📖 0/604 කියවූ පිටු
📄 132
۞ إِنَّمَا يَسۡتَجِيبُ ٱلَّذِينَ يَسۡمَعُونَۘ وَٱلۡمَوۡتَىٰ يَبۡعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيۡهِ يُرۡجَعُونَ  ۝٣٦ وَقَالُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ءَايَةٌ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةً وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ  ۝٣٧ وَمَا مِن دَآبَّةٍ فِي ٱلۡأَرۡضِ وَلَا طَٰٓئِرٍ يَطِيرُ بِجَنَاحَيۡهِ إِلَّآ أُمَمٌ أَمۡثَالُكُمۚ مَّا فَرَّطۡنَا فِي ٱلۡكِتَٰبِ مِن شَيۡءٍۚ ثُمَّ إِلَىٰ رَبِّهِمۡ يُحۡشَرُونَ  ۝٣٨ وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا صُمٌّ وَبُكۡمٌ فِي ٱلظُّلُمَٰتِۗ مَن يَشَإِ ٱللَّهُ يُضۡلِلۡهُ وَمَن يَشَأۡ يَجۡعَلۡهُ عَلَىٰ صِرَٰطٍ مُّسۡتَقِيمٍ  ۝٣٩ قُلۡ أَرَءَيۡتَكُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُ ٱللَّهِ أَوۡ أَتَتۡكُمُ ٱلسَّاعَةُ أَغَيۡرَ ٱللَّهِ تَدۡعُونَ إِن كُنتُمۡ صَٰدِقِينَ  ۝٤٠ بَلۡ إِيَّاهُ تَدۡعُونَ فَيَكۡشِفُ مَا تَدۡعُونَ إِلَيۡهِ إِن شَآءَ وَتَنسَوۡنَ مَا تُشۡرِكُونَ  ۝٤١ وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٍ مِّن قَبۡلِكَ فَأَخَذۡنَٰهُم بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَتَضَرَّعُونَ  ۝٤٢ فَلَوۡلَآ إِذۡ جَآءَهُم بَأۡسُنَا تَضَرَّعُواْ وَلَٰكِن قَسَتۡ قُلُوبُهُمۡ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ مَا كَانُواْ يَعۡمَلُونَ  ۝٤٣ فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِۦ فَتَحۡنَا عَلَيۡهِمۡ أَبۡوَٰبَ كُلِّ شَيۡءٍ حَتَّىٰٓ إِذَا فَرِحُواْ بِمَآ أُوتُوٓاْ أَخَذۡنَٰهُم بَغۡتَةً فَإِذَا هُم مُّبۡلِسُونَ  ۝٤٤
6:36
۞ إِنَّمَا يَسۡتَجِيبُ ٱلَّذِينَ يَسۡمَعُونَۘ وَٱلۡمَوۡتَىٰ يَبۡعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيۡهِ يُرۡجَعُونَ  ۝٣٦
ඔබට ප්‍රතිචාර දක්වනුයේ ශ්‍රවණය කරන්නෝ වෙති. (එසේ ශ්‍රවණය නොකරන්නන් මිය ගිය ඇත්තන් මෙනි. එසේ) මියගිය ඇත්තන් වනාහි අල්ලාහ් ඔවුන්ව නැවත නැගිටුවා පසුව ඔවුහු ඔහු වෙතට යොමු කරනු ලබති.
6:37
وَقَالُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ءَايَةٌ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةً وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ  ۝٣٧
තවද ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත සාධකයක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි විමසති. සැබැවින්ම අල්ලාහ් එසේ සාධකයක් පහළ කිරීමට බලය ඇත්තාය යැයි (නබිවරය!) නුඹ පවසනු. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.
6:38
وَمَا مِن دَآبَّةٍ فِي ٱلۡأَرۡضِ وَلَا طَٰٓئِرٍ يَطِيرُ بِجَنَاحَيۡهِ إِلَّآ أُمَمٌ أَمۡثَالُكُمۚ مَّا فَرَّطۡنَا فِي ٱلۡكِتَٰبِ مِن شَيۡءٍۚ ثُمَّ إِلَىٰ رَبِّهِمۡ يُحۡشَرُونَ  ۝٣٨
ගොඩබිම සතෙකු හෝ වේවා තම තටු දෙක සලමින් පියාසර කරන පක්ෂියෙකු හෝ වේවා (උන් ද) නුඹලා මෙන් වූ සමූහයන් මිස වෙනත් දෑ නොවෙති. පුස්තකයේ අපි කිසිවක් අත් නොහැරියෙමු. පසුව ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති.
