපි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ නොකළෙමු.
🎤 Your recording:
16:65
🔁 0/5
وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَسۡمَعُونَ ٦٥
Wallaahu anzala minas samaaa`i maaa`an fa ahyaa bihil arda ba`da mawtihaa; inna fee zaalika la aayatal liqaw miny yasma`oon
තවද අල්ලාහ් අහසින් ජලය පහළ කොට මහපොළොව මිය ගිය පසු ව එමගින් ඔහු එය ප්‍රාණවත් කරයි. සවන් දෙන ජනයාට නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත.
🎤 Your recording:
16:66
🔁 0/5
وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةًۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهِۦ مِنۢ بَيۡنِ فَرۡثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَآئِغًا لِّلشَّٰرِبِينَ ٦٦
Wa inna lakum fil an`aami la`ibrah; nusqeekum mimmmaa fee butoonihee mim baini farsinw wa damil labanann khaalisan saaa`ighallish shaaribeen
තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට ආදර්ශයක් ඇත. උන්ගේ කුස තුළ මල හා ලේ අතර වූ දැයින් පානය කරන්නන්හට රසවත් පිරිසිදු කිරි අපි නුඹලාට පානය කිරීමට සපයන්නෙමු.
🎤 Your recording:
16:67
🔁 0/5
وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلۡأَعۡنَٰبِ تَتَّخِذُونَ مِنۡهُ سَكَرًا وَرِزۡقًا حَسَنًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَعۡقِلُونَ ٦٧
Wa min samaraatin nakheeli wal a`nnaabi tattakhizoona minhu sakaranw wa rizqann hasanaa; inna fee zaalika la Aayatal liqawminy ya`qiloon
තවද ඉඳි හා මිදි (වැනි) පලතුරු වලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා ප්‍රණීත ආහාර ගන්නෙහුය. නියත වශයෙන්ම එහි අවබෝධ කර ජනයාට සංඥාවක් ඇත.
🎤 Your recording:
16:68
🔁 0/5
وَأَوۡحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحۡلِ أَنِ ٱتَّخِذِي مِنَ ٱلۡجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعۡرِشُونَ ٦٨
Wa awhaa Rabbuka ilannnabli anit takhizee minal jabaali buyootanw wa minash shajari wa mimmaa ya`rishoon
තවද කඳු වලද ගස් වලද ඔවුන් ඉදි කරන දෑහි ද නුඹ නිවෙස් තනා ගනුයි මී මැස්සියට නුඹගේ පරමාධිපති හැඟෙව්වේය.
🎤 Your recording:
16:69
🔁 0/5
ثُمَّ كُلِي مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسۡلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًاۚ يَخۡرُجُ مِنۢ بُطُونِهَا شَرَابٌ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ فِيهِ شِفَآءٌ لِّلنَّاسِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةً لِّقَوۡمٍ يَتَفَكَّرُونَ ٦٩
Summma kulee min kullis samaraati faslukee subula Rabbiki zululaa; yakhruju mim butoonihaa sharaabum mukh talifun alwaanuhoo feehi shifaaa`ul linnaas, innna fee zaalika la Aayatal liqawminy yatafakkaroon
පසු ව නුඹ සියලු පලතුරු වලින් අනුභව කර නුඹගේ පරමාධිපතිගේ මං මාවත් වල පහසුවෙන් ගමන් ගනු. උගේ කුස තුළින් එහි විවිධ වර්ණයෙන් වූ පානය පිටවෙයි. එහි ජනයාට සුවය ඇත. නියත වශයෙන්ම එහි සිතා බලන ජනයා හට සංඥාවක් ඇත.
🎤 Your recording:
16:70
🔁 0/5
وَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٍ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ قَدِيرٌ ٧٠
Wallaahu khalaqakum suma tatawaffaakum; wa minkum many-yuradu ilaaa arzalil `umuri likai laa ya`lama ba`da `ilmin shai`aa; innal laaha `Aleemun Qadeer
තවද අල්ලාහ් නුඹලා ව මැව්වේය. පසු ව නුඹලා ව ඔහු මරණයට පත් කරන්නේය. දැනුම ලැබුවායින් පසු කිසිවක් දැනගත නොහැකි පරිදි දුබල වියට යොමු කරනු ලබන්නන් ද නුඹලා අතර වෙති. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා ශක්තිවන්තය.
🎤 Your recording:
16:71
🔁 0/5
وَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٍ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ ٧١
Wallaahu faddala ba`dakum `alaa ba`din fir rizq; famal lazeena fuddiloo biraaaddee rizqihim `alaa maa malakat aimaanuhum fahum feehi sawaaa`; afabini`matil laahi yajhadoon
තවද අල්ලාහ් නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට වඩා සම්පත් වලින් උසස් කළේය. එසේ උසස් කරනු ලැබූවන් ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ දකුණත් හිමිකර ගත් අයට දී ඔවුන් තමන්ට සමානයින් බවට පත් කර නොගනී. එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?
🎤 Your recording:
16:72
🔁 0/5
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجًا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ ٧٢
Wallaahu ja`ala lakum min anfusikum azwaajanw wa ja`ala lakum min azwaajikum baneena wa hafadatanw wa razaqakum minat yaiyibaat; afabil baatili yu`minoona wa bini`matil laahi hum yakkfuroon
තවද නුඹලා තුළින්ම නුඹලාට කලත්‍රයන් අල්ලාහ් ඇති කළේය. තවද නුඹලාගේ කලත්‍රයන් තුළින් නුඹලාට දරුවන් හා මුණුබුරන් ඇති කළේය. තවද නුඹලාට යහපත් දැයින් පෝෂණය කළේය. එහෙයින් ඔවුහු අසත්‍යය විශ්වාස කර අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?
🎤 Your recording:
16:73
🔁 0/5
وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَهُمۡ رِزۡقًا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ شَيۡـًٔا وَلَا يَسۡتَطِيعُونَ ٧٣
Wa ya`budoona min doonil laahi maa laa yamliku lahum rizqam minas samaawaati wal ardi shai`anw wa laa yastatee`oon
තවද අල්ලාහ් හැර දමා, අහස් වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණයකට හිමිකම් නොමැති එමෙන්ම (කිසිදු) හැකියාවක් නොමැති දෑට ඔවුහු නැමදුම් කරන්නෝ ද.
🎤 Your recording:
16:74
🔁 0/5
فَلَا تَضۡرِبُواْ لِلَّهِ ٱلۡأَمۡثَالَۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ٧٤
Falaa tadriboo lillaahil amsaal; innal laaha ya`lamu wa antum laa ta`lamoon
එහෙයින් නුඹලා අල්ලාහ්ට උපමාවන් ගෙන හැර නොදක්වනු. නියත වශයෙන්ම අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදන්නෙහුය.
🎤 Your recording:
16:75
🔁 0/5
۞ ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبۡدًا مَّمۡلُوكًا لَّا يَقۡدِرُ عَلَىٰ شَيۡءٍ وَمَن رَّزَقۡنَٰهُ مِنَّا رِزۡقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنۡهُ سِرًّا وَجَهۡرًاۖ هَلۡ يَسۡتَوُۥنَۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٧٥
Darabal laahu masalan `abdam mammlookal laa yaqdiru `alaa shai`inw wa marrazaqnaahu mminnaa rizqan hasanan fahuwa yunfiqu minhu sirranw wa jahra; hal yasta-woon; alhamdu lillaah; bal aksaruhum laa ya`lamoon
කිසිවක් මත ශක්තිය නොදරන වෙනත් කෙනෙකුට සතු වූ වහලෙකු හා අපගෙන් වූ යහපත් පෝෂණයෙන් අප ඔහුට පිරිනමා එයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ විය පැහැදම් කරන්නෙකු (යන දෙදෙනා) අල්ලාහ් උපමා ගෙන හැර දැක්වීය. ඔවුන් (දෙදෙනා) එක හා සමාන වන්නෝ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
🎤 Your recording:
16:76
🔁 0/5
وَضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلَيۡنِ أَحَدُهُمَآ أَبۡكَمُ لَا يَقۡدِرُ عَلَىٰ شَيۡءٍ وَهُوَ كَلٌّ عَلَىٰ مَوۡلَىٰهُ أَيۡنَمَا يُوَجِّههُّ لَا يَأۡتِ بِخَيۡرٍ هَلۡ يَسۡتَوِي هُوَ وَمَن يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَهُوَ عَلَىٰ صِرَٰطٍ مُّسۡتَقِيمٍ ٧٦
Wa darabal laahu masalar rajulaini ahaduhumaaa abkamu laa yaqdiru `alaa shai`inw wa huwa kallun `alaa mawlaahu ainamaa yuwajjihhu laa yaati bikhairin hal yastawee huwa wa many-yaamuru bil`adli wa huwa `alaa Siraatim MMustaqeem
තවද අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු උදාහරණයක් වශයෙන් ගෙන හැර දැක්වීය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් මත ශක්තිය නොදරන ගොළුවෙකි. ඔහුගේ ස්වාමියාට ඔහු බරකි. ඔහු ඔහු ව කොතැනකට යොමු කළ ද ඔහු යහපතක් ගෙන එන්නේ නැත. එවන් ඔහු හා ඍජු මාර්ගය මත වී යුක්තිය අනුව නියෝග කරන්නා (යන දෙදෙනා) එක සමාන වේවිද?
🎤 Your recording:
16:77
🔁 0/5
وَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَآ أَمۡرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمۡحِ ٱلۡبَصَرِ أَوۡ هُوَ أَقۡرَبُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٍ قَدِيرٌ ٧٧
Wa lillaahi ghaibus samaawaati wal ard; wa maaa amrus Saa`ati illaa kalamhil basari aw huwa aqrab; innal laaha `alaaa kulli shai`in Qadeer
තවද අහස්හි හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතුය. තවද අවසන් හෝරාවේ කරුණ ඇසිපිය හෙළන්නාක් මෙන් මිස නොමැත. එසේ නැතහොත් ඊටත් වඩා එය සමීපය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි මහා ශක්තිවන්තය.
🎤 Your recording:
16:78
🔁 0/5
وَٱللَّهُ أَخۡرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمۡ لَا تَعۡلَمُونَ شَيۡـًٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٧٨
Wallaahu akhrajakum mim butooni ummahaatikum laa ta`lamoona shai`anw wa ja`ala lakumus sam`a wal absaara wal af`idata la`allakum tashkuroon
තවද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලා ව බැහැර කළේ අල්ලාහ්ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද බැල්ම ද හදවත් ද ඇති කළේය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස.
🎤 Your recording:
16:79
🔁 0/5
أَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ مُسَخَّرَٰتٍ فِي جَوِّ ٱلسَّمَآءِ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱللَّهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍ لِّقَوۡمٍ يُؤۡمِنُونَ ٧٩
Alam yaraw ilat tairi musakhkharaatin fee jawwis samaaa`i maa yumsikuhunna illal laah; inna fee zaalika la Aayaatil liqawminy yu`minoon
අහස් ගැබෙහි වසඟ කරනු ලැබූ පක්ෂීන් දෙස ඔවුහු නොබැලුවෝ ද? අල්ලාහ් හැර වෙනත් කිසිවකු උන් රඳවා තබන්නේ නැත. නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.
🎤 Your recording:
16:80
🔁 0/5
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمۡ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلۡأَنۡعَٰمِ بُيُوتًا تَسۡتَخِفُّونَهَا يَوۡمَ ظَعۡنِكُمۡ وَيَوۡمَ إِقَامَتِكُمۡ وَمِنۡ أَصۡوَافِهَا وَأَوۡبَارِهَا وَأَشۡعَارِهَآ أَثَٰثًا وَمَتَٰعًا إِلَىٰ حِينٍ ٨٠
Wallaahu ja`ala lakum min juloodil an`aami buyootan tastakhif foonahaa yawma za`nikum wa yawma iqaamatikum wa min aswaafihaa wa awbaarihaa wa ash`aarihaaa asaasanw wa mataa`an ilaa been
තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නවාතැන් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේය. තවද උන්ගේ බැටළු රෝම වලින් ද එළු රෝම වලින් ද ඔටු රෝම වලින් ද භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේය.)
🎤 Your recording:
16:81
🔁 0/5
وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلًا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡجِبَالِ أَكۡنَٰنًا وَجَعَلَ لَكُمۡ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلۡحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأۡسَكُمۡۚ كَذَٰلِكَ يُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكُمۡ لَعَلَّكُمۡ تُسۡلِمُونَ ٨١
Wallaahu ja`ala lakum mimmaa khalaqa zilaalanw wa ja`ala lakum minal jibaali aknaananw wa ja`ala lakum saraabeela taqeekumul harra wa saraabeela taqeekum baasakum; kazaalika yutimmu ni`matahoo alaikum la`allakum tuslimoon
තවද අල්ලාහ් තමන් මැවූ දැයින් නුඹලාට සෙවණ ඇති කළේය. තවද ඔහු නුඹලාට කඳුවල ලෙන් ද ඇති කළේය. උණුසුමින් නුඹලා ව ආරක්ෂා කරන කබා හා (යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරු වලින් ආරක්ෂා කරන කබා ද ඔහු නුඹලාට ඇති කළේය. එලෙස නුඹලා යටහත් විය හැකි වනු පිණිස ඔහු ඔහුගේ ආශිර්වාදය නුඹලාට සම්පූර්ණ කරන්නේය.
🎤 Your recording:
16:82
🔁 0/5
فَإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٨٢
Fa in tawallaw fa innamaa `alaikal balaaghul mubeen
නමුත් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන්ම නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) පැහැදිලි ව දන්වා සිටීම පමණි.
🎤 Your recording:
16:83
🔁 0/5
يَعۡرِفُونَ نِعۡمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكۡثَرُهُمُ ٱلۡكَٰفِرُونَ ٨٣
Ya`rifoona ni`matal laahi summa yunkiroonahaa wa aksaruhumul kaafiroon
අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු දනිති. පසු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝය.
🎤 Your recording:
16:84
🔁 0/5
وَيَوۡمَ نَبۡعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤۡذَنُ لِلَّذِينَ كَفَرُواْ وَلَا هُمۡ يُسۡتَعۡتَبُونَ ٨٤
Wa yawma nab`asu min kulli ummatin shaheedan summa laa yu`zanu lillazeena kafaroo wa laa hum yusta`taboon
තවද එදින සෑම සමූහයකින්ම සාක්ෂිකරුවකු අප නැගිටුවන්නෙමු. පසු ව ප්‍රතික්ෂේප කළවුනට (කිසිදු කටයුත්තක් සඳහා) අවසර දෙනු නොලබනු ඇත. තවද ඔවුහු (අල්ලාහ් වෙත නැඹුරුවන මෙන්) බල කරනු ලබන්නන් ද නොවෙති.
🎤 Your recording:
16:85
🔁 0/5
وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُواْ ٱلۡعَذَابَ فَلَا يُخَفَّفُ عَنۡهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ٨٥
Wa izaa ra al lazeena zalamul `azaaba falaa yukhaf fafu `anhum wa laa hum yunzaroon
තවද අපරාධ කළවුන් එම දඬුවම දුටු විට ඔවුන්ගෙන් එය සැහැල්ලු කරනු නොලැබේ. තවද ඔවුහු අවකාශය දෙනු ලබන්නන් ද නොවෙති.
🎤 Your recording:
16:86
🔁 0/5
وَإِذَا رَءَا ٱلَّذِينَ أَشۡرَكُواْ شُرَكَآءَهُمۡ قَالُواْ رَبَّنَا هَٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدۡعُواْ مِن دُونِكَۖ فَأَلۡقَوۡاْ إِلَيۡهِمُ ٱلۡقَوۡلَ إِنَّكُمۡ لَكَٰذِبُونَ ٨٦
Wa izaa ra al lazeena ashrakoo shurakaaa`ahum qaaloo Rabbana haaa`ulaaa`i shurakaaa`unal lazeena kunnaa nad`oo min doonika fa alqaw ilaihimul qawla innakum lakaaziboon
තවද (අල්ලාහ්ගේ දේවත්වයට) සමානයන් තැබූවන් ඔවුන්ගේ (එම) සම දෙවිවරුන් දුටු විට, අපගේ පරමාධිපතියාණනි! නුඹව හැර දමා අප ඇරයුම් කරමින් සිටි අපගේ සම දෙවිවරුන් මොවුන්ය. එවිට නියත වශයෙන්ම නුඹලා මුසාවාදීහුය යැයි ඔවුහු ඔවුනට ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.
🎤 Your recording:
16:87
🔁 0/5
وَأَلۡقَوۡاْ إِلَى ٱللَّهِ يَوۡمَئِذٍ ٱلسَّلَمَۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٨٧
Wa alqaw ilal laahi yawma`izinis salama wa dalla `anhum maa kaanoo yaftaroon
තවද එදින යටහත්භාවය අල්ලාහ් වෙත ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුහු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යති.
🎤 Your recording:
16:88
🔁 0/5
ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ زِدۡنَٰهُمۡ عَذَابًا فَوۡقَ ٱلۡعَذَابِ بِمَا كَانُواْ يُفۡسِدُونَ ٨٨
Allazeena kafaroo wa saddoo `an sabeelil laahi zidnaahum `azaaban fawqal `azaabi bimaa kaanoo yufsidoon
ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළවුන්ට, ඔවුන් කලහකම් කරමින් සිටි බැවින් ඔවුනට අපි එම දඬුවමට ඉහළින් දඬුවම අධික කරන්නෙමු.
🎤 Your recording:
16:89
🔁 0/5
وَيَوۡمَ نَبۡعَثُ فِي كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيۡهِم مِّنۡ أَنفُسِهِمۡۖ وَجِئۡنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰٓؤُلَآءِۚ وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنًا لِّكُلِّ شَيۡءٍ وَهُدًى وَرَحۡمَةً وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ٨٩
Wa yawma nab`asu fee kulli ummmatin shaheedan `alaihim min anfusihim wa ji`naa bika shaheedan `alaa haaa`ulaaa`; wa nazzalnaa `alaikal Kitaaba tibyaanal likulli shai`inw wa hudanw wa rahmatanw wa bushraa lilmuslimeen
තවද එම දිනයේදී සෑම සමූහයකටම ඔවුනට එරෙහි ව සාක්ෂිකරුවකු ඔවුන් අතරින් නැගිටුවන්නෙමු. මොවුනට (මෙම සමූහයාට) එරෙහි ව අපි නුඹ ව සාක්ෂිකරුවකු වශයෙන් ගෙන එන්නෙමු. තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද ධර්ම ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු.
🎤 Your recording:
16:90
🔁 0/5
۞ إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٩٠
Innal laaha yaamaru bil `adli wal ihsaani wa eetaaa`i zil qurbaa wa yanhaa `anil fahshaaa`i wal munkari walbagh-i` ya`izukum la`allakum tazakkkaroon
නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිය ඉටු කරන ලෙස ද කාරුණිකත්වය පෙන්වන ලෙස ද සමීප ඥාතීන්ට පිරිනැමීමට ද නියෝග කරයි. එමෙන්ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි.
🎤 Your recording:
16:91
🔁 0/5
وَأَوۡفُواْ بِعَهۡدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمۡ وَلَا تَنقُضُواْ ٱلۡأَيۡمَٰنَ بَعۡدَ تَوۡكِيدِهَا وَقَدۡ جَعَلۡتُمُ ٱللَّهَ عَلَيۡكُمۡ كَفِيلًاۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا تَفۡعَلُونَ ٩١
Wa awfoo bi Ahdil laahi izaa `aahattum wa laa tanqudul aimaana ba`da tawkeedihaa wa qad ja`altumul laaha `alaikum kafeelaa; innal laaha ya`lamu maa taf`aloon
තවද නුඹලා ගිවිස ගත් විට අල්ලාහ්ගේ ගිවිසුම නුඹලා පූර්ණ ව ඉටු කරනු. තවද නුඹලා වෙත භාරකරු වශයෙන් නුඹලා අල්ලාහ් ව පත් කර තිබිය දී නුඹලා එය තහවුරු කිරීමෙන් පසු ව කඩ නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ දනී.
🎤 Your recording:
16:92
🔁 0/5
وَلَا تَكُونُواْ كَٱلَّتِي نَقَضَتۡ غَزۡلَهَا مِنۢ بَعۡدِ قُوَّةٍ أَنكَٰثًا تَتَّخِذُونَ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرۡبَىٰ مِنۡ أُمَّةٍۚ إِنَّمَا يَبۡلُوكُمُ ٱللَّهُ بِهِۦۚ وَلَيُبَيِّنَنَّ لَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ٩٢
Wa laa takoonoo kallatee naqadat ghazlahaa mim ba`di quwwatin ankaasaa; tattakhizoona aimaanakum dakhlalam bainakum an takoona ummatun hiya arbaa min ummah; innnamaa yablookumul laahu bih; wa la yubaiyinanna lakum yawmal Qiyaamati maa kuntum fee takhtalifoon
තවද ශක්තිමත් ව ගෙතුවායින් පසුව එම ගෙතුම කැබලි වලට කඩා දමන්නියක් ලෙස නුඹලා නොවනු. එක් සමූහයකට වඩා තවත් සමූහයකට වාසිදායී වන අයුරින් නුඹලාගේ දිවුරුම් නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා ගත්තෙහුය. එමගින් අල්ලාහ් නුඹලා ව පරීක්ෂා කරනු ඇත. තවද නුඹලා කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තේ ද එය මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු නුඹලාට පැහැදිලි කරනු ඇත.
🎤 Your recording:
16:93
🔁 0/5
وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةً وَٰحِدَةً وَلَٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَلَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَعۡمَلُونَ ٩٣
Wa law shaaa`al laahu laja`alakum ummmatanw waahidatanw wa laakiny yudillu many-yashaaa`u wa yahdee many-yashaaa`; wa latus`alunna `ammaa kuntum ta`maloon
තවද අල්ලාහ් අභිමත කර ඇත්නම් එකම සමූහයක් බවට නුඹලා ව පත් කරන්නට තිබුණි. එනමුත් ඔහු අභිමත කරන අය ව නොමඟ යන්නට ඉඩ හරී. තවද ඔහු අභිමත කරන අය ව යහ මග යොමු කරයි. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව සැබැවින්ම නුඹලා ප්‍රශ්න කරනු ලබන්නෙහුය.
🎤 Your recording:
16:94
🔁 0/5
وَلَا تَتَّخِذُوٓاْ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ فَتَزِلَّ قَدَمُۢ بَعۡدَ ثُبُوتِهَا وَتَذُوقُواْ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمۡ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمۡ عَذَابٌ عَظِيمٌ ٩٤
Wa laa tattakhizooo aimaanakum dakhalam bainakum ftazilla qadamum ba`da subootihaa wa tazooqus sooo`a bimmaa sadattum `an sabeelil laahi wa lakum `azaabun `azeem
තවද නුඹලාගේ දිවුරුම් (වංචා සහගත ලෙස) නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා නොගනු. එවිට නුඹලාගේ පාද එය ස්ථීර ව තැබූ පසු ව ලිස්සා යනු ඇත. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළ බැවින් නුඹලා නපුර භුක්ති විඳිනු ඇත. තවද නුඹලාට අතිමහත් දඬුවමක් ඇත.
🎤 Your recording:
16:95
🔁 0/5
وَلَا تَشۡتَرُواْ بِعَهۡدِ ٱللَّهِ ثَمَنًا قَلِيلًاۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيۡرٌ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٩٥
Wa laa tashtaroo bi `ahdil laahi samanan qaleelaa; innamaa `indal laahi huwa khairul lakum in kuntum ta`lamoon
තවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට නොවිකුණනු. නුඹලා දැන සිටියෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් සතුව ඇති දෙයමය නුඹලාට වඩාත් උතුම් වනුයේ.
🎤 Your recording:
16:96
🔁 0/5
مَا عِندَكُمۡ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٍۗ وَلَنَجۡزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓاْ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٦
maa `indakum yanfadu wa maa `indal laahi baaq; wa lanajziyannal lazeena sabarooo ajjrahum bi ahsani maa kaanoo ya`maloon
නුඹලා සතු ඇති දෑ ශූන්‍ය වී යනු ඇත. නමුත් අල්ලාහ් සතු ඇති දෑ ඉතිරි ව පවතින්නකි. ඉවසා දරා ගත් අයට ඔවුන් සිදුකරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි පිරිනමන්නෙමු.
🎤 Your recording:
16:97
🔁 0/5
مَنۡ عَمِلَ صَٰلِحًا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٌ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةً طَيِّبَةًۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ ٩٧
Man `amila saaliham min zakarin aw unsaa wa huwa mu`minun falanuhyiyannahoo hayaatan taiiyibatanw wa lanajzi yannnahum ajrahum bi ahsani maa kaanoo ya`maloon
යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු.
🎤 Your recording:
16:98
🔁 0/5
فَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ فَٱسۡتَعِذۡ بِٱللَّهِ مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ ٩٨
Fa izaa qara tal Quraana fasta`iz billaahi minashh Shai taanir rajeem
එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනා කළ විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.
🎤 Your recording:
16:99
🔁 0/5
إِنَّهُۥ لَيۡسَ لَهُۥ سُلۡطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٩٩
Innahoo laisa lahoo sultaanun `alal lazeena aamanoo wa `alaa Rabbihim yatawakkaloon
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කොට තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නන්හට බලපෑමක් කිරීමට ඔහුට හැකියාවක් නොමැත.
🎤 Your recording:
16:100
🔁 0/5
إِنَّمَا سُلۡطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوۡنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشۡرِكُونَ ١٠٠
Innnamaa sultaanuhoo `alal lazeena yatawallawnahoo wallazeena hum bihee mushrikoon
ඔහුගේ බලය බල පවත්වනුයේ ඔහු ව භාරකරු බවට පත් කර ගත් අය කෙරෙහි හා ඔවුහු ඔහු (අල්ලාහ්) ට සමානයන් තබන්නන් කෙරෙහිය.
🎤 Your recording:
16:101
🔁 0/5
وَإِذَا بَدَّلۡنَآ ءَايَةً مَّكَانَ ءَايَةٍ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓاْ إِنَّمَآ أَنتَ مُفۡتَرِۭۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ١٠١
Wa izaa baddalnaaa Aayatam makaana Aayatinw wal laahu a`lamu bimaa yunazzilu qaalooo innamaa anta muftar; bal aksaruhum laa ya`lamoon
තවද එක් වදනක් වෙනුවට තවත් වදනක් අපි වෙනස් කළ විට - පහළ කළ යුත්තේ කුමක්ද පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. - නියත වශයෙන්ම නුඹ ගොතා පවසන්නෙක් යැයි ඔවුහු පැවසූහ. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (සත්‍යය) නොදනිති.
🎤 Your recording:
16:102
🔁 0/5
قُلۡ نَزَّلَهُۥ رُوحُ ٱلۡقُدُسِ مِن رَّبِّكَ بِٱلۡحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُواْ وَهُدًى وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ١٠٢
Qul nazzalahoo Roohul Qudusi mir Rabbika bilhaqqi liyusabbital lazeena aamanoo wa hudanw wa bushraa lilmuslimeen
දේවත්වය විශ්වාස කළවුන් ස්ථාවර කරනු වස් ද මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක් හා ශුභාරංචියක් වශයෙන් ද නුඹගේ පරමාධිපති වෙතින් පාරිශුද්ධ ආත්මය එය සත්‍යයෙන් යුතු ව පහළ කළේ යැයි නුඹ පවසනු.
🎤 Your recording:
16:103
🔁 0/5
وَلَقَدۡ نَعۡلَمُ أَنَّهُمۡ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌۗ لِّسَانُ ٱلَّذِي يُلۡحِدُونَ إِلَيۡهِ أَعۡجَمِيٌّ وَهَٰذَا لِسَانٌ عَرَبِيٌّ مُّبِينٌ ١٠٣
Wa laqad na`lamu annahum yaqooloona innamaa yu`allimuhoo bashar; lisaanul lazee yulhidoona ilaihi a`ja miyyunw wa haaza lisaanun `Arabiyyum mubeen
තවද ඇත්තෙන්ම එය උගන්වනුයේ මිනිසෙකි යැයි නියත වශයෙන්ම ඔවුහු පවසන බව සැබැවින්ම අපි දනිමු. ඔවුන් කවරෙකු වෙත සම්බන්ධ කරමින් පවසන්නේ ද ඔහුගේ භාෂාව අරාබි නොවන භාෂාවයි. නමුත් මෙය පැහැදිලි අරාබි භාෂාවයි.
🎤 Your recording:
16:104
🔁 0/5
إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهۡدِيهِمُ ٱللَّهُ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ١٠٤
Innal lazeena laa yu`minoona bi Aayaatil laahi laa yahdehimul laahu wa lahum `azaabun aleem
නියත වශයෙන්ම අල්ලාහ්ගේ වදන් විශ්වාස නොකරන්නන් වනාහි ඔහු ඔවුනට මග නොපෙන්වයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
🎤 Your recording:
16:105
🔁 0/5
إِنَّمَا يَفۡتَرِي ٱلۡكَذِبَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰذِبُونَ ١٠٥
Innamaa yaftaril kazibal lazeena laa yu`minoona bi Aayaatil laahi wa ulaaa`ika humul kaaziboon
එසේ බොරු ගොතනුයේ අල්ලාහ්ගේ වදන් විශ්වාස නොකරන්නන්ය. තවද ඔවුහුමය මුසාවාදීහූ.
🎤 Your recording:
16:106
🔁 0/5
مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعۡدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنۡ أُكۡرِهَ وَقَلۡبُهُۥ مُطۡمَئِنُّۢ بِٱلۡإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلۡكُفۡرِ صَدۡرًا فَعَلَيۡهِمۡ غَضَبٌ مِّنَ ٱللَّهِ وَلَهُمۡ عَذَابٌ عَظِيمٌ ١٠٦
man kafara billaahi mim ba`di eemaanihee illaa man ukriha wa qalbuhoo mutmma`innum bil eemaani wa laakim man sharaha bilkufri sadran fa`alaihim ghadabum minal laahi wa lahum `azaabun `azeem
අල්ලාහ් පිළිබඳ විශ්වාස කිරීමෙන් පසු ව කවරෙකු ඔහු ව ප්‍රතික්ෂේප කළේ ද (ඔහු වෙත අල්ලාහ්ගේ කෝපය ඇත.) තම සිත දේව විශ්වාසයේ තැන්පත් ව තිබිය දී බල කරනු ලැබූ අයෙකු හැර. (ඔහු කෙරහි වරදක් නැත.) එනමුත් හදවත දේව ප්‍රතික්ෂේපයෙන් විවෘත කළවුන් වන ඔවුනට අල්ලාහ් වෙතින් වූ කෝපය ඇත. එමෙන්ම ඔවුනට අතිමහත් වූ දඬුවමක් ද ඇත.
🎤 Your recording:
16:107
🔁 0/5
ذَٰلِكَ بِأَنَّهُمُ ٱسۡتَحَبُّواْ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا عَلَى ٱلۡأٓخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ١٠٧
Zaalika bi annahumus tahabbul hayaatad dunyaa `alal Aakhirati wa annal laaha laa yahdil qawmal kaafireen
එය ඔවුහු මතුලොවට වඩා මෙලොව ජීවිතය ප්‍රිය කළ බැවිනි. තවද නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන ජනයාට අල්ලාහ් මග නොපෙන්වයි.
🎤 Your recording:
16:108
🔁 0/5
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡغَٰفِلُونَ ١٠٨
Ulaaa`ikal lazeena taba`al laahu `alaa quloobihim wa sam`ihim wa absaarihim wa ulaaa`ika humul ghaafiloon
ඔවුහු වනාහි අල්ලාහ් ඔවුන්ගේ හදවත්, ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්‍රා තැබුවේය. තවද ඔවුහුමය අනවධානී ව සිටින්නෝ.
🎤 Your recording:
16:109
🔁 0/5
لَا جَرَمَ أَنَّهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡخَٰسِرُونَ ١٠٩
Laa jarama annnahum fil Aakhirati humul khassiroon
නියත වශයෙන්ම මතුලොවෙහි පරාජිතයෝ ඔවුහුමය යන්නට කිසිදු සැකයක් නොමැත.
🎤 Your recording:
16:110
🔁 0/5
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِنۢ بَعۡدِ مَا فُتِنُواْ ثُمَّ جَٰهَدُواْ وَصَبَرُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٌ رَّحِيمٌ ١١٠
Summa inna Rabbaka lillazeena haajaroo mim ba`dimaa futinoo summma jaahadoo wa sabaroo inna Rabbaka mim ba`dihaa la Ghafoorur Raheem
තවද ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ලැබූ පසුව නික්ම ගොස් (තම ජීවිත) කැප කොට ඉවසා දරා ගත්තවුනට නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සිටී. ඉන්පසු ව නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය; මහා කරුණා ගුණයෙන් යුක්තය.
🎤 Your recording:
16:111
🔁 0/5
۞ يَوۡمَ تَأۡتِي كُلُّ نَفۡسٍ تُجَٰدِلُ عَن نَّفۡسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفۡسٍ مَّا عَمِلَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ١١١
Yawma taatee kullu nafsin tujaadilu `an nafsihaa wa tuwaffaa kullu nafsim maa `amilat wa hum laa yuzlamoon
එදින සෑම ආත්මයක්ම තමන් ගැන වාද කරමින් පැමිණෙති. තවද සෑම ආත්මයක්ම තමන් කළ දෑට පූර්ණ ව ප්‍රතිඵල දෙනු ලබති. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
🎤 Your recording:
16:112
🔁 0/5
وَضَرَبَ ٱللَّهُ مَثَلًا قَرۡيَةً كَانَتۡ ءَامِنَةً مُّطۡمَئِنَّةً يَأۡتِيهَا رِزۡقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتۡ بِأَنۡعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلۡجُوعِ وَٱلۡخَوۡفِ بِمَا كَانُواْ يَصۡنَعُونَ ١١٢
Wa darabal laahu masalan qaryatan kaanat aaminatam mutma`innatany yaaateehaa rizquhaa rghadam min kulli makaanin fakafarat bi an`umil laahi fa azaaqahal laahu libaasal joo`i walkhawfi bimaa kaanoo yasna`oon
තවද අල්ලාහ් ගම්මානයක් උදාහරණයක් ලෙස ගෙන හැර පෙන්වීය. එය සුරක්ෂිත සාමකාමී විය. සෑම තැනකින්ම පෝෂණය ඒ වෙත පැමිණියේය. නමුත් එය (ගම් වාසීහු) අල්ලාහ්ගේ ආශිර්වාදය පිළිබඳ ගුණ මකු විය. එවිට ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සාගින්නෙහි හා බියෙහි වස්ත්‍රය එයට විඳවන්නට සැලස් විය.
🎤 Your recording:
16:113
🔁 0/5
وَلَقَدۡ جَآءَهُمۡ رَسُولٌ مِّنۡهُمۡ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلۡعَذَابُ وَهُمۡ ظَٰلِمُونَ ١١٣
Wa laqad jaaa`ahum Rasoolum minhum fakazzaboohu fa akhazahumul `azaabu wa hum zaalimoon
තවද ඔවුන් අතුරන් දූතයකු ඔවුන් වෙත සැබැවින්ම පැමිණියේය. නමුත් ඔවුහු ඔහු ව බොරු කළෝය. එහෙයින් ඔවුන් අපරාධකරුවන් ව සිටිය දී දඬුවම ඔවුන් ව ග්‍රහණය කළේය.
🎤 Your recording:
16:114
🔁 0/5
فَكُلُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلًا طَيِّبًا وَٱشۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ١١٤
Fakuloo mimmaa razaqa kumul laahu halaalan taiyibanw washkuroo ni`matal laahi in kuntum iyyaahu ta`budoon
එහෙයින් අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු, අනුමත දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ටම නැමදුම් කරමින් සිටියෙහු නම් ඔහුගේ ආශිර්වාදයට නුඹලා කෘතඥ වනු.
🎤 Your recording:
16:115
🔁 0/5
إِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ١١٥
Innamaa harrma `alai kumul maitata waddama wa lahmal khinzeeri wa maaa uhilla lighairil laahi bihee famanid turra ghaira baaghinw wa laa `aadin fa innal laaha Ghafoorur Raheem
නියත වශයෙන්ම නුඹලා වෙත ඔහු තහනම් කර ඇත්තේ මළ දෑ, රුධිරය, ශූකර මාංශ හා කවර දෙයක් අල්ලාහ් නොවන දෑට කපන ලද්දේ ද ඒවාය. නමුත් කවරෙකු හෝ බල කරනු ලැබුවේ නම් ඔහු අසාධාරණ ලෙසින් හා සීමාව ඉක්මවීමෙන් තොරව (ඒවා අනුභව කළේ නම්) එවිට අල්ලාහ් අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය.
🎤 Your recording:
16:116
🔁 0/5
وَلَا تَقُولُواْ لِمَا تَصِفُ أَلۡسِنَتُكُمُ ٱلۡكَذِبَ هَٰذَا حَلَٰلٌ وَهَٰذَا حَرَامٌ لِّتَفۡتَرُواْ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۚ إِنَّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ لَا يُفۡلِحُونَ ١١٦
Wa laa taqooloo limaa tasifu alsinatukumul kaziba haaza halaalunw wa haazaa haraamul litaftaroo `alal laahil kazib; innal lazeena yaftaroona `alal laahil kaziba laa yuflihoon
අල්ලාහ් කෙරෙහි නුඹලා බොරු ගොතනු වස් නුඹලාගේ දිව වල් වර්ණනා කරන දෑට මෙය අනුමතය. මෙය තහනම්ය යැයි නුඹලා නොපවසනු. නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන් ජය නොලබති.
🎤 Your recording:
16:117
🔁 0/5
مَتَٰعٌ قَلِيلٌ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ١١٧
Mata`un qaleelunw wa lahum `azaabun aleem
ස්වල්ප භුක්ති විඳීමකි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
🎤 Your recording:
16:118
🔁 0/5
وَعَلَى ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا مَا قَصَصۡنَا عَلَيۡكَ مِن قَبۡلُۖ وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ١١٨
Wa `alal lazeena haadoo harramnaa ma qasasnaa `alaika min qablu wa maa zalamanaahum wa laakin kaanoo anfusahum wa laakin kaanoo anfusahum yazlimoon
තවද මීට පෙර අපි නුඹ වෙත පැවසූ දෑ යුදෙව් වූවන් වෙත අපි තහනම් කළෙමු. තවද අපි ඔවුනට අපරාධ නොකළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගන්නවුන් වූහ.
🎤 Your recording:
16:119
🔁 0/5
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُواْ ٱلسُّوٓءَ بِجَهَٰلَةٍ ثُمَّ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٌ رَّحِيمٌ ١١٩
Summma inna Rabbaka lillazeena `amilus sooo`a bijahaalatin summa taaboo mim ba`di zaaalika wa aslahoo inna Rabbaka mim ba`dihaa la Ghafoorur Raheem
පසු ව නියත වශයෙන්ම අනුවන කමින් නපුරක් සිදු කොට ඉන් පසු ව පශ්චාත්තාප වී තමන් හැඩ ගස්වා ගත් අයට නුඹගේ පරමාධිපති සිටී. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඉන් පසු ව පවා අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.
🎤 Your recording:
16:120
🔁 0/5
إِنَّ إِبۡرَٰهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِّلَّهِ حَنِيفًا وَلَمۡ يَكُ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٠
Inna Ibraaheema kaana ummatan qaanital lillaahi Haneefanw wa lam yakuminal mushrikeen
නියත වශයෙන්ම ඉබ්‍රාහීම් අල්ලාහ්ට අවංක ව අවනත වූ (නායකත්ව) සමූහයක් (මෙන්) විය. තවද ඔහු ආදේශ කරන්නන් අතරින් නොවීය.
🎤 Your recording:
16:121
🔁 0/5
شَاكِرًا لِّأَنۡعُمِهِۚ ٱجۡتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٍ مُّسۡتَقِيمٍ ١٢١
Shaakiral li an`umih; ijtabaahu wa hadaahu ilaa Siraatim Muustaqeem
ඔහුගේ ආශිර්වාද වලට කෘතවේදියකු විය. ඔහු ව ඔහු තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මග පෙන්වීය.
🎤 Your recording:
16:122
🔁 0/5
وَءَاتَيۡنَٰهُ فِي ٱلدُّنۡيَا حَسَنَةًۖ وَإِنَّهُۥ فِي ٱلۡأٓخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ ١٢٢
Wa aatainaahu fid dunyaa hasanah; wa innahoo fil Aakhirati laminas saaliheen
තවද මෙලොව යහපත අපි ඔහුට පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතර වෙයි.
🎤 Your recording:
16:123
🔁 0/5
ثُمَّ أَوۡحَيۡنَآ إِلَيۡكَ أَنِ ٱتَّبِعۡ مِلَّةَ إِبۡرَٰهِيمَ حَنِيفًاۖ وَمَا كَانَ مِنَ ٱلۡمُشۡرِكِينَ ١٢٣
Summma awhainaa ilaika anit tabi` Millata Ibraaheema haneefaa; wa maa kaana minal mushrikeen
පසු ව “නුඹ ඉබ්‍රාහීම්ගේ අවංක වූ පිළිවෙත අනුගමනය කරනු. ඔහු ආදේශ කරන්නන් අතරින් නොවීය” යැයි අපි නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියෙමු.
🎤 Your recording:
16:124
🔁 0/5
إِنَّمَا جُعِلَ ٱلسَّبۡتُ عَلَى ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِۚ وَإِنَّ رَبَّكَ لَيَحۡكُمُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ١٢٤
Innnamaa ju`ilas Sabtu `alal lazeenakhtalafoo feeh; wa inna Rabbaka la yahkumu bainahum Yawmal Qiyaamati feemaa kaanoo feehi yakhtalifoon
නියත වශයෙන්ම සෙනසුරාදා දින සීමාව නියම කරනු ලැබුවේ එහි මතභේද ඇති කර ගත්තවුන් කෙරෙහිය. තවද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර තීන්දු කරනු ඇත.
🎤 Your recording:
16:125
🔁 0/5
ٱدۡعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلۡحِكۡمَةِ وَٱلۡمَوۡعِظَةِ ٱلۡحَسَنَةِۖ وَجَٰدِلۡهُم بِٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ١٢٥
Ud`u ilaa sabeeli Rabbika bilhikmati walmaw `izatil hasanati wa jaadilhum billatee hiya ahsan; inna Rabbaka huwa a`almu biman dalla `an sabeelihee wa Huwa a`lamu bilmuhtadeen
නුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතු ව හා යහපත් උපදෙස් මගින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමග නුඹ තර්ක කරනු. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නාය. තවද ඔහු යහ මග ගියවුන් පිළිබඳ ව ද මැනවින් දන්නාය.
🎤 Your recording:
16:126
🔁 0/5
وَإِنۡ عَاقَبۡتُمۡ فَعَاقِبُواْ بِمِثۡلِ مَا عُوقِبۡتُم بِهِۦۖ وَلَئِن صَبَرۡتُمۡ لَهُوَ خَيۡرٌ لِّلصَّٰبِرِينَ ١٢٦
Wa in `aaqabtum fa`aaqiboo bimisli maa `ooqibtum bihee wa la`in sabartum lahuwa khairul lissaabireen
තවද නුඹලා දඬුවම් කරන්නෙහු නම් නුඹලා කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමාන ව නුඹලා දඬුවම් කරනු. තවද නුඹලා ඉවසා දරා ගත්තෙහු නම් ඉවසිලිවන්තයින්හට එය උතුම්ය.
🎤 Your recording:
16:127
🔁 0/5
وَٱصۡبِرۡ وَمَا صَبۡرُكَ إِلَّا بِٱللَّهِۚ وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُ فِي ضَيۡقٍ مِّمَّا يَمۡكُرُونَ ١٢٧
Wasbir wa maa sabruka illaa billaah; wa laa tahzan `alaihim wa laa taku fee daiqim mimmaa yamkuroon
තවද නුඹ ඉවසා දරා ගනු. තවද නුඹේ ඉවසීම අල්ලාහ් සම්බන්ධයෙන් මිස නොවිය යුතුය. තවද නුඹ ඔවුන් ගැන දුක් නොවනු. තවද ඔවුන් කුමන්ත්‍රණ කරන දැයින් නුඹ පීඩනයක පසු නොවනු.
🎤 Your recording:
16:128
🔁 0/5
إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَواْ وَّٱلَّذِينَ هُم مُّحۡسِنُونَ ١٢٨
Innal laaha ma`al lazeenat taqaw wal lazeena hum muhsinoon
නියත වශයෙන්ම අල්ලාහ් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් හා දැහැමි ව කටයුතු කළවුන් වන ඔවුන් සමගය.
🎤 Your recording:
💡 Tap any hidden word to reveal it temporarily — your progress is saved automatically in this browser.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







