සූරා නූහ් pdf — බාගත කරන්න (සිංහල)
සූරා නූහ් pdf සිංහල — බාගත කරන්න සූරා නූහ් පරිවර්තනය. නූහ් (Meccan) 28 ආයාත්.
Related
- නූහ් පරිවර්තනයසිංහල
- නූහ් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා නූහ්

ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆ
වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අනතුරු අඟවනු යැයි (නියෝග කර) අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින්ම එව්වෙමු.
ﮇﮈﮉﮊﮋﮌﮍ
“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අනතුරු අඟවන්නෙකු වෙමි” යැයි ඔහු පැවසුවේය.
ﮎﮏﮐﮑﮒﮓ
“නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු”
ﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලා ව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම්.”
ﮩﮪﮫﮬﮭﮮﮯﮰ
“මාගේ පරමාධිපතියාණනි! දිවා රාත්‍රියේ නියත වශයෙන්ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසීය.
ﮱﯓﯔﯕﯖﯗ
“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික නොකළේය.”
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦ
“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන්ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු අඛණ්ඩව ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝය. තවද ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු වසා ගත්තෝය. තවද පාපකම්හි නිරත වූවෝය. තවද අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
ﯧﯨﯩﯪﯫ
“පසු ව නියත වශයෙන්ම මම ඔවුනට විවෘත ව ඇරයුම් කළෙමි.”
ﯬﯭﯮﯯﯰﯱﯲﯳ
“පසු ව නියත වශයෙන්ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහිසගත ව ද ඔවුනට දැනුම් දුනිමි.”
ﯴﯵﯶﯷﯸﯹﯺ
“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී ය යැයි මම පැවසුවෙමි.”
ﭑﭒﭓﭔﭕ
“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරු ව එවනු ඇත.”
ﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟ
“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”.
ﭠﭡﭢﭣﭤﭥﭦ
“නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නොකරන්නෙහුය.”
ﭧﭨﭩﭪ
“තවද සැබැවින්ම ඔහු නුඹලා ව විවිධ අදියරයන්ගෙන් මැව්වේය.”
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
“තල වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?”
ﭴﭵﭶﭷﭸﭹﭺﭻ
“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේය. තවද හිරු පහනක් බවට පත් කළේය.”
ﭼﭽﭾﭿﮀﮁ
“තවද අල්ලාහ් නුඹලා ව මහපොළොවෙන් බිහි කර වැඩෙන්නට සැලැස්වීය.”
ﮂﮃﮄﮅﮆﮇ
“පසු ව ඒ තුළට ඔහු නුඹලා ව නැවතත් එවන්නේය. තවද නුඹලා ව බැහැර කරමින් නික්මෙන්නට සලස්වන්නේය.”
ﮈﮉﮊﮋﮌﮍ
තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේය.
ﮎﮏﮐﮑﮒ
නුඹලා එහි විවෘත මංමාවත් වල ගමන් කිරීම පිණිස.
ﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠ
“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඔවුන් මට පිටුපෑවෝය. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නොකළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසීය.
ﮡﮢﮣﮤ
“තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් සැලසුම් කළෝය.”
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
“තවද නුඹලාගේ දෙවියන් නුඹලා අත් නොහරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම ද) නුඹලා අත් නොහරිනු යැයි ඔවුහු පැවසුවෝය.”
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැව්වෝය. අපරාධකරුවන්ට මුළා ව මිස වෙනත් කිසිවක් ඔබ අධික නොකරනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
ﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබුවෝය. පසු ව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නොලැබුවෝය.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ
“මාගේ පරමාධිපතියාණනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නොහරිනු මැනව!” යැයි නූහ් පැවසීය.
ﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀ
“නියත වශයෙන්ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන් ව ඔවුහු නොමග යවනු ඇත. තවද ඔවුහු ගුණමකු පාපතරයකු හැර බිහි නොකරනු ඇත.”
ﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑ
“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස වෙනකක් අධික නොකරනු මැනව!”
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







