📖 0/604 කියවූ පිටු
📄 283
عَسَىٰ رَبُّكُمۡ أَن يَرۡحَمَكُمۡۚ وَإِنۡ عُدتُّمۡ عُدۡنَاۚ وَجَعَلۡنَا جَهَنَّمَ لِلۡكَٰفِرِينَ حَصِيرًا  ۝٨ إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَهۡدِي لِلَّتِي هِيَ أَقۡوَمُ وَيُبَشِّرُ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرًا كَبِيرًا  ۝٩ وَأَنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمًا  ۝١٠ وَيَدۡعُ ٱلۡإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلۡخَيۡرِۖ وَكَانَ ٱلۡإِنسَٰنُ عَجُولًا  ۝١١ وَجَعَلۡنَا ٱلَّيۡلَ وَٱلنَّهَارَ ءَايَتَيۡنِۖ فَمَحَوۡنَآ ءَايَةَ ٱلَّيۡلِ وَجَعَلۡنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبۡصِرَةً لِّتَبۡتَغُواْ فَضۡلًا مِّن رَّبِّكُمۡ وَلِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ وَكُلَّ شَيۡءٍ فَصَّلۡنَٰهُ تَفۡصِيلًا  ۝١٢ وَكُلَّ إِنسَٰنٍ أَلۡزَمۡنَٰهُ طَٰٓئِرَهُۥ فِي عُنُقِهِۦۖ وَنُخۡرِجُ لَهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ كِتَٰبًا يَلۡقَىٰهُ مَنشُورًا  ۝١٣ ٱقۡرَأۡ كِتَٰبَكَ كَفَىٰ بِنَفۡسِكَ ٱلۡيَوۡمَ عَلَيۡكَ حَسِيبًا  ۝١٤ مَّنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزۡرَ أُخۡرَىٰۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبۡعَثَ رَسُولًا  ۝١٥ وَإِذَآ أَرَدۡنَآ أَن نُّهۡلِكَ قَرۡيَةً أَمَرۡنَا مُتۡرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيۡهَا ٱلۡقَوۡلُ فَدَمَّرۡنَٰهَا تَدۡمِيرًا  ۝١٦ وَكَمۡ أَهۡلَكۡنَا مِنَ ٱلۡقُرُونِ مِنۢ بَعۡدِ نُوحٍۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرَۢا بَصِيرًا  ۝١٧
17:8
عَسَىٰ رَبُّكُمۡ أَن يَرۡحَمَكُمۡۚ وَإِنۡ عُدتُّمۡ عُدۡنَاۚ وَجَعَلۡنَا جَهَنَّمَ لِلۡكَٰفِرِينَ حَصِيرًا  ۝٨
නුඹලා යහපත කර ඇත්නම් (එසේ) නුඹලා යහපත කර ඇත්තේ නුඹලාගේ ආත්මාවන්ටය. තවද නුඹලා නපුරක් කර ඇත්නම් එය ද එයටමය. එහෙයින් අවසන් ප්‍රතිඥාව පැමිණි විට නුඹලාගේ මුහුණු ඔවුන් අවමන් කිරීමටත් ඔවුන් එහි මුල් වරට පිවිසුණාක් මෙන් මස්ජිදයට පිවිසීමටත් ඔවුහු උදම් වූ දෑ දැඩි ලෙස විනාශ කර දැමීමටත් (අපි ඔවුන් ව එව්වෙමු.)
17:9
إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَهۡدِي لِلَّتِي هِيَ أَقۡوَمُ وَيُبَشِّرُ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرًا كَبِيرًا  ۝٩
නියත වශයෙන්ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන් හට සැබැවින්ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට එය ශුභාරංචි දන්වයි.
17:10
وَأَنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمًا  ۝١٠
තවද නියත වශයෙන්ම මතුලොව පිළිබඳව විශ්වාස නොකරන්නන් වන ඔවුනට වේදනීය දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු.
17:11
وَيَدۡعُ ٱلۡإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلۡخَيۡرِۖ وَكَانَ ٱلۡإِنسَٰنُ عَجُولًا  ۝١١
තවද තමන්ගේ යහපත උදෙසා මිනිසා ප්‍රාර්ථනා කරන්නා සේම (සිය අඥානකම නිසා ඇතැම් විට) අයහපත උදෙසා ද ඔහු ප්‍රාර්ථනා කරයි. තවද මිනිසා ඉක්මන් සුළු විය.
17:12
وَجَعَلۡنَا ٱلَّيۡلَ وَٱلنَّهَارَ ءَايَتَيۡنِۖ فَمَحَوۡنَآ ءَايَةَ ٱلَّيۡلِ وَجَعَلۡنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبۡصِرَةً لِّتَبۡتَغُواْ فَضۡلًا مِّن رَّبِّكُمۡ وَلِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ وَكُلَّ شَيۡءٍ فَصَّلۡنَٰهُ تَفۡصِيلًا  ۝١٢
තවද රාත්‍රිය හා දහවල සංඥාවන් දෙකක් බවට අපි පත් කළෙමු. එවිට අපි රාත්‍රියේ සංඥාව මකා දමා දහවලේ සංඥාව පෙනෙන්නක් බවට පත් කළෙමු. එය නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍ය්‍ය සොයනු පිණිසත් වසර ගණන් හා කාල ගණනය නුඹලා දැන ගනු පිණිසත්ය. තවද සෑම දෙයක්ම, අපි එය විස්තරාත්මකව පැහැදිලි කළෙමු.
17:13
وَكُلَّ إِنسَٰنٍ أَلۡزَمۡنَٰهُ طَٰٓئِرَهُۥ فِي عُنُقِهِۦۖ وَنُخۡرِجُ لَهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ كِتَٰبًا يَلۡقَىٰهُ مَنشُورًا  ۝١٣
තවද සෑම මිනිසකුටම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි බැන්ඳෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේඛනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත.
17:14
ٱقۡرَأۡ كِتَٰبَكَ كَفَىٰ بِنَفۡسِكَ ٱلۡيَوۡمَ عَلَيۡكَ حَسِيبًا  ۝١٤
නුඹ නුඹේ ක්‍රියා ලේඛනය කියවනු. අද දින නුඹට එරෙහිව විනිශ්චයකරු වශයෙන් නුඹම ප්‍රමාණවත්ය.
17:15
مَّنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزۡرَ أُخۡرَىٰۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبۡعَثَ رَسُولًا  ۝١٥
කවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනි. තවද කවරෙකු නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේ එයට එරෙහිවය. තවද බර උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර නොඋසුලයි. තවද අපි ධර්ම දූතයකු එවන තෙක් (කිසිදු සමාජයකට) දඬුවම් කරන්නන් ලෙස නොසිටියෙමු.
17:16
وَإِذَآ أَرَدۡنَآ أَن نُّهۡلِكَ قَرۡيَةً أَمَرۡنَا مُتۡرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيۡهَا ٱلۡقَوۡلُ فَدَمَّرۡنَٰهَا تَدۡمِيرًا  ۝١٦
තවද යම් ගම්මානයක් අපි විනාශ කිරීමට සිතූ විට එහි සැප විඳිමින් සිටින්නන් හට (අපගේ නියෝගයන්ට අවනත වන මෙන්) අණ කළෙමු. නමුත් ඔවුහු පාපකම් කළෝය. එහෙයින් ඒ වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම විය. එවිට අපි එය සුණු විසුණු කළෙමු.
17:17
وَكَمۡ أَهۡلَكۡنَا مِنَ ٱلۡقُرُونِ مِنۢ بَعۡدِ نُوحٍۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرَۢا بَصِيرًا  ۝١٧
තවද අපි නූහ්ගෙන් පසුව පරම්පරාවන් කොපමණක් විනාශ කළෙමු ද? තවද තම ගැත්තන්ගේ පාපකම් පිළිබඳව නුඹගේ පරමාධිපති අභිඥානවන්තයකු ලෙසින් හා නිරීක්ෂක ලෙසින් ප්‍රමාණවත් විය.


📚 15 📄283 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, October 14, 2026

Don't forget us in your sincere prayers