6:39
وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا صُمٌّ وَبُكۡمٌ فِي ٱلظُّلُمَٰتِۗ مَن يَشَإِ ٱللَّهُ يُضۡلِلۡهُ وَمَن يَشَأۡ يَجۡعَلۡهُ عَلَىٰ صِرَٰطٍ مُّسۡتَقِيمٍ  ۝٣٩
අපගේ වදන් බොරු කළවුන් වනාහි අන්ධකාරයන් තුළ සිටින බිහිරෝ හා ගොළුවෝ වෙති. අල්ලාහ් අභිමත කරන අය නොමඟ යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය මත තබයි.
6:40
قُلۡ أَرَءَيۡتَكُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُ ٱللَّهِ أَوۡ أَتَتۡكُمُ ٱلسَّاعَةُ أَغَيۡرَ ٱللَّهِ تَدۡعُونَ إِن كُنتُمۡ صَٰدِقِينَ  ۝٤٠
"අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් නැතිනම් විනිශ්චය දිනය නුඹලා වෙත පැමිණියේ නම් අල්ලාහ් හැර වෙනත් අය නුඹලා අයැදින්නෙහුද? නුඹලා සත්‍යවන්තයින් ලෙස සිටියෙහු නම් (ඒ බව) මට දන්වා සිටින්නෙහුද? යැයි (නබිවරය!) නුඹ විමසනු.
6:41
بَلۡ إِيَّاهُ تَدۡعُونَ فَيَكۡشِفُ مَا تَدۡعُونَ إِلَيۡهِ إِن شَآءَ وَتَنسَوۡنَ مَا تُشۡرِكُونَ  ۝٤١
එසේ නොව, නුඹලා අයැදින්නේ ඔහුවමය. නුඹලා ඔහු වෙත අයැද සිටින දෑ ඔහු අභිමත කළේ නම් ඉවත් කරනු ඇත. තවද නුඹලා ආදේශ කරන දෑ ද නුඹලා අමතක කර දමනු ඇත.
6:42
وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٍ مِّن قَبۡلِكَ فَأَخَذۡنَٰهُم بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَتَضَرَّعُونَ  ۝٤٢
තවද සැබැවින්ම අපි නුඹට පෙර වූ සමූහයන් වෙත ද දූත පණිවිඩ එව්වෙමු. ඔවුන් යටහත් පහත් විය හැකි වනු පිණිස දරිද්‍රතාවන් හා පීඩාවන්ගෙන් අපි ඔවුන් හසු කළෙමු.
6:43
فَلَوۡلَآ إِذۡ جَآءَهُم بَأۡسُنَا تَضَرَّعُواْ وَلَٰكِن قَسَتۡ قُلُوبُهُمۡ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ مَا كَانُواْ يَعۡمَلُونَ  ۝٤٣
එබැවින් ඔවුන් වෙත අපගේ දරිද්‍රතාව පැමිණි විට ඔවුන් යටහත් පහත් විය යුතු නොවේ ද? නමුත් ඔවුන්ගේ හදවත් දැඩි විය. ඔවුන් කරමින් සිටි දෑ ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් කළේය.
6:44
فَلَمَّا نَسُواْ مَا ذُكِّرُواْ بِهِۦ فَتَحۡنَا عَلَيۡهِمۡ أَبۡوَٰبَ كُلِّ شَيۡءٍ حَتَّىٰٓ إِذَا فَرِحُواْ بِمَآ أُوتُوٓاْ أَخَذۡنَٰهُم بَغۡتَةً فَإِذَا هُم مُّبۡلِسُونَ  ۝٤٤
කවර දෙයක් පිළිබඳ ඔවුනට සිහපත් කරනු ලැබුවේ ද එය ඔවුන් අමතක කළ කල්හි අපි සියලු දෑ හි දොරටු ඔවුන් වෙත විවෘත කළෙමු. අවසානයේ ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ සතුටු වෙමින් සිටිය දී අපි ඔවුන් අනපේක්ෂිත ව හසු කළෙමු. එවිට ඔවුහු බලාපොරොත්තු සුන් වූවන් බවට පත් වූහ.


📚 7 📄132 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Thursday, October 8, 2026

Don't forget us in your sincere prayers