📖 0/604 කියවූ පිටු
📄 142
۞ وَلَوۡ أَنَّنَا نَزَّلۡنَآ إِلَيۡهِمُ ٱلۡمَلَٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلۡمَوۡتَىٰ وَحَشَرۡنَا عَلَيۡهِمۡ كُلَّ شَيۡءٍ قُبُلًا مَّا كَانُواْ لِيُؤۡمِنُوٓاْ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ يَجۡهَلُونَ  ۝١١١ وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَٰطِينَ ٱلۡإِنسِ وَٱلۡجِنِّ يُوحِي بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ زُخۡرُفَ ٱلۡقَوۡلِ غُرُورًاۚ وَلَوۡ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ  ۝١١٢ وَلِتَصۡغَىٰٓ إِلَيۡهِ أَفۡـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَلِيَرۡضَوۡهُ وَلِيَقۡتَرِفُواْ مَا هُم مُّقۡتَرِفُونَ  ۝١١٣ أَفَغَيۡرَ ٱللَّهِ أَبۡتَغِي حَكَمًا وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ إِلَيۡكُمُ ٱلۡكِتَٰبَ مُفَصَّلًاۚ وَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡلَمُونَ أَنَّهُۥ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِٱلۡحَقِّۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ  ۝١١٤ وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ صِدۡقًا وَعَدۡلًاۚ لَّا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ  ۝١١٥ وَإِن تُطِعۡ أَكۡثَرَ مَن فِي ٱلۡأَرۡضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ  ۝١١٦ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦۖ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ  ۝١١٧ فَكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤۡمِنِينَ  ۝١١٨
6:111
۞ وَلَوۡ أَنَّنَا نَزَّلۡنَآ إِلَيۡهِمُ ٱلۡمَلَٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلۡمَوۡتَىٰ وَحَشَرۡنَا عَلَيۡهِمۡ كُلَّ شَيۡءٍ قُبُلًا مَّا كَانُواْ لِيُؤۡمِنُوٓاْ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ يَجۡهَلُونَ  ۝١١١
තවද අප ඔවුන් වෙත මලක්වරුන් පහළ කළ ද මියගියවුන් ඔවුන් සමඟ කතා කළ ද සියලු දෑ ඔවුන් ඉදිරියේ අප එක්රැස් කළ ද අල්ලාහ් අභිමත කිරීමෙන් මිස ඔවුහු විශ්වාස කිරීමට (ඉදිරිපත්) නොවනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරය අඥාන ව සිටිති.
6:112
وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا شَيَٰطِينَ ٱلۡإِنسِ وَٱلۡجِنِّ يُوحِي بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٍ زُخۡرُفَ ٱلۡقَوۡلِ غُرُورًاۚ وَلَوۡ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُونَ  ۝١١٢
තවද එලෙසම අපි සෑම නබි වරයකුටම මිනිස් වර්ගයා සහ ජින් වර්ගයා‍ගෙන් පවතින ෂෙයිතානුන් සතුරන් බවට පත් කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු රවටාලනු පිණිස ආකර්ෂණීය වදන් කොඳුරා පවසති. නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් ඔවුහු මෙය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන්වද ඔවුන් ගොතන (අසත්‍ය) දෑ ද නුඹ අත හැර දමනු.
6:113
وَلِتَصۡغَىٰٓ إِلَيۡهِ أَفۡـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ وَلِيَرۡضَوۡهُ وَلِيَقۡتَرِفُواْ مَا هُم مُّقۡتَرِفُونَ  ۝١١٣
තවද පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන්ගේ හදවත් ඒ වෙත නැඹුරු වීම සඳහා ද එය ඔවුහු පිළිගනු පිණිස ද ඔවුන් කවර කරුණක නිරත වෙමින් සිටියේ ද එහි නිරත වනු පිණිස ද (මෙසේ හතුරන් පත් කළෙමු.)
6:114
أَفَغَيۡرَ ٱللَّهِ أَبۡتَغِي حَكَمًا وَهُوَ ٱلَّذِيٓ أَنزَلَ إِلَيۡكُمُ ٱلۡكِتَٰبَ مُفَصَّلًاۚ وَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡلَمُونَ أَنَّهُۥ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِٱلۡحَقِّۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ  ۝١١٤
තීරකයකු ලෙස මා සෙවිය යුත්තේ අල්ලාහ් නොවන කෙනෙකුවද? නුඹලා වෙත පැහැදිලි කරනු ලැබූවක් ලෙස මෙම පුස්තකය පහළ කළේ ඔහුය. කවරෙකුට මෙම පුස්තකය අපි පිරිනැමුවෙමුද සැබැවින්ම ඔවුහු මෙය සත්‍යයෙන් යුතු ව නුඹගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවක් බව දැන ගනිති. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවනු.
6:115
وَتَمَّتۡ كَلِمَتُ رَبِّكَ صِدۡقًا وَعَدۡلًاۚ لَّا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ  ۝١١٥
නුඹගේ පරමාධිපතිගේ වදන සත්‍යතාවෙන් හා සාධාරණත්වයෙන් පූර්ණවත් විය. ඔහු (අල්ලාහ්) ගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
6:116
وَإِن تُطِعۡ أَكۡثَرَ مَن فِي ٱلۡأَرۡضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ  ۝١١٦
මහපොළොවේ සිටින බහුතරයක් දෙනාට නුඹ අවනත වන්නෙහි නම් අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුහු නුඹව නොමඟ යවනු ඇත. ඔවුහු අනුගමනය කරනුයේ හුදු අනුමානයන් මිස වෙනකක් නොවේ. තවද ඔවුහු උපකල්පනය කරන්නන් මිස වෙනත් අය නොවෙති.
6:117
إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦۖ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ  ۝١١٧
තම මාර්ගයෙන් නොමඟ යනවුන් කවුරුන් දැ? යි සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. තවද යහමඟ ලැබූවන් පිළිබඳව ද ඔහු මැනවින් දන්නාය.
6:118
فَكُلُواْ مِمَّا ذُكِرَ ٱسۡمُ ٱللَّهِ عَلَيۡهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤۡمِنِينَ  ۝١١٨
නුඹලා ඔහුගේ වදන් පිළිබඳ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, අල්ලාහ්ගේ නාමය කවර දෙයක් මත මෙනෙහි කරනු ලැබූවේ ද ඒවායින් අනුභව කරනු.


📚 8 📄142 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Thursday, October 8, 2026

Don't forget us in your sincere prayers