📖 0/604 කියවූ පිටු
📄 162
۞ قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ مِن قَوۡمِهِۦ لَنُخۡرِجَنَّكَ يَٰشُعَيۡبُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَكَ مِن قَرۡيَتِنَآ أَوۡ لَتَعُودُنَّ فِي مِلَّتِنَاۚ قَالَ أَوَلَوۡ كُنَّا كَٰرِهِينَ  ۝٨٨ قَدِ ٱفۡتَرَيۡنَا عَلَى ٱللَّهِ كَذِبًا إِنۡ عُدۡنَا فِي مِلَّتِكُم بَعۡدَ إِذۡ نَجَّىٰنَا ٱللَّهُ مِنۡهَاۚ وَمَا يَكُونُ لَنَآ أَن نَّعُودَ فِيهَآ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّنَاۚ وَسِعَ رَبُّنَا كُلَّ شَيۡءٍ عِلۡمًاۚ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَاۚ رَبَّنَا ٱفۡتَحۡ بَيۡنَنَا وَبَيۡنَ قَوۡمِنَا بِٱلۡحَقِّ وَأَنتَ خَيۡرُ ٱلۡفَٰتِحِينَ  ۝٨٩ وَقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ لَئِنِ ٱتَّبَعۡتُمۡ شُعَيۡبًا إِنَّكُمۡ إِذًا لَّخَٰسِرُونَ  ۝٩٠ فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ  ۝٩١ ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبًا كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَاۚ ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبًا كَانُواْ هُمُ ٱلۡخَٰسِرِينَ  ۝٩٢ فَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰقَوۡمِ لَقَدۡ أَبۡلَغۡتُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَنَصَحۡتُ لَكُمۡۖ فَكَيۡفَ ءَاسَىٰ عَلَىٰ قَوۡمٍ كَٰفِرِينَ  ۝٩٣ وَمَآ أَرۡسَلۡنَا فِي قَرۡيَةٍ مِّن نَّبِيٍّ إِلَّآ أَخَذۡنَآ أَهۡلَهَا بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَضَّرَّعُونَ  ۝٩٤ ثُمَّ بَدَّلۡنَا مَكَانَ ٱلسَّيِّئَةِ ٱلۡحَسَنَةَ حَتَّىٰ عَفَواْ وَّقَالُواْ قَدۡ مَسَّ ءَابَآءَنَا ٱلضَّرَّآءُ وَٱلسَّرَّآءُ فَأَخَذۡنَٰهُم بَغۡتَةً وَهُمۡ لَا يَشۡعُرُونَ  ۝٩٥
7:88
۞ قَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُواْ مِن قَوۡمِهِۦ لَنُخۡرِجَنَّكَ يَٰشُعَيۡبُ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَكَ مِن قَرۡيَتِنَآ أَوۡ لَتَعُودُنَّ فِي مِلَّتِنَاۚ قَالَ أَوَلَوۡ كُنَّا كَٰرِهِينَ  ۝٨٨
අහෝ ෂුඅයිබ්! සැබැවින්ම අපි නුඹ හා නුඹ සමඟ විශ්වාස කළවුන් අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹ අපගේ දහම් පිළිවෙත් තුළට නැවත හැරී ආ යුතු යැයි ඔහුගේ සමූහයා අතරින් උඩඟුකම් පෑ ප්‍රධානීහු කීහ. (එවිට) ඔහු ‘අපි පිළිකුල් කරන්නන් ලෙස සිටියත්’ දැයි විමසුවේය.
7:89
قَدِ ٱفۡتَرَيۡنَا عَلَى ٱللَّهِ كَذِبًا إِنۡ عُدۡنَا فِي مِلَّتِكُم بَعۡدَ إِذۡ نَجَّىٰنَا ٱللَّهُ مِنۡهَاۚ وَمَا يَكُونُ لَنَآ أَن نَّعُودَ فِيهَآ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّنَاۚ وَسِعَ رَبُّنَا كُلَّ شَيۡءٍ عِلۡمًاۚ عَلَى ٱللَّهِ تَوَكَّلۡنَاۚ رَبَّنَا ٱفۡتَحۡ بَيۡنَنَا وَبَيۡنَ قَوۡمِنَا بِٱلۡحَقِّ وَأَنتَ خَيۡرُ ٱلۡفَٰتِحِينَ  ۝٨٩
නුඹලාගේ දහමින් අල්ලාහ් අප මුදවා ගත් පසු ඒ වෙත අප නැවත හැරුණේ නම් සැබැවින්ම අපි අල්ලාහ් කෙරෙහි බොරු ගෙතූවන් බවට පත් වෙමු. අපගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස එහි නැවත හැරී යාමක් නොවන්නේය. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ව්‍යාප්තය. අපි අල්ලාහ් වෙතම භාර කරමු. අපගේ පරමාධිපතියාණනි! අප අතර ද අපගේ සමූහයා අතර ද සත්‍යයෙන් යුතුව තීන්දු දෙනු මැනව! තීන්දු දෙන්නන් අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබය. (යැයි ෂුඅයිබ් පැවසීය.)
7:90
وَقَالَ ٱلۡمَلَأُ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ لَئِنِ ٱتَّبَعۡتُمۡ شُعَيۡبًا إِنَّكُمۡ إِذًا لَّخَٰسِرُونَ  ۝٩٠
‘නුඹලා ෂුඅයිබ් ව අනුගමනය කළෙහු නම් නියත වශයෙන්ම නුඹලා අලාභවන්තයෝ වෙති’ යැයි ඔහුගේ සමූහයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.
7:91
فَأَخَذَتۡهُمُ ٱلرَّجۡفَةُ فَأَصۡبَحُواْ فِي دَارِهِمۡ جَٰثِمِينَ  ۝٩١
එසැණින් භූ කම්පනය ඔවුන් හසු කර ගත්තේය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට උදෑසන පත්ව සිටියහ.
7:92
ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبًا كَأَن لَّمۡ يَغۡنَوۡاْ فِيهَاۚ ٱلَّذِينَ كَذَّبُواْ شُعَيۡبًا كَانُواْ هُمُ ٱلۡخَٰسِرِينَ  ۝٩٢
ෂුඅයිබ් ව බොරු කළවුන් කිසිදාක එහි වාසය නොකළාක් මෙන් වූහ. ෂුඅයිබ් ව බොරු කළවුන් වන ඔවුහු අලාභවන්තයින්ම වූහ.
7:93
فَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَٰقَوۡمِ لَقَدۡ أَبۡلَغۡتُكُمۡ رِسَٰلَٰتِ رَبِّي وَنَصَحۡتُ لَكُمۡۖ فَكَيۡفَ ءَاسَىٰ عَلَىٰ قَوۡمٍ كَٰفِرِينَ  ۝٩٣
පසුව ඔහු ඔවුන්ගෙන් හැරී, ‘මාගේ සමූහයනි! සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ නුඹලාට දැනුම් දී ඇත්තෙමි. තවද මම නුඹලාට උපදෙස් දී ඇත්තෙමි. මෙසේ තිබිය දී ප්‍රතික්ෂේපිත ජනයා කෙරෙහි මා දුකට පත් වනුයේ කෙසේ දැ?යි පවසා සිටියහ.
7:94
وَمَآ أَرۡسَلۡنَا فِي قَرۡيَةٍ مِّن نَّبِيٍّ إِلَّآ أَخَذۡنَآ أَهۡلَهَا بِٱلۡبَأۡسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمۡ يَضَّرَّعُونَ  ۝٩٤
කවර දේශයකට හෝ එහි වැසියන් අවනත විය හැකි වනු පිණිස අපි ඔවුන් දුෂ්කරතා හා පීඩාවන්ගෙන් ග්‍රහණය කළා මිස කිසිදු නබිවරයකු අප එව්වේ නැත.
7:95
ثُمَّ بَدَّلۡنَا مَكَانَ ٱلسَّيِّئَةِ ٱلۡحَسَنَةَ حَتَّىٰ عَفَواْ وَّقَالُواْ قَدۡ مَسَّ ءَابَآءَنَا ٱلضَّرَّآءُ وَٱلسَّرَّآءُ فَأَخَذۡنَٰهُم بَغۡتَةً وَهُمۡ لَا يَشۡعُرُونَ  ۝٩٥
පසුව අපි නපුර වෙනුවට යහපත පරිවර්තනය කළෙමු. අවසානයේ ඔවුහු සමෘද්ධිමත් වූහ. තවද ‘සැබැවින්ම අපගේ මුතුන් මිත්තන්හට දුක හා සතුට ඇති විය’ යැයි ඔවුහු පැවසුවෝය. පසුව ඔවුන් නොදැන සිටිය දී අපි අනපේක්ෂිත ලෙසින් ඔවුන් ව ග්‍රහණය කළෙමු.


📚 9 📄162 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Friday, October 9, 2026

Don't forget us in your sincere prayers