📖 0/604 කියවූ පිටු
📄 115
سَمَّٰعُونَ لِلۡكَذِبِ أَكَّٰلُونَ لِلسُّحۡتِۚ فَإِن جَآءُوكَ فَٱحۡكُم بَيۡنَهُمۡ أَوۡ أَعۡرِضۡ عَنۡهُمۡۖ وَإِن تُعۡرِضۡ عَنۡهُمۡ فَلَن يَضُرُّوكَ شَيۡـًٔاۖ وَإِنۡ حَكَمۡتَ فَٱحۡكُم بَيۡنَهُم بِٱلۡقِسۡطِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ  ۝٤٢ وَكَيۡفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوۡرَىٰةُ فِيهَا حُكۡمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوۡنَ مِنۢ بَعۡدِ ذَٰلِكَۚ وَمَآ أُوْلَٰٓئِكَ بِٱلۡمُؤۡمِنِينَ  ۝٤٣ إِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدًى وَنُورٌۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ بِمَا ٱسۡتُحۡفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيۡهِ شُهَدَآءَۚ فَلَا تَخۡشَوُاْ ٱلنَّاسَ وَٱخۡشَوۡنِ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنًا قَلِيلًاۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ  ۝٤٤ وَكَتَبۡنَا عَلَيۡهِمۡ فِيهَآ أَنَّ ٱلنَّفۡسَ بِٱلنَّفۡسِ وَٱلۡعَيۡنَ بِٱلۡعَيۡنِ وَٱلۡأَنفَ بِٱلۡأَنفِ وَٱلۡأُذُنَ بِٱلۡأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلۡجُرُوحَ قِصَاصٌۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٌ لَّهُۥۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ  ۝٤٥
5:42
سَمَّٰعُونَ لِلۡكَذِبِ أَكَّٰلُونَ لِلسُّحۡتِۚ فَإِن جَآءُوكَ فَٱحۡكُم بَيۡنَهُمۡ أَوۡ أَعۡرِضۡ عَنۡهُمۡۖ وَإِن تُعۡرِضۡ عَنۡهُمۡ فَلَن يَضُرُّوكَ شَيۡـًٔاۖ وَإِنۡ حَكَمۡتَ فَٱحۡكُم بَيۡنَهُم بِٱلۡقِسۡطِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ  ۝٤٢
ඔවුහු මුසා බසට අධිකව සවන් දෙන්නෝ වෙති. තහනම් කළ දෑ අධික ලෙස අනුභව කරන්නෝ වෙති. එබැවින් ඔවුන් නුඹ වෙත පැමිණියේ නම් ඔවුන් අතර තීන්දු දෙනු. නැතිනම් ඔවුන් ව නුඹ නොසලකා හරිනු. එසේ නුඹ ඔවුන් ව නොසලකා හැරියේ නම් නුඹට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක්කේමය. තවද නුඹ තීන්දු දෙන විට ඔවුන් අතර සාධාරණ අයුරින් තීන්දු දෙනු. සැබැවින්ම අල්ලාහ් සාධාරණ ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.
5:43
وَكَيۡفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوۡرَىٰةُ فِيهَا حُكۡمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوۡنَ مِنۢ بَعۡدِ ذَٰلِكَۚ وَمَآ أُوْلَٰٓئِكَ بِٱلۡمُؤۡمِنِينَ  ۝٤٣
ඔවුන් අබියස තව්රාතය තිබී එහි අල්ලාහ්ගේ තීන්දුව ද තිබියදී ඉන් පසුව ඔවුන් පිටුපාමින් සිටියදී නුඹ ව තීරක වශයෙන් ඔවුන් ගනුයේ කෙසේද?.ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නොවෙති.
5:44
إِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدًى وَنُورٌۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ بِمَا ٱسۡتُحۡفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيۡهِ شُهَدَآءَۚ فَلَا تَخۡشَوُاْ ٱلنَّاسَ وَٱخۡشَوۡنِ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنًا قَلِيلًاۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ  ۝٤٤
සැබැවින්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීමක් හා ආලෝකයක් විය. එමගින් (අල්ලාහ්ට) අවනත වූ නබිවරු (දේව පණිවිඩකරුවෝ) එසේම ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් හා ආගමික නායකයින් ද අල්ලාහ්ගේ ග්‍රන්ථය ආරක්ෂා කළ යුතු යැයි ඔවුනට නියම කරනු ලැබූ බැවින් හා ඔවුහු එයට සාක්ෂිකරුවන් වූ බැවින් ඔවුහු එමගින් යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ. එබැවින් නුඹලා මිනිසුනට බිය නොවනු; තවද මට ම බිය වනු. තවද මාගේ වදන් සඳහා අල්ප මිලක් නොගනු. කවරෙකු අල්ලාහ් පහළ කළ දැයින් තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය දේව ප්‍රතික්ෂේපකයෝ.
5:45
وَكَتَبۡنَا عَلَيۡهِمۡ فِيهَآ أَنَّ ٱلنَّفۡسَ بِٱلنَّفۡسِ وَٱلۡعَيۡنَ بِٱلۡعَيۡنِ وَٱلۡأَنفَ بِٱلۡأَنفِ وَٱلۡأُذُنَ بِٱلۡأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلۡجُرُوحَ قِصَاصٌۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٌ لَّهُۥۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ  ۝٤٥
සැබැවින් ම පණට පණ, ඇසට ඇස, නාසයට නාසය, කනට කන, දතට දත, තුවාල වලට (තුවාල කිරීම) යනාකාරයෙන් කිසාස් (හෙවත්) පළි ගැනීම අපි එහි ඔවුනට නියම කළෙමු. නමුත් කවරෙකු හෝ එය පුණ්‍ය කර්මයක් ලෙස අතහැර දැමුවේ නම් එවිට එය ඔහුට හිලව්වක් වනු ඇත. තවද අල්ලාහ් පහළ කළ දැයින් කවරෙකු තීන්දු ලබා නොදුන්නේ ද එවිට ඔවුහුමය අපරාධකරුවෝ.


📚 6 📄115 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, October 7, 2026

Don't forget us in your sincere prayers