📖 0/604 කියවූ පිටු
📄 101
ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمۡ فَإِن كَانَ لَكُمۡ فَتۡحٌ مِّنَ ٱللَّهِ قَالُوٓاْ أَلَمۡ نَكُن مَّعَكُمۡ وَإِن كَانَ لِلۡكَٰفِرِينَ نَصِيبٌ قَالُوٓاْ أَلَمۡ نَسۡتَحۡوِذۡ عَلَيۡكُمۡ وَنَمۡنَعۡكُم مِّنَ ٱلۡمُؤۡمِنِينَۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَلَن يَجۡعَلَ ٱللَّهُ لِلۡكَٰفِرِينَ عَلَى ٱلۡمُؤۡمِنِينَ سَبِيلًا  ۝١٤١ إِنَّ ٱلۡمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمۡ وَإِذَا قَامُوٓاْ إِلَى ٱلصَّلَوٰةِ قَامُواْ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذۡكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلًا  ۝١٤٢ مُّذَبۡذَبِينَ بَيۡنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَٰٓؤُلَآءِۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًا  ۝١٤٣ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَتُرِيدُونَ أَن تَجۡعَلُواْ لِلَّهِ عَلَيۡكُمۡ سُلۡطَٰنًا مُّبِينًا  ۝١٤٤ إِنَّ ٱلۡمُنَٰفِقِينَ فِي ٱلدَّرۡكِ ٱلۡأَسۡفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمۡ نَصِيرًا  ۝١٤٥ إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَٱعۡتَصَمُواْ بِٱللَّهِ وَأَخۡلَصُواْ دِينَهُمۡ لِلَّهِ فَأُوْلَٰٓئِكَ مَعَ ٱلۡمُؤۡمِنِينَۖ وَسَوۡفَ يُؤۡتِ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ أَجۡرًا عَظِيمًا  ۝١٤٦ مَّا يَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمًا  ۝١٤٧
4:141
ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمۡ فَإِن كَانَ لَكُمۡ فَتۡحٌ مِّنَ ٱللَّهِ قَالُوٓاْ أَلَمۡ نَكُن مَّعَكُمۡ وَإِن كَانَ لِلۡكَٰفِرِينَ نَصِيبٌ قَالُوٓاْ أَلَمۡ نَسۡتَحۡوِذۡ عَلَيۡكُمۡ وَنَمۡنَعۡكُم مِّنَ ٱلۡمُؤۡمِنِينَۚ فَٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَلَن يَجۡعَلَ ٱللَّهُ لِلۡكَٰفِرِينَ عَلَى ٱلۡمُؤۡمِنِينَ سَبِيلًا  ۝١٤١
ඔවුහු වනාහි නුඹලාට සිදුවීමට යන දේ ගැන මාන බලමින් සිටිති. එනම්, නුඹලාට අල්ලාහ් වෙතින් යම් ජයක් වී නම් ‘අපි නුඹලා සමඟ සිටියා නොවේදැ’ යි පවසති. නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට (ජයග්‍රහණයෙන්) කොටසක් වූයේ නම් අප ‘නුඹලා ව අබිබවා යන්නට තිබුණද දේවත්වය විශ්වාස කළවුන්ගෙන් අපි නුඹලා ව වැළැක්වූයේ නැති දැ’ යි (ඔවුනට) පවසති. අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹලා අතර තීන්දු දෙනු ඇත. දේවත්වය විශ්වාස කළවුන්ට එරෙහි ව (ක්‍රියා) මාර්ගයක් ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට අල්ලාහ් (ඉඩ) නොතැබුවේමය.
4:142
إِنَّ ٱلۡمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمۡ وَإِذَا قَامُوٓاْ إِلَى ٱلصَّلَوٰةِ قَامُواْ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذۡكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلًا  ۝١٤٢
නියත වශයෙන්ම කුහකයින් අල්ලාහ් ව මුළා කරන්නට බලති. එහෙත් ඔහු ඔවුන් මුළාවෙහි හැර දමා ඇත. තවද ඔවුහු සලාතය සඳහා සිට ගත් විට ජනයාට පෙන්වමින් අලසකමින් සිට ගනිති. ඔවුහු අල්ලාහ්ව සුඵ වශයෙන් මිස මෙනෙහි නොකරති.
4:143
مُّذَبۡذَبِينَ بَيۡنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَٰٓؤُلَآءِۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًا  ۝١٤٣
ඔවුහු (දේව විශ්වාසය හා ප්‍රතික්ෂේපය යන) ඒ අතර දෝලනය වෙමින් සිටිති. ඔවුහු මොවුන් වෙතද නොවෙති. තවද ඔවුන් වෙත ද නොවෙති. තවද අල්ලාහ් කවරෙකු ව නොමඟ යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් වූ කිසිදු මඟක් නුඹ නොදකින්නෙහිමය.
4:144
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ ٱلۡكَٰفِرِينَ أَوۡلِيَآءَ مِن دُونِ ٱلۡمُؤۡمِنِينَۚ أَتُرِيدُونَ أَن تَجۡعَلُواْ لِلَّهِ عَلَيۡكُمۡ سُلۡطَٰنًا مُّبِينًا  ۝١٤٤
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ව සමීප මිතුරන් ලෙස නොගනු. (මෙමගින්) නුඹලාට එරෙහි ව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද?
4:145
إِنَّ ٱلۡمُنَٰفِقِينَ فِي ٱلدَّرۡكِ ٱلۡأَسۡفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمۡ نَصِيرًا  ۝١٤٥
සැබැවින්ම කුහකයින් නිරා ගින්නෙහි පහළම තලයේ වෙයි. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නොලබන්නේහිමය.
4:146
إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَٱعۡتَصَمُواْ بِٱللَّهِ وَأَخۡلَصُواْ دِينَهُمۡ لِلَّهِ فَأُوْلَٰٓئِكَ مَعَ ٱلۡمُؤۡمِنِينَۖ وَسَوۡفَ يُؤۡتِ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ أَجۡرًا عَظِيمًا  ۝١٤٦
නමුත් පාප සමාව අයැද තමන් ව හැඩගස්වා අල්ලාහ් ව තදින් ග්‍රහණය කොට තම දහම අල්ලාහ්ට පමණක් අවංක ව පිළිපඳින්නන් හැර. ඔවුහු දේවත්වය විශ්වාස කළවුන් සමඟය. දේවත්වය විශ්වාස කළවුන්ට අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල දෙනු ඇත.
4:147
مَّا يَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمًا  ۝١٤٧
නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදීය; සර්වඥානීය.


📚 5 📄101 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, October 6, 2026

Don't forget us in your sincere prayers