නූහ් සූරා අරාබි සහ සිංහල

නූහ් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (28 ආයාත් — مكية). නූහ් අසන්න, නූහ් පරිවර්තනය, නූහ් mp3, නූහ් pdf.

නූහ් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අනතුරු අඟවනු යැයි (නියෝග කර) අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින්ම එව්වෙමු.
قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අනතුරු අඟවන්නෙකු වෙමි” යැයි ඔහු පැවසුවේය.
أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
“නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු”
يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ۚ إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنتُمْ تَعْلَمُونَ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලා ව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම්.”
قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
“මාගේ පරමාධිපතියාණනි! දිවා රාත්‍රියේ නියත වශයෙන්ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසීය.
فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික නොකළේය.”
وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන්ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු අඛණ්ඩව ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝය. තවද ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු වසා ගත්තෝය. තවද පාපකම්හි නිරත වූවෝය. තවද අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
“පසු ව නියත වශයෙන්ම මම ඔවුනට විවෘත ව ඇරයුම් කළෙමි.”
ثُمَّ إِنِّي أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
“පසු ව නියත වශයෙන්ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහිසගත ව ද ඔවුනට දැනුම් දුනිමි.”
فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී ය යැයි මම පැවසුවෙමි.”
يُرْسِلِ السَّمَاءَ عَلَيْكُم مِّدْرَارًا ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරු ව එවනු ඇත.”
وَيُمْدِدْكُم بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّاتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَارًا ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”.
مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
“නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නොකරන්නෙහුය.”
وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
“තවද සැබැවින්ම ඔහු නුඹලා ව විවිධ අදියරයන්ගෙන් මැව්වේය.”
أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
“තල වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?”
وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේය. තවද හිරු පහනක් බවට පත් කළේය.”
وَاللَّهُ أَنبَتَكُم مِّنَ الْأَرْضِ نَبَاتًا ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
“තවද අල්ලාහ් නුඹලා ව මහපොළොවෙන් බිහි කර වැඩෙන්නට සැලැස්වීය.”
ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
“පසු ව ඒ තුළට ඔහු නුඹලා ව නැවතත් එවන්නේය. තවද නුඹලා ව බැහැර කරමින් නික්මෙන්නට සලස්වන්නේය.”
وَاللَّهُ جَعَلَ لَكُمُ الْأَرْضَ بِسَاطًا ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේය.
لِّتَسْلُكُوا مِنْهَا سُبُلًا فِجَاجًا ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
නුඹලා එහි විවෘත මංමාවත් වල ගමන් කිරීම පිණිස.
قَالَ نُوحٌ رَّبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَن لَّمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඔවුන් මට පිටුපෑවෝය. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නොකළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසීය.
وَمَكَرُوا مَكْرًا كُبَّارًا ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
“තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් සැලසුම් කළෝය.”
وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
“තවද නුඹලාගේ දෙවියන් නුඹලා අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම ද) නුඹලා අත් නොහරිනු යැයි ඔවුහු පැවසුවෝය.”
وَقَدْ أَضَلُّوا كَثِيرًا ۖ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැව්වෝය. අපරාධකරුවන්ට මුළා ව මිස වෙනත් කිසිවක් ඔබ අධික නොකරනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
مِّمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُم مِّن دُونِ اللَّهِ أَنصَارًا ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබුවෝය. පසු ව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නොලැබුවෝය.
وَقَالَ نُوحٌ رَّبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
“මාගේ පරමාධිපතියාණනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නොහරිනු මැනව!” යැයි නූහ් පැවසීය.
إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
“නියත වශයෙන්ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන් ව ඔවුහු නොමග යවනු ඇත. තවද ඔවුහු ගුණමකු පාපතරයකු හැර බිහි නොකරනු ඇත.”
رَّبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස වෙනකක් අධික නොකරනු මැනව!”
← 70 නූහ් (71/114) 72 →
කියවන්න නූහ් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

71نوح Nuh 📚 28 ආයාත් مكية

ආයාත් ආයාත් – නූහ් සූරා — 28 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers