📖 0/604 කියවූ පිටු
📄 125
وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُواْ حَسۡبُنَا مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡلَمُونَ شَيۡـًٔا وَلَا يَهۡتَدُونَ  ۝١٠٤ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَيۡكُمۡ أَنفُسَكُمۡۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهۡتَدَيۡتُمۡۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ  ۝١٠٥ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ شَهَٰدَةُ بَيۡنِكُمۡ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ حِينَ ٱلۡوَصِيَّةِ ٱثۡنَانِ ذَوَا عَدۡلٍ مِّنكُمۡ أَوۡ ءَاخَرَانِ مِنۡ غَيۡرِكُمۡ إِنۡ أَنتُمۡ ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَأَصَٰبَتۡكُم مُّصِيبَةُ ٱلۡمَوۡتِۚ تَحۡبِسُونَهُمَا مِنۢ بَعۡدِ ٱلصَّلَوٰةِ فَيُقۡسِمَانِ بِٱللَّهِ إِنِ ٱرۡتَبۡتُمۡ لَا نَشۡتَرِي بِهِۦ ثَمَنًا وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰ وَلَا نَكۡتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذًا لَّمِنَ ٱلۡأٓثِمِينَ  ۝١٠٦ فَإِنۡ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسۡتَحَقَّآ إِثۡمًا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسۡتَحَقَّ عَلَيۡهِمُ ٱلۡأَوۡلَيَٰنِ فَيُقۡسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعۡتَدَيۡنَآ إِنَّآ إِذًا لَّمِنَ ٱلظَّٰلِمِينَ  ۝١٠٧ ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يَأۡتُواْ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجۡهِهَآ أَوۡ يَخَافُوٓاْ أَن تُرَدَّ أَيۡمَٰنُۢ بَعۡدَ أَيۡمَٰنِهِمۡۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱسۡمَعُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ  ۝١٠٨
5:104
وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُواْ حَسۡبُنَا مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡلَمُونَ شَيۡـًٔا وَلَا يَهۡتَدُونَ  ۝١٠٤
අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්‍රමාණවත් වේ යැයි ඔවුහු පැවසුවෝය. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන; ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදී (ඔවුහු පිළිපදින්නෝ) ද?
5:105
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَيۡكُمۡ أَنفُسَكُمۡۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهۡتَدَيۡتُمۡۚ إِلَى ٱللَّهِ مَرۡجِعُكُمۡ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ  ۝١٠٥
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා ගැන නුඹලා ම (නොමඟ යෑමෙන්) ප්‍රවේසම් විය යුතුයි. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත. නුඹලා සියලු දෙනා නැවත යා යුතු ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වා සිටිනු ඇත.
5:106
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ شَهَٰدَةُ بَيۡنِكُمۡ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ حِينَ ٱلۡوَصِيَّةِ ٱثۡنَانِ ذَوَا عَدۡلٍ مِّنكُمۡ أَوۡ ءَاخَرَانِ مِنۡ غَيۡرِكُمۡ إِنۡ أَنتُمۡ ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَأَصَٰبَتۡكُم مُّصِيبَةُ ٱلۡمَوۡتِۚ تَحۡبِسُونَهُمَا مِنۢ بَعۡدِ ٱلصَّلَوٰةِ فَيُقۡسِمَانِ بِٱللَّهِ إِنِ ٱرۡتَبۡتُمۡ لَا نَشۡتَرِي بِهِۦ ثَمَنًا وَلَوۡ كَانَ ذَا قُرۡبَىٰ وَلَا نَكۡتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذًا لَّمِنَ ٱلۡأٓثِمِينَ  ۝١٠٦
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගෙන් කිසිවකුට මරණය පැමිණි විට ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේ නුඹලාගෙන් යුක්තිගරුක දෙදෙනෙකු නුඹලා අතර සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නැතහොත්, නුඹලා මිහිතලයේ ගමනක නියැළී මරණයේ අභාග්‍යය නුඹලාට අත් වූයේ නම් නුඹලා අතරින් නොවූ වෙනත් දෙදෙනකු සාක්ෂි වශයෙන් සිටිය යුතුය. (උරුමක්කරුවන් වන) නුඹලා සැක සිතන්නෙහු නම් සලාතයෙන් පසුව ඔවුන් දෙදනා රඳවා ගනු. අපි මෙ(සේ සාක්ෂි පැවසීම)මගින් කිසිදු මිලක් ලබා නොගනිමු. ඔහු සමීප ඥාතියකු වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි පැවසීමෙහි කිසිවක් වසන් නොකරන්නෙමු. (එසේ අප කළේ නම්) සැබැවින්ම අපි එවිට පාපතරයින්ගෙන් වන්නෙමු යැයි අල්ලාහ් මත ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.
5:107
فَإِنۡ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسۡتَحَقَّآ إِثۡمًا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسۡتَحَقَّ عَلَيۡهِمُ ٱلۡأَوۡلَيَٰنِ فَيُقۡسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعۡتَدَيۡنَآ إِنَّآ إِذًا لَّمِنَ ٱلظَّٰلِمِينَ  ۝١٠٧
සැබැවින්ම ඔවුන් දෙදෙනා (බොරු කී) පාපයට සුදුස්සන් යැයි හඳුනා ගනු ලැබූ විටක තමන්ට උරුමය ලැබිය යුතු යැයි පවසන අය අතරින් වෙනත් සමීප ඥාතීන් දෙදෙනකු (ද්‍රෝහිකම් කළ) ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට ඔවුන් දෙදෙනාගේ සාක්ෂියට වඩා අපගේ සාක්ෂිය ඉතා නිවැරදිය. අපි සීමාව ඉක්මවා කටයුතු නොකළෙමු. (එසේ අප කළේ නම්) සැබැවින්ම අපි එවිට අපරාධකරුවන් අතරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.
5:108
ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يَأۡتُواْ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجۡهِهَآ أَوۡ يَخَافُوٓاْ أَن تُرَدَّ أَيۡمَٰنُۢ بَعۡدَ أَيۡمَٰنِهِمۡۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱسۡمَعُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ  ۝١٠٨
එය (එසේ දිවුරා සිටීම), සාක්ෂිය එහි නියම මුහුණුවරින් ගෙන ඒම පිණිසත්, නැත්නම් ඔවුන්ගේ දිවුරීමට පසුව (තමන්ගේ) දිවුරුම ප්‍රතික්ෂේප කරනු ලැබේවි යැයි ඔවුන් බියවීමටත් ඉතා පහසු මාර්ගයකි. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සවන් දෙනු. තවද අල්ලාහ් දුෂ්ඨ පිරිසට මඟ නොපෙන්වයි.


📚 7 📄125 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, October 7, 2026

Don't forget us in your sincere prayers