📖 0/604 කියවූ පිටු
📄 30
وَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡ وَأَخۡرِجُوهُم مِّنۡ حَيۡثُ أَخۡرَجُوكُمۡۚ وَٱلۡفِتۡنَةُ أَشَدُّ مِنَ ٱلۡقَتۡلِۚ وَلَا تُقَٰتِلُوهُمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ حَتَّىٰ يُقَٰتِلُوكُمۡ فِيهِۖ فَإِن قَٰتَلُوكُمۡ فَٱقۡتُلُوهُمۡۗ كَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ ١٩١ فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ١٩٢ وَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٌ وَيَكُونَ ٱلدِّينُ لِلَّهِۖ فَإِنِ ٱنتَهَوۡاْ فَلَا عُدۡوَٰنَ إِلَّا عَلَى ٱلظَّٰلِمِينَ ١٩٣ ٱلشَّهۡرُ ٱلۡحَرَامُ بِٱلشَّهۡرِ ٱلۡحَرَامِ وَٱلۡحُرُمَٰتُ قِصَاصٌۚ فَمَنِ ٱعۡتَدَىٰ عَلَيۡكُمۡ فَٱعۡتَدُواْ عَلَيۡهِ بِمِثۡلِ مَا ٱعۡتَدَىٰ عَلَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ ١٩٤ وَأَنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلَا تُلۡقُواْ بِأَيۡدِيكُمۡ إِلَى ٱلتَّهۡلُكَةِ وَأَحۡسِنُوٓاْۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ١٩٥ وَأَتِمُّواْ ٱلۡحَجَّ وَٱلۡعُمۡرَةَ لِلَّهِۚ فَإِنۡ أُحۡصِرۡتُمۡ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۖ وَلَا تَحۡلِقُواْ رُءُوسَكُمۡ حَتَّىٰ يَبۡلُغَ ٱلۡهَدۡيُ مَحِلَّهُۥۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ بِهِۦٓ أَذًى مِّن رَّأۡسِهِۦ فَفِدۡيَةٌ مِّن صِيَامٍ أَوۡ صَدَقَةٍ أَوۡ نُسُكٍۚ فَإِذَآ أَمِنتُمۡ فَمَن تَمَتَّعَ بِٱلۡعُمۡرَةِ إِلَى ٱلۡحَجِّ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۚ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٍ فِي ٱلۡحَجِّ وَسَبۡعَةٍ إِذَا رَجَعۡتُمۡۗ تِلۡكَ عَشَرَةٌ كَامِلَةٌۗ ذَٰلِكَ لِمَن لَّمۡ يَكُنۡ أَهۡلُهُۥ حَاضِرِي ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ١٩٦
2:191
وَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡ وَأَخۡرِجُوهُم مِّنۡ حَيۡثُ أَخۡرَجُوكُمۡۚ وَٱلۡفِتۡنَةُ أَشَدُّ مِنَ ٱلۡقَتۡلِۚ وَلَا تُقَٰتِلُوهُمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ حَتَّىٰ يُقَٰتِلُوكُمۡ فِيهِۖ فَإِن قَٰتَلُوكُمۡ فَٱقۡتُلُوهُمۡۗ كَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ ١٩١
තවද නුඹලා (යුද බිමේ) ඔවුන් ව දුටු තැන මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදිම නුඹලා ඔවුන් ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ටය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නොවදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන් ව ඝාතනය කරනු. එලෙසය දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකය වනුයේ.
2:192
فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ١٩٢
තවද නුඹලා (යුද බිමේ) ඔවුන් ව දුටු තැන මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදිම නුඹලා ඔවුන් ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ටය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නොවදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන් ව ඝාතනය කරනු. එලෙසය දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකය වනුයේ.
2:193
وَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٌ وَيَكُونَ ٱلدِّينُ لِلَّهِۖ فَإِنِ ٱنتَهَوۡاْ فَلَا عُدۡوَٰنَ إِلَّا عَلَى ٱلظَّٰلِمِينَ ١٩٣
තවද කලහකම් ඇති නොවී සම්පූර්ණ දහම අල්ලාහ්ට පමණක් සතු වන තෙක් ඔවුන් සමඟ නුඹලා යුද වදිනු. නමුත් ඔවුන් (කලහකම් කිරීමෙන්) වැළකී සිටියේ නම් එවිට අපරාධකරුවන් කෙරෙහි මිස වෙනත් අය කෙරෙහි කිසිදු සතුරුකමක් නොවිය යුතුය.
2:194
ٱلشَّهۡرُ ٱلۡحَرَامُ بِٱلشَّهۡرِ ٱلۡحَرَامِ وَٱلۡحُرُمَٰتُ قِصَاصٌۚ فَمَنِ ٱعۡتَدَىٰ عَلَيۡكُمۡ فَٱعۡتَدُواْ عَلَيۡهِ بِمِثۡلِ مَا ٱعۡتَدَىٰ عَلَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ ١٩٤
ශුද්ධ මාසය ශුද්ධ මාසයටම සමානය. තවද සියලු තහනම් කරනු ලැබූ දෑ වෙනුවෙන් සමප්‍රතිචාර ඇත. එබැවින් කවරෙකු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළේ ද ඔහු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළා සේම නුඹලා ද ඔහුට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කරනු. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් බියබැතිමතුන් සමඟ බව දැන ගනු.
2:195
وَأَنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلَا تُلۡقُواْ بِأَيۡدِيكُمۡ إِلَى ٱلتَّهۡلُكَةِ وَأَحۡسِنُوٓاْۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ١٩٥
තවද අල්ලාහ්ගේ මාර්ගයේ විය පැහැදම් කරනු. (නුඹලා එසේ වියදම් නොකර) නුඹලාගේ දෑත් නුඹලා විනාශය කරා නොහෙළනු. තවද නුඹලා උපකාරශීලී ව කටයුතු කරනු. සැබැවින්ම අල්ලාහ් උපකාරශීලී ව කටයුතු කරන දැහැමියන් ව ප්‍රිය කරන්නේය.
2:196
وَأَتِمُّواْ ٱلۡحَجَّ وَٱلۡعُمۡرَةَ لِلَّهِۚ فَإِنۡ أُحۡصِرۡتُمۡ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۖ وَلَا تَحۡلِقُواْ رُءُوسَكُمۡ حَتَّىٰ يَبۡلُغَ ٱلۡهَدۡيُ مَحِلَّهُۥۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ بِهِۦٓ أَذًى مِّن رَّأۡسِهِۦ فَفِدۡيَةٌ مِّن صِيَامٍ أَوۡ صَدَقَةٍ أَوۡ نُسُكٍۚ فَإِذَآ أَمِنتُمۡ فَمَن تَمَتَّعَ بِٱلۡعُمۡرَةِ إِلَى ٱلۡحَجِّ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۚ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٍ فِي ٱلۡحَجِّ وَسَبۡعَةٍ إِذَا رَجَعۡتُمۡۗ تِلۡكَ عَشَرَةٌ كَامِلَةٌۗ ذَٰلِكَ لِمَن لَّمۡ يَكُنۡ أَهۡلُهُۥ حَاضِرِي ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ ١٩٦
තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. නමුත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතුය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරනු. නමුත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතුය. නමුත් (හජ් සහ උම්රා ව වළක්වන බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වූ විට, යමෙක් උම්රා ඉටු කර (ඉහ්රාමයෙන් තොරව) හජ් දක්වා සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතුය. නමුත් ඔහු (එය) නොලැබුවේ නම් එවිට හජ් හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළෙත්වා! එය ශුද්ධ මස්ජිදය අවට පදිංචි කරුවන්ට නොවේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Friday, August 21, 2026
Don't forget us in your sincere prayers







