අල්-ඝාෂියා සූරා අරාබි සහ සිංහල

අල්-ඝාෂියා සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (26 ආයාත් — مكية). අල්-ඝාෂියා අසන්න, අල්-ඝාෂියා පරිවර්තනය, අල්-ඝාෂියා mp3, අල්-ඝාෂියා pdf.

අල්-ඝාෂියා සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.
عَامِلَةٌ نَّاصِبَةٌ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.
تَصْلَىٰ نَارًا حَامِيَةً ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නොමැත.
لَّا يُسْمِنُ وَلَا يُغْنِي مِن جُوعٍ ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
لِّسَعْيِهَا رَاضِيَةٌ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,
فِي جَنَّةٍ عَالِيَةٍ ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
උසස් ස්වර්ග උයන්හි (පවතී.)
لَّا تَسْمَعُ فِيهَا لَاغِيَةً ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
එහි පුහු වදන් ශ්රවණය නොකරති.
فِيهَا عَيْنٌ جَارِيَةٌ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
එහි ගලා යන උල්පත් ඇත.
فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
එහි උස් නිදියහන් ද ඇත.
وَأَكْوَابٌ مَّوْضُوعَةٌ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
(බීමට) තබන ලද ගුරුලේත්තු ද,
وَنَمَارِقُ مَصْفُوفَةٌ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
වියන ලද කොට්ට ද,
وَزَرَابِيُّ مَبْثُوثَةٌ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;
وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;
وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.
إِنَّ إِلَيْنَا إِيَابَهُمْ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
පසුව සැබැවින්ම ඔවුන් (කළ ක්‍රියාවන්) ගේ ගණනය අප මත ය.
← 87 අල්-ඝාෂියා (88/114) 89 →
කියවන්න අල්-ඝාෂියා සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

88الغاشية Al-Ghashiyah 📚 26 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-ඝාෂියා සූරා — 26 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers