📖 0/604 කියවූ පිටු
📄 270
ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ  ۝٢٧ ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ  ۝٢٨ فَٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَلَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ  ۝٢٩ ۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرًاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٌۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٌۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ  ۝٣٠ جَنَّٰتُ عَدۡنٍ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ  ۝٣١ ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ  ۝٣٢ هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ أَمۡرُ رَبِّكَۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ  ۝٣٣ فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ  ۝٣٤
16:27
ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ  ۝٢٧
පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු (අල්ලාහ්) ඔවුන්ව අවමානයට ලක් කරයි. තවද නුඹලා තර්ක කරමින් සිටි එවන් මගේ හවුල්කරුවන් කොහේ දැයි විමසයි. නියත වශයෙන්ම අද දින නින්දාව හා නපුර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත යැයි ඥානය දෙනු ලැබූවන් පවසති.
16:28
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ  ۝٢٨
ඔවුන් වනාහි තමන් විසින්ම තමන්ට අපරාධ කරමින් සිටිය දී සුරදූතයින් ඔවුන් ව මරණයට පත් කළ අය වෙති. එවිට ඔවුන් (සුරදූතයින් වෙත) "අපි කිසිදු නපුරක් නොකළෙමු" යැයි පවසමින් යටහත්භාවය ඉදිරිපත් කරති. එසේ නොව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
16:29
فَٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَلَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ  ۝٢٩
එහෙයින් නුඹලා නිරයේ දොරටු වලින් එහි සදාතනිකයින් ලෙස ඇතුලු වනු. එවිට එම අහංකාරයින්ගේ නවාතැන සැබැවින්ම නපුරු විය.
16:30
۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرًاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٌۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٌۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ  ۝٣٠
තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන්ගෙන් විමසනු ලැබීය. යහපතය යැයි ඔවුහු පැවසූහ. දැහැමි දෑ කළවුනට මෙලොවෙහි යහපත ඇත. එමෙන්ම මතු ලොව නිවහන උතුම්ය. තවද බිය බැතිමතුන්ගේ නිවහන යහපත් විය.
16:31
جَنَّٰتُ عَدۡنٍ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ  ۝٣١
අද්න් (නම් සදා ස්ථීරව පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. ඔවුන් අභිමත කරන දෑ එහි ඔවුනට ඇත. බිය බැතිමතුන්හට අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය
16:32
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ  ۝٣٢
ඔවුන් වනාහි ඔවුන් දැහැමියන්ව සිටිය දී මලක්වරුන් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කර ගන්නා අය වෙති. නුඹලාට සලාම් (ශාන්තිය) අත්වේවා! නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති.
16:33
هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ أَمۡرُ رَبِّكَۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ  ۝٣٣
ඔවුන් වෙත මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ නියෝගය පැමිණීම හෝ හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝද ? ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද මෙලෙසමය. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
16:34
فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ  ۝٣٤
එහෙයින් ඔවුන් සිදු කළ දෑහි නපුරු විපාක ඔවුනට අත් විය. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය.


📚 14 📄270 / 604



M Mishary Rashid Alafasy
M Mahmoud Khalil Al-Husary
A Abdurrahman As-Sudais
M Mohamed Siddiq Al-Minshawi
A Abdul Basit Abdul Samad
A Ali Al-Hudhaify
A Ahmed ibn Ali al-Ajamy
A Abu Bakr Ash-Shaatree
M Muhammad Ayyoub
A Abdullah Basfar
A Abdullah Al-Juhani
M Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, October 13, 2026

Don't forget us in your sincere prayers