අන්-නිසා · 157/176
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අන්-නිසා
وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمْ ۚ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِيهِ لَفِي شَكٍّ مِّنْهُ ۚ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلَّا اتِّبَاعَ الظَّنِّ ۚ وَمَا قَتَلُوهُ يَقِينًا ۝١٥٧
Wa qawlihim innaa qatal nal maseeha `Eesab-na-Maryama Rasoolal laahi wa maa qataloohu wa maa salaboohu wa laakin shubbiha lahum; wa innal lazeenakh talafoo fee lafee shakkim minh; maa lahum bihee min `ilmin illat tibaa`az zann; wa maa qataloohu yaqeenaa
📖 සිංහලෙන්
අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය කළෙමු යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය) නමුත් ඔවුහු ඔහු ව ඝාතනය නොකළෝය. එමෙන්ම ඔවුහු ඔහු ව කුරුසයේ තබා ඇණ ගැසුවේද නැත. නමුත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින්ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳ ව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහු ව තිරසාර ව ඝාතනය නොකළෝය.
🎧 අසන්න

📜 ආයාත් 155-159 — අන්-නිසා

155فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ وَكُفْرِهِم بِآيَاتِ اللَّهِ وَقَتْلِهِمُ الْأَنبِيَاءَ بِغَيْرِ حَقٍّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌ ۚ بَلْ طَبَعَ اللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا
ඔවුන්ගේ ප්‍රතිඥාවන් ඔවුන් බිඳ දැමූ හෙයින් ද අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ හෙයින් ද කිසිදු යුක්තියකින් තොරව නබිවරුන් ව ඔවුන් ඝාතනය කළ හෙයින් ද අපගේ හදවත් වැසී ඇතැයි ඔවුන් පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය) එමෙන්ම ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ඒ මත අල්ලාහ් මුද්‍රා තැබුවේය. එබැවින් ස්වල්ප දෙනෙකු මිස ඔවුහු විශ්වාස නොකරති.
156وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَىٰ مَرْيَمَ بُهْتَانًا عَظِيمًا
තවද ඔවුන් (ප්‍රතික්ෂේප කළ හෙයින් ද මර්යම් කෙරෙහි මහත් අවලාද පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය).
157وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمْ ۚ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِيهِ لَفِي شَكٍّ مِّنْهُ ۚ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلَّا اتِّبَاعَ الظَّنِّ ۚ وَمَا قَتَلُوهُ يَقِينًا
අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය කළෙමු යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය) නමුත් ඔවුහු ඔහු ව ඝාතනය නොකළෝය. එමෙන්ම ඔවුහු ඔහු ව කුරුසයේ තබා ඇණ ගැසුවේද නැත. නමුත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින්ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳ ව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහු ව තිරසාර ව ඝාතනය නොකළෝය.
158بَل رَّفَعَهُ اللَّهُ إِلَيْهِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا
නමුත් අල්ලාහ් තමන් වෙත ඔහු ව ඔසවා ගත්තේය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය.
159وَإِن مِّنْ أَهْلِ الْكِتَابِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا
ධර්ම ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඒ ගැන විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහි ව සාක්ෂිකරුවකු වනු ඇත.
අන්-නිසාකුර්ආන් දර්ශකය
176ආයාත්
MedinanRevelation
157ආයාත්

පරිවර්තනය — අන්-නිසා 157

සූරා අන්-නිසා ආයාත් 157 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය…

සූරා ආයාත් 157/176 — අන්-නිසා النساء (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අන්-නිසා අසන්න, අන්-නිසා පරිවර්තනය, අන්-නිසා mp3, අන්-නිසා pdf. ආයාත් 155–159. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers