📖 0/604 කියවූ පිටු
📄 143
وَمَا لَكُمۡ أَلَّا تَأۡكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَقَدۡ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيۡكُمۡ إِلَّا مَا ٱضۡطُرِرۡتُمۡ إِلَيۡهِۗ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهۡوَآئِهِم بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِٱلۡمُعۡتَدِينَ ١١٩ وَذَرُواْ ظَٰهِرَ ٱلۡإِثۡمِ وَبَاطِنَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ يَكۡسِبُونَ ٱلۡإِثۡمَ سَيُجۡزَوۡنَ بِمَا كَانُواْ يَقۡتَرِفُونَ ١٢٠ وَلَا تَأۡكُلُواْ مِمَّا لَمۡ يُذۡكَرِ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَإِنَّهُۥ لَفِسۡقٌۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوۡلِيَآئِهِمۡ لِيُجَٰدِلُوكُمۡۖ وَإِنۡ أَطَعۡتُمُوهُمۡ إِنَّكُمۡ لَمُشۡرِكُونَ ١٢١ أَوَمَن كَانَ مَيۡتًا فَأَحۡيَيۡنَٰهُ وَجَعَلۡنَا لَهُۥ نُورًا يَمۡشِي بِهِۦ فِي ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِي ٱلظُّلُمَٰتِ لَيۡسَ بِخَارِجٍ مِّنۡهَاۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡكَٰفِرِينَ مَا كَانُواْ يَعۡمَلُونَ ١٢٢ وَكَذَٰلِكَ جَعَلۡنَا فِي كُلِّ قَرۡيَةٍ أَكَٰبِرَ مُجۡرِمِيهَا لِيَمۡكُرُواْ فِيهَاۖ وَمَا يَمۡكُرُونَ إِلَّا بِأَنفُسِهِمۡ وَمَا يَشۡعُرُونَ ١٢٣ وَإِذَا جَآءَتۡهُمۡ ءَايَةٌ قَالُواْ لَن نُّؤۡمِنَ حَتَّىٰ نُؤۡتَىٰ مِثۡلَ مَآ أُوتِيَ رُسُلُ ٱللَّهِۘ ٱللَّهُ أَعۡلَمُ حَيۡثُ يَجۡعَلُ رِسَالَتَهُۥۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجۡرَمُواْ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٌ شَدِيدُۢ بِمَا كَانُواْ يَمۡكُرُونَ ١٢٤
6:119
وَمَا لَكُمۡ أَلَّا تَأۡكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَقَدۡ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيۡكُمۡ إِلَّا مَا ٱضۡطُرِرۡتُمۡ إِلَيۡهِۗ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهۡوَآئِهِم بِغَيۡرِ عِلۡمٍۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِٱلۡمُعۡتَدِينَ ١١٩
තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නොකර සිටීමට නුඹලාට කුමක් වී ද? තවද නුඹලා වෙත තහනම් කර ඇති දෑ සැබැවින්ම ඔහු නුඹලාට පැහැදිලි කර ඇත. නමුත් යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් හේතුවෙන් නොමඟ යති. සැබැවින්ම නුඹගේ පරමාධිපති වනාහි ඔහුය සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නා.
6:120
وَذَرُواْ ظَٰهِرَ ٱلۡإِثۡمِ وَبَاطِنَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ يَكۡسِبُونَ ٱلۡإِثۡمَ سَيُجۡزَوۡنَ بِمَا كَانُواْ يَقۡتَرِفُونَ ١٢٠
තවද පාපයේ බාහිරය මෙන්ම එහි අභ්‍යන්තරය ද නුඹලා අත හැර දමනු. සැබැවින්ම පාපය උපයන්නන් වනාහි ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට මතු ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත.
6:121
وَلَا تَأۡكُلُواْ مِمَّا لَمۡ يُذۡكَرِ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ وَإِنَّهُۥ لَفِسۡقٌۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوۡلِيَآئِهِمۡ لِيُجَٰدِلُوكُمۡۖ وَإِنۡ أَطَعۡتُمُوهُمۡ إِنَّكُمۡ لَمُشۡرِكُونَ ١٢١
තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු නොලැබුවේ ද එයින් නුඹලා අනුභව නොකරනු. තවද සැබැවින්ම එය පාපයකි. තවද නුඹලා සමඟ වාද කරනු පිණිස සැබැවින්ම ෂෙයිතානුන් තම හිතමිතුරන් වෙත කොඳුරනු ඇත. තවද නුඹලා ඔවුනට අවනත වූයෙහු නම් සැබැවින්ම නුඹලා ආදේශ කරන්නෝ වෙති.
6:122
أَوَمَن كَانَ مَيۡتًا فَأَحۡيَيۡنَٰهُ وَجَعَلۡنَا لَهُۥ نُورًا يَمۡشِي بِهِۦ فِي ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِي ٱلظُّلُمَٰتِ لَيۡسَ بِخَارِجٍ مِّنۡهَاۚ كَذَٰلِكَ زُيِّنَ لِلۡكَٰفِرِينَ مَا كَانُواْ يَعۡمَلُونَ ١٢٢
(මුළාවීමෙන්) මළමිනියක්ව සිටි පසු (මඟ පෙන්වීමෙන්) ඔහුට අපි ජීවය ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමගින් ජනයා අතර ඇවිද යන අය වනාහි ඔහු අන්ධකාරයන්හි සිට එයින් බැහැර ව යා නොහැකි අයකුට සමාන වන්නේද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන් සිදු කරමින් සිටි දෑ අලංකාරවත් කර පෙන්වනු ලැබුවේ එලෙසය.
6:123
وَكَذَٰلِكَ جَعَلۡنَا فِي كُلِّ قَرۡيَةٍ أَكَٰبِرَ مُجۡرِمِيهَا لِيَمۡكُرُواْ فِيهَاۖ وَمَا يَمۡكُرُونَ إِلَّا بِأَنفُسِهِمۡ وَمَا يَشۡعُرُونَ ١٢٣
එලෙස සෑම ගමකම එහි කුමන්ත්‍රණය කරනු පිණිස එහි වැරදි කරන ප්‍රධානීන් ඇති කළෙමු. තවද ඔවුහු කුමන්ත්‍රණ කරනුයේ ඔවුන්ටම මිස වෙනත් අයට නොවේ. තවද ඔවුහු (ඒ බව) වටහා නොගනිති.
6:124
وَإِذَا جَآءَتۡهُمۡ ءَايَةٌ قَالُواْ لَن نُّؤۡمِنَ حَتَّىٰ نُؤۡتَىٰ مِثۡلَ مَآ أُوتِيَ رُسُلُ ٱللَّهِۘ ٱللَّهُ أَعۡلَمُ حَيۡثُ يَجۡعَلُ رِسَالَتَهُۥۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجۡرَمُواْ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٌ شَدِيدُۢ بِمَا كَانُواْ يَمۡكُرُونَ ١٢٤
ඔවුනට (මුහම්මද් තුමාණන්ගේ නබිත්වය තහවුරු කරමින්) යම් සාක්ෂියක් පැමිණි විට අල්ලාහ් ගේ දූතවරුන්ට පිරිනමනු ලැබූවාක් මෙන් යමක් අපටද පිරිනමනු ලබන තෙක් අපි විශ්වාස නොකරන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය. තම දූත මෙහෙවර කොතැනක තැබිය යුතු දැයි අල්ලාහ් මැනවින් දන්නාය. වැරදි කළවුන් ව ඔවුන් කුමන්ත්‍රණ කරමින් සිටි දෑ හේතුවෙන් අල්ලාහ් වෙතින් වූ අවමානයක් හා දැඩි දඬුවමක් හසුකර ගනු ඇත.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Saturday, August 22, 2026
Don't forget us in your sincere prayers







