අල්-අන්ආම් · 115/165
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-අන්ආම්
وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلًا ۚ لَّا مُبَدِّلَ لِكَلِمَاتِهِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ۝١١٥
Wa tammat Kalimatu Rabbika sidqanw wa `adlaa; laa mubaddila li Kalimaatih; wa Huwas Samee`ul `Aleem
📖 සිංහලෙන්
නුඹගේ පරමාධිපතිගේ වදන සත්‍යතාවෙන් හා සාධාරණත්වයෙන් පූර්ණවත් විය. ඔහු (අල්ලාහ්) ගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
🎧 අසන්න

📜 ආයාත් 113-117 — අල්-අන්ආම්

113وَلِتَصْغَىٰ إِلَيْهِ أَفْئِدَةُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا مَا هُم مُّقْتَرِفُونَ
තවද පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන්ගේ හදවත් ඒ වෙත නැඹුරු වීම සඳහා ද එය ඔවුහු පිළිගනු පිණිස ද ඔවුන් කවර කරුණක නිරත වෙමින් සිටියේ ද එහි නිරත වනු පිණිස ද (මෙසේ හතුරන් පත් කළෙමු.)
114أَفَغَيْرَ اللَّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلًا ۚ وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِالْحَقِّ ۖ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ
තීරකයකු ලෙස මා සෙවිය යුත්තේ අල්ලාහ් නොවන කෙනෙකුවද? නුඹලා වෙත පැහැදිලි කරනු ලැබූවක් ලෙස මෙම පුස්තකය පහළ කළේ ඔහුය. කවරෙකුට මෙම පුස්තකය අපි පිරිනැමුවෙමුද සැබැවින්ම ඔවුහු මෙය සත්‍යයෙන් යුතු ව නුඹගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවක් බව දැන ගනිති. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවනු.
115وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلًا ۚ لَّا مُبَدِّلَ لِكَلِمَاتِهِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
නුඹගේ පරමාධිපතිගේ වදන සත්‍යතාවෙන් හා සාධාරණත්වයෙන් පූර්ණවත් විය. ඔහු (අල්ලාහ්) ගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
116وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الْأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللَّهِ ۚ إِن يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ
මහපොළොවේ සිටින බහුතරයක් දෙනාට නුඹ අවනත වන්නෙහි නම් අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුහු නුඹව නොමඟ යවනු ඇත. ඔවුහු අනුගමනය කරනුයේ හුදු අනුමානයන් මිස වෙනකක් නොවේ. තවද ඔවුහු උපකල්පනය කරන්නන් මිස වෙනත් අය නොවෙති.
117إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
තම මාර්ගයෙන් නොමඟ යනවුන් කවුරුන් දැ? යි සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. තවද යහමඟ ලැබූවන් පිළිබඳව ද ඔහු මැනවින් දන්නාය.
අල්-අන්ආම්කුර්ආන් දර්ශකය
165ආයාත්
MeccanRevelation
115ආයාත්

පරිවර්තනය — අල්-අන්ආම් 115

සූරා අල්-අන්ආම් ආයාත් 115 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹගේ පරමාධිපතිගේ වදන සත්‍යතාවෙන් හා සාධාරණත්වයෙන් පූර්ණවත් විය. ඔහු (අල්ලාහ්)…

සූරා ආයාත් 115/165 — අල්-අන්ආම් الأنعام (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-අන්ආම් අසන්න, අල්-අන්ආම් පරිවර්තනය, අල්-අන්ආම් mp3, අල්-අන්ආම් pdf. ආයාත් 113–117. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers