📖 0/604 කියවූ පිටු
📄 226
وَيَصۡنَعُ ٱلۡفُلۡكَ وَكُلَّمَا مَرَّ عَلَيۡهِ مَلَأٌ مِّن قَوۡمِهِۦ سَخِرُواْ مِنۡهُۚ قَالَ إِن تَسۡخَرُواْ مِنَّا فَإِنَّا نَسۡخَرُ مِنكُمۡ كَمَا تَسۡخَرُونَ ٣٨ فَسَوۡفَ تَعۡلَمُونَ مَن يَأۡتِيهِ عَذَابٌ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٌ مُّقِيمٌ ٣٩ حَتَّىٰٓ إِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلۡنَا ٱحۡمِلۡ فِيهَا مِن كُلٍّ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ وَمَنۡ ءَامَنَۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌ ٤٠ ۞ وَقَالَ ٱرۡكَبُواْ فِيهَا بِسۡمِ ٱللَّهِ مَجۡر۪ىٰهَا وَمُرۡسَىٰهَآۚ إِنَّ رَبِّي لَغَفُورٌ رَّحِيمٌ ٤١ وَهِيَ تَجۡرِي بِهِمۡ فِي مَوۡجٍ كَٱلۡجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبۡنَهُۥ وَكَانَ فِي مَعۡزِلٍ يَٰبُنَيَّ ٱرۡكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلۡكَٰفِرِينَ ٤٢ قَالَ سَـَٔاوِيٓ إِلَىٰ جَبَلٍ يَعۡصِمُنِي مِنَ ٱلۡمَآءِۚ قَالَ لَا عَاصِمَ ٱلۡيَوۡمَ مِنۡ أَمۡرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَۚ وَحَالَ بَيۡنَهُمَا ٱلۡمَوۡجُ فَكَانَ مِنَ ٱلۡمُغۡرَقِينَ ٤٣ وَقِيلَ يَٰٓأَرۡضُ ٱبۡلَعِي مَآءَكِ وَيَٰسَمَآءُ أَقۡلِعِي وَغِيضَ ٱلۡمَآءُ وَقُضِيَ ٱلۡأَمۡرُ وَٱسۡتَوَتۡ عَلَى ٱلۡجُودِيِّۖ وَقِيلَ بُعۡدًا لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٤٤ وَنَادَىٰ نُوحٌ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبۡنِي مِنۡ أَهۡلِي وَإِنَّ وَعۡدَكَ ٱلۡحَقُّ وَأَنتَ أَحۡكَمُ ٱلۡحَٰكِمِينَ ٤٥
11:38
وَيَصۡنَعُ ٱلۡفُلۡكَ وَكُلَّمَا مَرَّ عَلَيۡهِ مَلَأٌ مِّن قَوۡمِهِۦ سَخِرُواْ مِنۡهُۚ قَالَ إِن تَسۡخَرُواْ مِنَّا فَإِنَّا نَسۡخَرُ مِنكُمۡ كَمَا تَسۡخَرُونَ ٣٨
තවද ඔහු නැව නිර්මාණය කරයි. ඔහුගේ ජනයා අතරින් ප්‍රධානීහු ඔහු අසළින් ගමන් කළ සෑම විටම ඔහුට ඔවුහු සමච්චල් කළෝය. එබැවින් නුඹලා සමච්චල් කරන්නාක් මෙන්ම සැබැවින්ම අපි ද නුඹලාට සමච්චල් කරන්නෙමු යැයි ඔහු පැවසීය.
11:39
فَسَوۡفَ تَعۡلَمُونَ مَن يَأۡتِيهِ عَذَابٌ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٌ مُّقِيمٌ ٣٩
එවිට තමන් අවමානයට පත් කරන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැයි ද සදාතනික දඬුවම කවුරුන් වෙත ඇති වන්නේ යැයි ද නුඹලා මතු දැන ගනු ඇත.
11:40
حَتَّىٰٓ إِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلۡنَا ٱحۡمِلۡ فِيهَا مِن كُلٍّ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ وَمَنۡ ءَامَنَۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌ ٤٠
අවසානයේ අපගේ නියෝගය පැමිණ උදුන උතුරා ගිය විට එහි දෙදෙනෙකුගෙන් යුත් සෑම යුගලයක් බැගින් ද තවද (දඬුවමේ) වදන කවුරුන් වෙත පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ සෙසු උදවිය ද විශ්වාස කළවුන් ද එහි (නැවට) නංවා ගනුයි අපි පැවසුවෙමු. ඔහු සමග ස්වල්ප දෙනෙකු මිස විශ්වාස නොකළේය.
11:41
۞ وَقَالَ ٱرۡكَبُواْ فِيهَا بِسۡمِ ٱللَّهِ مَجۡر۪ىٰهَا وَمُرۡسَىٰهَآۚ إِنَّ رَبِّي لَغَفُورٌ رَّحِيمٌ ٤١
නුඹලා එහි ගොඩ වනු. එය ගමන් ගන්නේත් එය නතර වන්නේත් අල්ලාහ්ගේ නාමයෙනි. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය යැයි ඔහු පැවසුවේය.
11:42
وَهِيَ تَجۡرِي بِهِمۡ فِي مَوۡجٍ كَٱلۡجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبۡنَهُۥ وَكَانَ فِي مَعۡزِلٍ يَٰبُنَيَّ ٱرۡكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلۡكَٰفِرِينَ ٤٢
තවද ඔවුන් රැගෙන කඳු මෙන් වූ රළ අතර එය ගමන් ගත්තේය. නූහ් තම පුතණුවන් ඇමතුවේය. ඔහු (නැවෙන්) බැහැර ව සිටියේය. ‘මාගේ පුතණුවනි, අප සමග ඔබත් ගමන් ගනු. තවද ඔබ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් සමග නොවනු.
11:43
قَالَ سَـَٔاوِيٓ إِلَىٰ جَبَلٍ يَعۡصِمُنِي مِنَ ٱلۡمَآءِۚ قَالَ لَا عَاصِمَ ٱلۡيَوۡمَ مِنۡ أَمۡرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَۚ وَحَالَ بَيۡنَهُمَا ٱلۡمَوۡجُ فَكَانَ مِنَ ٱلۡمُغۡرَقِينَ ٤٣
(එවිට ඔහු) ජලයෙන් මා ආරක්ෂා කරන කන්දක් වෙත යමි යැයි පැවසුවේය. කවුරුන් වෙත ඔහු කරුණාව පෙන්වූයේ ද ඔවුන් හැර අල්ලාහ්ගේ නියෝගයෙන් අද දින ආරක්ෂා කරන කිසිවෙකු නැත යැයි (නූහ්) පැවැසුවේය. ඔවුන් දෙදෙනා අතර රළ වට කර ගත්තේය. එවිට ඔහු ගිලීගිය අය අතරට පත් විය.
11:44
وَقِيلَ يَٰٓأَرۡضُ ٱبۡلَعِي مَآءَكِ وَيَٰسَمَآءُ أَقۡلِعِي وَغِيضَ ٱلۡمَآءُ وَقُضِيَ ٱلۡأَمۡرُ وَٱسۡتَوَتۡ عَلَى ٱلۡجُودِيِّۖ وَقِيلَ بُعۡدًا لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٤٤
අහෝ මහපොළොව! ඔබේ ජලය ඔබ ගිල ගනු. අහෝ අහස! ඔබ (වැසි) නතර කරනු යැයි කියනු ලැබීය. ජලය ද අඩු වී ගියේය. නියෝගය ද තීන්දු විය. එය (නැව) ජූද් කන්ද මත රැඳිණ. තවද අපරාධකාරී ජනයා දුරස් වේවා යැයි කියනු ලැබීය.
11:45
وَنَادَىٰ نُوحٌ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبۡنِي مِنۡ أَهۡلِي وَإِنَّ وَعۡدَكَ ٱلۡحَقُّ وَأَنتَ أَحۡكَمُ ٱلۡحَٰكِمِينَ ٤٥
එවිට නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මාගේ පුතණුවන් මාගේම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන්ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේය.
العربيةEnglishBahasa IndonesiaTürkçeРусскийفارسیFrançaisاردوবাংলাDeutschEspañol中文हिन्दीPortuguêsItalianoภาษาไทยPolskiNederlandsShqipKiswahiliO'zbekதமிழ்MelayuBosanskiSoomaaliAzərbaycanکوردی한국어日本語SvenskaDanskNorskپښتوമലയാളംසිංහලTamazightHausaአማርኛБългарскиТоҷикӣҚазақшаFilipinoسنڌيYorùbáFulfuldeТатарчаئۇيغۇرچەКыргызчаਪੰਜਾਬੀJawaతెలుగుမြန်မာગુજરાતીOromoमराठीTiếng ViệtMalagasyНохчийнWolofދިވެހިಕನ್ನಡУкраїнськаΕλληνικάქართულიខ្មែរدریQafar afMaranaoनेपाली
ශුද්ධ වූ අල් කුර්ආනය
Monday, August 24, 2026
Don't forget us in your sincere prayers







