📖 0/604 කියවූ පිටු
📄 130
قُلۡ أَيُّ شَيۡءٍ أَكۡبَرُ شَهَٰدَةًۖ قُلِ ٱللَّهُۖ شَهِيدُۢ بَيۡنِي وَبَيۡنَكُمۡۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا ٱلۡقُرۡءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَۚ أَئِنَّكُمۡ لَتَشۡهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخۡرَىٰۚ قُل لَّآ أَشۡهَدُۚ قُلۡ إِنَّمَا هُوَ إِلَٰهٌ وَٰحِدٌ وَإِنَّنِي بَرِيٓءٌ مِّمَّا تُشۡرِكُونَ  ۝١٩ ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمُۘ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ  ۝٢٠ وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ  ۝٢١ وَيَوۡمَ نَحۡشُرُهُمۡ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشۡرَكُوٓاْ أَيۡنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ  ۝٢٢ ثُمَّ لَمۡ تَكُن فِتۡنَتُهُمۡ إِلَّآ أَن قَالُواْ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشۡرِكِينَ  ۝٢٣ ٱنظُرۡ كَيۡفَ كَذَبُواْ عَلَىٰٓ أَنفُسِهِمۡۚ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ  ۝٢٤ وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَۖ وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرًاۚ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٍ لَّا يُؤۡمِنُواْ بِهَاۖ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ  ۝٢٥ وَهُمۡ يَنۡهَوۡنَ عَنۡهُ وَيَنۡـَٔوۡنَ عَنۡهُۖ وَإِن يُهۡلِكُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ  ۝٢٦ وَلَوۡ تَرَىٰٓ إِذۡ وُقِفُواْ عَلَى ٱلنَّارِ فَقَالُواْ يَٰلَيۡتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ  ۝٢٧
6:19
قُلۡ أَيُّ شَيۡءٍ أَكۡبَرُ شَهَٰدَةًۖ قُلِ ٱللَّهُۖ شَهِيدُۢ بَيۡنِي وَبَيۡنَكُمۡۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا ٱلۡقُرۡءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَۚ أَئِنَّكُمۡ لَتَشۡهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخۡرَىٰۚ قُل لَّآ أَشۡهَدُۚ قُلۡ إِنَّمَا هُوَ إِلَٰهٌ وَٰحِدٌ وَإِنَّنِي بَرِيٓءٌ مِّمَّا تُشۡرِكُونَ  ۝١٩
(නබිවරය!) සාක්ෂි වශයෙන් වඩාත් ප්‍රබල වනුයේ කුමක් දැ? යි නුඹ අසනු. මා අතර හා නුඹලා අතර අල්ලාහ් සාක්ෂිකරු වීම යැයි පවසනු. තවද මෙම අල් කුර්ආනය මට වහී (දේව පණිවිඩ) වශයෙන් දෙනු ලැබීය. (එය) මෙමගින් නුඹලාට හා මෙය ලබන අයට මා අවවාද කරනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන් සිටින බව නුඹලා සාක්ෂි දරන්නෙහුද? මම එසේ සාක්ෂි නොදරමි යැයි නුඹ පවසනු. එකම දෙවියා ඔහු ම යැයි ද සැබැවින්ම මම නුඹලා ආදේශ තබන දැයින් නිදොස් යැයි ද නුඹ පවසනු.
6:20
ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمُۘ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ  ۝٢٠
අපි පුස්තකය පිරිනැමූ අය වනාහි ඔවුහු ඔවුන්ගේ දරුවන් හඳුනන්නාක් මෙන් මොහුව හඳුනති. ඔවුන්ට ම අලාභහානි කර ගත්තවුන් වනාහි ඔවුහු විශ්වාස නොකරති.
6:21
وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ  ۝٢١
තවද අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ ඔහුගේ වදන් බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? සැබැවින්ම අපරාධකරුවෝ ජය නොලබති.
6:22
وَيَوۡمَ نَحۡشُرُهُمۡ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشۡرَكُوٓاْ أَيۡنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ  ۝٢٢
තවද එදින ඔවුන් සියලු දෙනා අප එක් රැස් කොට පසුව ආදේශ කළවුන්ගෙන් නුඹලා (දෙවියන් යැයි) විශ්වාස කරමින් සිටි නුඹලාගේ හවුල්කරුවන් කොහේ දැ? යි අපි විමසන්නෙමු.
6:23
ثُمَّ لَمۡ تَكُن فِتۡنَتُهُمۡ إِلَّآ أَن قَالُواْ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشۡرِكِينَ  ۝٢٣
පසුව, අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම අපි ආදේශ තබන්නන් ලෙස නොසිටියෙමු යැයි ඔවුහු පැවසීම හැර ඔවුන්ගේ අර්බුදය වෙනත් කිසිවක් නොවීය.
6:24
ٱنظُرۡ كَيۡفَ كَذَبُواْ عَلَىٰٓ أَنفُسِهِمۡۚ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ  ۝٢٤
(නබිවරය!) තමන්ට ම එරෙහි ව ඔවුන් බොරු පවසනුයේ කෙසේ දැ? යි බලනු. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී ඇත.
6:25
وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَۖ وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرًاۚ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٍ لَّا يُؤۡمِنُواْ بِهَاۖ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ  ۝٢٥
තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන (මෙන් රඟපාන) අය ද වෙති. නමුත් ඔවුනට එය නොවැටහෙන පරිදි අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයක් ද ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ද ඇති කළෙමු. තවද ඔවුහු සියලු සාධක දුටුවද ඔවුහු ඒවා විශ්වාස නොකරති. නුඹ වෙත ඔවුහු පැමිණි විට නුඹ සමඟ ඔවුහු වාද කරනු ඇත. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයක් මිස වෙනකක් නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති.
6:26
وَهُمۡ يَنۡهَوۡنَ عَنۡهُ وَيَنۡـَٔوۡنَ عَنۡهُۖ وَإِن يُهۡلِكُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ  ۝٢٦
තවද ඔවුහු එයින්(සත්‍යයෙන්) වළක්වාලති. ඔවුන් ද එයින් දුරස් ව සිටිති. ඔවුන් විනාශ කරනුයේ ඔවුන් ව ම මිස වෙනත් කිසිවකු නොවේ. තවද ඔවුහු (ඒ බව) වටහා නොගනිති.
6:27
وَلَوۡ تَرَىٰٓ إِذۡ وُقِفُواْ عَلَى ٱلنَّارِ فَقَالُواْ يَٰلَيۡتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ  ۝٢٧
නිරා ගින්නෙහි ඔවුන් සිටුවා තබනු ලබන අවස්ථාව නුඹ දුටුවේ නම් එවිට “අහෝ! අපගේ විනාශය, අප නැවත හරවා යවනු ලබන්නේ නම් මැනව! අපි අපගේ පරමාධිපතිගේ වදන් බොරු නොකරමු. තවද අපි විශ්වාසවන්තයින් අතරින් වන්නෙමු යැ’’ යි ඔවුහු පවසා සිටිති.


📚 7 📄130 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Thursday, October 8, 2026

Don't forget us in your sincere prayers