📖 0/604 කියවූ පිටු
📄 484
فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجًا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجًا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٌۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ  ۝١١ لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ  ۝١٢ ۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ  ۝١٣ وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٌ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكٍّ مِّنۡهُ مُرِيبٍ  ۝١٤ فَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٍۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ  ۝١٥
42:11
فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجًا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجًا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٌۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ  ۝١١
(ඔහු) අහස් හා මහපොළොවේ නිර්මාපකය. නුඹලා සඳහා නුඹලා තුළින්ම යුගල ද එමෙන්ම ගොවිපළ සතුන් අතරින් යුගල ද ඔහු ඇති කළේය. එහි නුඹලා ව ඔහු බිහි කරයි. ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව නිරීක්ෂකය.
42:12
لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ  ۝١٢
අහස් හා මහපොළොවේ (පෝෂණ සම්පත් හි) යතුරු ඔහු සතුය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්යාප්ත කරයි. තවද ඔහු සීමා ද කරයි. නියත වශයෙන්ම ඔහු සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
42:13
۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ  ۝١٣
කවර දෙයක් පිළිබඳ ව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ද ඔහු දහම්ගත කළේය. තවද නුඹ වෙත දන්වා සිටි දෑ ද ඉබ්රාහීම්, මූසා, ඊසාට අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද වනාහි “නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කරනු, එහි නුඹලා වෙන් ව නොයනු” යනුවෙනි. නුඹ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි.
42:14
وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٌ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكٍّ مِّنۡهُ مُرِيبٍ  ۝١٤
තවද ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසු ව ඔවුන් අතර තිබූ ඊර්ෂ්යාව හේතුවෙන් මිස ඔවුහු (දහමෙහි) වෙන් ව නොගියෝය. තවද ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් නියමිත කාලයක් දක්වා පෙරටු නොවූයේ නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද සැබැවින්ම ඔවුන්ගෙන් පසු ව ධර්ම ග්‍රන්ථය උරුම කර දෙනු ලැබූ අය ඒ පිළිබඳ ව අවිශ්වාසය ඇති කරන සැකයෙහි සිටිති.
42:15
فَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٍۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ  ۝١٥
එහෙයින් (නබිවරය!) නුඹ ඇරයුම් කරනු. තවද නුඹ අණ කරනු ලැබූ සේම ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු. තවද නුඹ මෙසේ පවසනු “ධර්ම ග්‍රන්ථයෙන් අල්ලාහ් පහළ කළ දෑ පිළිබඳ ව මම විශ්වාස කළෙමි. තවද නුඹලා අතර යුක්තිගරුක ව කටයුතු කිරීමට මම අණ කරනු ලැබුවෙමි. අල්ලාහ් අපගේ පරමාධිපතිය. තවද නුඹලාගේද පරමාධිපතිය. අපට අපගේ ක්‍රියාවන්. තවද නුඹලාට නුඹලාගේ ක්‍රියාවන්. මෙහි අප අතර හා නුඹලා අතර කිසිදු තර්කයක් නැත. අල්ලාහ් අප එක්රැස් කරයි. තවද නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙතමය.”


📚 25 📄484 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Friday, October 16, 2026

Don't forget us in your sincere prayers