📖 0/604 කියවූ පිටු
📄 103
فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ وَكُفۡرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتۡلِهِمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقٍّ وَقَوۡلِهِمۡ قُلُوبُنَا غُلۡفُۢۚ بَلۡ طَبَعَ ٱللَّهُ عَلَيۡهَا بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلًا ١٥٥ وَبِكُفۡرِهِمۡ وَقَوۡلِهِمۡ عَلَىٰ مَرۡيَمَ بُهۡتَٰنًا عَظِيمًا ١٥٦ وَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا ١٥٧ بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيۡهِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا ١٥٨ وَإِن مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ إِلَّا لَيُؤۡمِنَنَّ بِهِۦ قَبۡلَ مَوۡتِهِۦۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكُونُ عَلَيۡهِمۡ شَهِيدًا ١٥٩ فَبِظُلۡمٍ مِّنَ ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا عَلَيۡهِمۡ طَيِّبَٰتٍ أُحِلَّتۡ لَهُمۡ وَبِصَدِّهِمۡ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرًا ١٦٠ وَأَخۡذِهِمُ ٱلرِّبَوٰاْ وَقَدۡ نُهُواْ عَنۡهُ وَأَكۡلِهِمۡ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ مِنۡهُمۡ عَذَابًا أَلِيمًا ١٦١ لَّٰكِنِ ٱلرَّٰسِخُونَ فِي ٱلۡعِلۡمِ مِنۡهُمۡ وَٱلۡمُؤۡمِنُونَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَۚ وَٱلۡمُقِيمِينَ ٱلصَّلَوٰةَۚ وَٱلۡمُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلۡمُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أُوْلَٰٓئِكَ سَنُؤۡتِيهِمۡ أَجۡرًا عَظِيمًا ١٦٢
4:155
فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ وَكُفۡرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتۡلِهِمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقٍّ وَقَوۡلِهِمۡ قُلُوبُنَا غُلۡفُۢۚ بَلۡ طَبَعَ ٱللَّهُ عَلَيۡهَا بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلًا ١٥٥
ඔවුන්ගේ ප්‍රතිඥාවන් ඔවුන් බිඳ දැමූ හෙයින් ද අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ හෙයින් ද කිසිදු යුක්තියකින් තොරව නබිවරුන් ව ඔවුන් ඝාතනය කළ හෙයින් ද අපගේ හදවත් වැසී ඇතැයි ඔවුන් පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය) එමෙන්ම ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ඒ මත අල්ලාහ් මුද්‍රා තැබුවේය. එබැවින් ස්වල්ප දෙනෙකු මිස ඔවුහු විශ්වාස නොකරති.
4:156
وَبِكُفۡرِهِمۡ وَقَوۡلِهِمۡ عَلَىٰ مَرۡيَمَ بُهۡتَٰنًا عَظِيمًا ١٥٦
තවද ඔවුන් (ප්‍රතික්ෂේප කළ හෙයින් ද මර්යම් කෙරෙහි මහත් අවලාද පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය).
4:157
وَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا ١٥٧
අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය කළෙමු යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය) නමුත් ඔවුහු ඔහු ව ඝාතනය නොකළෝය. එමෙන්ම ඔවුහු ඔහු ව කුරුසයේ තබා ඇණ ගැසුවේද නැත. නමුත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින්ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳ ව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහු ව තිරසාර ව ඝාතනය නොකළෝය.
4:158
بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيۡهِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا ١٥٨
නමුත් අල්ලාහ් තමන් වෙත ඔහු ව ඔසවා ගත්තේය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය.
4:159
وَإِن مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ إِلَّا لَيُؤۡمِنَنَّ بِهِۦ قَبۡلَ مَوۡتِهِۦۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكُونُ عَلَيۡهِمۡ شَهِيدًا ١٥٩
ධර්ම ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඒ ගැන විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහි ව සාක්ෂිකරුවකු වනු ඇත.
4:160
فَبِظُلۡمٍ مِّنَ ٱلَّذِينَ هَادُواْ حَرَّمۡنَا عَلَيۡهِمۡ طَيِّبَٰتٍ أُحِلَّتۡ لَهُمۡ وَبِصَدِّهِمۡ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرًا ١٦٠
යුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත කරනු ලැබූ පිවිතුරු දෑ අපි ඔවුනට තහනම් කළෙමු. තවද එය අල්ලාහ්ගේ මාර්ගයෙන් බොහෝ දෙනා ව ඔවුන් අවහිර කළ බැවිනි.
4:161
وَأَخۡذِهِمُ ٱلرِّبَوٰاْ وَقَدۡ نُهُواْ عَنۡهُ وَأَكۡلِهِمۡ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِۚ وَأَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ مِنۡهُمۡ عَذَابًا أَلِيمًا ١٦١
තවද පොලිය තහනම් කරනු ලැබ තිබිය දී ඔවුන් එය ගත් බැවින් ද අනිසි අයුරින් ජනයාගේ වස්තුව ඔවුන් අනුභව කළ බැවින් ද වේ. තවද අපි ඔවුන් අතුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට වේදනා සහගත දඬුවමක් සූදානම් කළෙමු.
4:162
لَّٰكِنِ ٱلرَّٰسِخُونَ فِي ٱلۡعِلۡمِ مِنۡهُمۡ وَٱلۡمُؤۡمِنُونَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَۚ وَٱلۡمُقِيمِينَ ٱلصَّلَوٰةَۚ وَٱلۡمُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَٱلۡمُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ أُوْلَٰٓئِكَ سَنُؤۡتِيهِمۡ أَجۡرًا عَظِيمًا ١٦٢
නමුත් ඔවුන් අතුරින් දැනුමෙහි තීක්ෂණ බුද්ධියක් ඇත්තවුන් ද දේවත්වය විශ්වාස කළ අය ද නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද සලාතය විධිමත් ව ඉටු කරන්නන් ද zසකාත් දෙන්නන් ද අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ද වන මොවුනට අපි අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Saturday, August 22, 2026
Don't forget us in your sincere prayers







