📖 0/604 කියවූ පිටු
📄 403
وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٌ مُّسَمًّى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةً وَهُمۡ لَا يَشۡعُرُونَ  ۝٥٣ يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ  ۝٥٤ يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ  ۝٥٥ يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٌ فَإِيَّٰيَ فَٱعۡبُدُونِ  ۝٥٦ كُلُّ نَفۡسٍ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ  ۝٥٧ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفًا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ  ۝٥٨ ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ  ۝٥٩ وَكَأَيِّن مِّن دَآبَّةٍ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ  ۝٦٠ وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ  ۝٦١ ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ  ۝٦٢ وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ  ۝٦٣
29:53
وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٌ مُّسَمًّى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةً وَهُمۡ لَا يَشۡعُرُونَ  ۝٥٣
තවද ඔවුහු ඔබගෙන් එම දඬුවම ඉක්මණින් පතති. (එයට) නියමිත කාලයක් නොවී නම් ඔවුන් වෙත එම දඬුවම පැමිණෙන්නට තිබුණි. තවද ඔවුන් නොදැනුවත් ව සිටිය දී එය ක්ෂණික ව ඔවුන් වෙත පැමිණෙනු ඇත.
29:54
يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ  ۝٥٤
ඔවුහු එම දඬුවම ඔබෙන් ඉක්මණින් පතති. තවද නියත වශයෙන්ම නිරය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සර්වප්‍රකාරයෙන් වට කර ගන්නකි.
29:55
يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ  ۝٥٥
එදින ඔවුනට ඉහළින් ද ඔවුන්ගේ පාද වලට යටින් ද දඬුවම ඔවුන් ව ආවරණය කරනු ඇත. "තවද නුඹලා සිදු කරමින් සිටී දෑ භුක්ති විඳිනු" යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත.
29:56
يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٌ فَإِيَّٰيَ فَٱعۡبُدُونِ  ۝٥٦
අහෝ විශ්වාස කළ මාගේ ගැත්තනි! නියත වශයෙන්ම මාගේ භූමිය විශාලය. එහෙයින් නුඹලා මටම නැමදුම් කරනු.
29:57
كُلُّ نَفۡسٍ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ  ۝٥٧
සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳින්නකි. පසු ව නුඹලා අප වෙත යොමු කරනු ලබන්නෙහුය.
29:58
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفًا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ  ۝٥٨
තවද දේවත්වය විශ්වාස කොට යහකම් සිදු කළ අය වනාහි, අපි ඔවුන් ස්වර්ග උයනෙහි ඊට යටින් ගංගාවන් ගලා බස්නා කුටි වල පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාතනිකයින්ය. යහකම් සිදු කරන්නන්ගේ කුලිය යහපත් විය.
29:59
ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ  ۝٥٩
තවද ඔවුන් වනාහි ඉවසිලිමත් වූ අය වෙති. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරති.
29:60
وَكَأَيِّن مِّن دَآبَّةٍ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ  ۝٦٠
තවද කොපමණක් ප්රාණීහු වෙත් ද? උන්ගේ පෝෂණය උන් උසුලන්නේ නැත. අල්ලාහ් උන්ට හා නුඹලාට පෝෂණය කරයි. තවද ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
29:61
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ  ۝٦١
තවද අහස් හා මහපොළොව මවා හිරු හා සඳු වසඟ කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම් සැබැවින්ම අල්ලාහ් යැයි ඔවුහු පවසති. එසේ නම් ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේද?
29:62
ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ  ۝٦٢
අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්යාප්ත කරයි. තවද ඔහු ඔහුට (ඒවා) සීමා කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
29:63
وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ  ۝٦٣
තවද අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව මියගිය පසුව එය ප්රාණවත් කළේ කවුදැයි ඔබ ඔවුන්ගෙන් විමසුවෙහි නම්, අල්ලාහ් යැයි නියත වශයෙන්ම ඔවුහු පවසති. සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) වටහා නොගනිති යැයි (නබිවරය!) නුඹ පවසනු.


📚 21 📄403 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Sunday, October 18, 2026

Don't forget us in your sincere prayers