අල්-අන්ආම් · 119/165
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අන්ආම්
وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَائِهِم بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ ۝١١٩
Wa maa lakum allaa taakuloo mimmaa zukirasmul laahi `alaihi wa qad fassala lakum maa harrama `alaikum illaa mad turirtum ilaih; wa inna kaseeral la yudilloona bi ahwaaa`ihim bighairi `ilm; inna Rabbaka Huwa a`lamu bilmu`tadeen
📖 සිංහලෙන්
තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නොකර සිටීමට නුඹලාට කුමක් වී ද? තවද නුඹලා වෙත තහනම් කර ඇති දෑ සැබැවින්ම ඔහු නුඹලාට පැහැදිලි කර ඇත. නමුත් යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් හේතුවෙන් නොමඟ යති. සැබැවින්ම නුඹගේ පරමාධිපති වනාහි ඔහුය සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නා.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 117-121 — සූරා අල්-අන්ආම්

117إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
තම මාර්ගයෙන් නොමඟ යනවුන් කවුරුන් දැ? යි සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. තවද යහමඟ ලැබූවන් පිළිබඳව ද ඔහු මැනවින් දන්නාය.
118فَكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ إِن كُنتُم بِآيَاتِهِ مُؤْمِنِينَ
නුඹලා ඔහුගේ වදන් පිළිබඳ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, අල්ලාහ්ගේ නාමය කවර දෙයක් මත මෙනෙහි කරනු ලැබූවේ ද ඒවායින් අනුභව කරනු.
119وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا مِمَّا ذُكِرَ اسْمُ اللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا اضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَائِهِم بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ
තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නොකර සිටීමට නුඹලාට කුමක් වී ද? තවද නුඹලා වෙත තහනම් කර ඇති දෑ සැබැවින්ම ඔහු නුඹලාට පැහැදිලි කර ඇත. නමුත් යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් හේතුවෙන් නොමඟ යති. සැබැවින්ම නුඹගේ පරමාධිපති වනාහි ඔහුය සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නා.
120وَذَرُوا ظَاهِرَ الْإِثْمِ وَبَاطِنَهُ ۚ إِنَّ الَّذِينَ يَكْسِبُونَ الْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا يَقْتَرِفُونَ
තවද පාපයේ බාහිරය මෙන්ම එහි අභ්‍යන්තරය ද නුඹලා අත හැර දමනු. සැබැවින්ම පාපය උපයන්නන් වනාහි ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට මතු ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත.
121وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ ۗ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَىٰ أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ
තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු නොලැබුවේ ද එයින් නුඹලා අනුභව නොකරනු. තවද සැබැවින්ම එය පාපයකි. තවද නුඹලා සමඟ වාද කරනු පිණිස සැබැවින්ම ෂෙයිතානුන් තම හිතමිතුරන් වෙත කොඳුරනු ඇත. තවද නුඹලා ඔවුනට අවනත වූයෙහු නම් සැබැවින්ම නුඹලා ආදේශ කරන්නෝ වෙති.
අල්-අන්ආම්කුර්ආන් දර්ශකය
165ආයාත්
MeccanRevelation
119ආයාත්

පරිවර්තනය — අල්-අන්ආම් 119

සූරා අල්-අන්ආම් ආයාත් 119 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද කවර දෙයක් මත අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු ලැබුවේ ද…

සූරා ආයාත් 119/165 — සූරා අල්-අන්ආම් الأنعام (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අන්ආම් අසන්න, සූරා අල්-අන්ආම් පරිවර්තනය, සූරා අල්-අන්ආම් mp3, සූරා අල්-අන්ආම් pdf. ආයාත් 117–121. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers