📖 0/604 කියවූ පිටු
📄 560
සූරා අත්-තහ්රීම්
bismillah
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَۖ تَبۡتَغِي مَرۡضَاتَ أَزۡوَٰجِكَۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ  ۝١ قَدۡ فَرَضَ ٱللَّهُ لَكُمۡ تَحِلَّةَ أَيۡمَٰنِكُمۡۚ وَٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ  ۝٢ وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثًا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٍۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ  ۝٣ إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدۡ صَغَتۡ قُلُوبُكُمَاۖ وَإِن تَظَٰهَرَا عَلَيۡهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوۡلَىٰهُ وَجِبۡرِيلُ وَصَٰلِحُ ٱلۡمُؤۡمِنِينَۖ وَٱلۡمَلَٰٓئِكَةُ بَعۡدَ ذَٰلِكَ ظَهِيرٌ  ۝٤ عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبۡدِلَهُۥٓ أَزۡوَٰجًا خَيۡرًا مِّنكُنَّ مُسۡلِمَٰتٍ مُّؤۡمِنَٰتٍ قَٰنِتَٰتٍ تَٰٓئِبَٰتٍ عَٰبِدَٰتٍ سَٰٓئِحَٰتٍ ثَيِّبَٰتٍ وَأَبۡكَارًا  ۝٥ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قُوٓاْ أَنفُسَكُمۡ وَأَهۡلِيكُمۡ نَارًا وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُ عَلَيۡهَا مَلَٰٓئِكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا يَعۡصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ  ۝٦ يَٰٓأَيُّهَا ٱلَّذِينَ كَفَرُواْ لَا تَعۡتَذِرُواْ ٱلۡيَوۡمَۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ  ۝٧
සූරා අත්-තහ්රීම්
bismillah
66:1
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَۖ تَبۡتَغِي مَرۡضَاتَ أَزۡوَٰجِكَۚ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ  ۝١
අහෝ නබිවරය! නුඹ නුඹගේ බිරියන්ගේ තෘප්තිය සොයමින් නුඹට අල්ලාහ් අනුමත කළ දෑ නුඹ තහනම් කර ගනුයේ ඇයි? තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
66:2
قَدۡ فَرَضَ ٱللَّهُ لَكُمۡ تَحِلَّةَ أَيۡمَٰنِكُمۡۚ وَٱللَّهُ مَوۡلَىٰكُمۡۖ وَهُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ  ۝٢
නුඹලාගේ දිවුරුම් වලින් මිදීමේ ක්රමයක් අල්ලාහ් නුඹලාට නියම කළේය. තවද අල්ලාහ් නුඹලාගේ ආරක්ෂකය. තවද ඔහු සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.
66:3
وَإِذۡ أَسَرَّ ٱلنَّبِيُّ إِلَىٰ بَعۡضِ أَزۡوَٰجِهِۦ حَدِيثًا فَلَمَّا نَبَّأَتۡ بِهِۦ وَأَظۡهَرَهُ ٱللَّهُ عَلَيۡهِ عَرَّفَ بَعۡضَهُۥ وَأَعۡرَضَ عَنۢ بَعۡضٍۖ فَلَمَّا نَبَّأَهَا بِهِۦ قَالَتۡ مَنۡ أَنۢبَأَكَ هَٰذَاۖ قَالَ نَبَّأَنِيَ ٱلۡعَلِيمُ ٱلۡخَبِيرُ  ۝٣
නබිවරයා ඔහුගේ බිරියන්ගෙන් ඇතැමෙකුට කතාවක් රහසින් කියූ අවස්ථාවේ එක් බිරියකු (අන් අය වෙත) එය දන්වා සිටි කල්හි (මෙසේ රහස හෙළිදරව් වීම) අල්ලාහ් එය නබිවරයා වෙත හෙළි කළේය. ඉන් කොටසක් නබිවරයා ඇයට දන්වා සිට කොටසක් නොසලකා හැරියේය. ඔහු එය ඇයට දන්වා සිටි කල්හි “මෙය ඔබට දන්වා සිටියේ කවුදැයි” ඇය ඇසුවාය. “අභිඥානවන්තවූ සර්ව ඥානියාණෝ මට දැනුම් දුන්නේය”යැයි ඔහු පැවසීය.
66:4
إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدۡ صَغَتۡ قُلُوبُكُمَاۖ وَإِن تَظَٰهَرَا عَلَيۡهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوۡلَىٰهُ وَجِبۡرِيلُ وَصَٰلِحُ ٱلۡمُؤۡمِنِينَۖ وَٱلۡمَلَٰٓئِكَةُ بَعۡدَ ذَٰلِكَ ظَهِيرٌ  ۝٤
(නබිවරයාගේ භාර්යාවන් වන) නුඹලා දෙදෙනාම අල්ලාහ් වෙත පශ්චාත්තාප වූවා නම් (මැනවි!) හේතුව නුඹලා දෙදෙනාගේ හදවත් සැබැවින්ම විතැන් වී ඇත. ඔහුට එරෙහි ව නුඹලා දෙදෙනා එකිනෙකාට උර දුන්නෙහු නම් එවිට (දැනගනු!) නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ඔහුගේ භාරකරුය. ඉන් පසු ව ජිබ්රීල් ද දේව විශ්වාසවන්තයින්ගෙන් දැහැමියා ද මලක්වරු ද උර දෙන්නන්ය.
66:5
عَسَىٰ رَبُّهُۥٓ إِن طَلَّقَكُنَّ أَن يُبۡدِلَهُۥٓ أَزۡوَٰجًا خَيۡرًا مِّنكُنَّ مُسۡلِمَٰتٍ مُّؤۡمِنَٰتٍ قَٰنِتَٰتٍ تَٰٓئِبَٰتٍ عَٰبِدَٰتٍ سَٰٓئِحَٰتٍ ثَيِّبَٰتٍ وَأَبۡكَارًا  ۝٥
ඔහු නුඹලා ව දික්කසාද කළේ නම් නුඹලාට වඩා යහපත් අවනත වන, විශ්වාස කරන, යටහත් වන, පාප ක්ෂමාවෙහි නිරත වන, නැමදුම් කරන, උපවාසයේ නිරත වන, වැන්දඹුවන් හා කන්යාවියන් බිරියන් වශයෙන් ඔහුගේ පරමාධිපති ඔහුට වෙනස් කර දෙන්නට පුළුවණ.
66:6
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قُوٓاْ أَنفُسَكُمۡ وَأَهۡلِيكُمۡ نَارًا وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُ عَلَيۡهَا مَلَٰٓئِكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا يَعۡصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمۡ وَيَفۡعَلُونَ مَا يُؤۡمَرُونَ  ۝٦
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල්ය. එහි දරුණු කුරිරු මලක්වරුන් වෙති. අල්ලාහ් ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු ඔවුහු පිටු නොපාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙසම) ඉටු කරති.
66:7
يَٰٓأَيُّهَا ٱلَّذِينَ كَفَرُواْ لَا تَعۡتَذِرُواْ ٱلۡيَوۡمَۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ  ۝٧
අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනි! අද දින නුඹලා නිදහසට කරුණු නොදක්වනු. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල වශයෙන් පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑය.


📚 28 📄560 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, October 14, 2026

Don't forget us in your sincere prayers