අල්-මුම්තහිනා · 7/13
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුම්තහිනා
۞ عَسَى اللَّهُ أَن يَجْعَلَ بَيْنَكُمْ وَبَيْنَ الَّذِينَ عَادَيْتُم مِّنْهُم مَّوَدَّةً ۚ وَاللَّهُ قَدِيرٌ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ ۝٧
Asal laahu any yaj`ala bainakum wa bainal lazeena `aadaitum minhum mawaddah; wallahu qadeer; wallahu ghafoorur raheem
📖 සිංහලෙන්
නුඹලා අතර හා නුඹලා සමග සතුරුකම ඇති කර ගත්තවුන් අතර සෙනෙහස ඇති කරවීමට අල්ලාහ්ට පුළුවන. තවද අල්ලාහ් සර්ව ශක්තිය ඇත්තාය. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
🎧 අසන්න

📜 ආයාත් 5-9 — අල්-මුම්තහිනා

5رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا وَاغْفِرْ لَنَا رَبَّنَا ۖ إِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ
“අපගේ පරමාධිපතියාණනි! ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙස අප පත් නොකරනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම නුඹ සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
6لَقَدْ كَانَ لَكُمْ فِيهِمْ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ ۚ وَمَن يَتَوَلَّ فَإِنَّ اللَّهَ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
අල්ලාහ් හා මතු ලොව අපේක්ෂා කරන අයට අලංකාර ආදර්ශයක් සැබැවින්ම ඔවුන් තුළ නුඹලාට විය. තවද කවරෙකු පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අවශ්යතාවන්ගෙන් තොරය; ප්‍රශංසාලාභීය.
7۞ عَسَى اللَّهُ أَن يَجْعَلَ بَيْنَكُمْ وَبَيْنَ الَّذِينَ عَادَيْتُم مِّنْهُم مَّوَدَّةً ۚ وَاللَّهُ قَدِيرٌ ۚ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ
නුඹලා අතර හා නුඹලා සමග සතුරුකම ඇති කර ගත්තවුන් අතර සෙනෙහස ඇති කරවීමට අල්ලාහ්ට පුළුවන. තවද අල්ලාහ් සර්ව ශක්තිය ඇත්තාය. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
8لَّا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَارِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ
දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවැදුනු, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකළ අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. යුක්තිගරුක ව කටුයුතු කරන්නන් ව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි.
9إِنَّمَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ قَاتَلُوكُمْ فِي الدِّينِ وَأَخْرَجُوكُم مِّن دِيَارِكُمْ وَظَاهَرُوا عَلَىٰ إِخْرَاجِكُمْ أَن تَوَلَّوْهُمْ ۚ وَمَن يَتَوَلَّهُمْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාව වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමග සටන් වැද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා පිටුවහල් කොට නුඹලා ව පිටුවහල් කිරීමට උරදුන් අය සමඟ නුඹලා මිතුරුකම් පෑමය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ.
අල්-මුම්තහිනාකුර්ආන් දර්ශකය
13ආයාත්
MedinanRevelation
7ආයාත්

පරිවර්තනය — අල්-මුම්තහිනා 7

සූරා අල්-මුම්තහිනා ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා අතර හා නුඹලා සමග සතුරුකම ඇති කර ගත්තවුන් අතර…

සූරා ආයාත් 7/13 — අල්-මුම්තහිනා الممتحنة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුම්තහිනා අසන්න, අල්-මුම්තහිනා පරිවර්තනය, අල්-මුම්තහිනා mp3, අල්-මුම්තහිනා pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers