📖 0/604 කියවූ පිටු
📄 569
يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ  ۝١١ وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ  ۝١٢ وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ  ۝١٣ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ  ۝١٤ كـَلَّآۖ إِنَّهَا لَظَىٰ  ۝١٥ نَزَّاعَةً لِّلشَّوَىٰ  ۝١٦ تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ  ۝١٧ وَجَمَعَ فَأَوۡعَىٰٓ  ۝١٨ ۞ إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا  ۝١٩ إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا  ۝٢٠ وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا  ۝٢١ إِلَّا ٱلۡمُصَلِّينَ  ۝٢٢ ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ  ۝٢٣ وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقٌّ مَّعۡلُومٌ  ۝٢٤ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ  ۝٢٥ وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ  ۝٢٦ وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ  ۝٢٧ إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٍ  ۝٢٨ وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ  ۝٢٩ إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ  ۝٣٠ فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ  ۝٣١ وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ  ۝٣٢ وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ  ۝٣٣ وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ  ۝٣٤ أُوْلَٰٓئِكَ فِي جَنَّٰتٍ مُّكۡرَمُونَ  ۝٣٥ فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ  ۝٣٦ عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ  ۝٣٧ أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٍ  ۝٣٨ كـَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ  ۝٣٩
70:11
يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ  ۝١١
ඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන්ම;
70:12
وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ  ۝١٢
තම බිරිය, තම සොහොයුරන්;
70:13
وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ  ۝١٣
ඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;
70:14
وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ  ۝١٤
තවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.
70:15
كـَلَّآۖ إِنَّهَا لَظَىٰ  ۝١٥
එසේ නොව නියත වශයෙන්ම එය දවාළන ගින්නය.
70:16
نَزَّاعَةً لِّلشَّوَىٰ  ۝١٦
(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.
70:17
تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ  ۝١٧
එය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.
70:18
وَجَمَعَ فَأَوۡعَىٰٓ  ۝١٨
ඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේය.
70:19
۞ إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا  ۝١٩
නියත වශයෙන්ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත.
70:20
إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا  ۝٢٠
ඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ.
70:21
وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا  ۝٢١
තවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නොදී) වළක්වන්නෙකු වේ.
70:22
إِلَّا ٱلۡمُصَلِّينَ  ۝٢٢
නමුත් සලාතය ඉටු කරන්නන් හැර;
70:23
ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ  ۝٢٣
ඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.
70:24
وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقٌّ مَّعۡلُومٌ  ۝٢٤
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;
70:25
لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ  ۝٢٥
අයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.
70:26
وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ  ۝٢٦
තවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳ ව තහවුරු කරති.
70:27
وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ  ۝٢٧
තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති.
70:28
إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٍ  ۝٢٨
නියත වශයෙන්ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නොවන්නකි.
70:29
وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ  ۝٢٩
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රයන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
70:30
إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ  ۝٣٠
නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුන් දොස් නගනු ලබන්නන් නොවෙති.
70:31
فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ  ۝٣١
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහුමය සීමාව ඉක්මවා යන්නෝ.
70:32
وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ  ۝٣٢
තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.
70:33
وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ  ۝٣٣
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නෝ වෙති.
70:34
وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ  ۝٣٤
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.
70:35
أُوْلَٰٓئِكَ فِي جَنَّٰتٍ مُّكۡرَمُونَ  ۝٣٥
ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.
70:36
فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ  ۝٣٦
මෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.
70:37
عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ  ۝٣٧
දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).
70:38
أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٍ  ۝٣٨
ඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?
70:39
كـَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ  ۝٣٩
එසේ නොවේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන්ම අපි ඔවුන් මැව්වෙමු.


📚Juz 29 📄569 / 604



Mishary Rashid Alafasy
Mahmoud Khalil Al-Husary
Abdurrahman As-Sudais
Mohamed Siddiq Al-Minshawi
Abdul Basit Abdul Samad
Ali Al-Hudhaify
Ahmed ibn Ali al-Ajamy
Abu Bakr Ash-Shaatree
Muhammad Ayyoub
Abdullah Basfar
Abdullah Al-Juhani
Maher Al Muaiqly
0:00
0:00
-

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 1, 2026

Don't forget us in your sincere prayers