📖 0/604 කියවූ පිටු
📄 184
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمۡ يَكُ مُغَيِّرًا نِّعۡمَةً أَنۡعَمَهَا عَلَىٰ قَوۡمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمۡ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ  ۝٥٣ كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَّبُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَۚ وَكُلٌّ كَانُواْ ظَٰلِمِينَ  ۝٥٤ إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُواْ فَهُمۡ لَا يُؤۡمِنُونَ  ۝٥٥ ٱلَّذِينَ عَٰهَدتَّ مِنۡهُمۡ ثُمَّ يَنقُضُونَ عَهۡدَهُمۡ فِي كُلِّ مَرَّةٍ وَهُمۡ لَا يَتَّقُونَ  ۝٥٦ فَإِمَّا تَثۡقَفَنَّهُمۡ فِي ٱلۡحَرۡبِ فَشَرِّدۡ بِهِم مَّنۡ خَلۡفَهُمۡ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ  ۝٥٧ وَإِمَّا تَخَافَنَّ مِن قَوۡمٍ خِيَانَةً فَٱنۢبِذۡ إِلَيۡهِمۡ عَلَىٰ سَوَآءٍۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡخَآئِنِينَ  ۝٥٨ وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُواْ سَبَقُوٓاْۚ إِنَّهُمۡ لَا يُعۡجِزُونَ  ۝٥٩ وَأَعِدُّواْ لَهُم مَّا ٱسۡتَطَعۡتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ ٱلۡخَيۡلِ تُرۡهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمۡ وَءَاخَرِينَ مِن دُونِهِمۡ لَا تَعۡلَمُونَهُمُ ٱللَّهُ يَعۡلَمُهُمۡۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٍ فِي سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ  ۝٦٠ ۞ وَإِن جَنَحُواْ لِلسَّلۡمِ فَٱجۡنَحۡ لَهَا وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ  ۝٦١
8:53
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمۡ يَكُ مُغَيِّرًا نِّعۡمَةً أَنۡعَمَهَا عَلَىٰ قَوۡمٍ حَتَّىٰ يُغَيِّرُواْ مَا بِأَنفُسِهِمۡ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ  ۝٥٣
එය කිසිදු සමූහයක් තමන් සතු ව ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් ඔවුනට පිරිනැමූ දායාදය සැබැවින්ම අල්ලාහ් වෙනස් කරන්නෙකු නොවූ බැවිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
8:54
كَدَأۡبِ ءَالِ فِرۡعَوۡنَ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَّبُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ فَأَهۡلَكۡنَٰهُم بِذُنُوبِهِمۡ وَأَغۡرَقۡنَآ ءَالَ فِرۡعَوۡنَۚ وَكُلٌّ كَانُواْ ظَٰلِمِينَ  ۝٥٤
එය ෆිර්අවුන්ගේ සේනාව හා ඔවුනට පෙර සිටි අයගේ තත්ත්වය මෙනි. ඔවුහු තම පරමාධිපතිගේ වදන් බොරු කළෝය. එහෙයින් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් ඔවුන් ව අපි විනාශ කළෙමු. තවද අපි ෆිර්අවුන්ගේ සේනාව හා අපරාධකරුවන් ලෙස සිටි සියලු දෙනා දියේ ගිල්වූයෙමු.
8:55
إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُواْ فَهُمۡ لَا يُؤۡمِنُونَ  ۝٥٥
අල්ලාහ් අබියස නියත වශයෙන්ම ප්‍රාණීන් අතරින් වඩාත් නපුරු අය වන්නේ දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ය. මන්ද ඔවුහු විශ්වාස නොකරති.
8:56
ٱلَّذِينَ عَٰهَدتَّ مِنۡهُمۡ ثُمَّ يَنقُضُونَ عَهۡدَهُمۡ فِي كُلِّ مَرَّةٍ وَهُمۡ لَا يَتَّقُونَ  ۝٥٦
(නබිවරය) ඔවුන් වනාහි නුඹ ඔවුන් සමඟ ගිවිස ගත් අය වෙති. ඉන් පසු ව ඔවුන් ඒ සෑම වාරයකම ඔවුන්ගේ ගිවිසුම කඩ කරති. තවද ඔවුහු බිය හැඟීමෙන් යුතු ව කටයුතු නොකරති.
8:57
فَإِمَّا تَثۡقَفَنَّهُمۡ فِي ٱلۡحَرۡبِ فَشَرِّدۡ بِهِم مَّنۡ خَلۡفَهُمۡ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ  ۝٥٧
එහෙයින් යුද බිමෙහි නුඹ ඔවුන් හමු වන්නෙහි නම් ඔවුන්ගේ පසුපසින් සිටින්නවුන් ඔවුන් ගෙන් විසිර යන්නට සලස්වනු. ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස.
8:58
وَإِمَّا تَخَافَنَّ مِن قَوۡمٍ خِيَانَةً فَٱنۢبِذۡ إِلَيۡهِمۡ عَلَىٰ سَوَآءٍۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡخَآئِنِينَ  ۝٥٨
(නබිවරය) යම් පිරිසකගෙන් වංචාවක් සිදු වනු ඇතැයි නුඹ බිය වෙතොත් ඊට සමාන අයුරින් (එම ගිවිසුම) ඔවුන් වෙත විසිකර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් වංචා කරන්නන් ප්‍රිය නොකරයි.
8:59
وَلَا يَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُواْ سَبَقُوٓاْۚ إِنَّهُمۡ لَا يُعۡجِزُونَ  ۝٥٩
දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් තමන් ජය ලැබූ බව සැබැවින්ම නොසිතිය යුතුය. නියත වශයෙන්ම ඔවුන් (අප) පරාජය කිරීමට නොහැකි වෙති.
8:60
وَأَعِدُّواْ لَهُم مَّا ٱسۡتَطَعۡتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ ٱلۡخَيۡلِ تُرۡهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمۡ وَءَاخَرِينَ مِن دُونِهِمۡ لَا تَعۡلَمُونَهُمُ ٱللَّهُ يَعۡلَمُهُمۡۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٍ فِي سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ  ۝٦٠
(ආයුධ) බලයෙන් හා අශ්ව සේනාවන්ගෙන් නුඹලාට හැකි පමණින් ඔවුනට එරෙහි ව නුඹලා සූදානම් වනු. අල්ලාහ්ගේ සතුරන් ද නුඹලාගේ සතුරන් ද ඔවුනට අමතර ව ඔවුන් ගැන නුඹලා නොදන්නා නමුත් අල්ලාහ් ඔවුන් ගැන දන්නා වෙනත් අය ද නුඹලා එමගින් බිය වද්දනු ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා කවර කරුණක් වියදම් කරන්නේ ද නුඹලා වෙත එය පූර්ණ ව දෙනු ලැබේ. නුඹලා අසාධාරණකම් කරනු නොලබනු ඇත.
8:61
۞ وَإِن جَنَحُواْ لِلسَّلۡمِ فَٱجۡنَحۡ لَهَا وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ  ۝٦١
තවද ඔවුන් සමාදානය වෙත නැඹුරු වූයේ නම් එවිට නුඹ ද ඒ වෙත නැඹුරු වනු. තවද අල්ලාහ් වෙත (සියල්ල) භාර කරනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.


📚 10 📄184 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Saturday, October 10, 2026

Don't forget us in your sincere prayers