අල්-මආරිජ් සූරා අරාබි සහ සිංහල

අල්-මආරිජ් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (44 ආයාත් — مكية). අල්-මආරිජ් අසන්න, අල්-මආරිජ් පරිවර්තනය, අල්-මආරිජ් mp3, අල්-මආරිජ් pdf.

අල්-මආරිජ් සූරා කියවන්න සහ අසන්න

🎧 ආයාත්
M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
x1
سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ ۝١
📖 පරිවර්තනය ආයාත් 1
සිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේය.
لِّلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ ۝٢
📖 පරිවර්තනය ආයාත් 2
දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.
مِّنَ اللَّهِ ذِي الْمَعَارِجِ ۝٣
📖 පරිවර්තනය ආයාත් 3
(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).
تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ ۝٤
📖 පරිවර්තනය ආයාත් 4
එහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.
فَاصْبِرْ صَبْرًا جَمِيلًا ۝٥
📖 පරිවර්තනය ආයාත් 5
එහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.
إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا ۝٦
📖 පරිවර්තනය ආයාත් 6
නියත වශයෙන්ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.
وَنَرَاهُ قَرِيبًا ۝٧
📖 පරිවර්තනය ආයාත් 7
නමුත් අපි එය සමීපයෙන් දකිමු.
يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ ۝٨
📖 පරිවර්තනය ආයාත් 8
එදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ ۝٩
📖 පරිවර්තනය ආයාත් 9
තවද කඳු ලොම් මෙන් වනු ඇත.
وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا ۝١٠
📖 පරිවර්තනය ආයාත් 10
තවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නොකරයි.
يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ ۝١١
📖 පරිවර්තනය ආයාත් 11
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන්ම;
وَصَاحِبَتِهِ وَأَخِيهِ ۝١٢
📖 පරිවර්තනය ආයාත් 12
තම බිරිය, තම සොහොයුරන්;
وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ ۝١٣
📖 පරිවර්තනය ආයාත් 13
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;
وَمَن فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ ۝١٤
📖 පරිවර්තනය ආයාත් 14
තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
كَلَّا ۖ إِنَّهَا لَظَىٰ ۝١٥
📖 පරිවර්තනය ආයාත් 15
එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.
نَزَّاعَةً لِّلشَّوَىٰ ۝١٦
📖 පරිවර්තනය ආයාත් 16
(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.
تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ ۝١٧
📖 පරිවර්තනය ආයාත් 17
එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.
وَجَمَعَ فَأَوْعَىٰ ۝١٨
📖 පරිවර්තනය ආයාත් 18
ඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේය.
۞ إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا ۝١٩
📖 පරිවර්තනය ආයාත් 19
නියත වශයෙන්ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත.
إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا ۝٢٠
📖 පරිවර්තනය ආයාත් 20
ඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ.
وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا ۝٢١
📖 පරිවර්තනය ආයාත් 21
තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නොදී) වළක්වන්නෙකු වේ.
إِلَّا الْمُصَلِّينَ ۝٢٢
📖 පරිවර්තනය ආයාත් 22
නමුත් සලාතය ඉටු කරන්නන් හැර;
الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ ۝٢٣
📖 පරිවර්තනය ආයාත් 23
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.
وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَّعْلُومٌ ۝٢٤
📖 පරිවර්තනය ආයාත් 24
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;
لِّلسَّائِلِ وَالْمَحْرُومِ ۝٢٥
📖 පරිවර්තනය ආයාත් 25
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.
وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ ۝٢٦
📖 පරිවර්තනය ආයාත් 26
තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව තහවුරු කරති.
وَالَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ ۝٢٧
📖 පරිවර්තනය ආයාත් 27
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති.
إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ ۝٢٨
📖 පරිවර්තනය ආයාත් 28
නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නොවන්නකි.
وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ ۝٢٩
📖 පරිවර්තනය ආයාත් 29
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රයන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ۝٣٠
📖 පරිවර්තනය ආයාත් 30
නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ ۝٣١
📖 පරිවර්තනය ආයාත් 31
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහුමය සීමාව ඉක්මවා යන්නෝ.
وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ ۝٣٢
📖 පරිවර්තනය ආයාත් 32
තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.
وَالَّذِينَ هُم بِشَهَادَاتِهِمْ قَائِمُونَ ۝٣٣
📖 පරිවර්තනය ආයාත් 33
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නෝ වෙති.
وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ ۝٣٤
📖 පරිවර්තනය ආයාත් 34
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.
أُولَٰئِكَ فِي جَنَّاتٍ مُّكْرَمُونَ ۝٣٥
📖 පරිවර්තනය ආයාත් 35
ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.
فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ ۝٣٦
📖 පරිවර්තනය ආයාත් 36
මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.
عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ ۝٣٧
📖 පරිවර්තනය ආයාත් 37
දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).
أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ ۝٣٨
📖 පරිවර්තනය ආයාත් 38
ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُم مِّمَّا يَعْلَمُونَ ۝٣٩
📖 පරිවර්තනය ආයාත් 39
එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.
فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ ۝٤٠
📖 පරිවර්තනය ආයාත් 40
පෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන්ම අපි බලය දරන්නෝ වෙමු.
عَلَىٰ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ ۝٤١
📖 පරිවර්තනය ආයාත් 41
(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නොවෙමු.
فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ ۝٤٢
📖 පරිවර්තනය ආයාත් 42
ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.
يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ ۝٤٣
📖 පරිවර්තනය ආයාත් 43
පිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනී වළවල් වලින් ඔවුන් බැහැර වනු ඇත.
خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ ۝٤٤
📖 පරිවර්තනය ආයාත් 44
ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.
← 69 අල්-මආරිජ් (70/114) 71 →
කියවන්න අල්-මආරිජ් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය

70المعارج Al-Ma'arij 📚 44 ආයාත් مكية

ආයාත් ආයාත් – අල්-මආරිජ් සූරා — 44 ආයාත්




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers