සූරා අල්-බකරා pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-බකරා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-බකරා පරිවර්තනය. සූරා අල්-බකරා (Medinan) 286 ආයාත්.
Related
- සූරා අල්-බකරා පරිවර්තනයසිංහල
- සූරා අල්-බකරා mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-බකරා

ﭑﭒ
2:1
අලිෆ්, ලාම්, මීම්. (මේ ආකාරයට අරාබි අක්ෂර කිහිපයකින් පසු අල් කුර්ආනයේ සමහර පරිච්ජේද ආරම්භ වේ. විද්වතුන්ගේ අදහස් අනුව, මෙහි අපි නොදන්නා ගැඹුරු අර්ථයක් අන්තර් ගතවී ඇත.)
ﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜ
2:2
අලිෆ්, ලාම්, මීම්. (මේ ආකාරයට අරාබි අක්ෂර කිහිපයකින් පසු අල් කුර්ආනයේ සමහර පරිච්ජේද ආරම්භ වේ. විද්වතුන්ගේ අදහස් අනුව, මෙහි අපි නොදන්නා ගැඹුරු අර්ථයක් අන්තර් ගතවී ඇත.)
ﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥ
2:3
ඔවුහු කවරහු ද යත් අදෘශ්‍යමාන දෑ පිළිබඳ ව විශ්වාස කරති. තවද සලාතය විදිමත්ව ඉටු කරති. තවද අප ඔවුනට ලබා දුන් දැයින් වියදම් කරති.
ﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
2:4
තවද ඔවුහු කවරහු ද යත් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
2:5
ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තවද ඔවුහුම ය ජයග්‍රාහකයෝ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜ
2:6
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට නුඹ අවවාද කළ ද නැතිනම් අවවාද නොකළ ද එක සමාන ය. ඔවුහු විශ්වාස නොකරති.
ﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
2:7
අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත ද ඔවුන්ගේ සවන් මත ද මුද්‍රා තැබීය. තවද ඔවුන්ගේ පෙනීම මත ආවරණයක් ඇත. තවද ඔවුනට බිහිසුනු ඳඬුවම් ඇත.
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷ
2:8
තවද ජනයා අතරින් "සැබැවින්ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු" යැයි පවසන ඇතැමුන් සිටිති. නමුත් ඔවුහු දේවත්වය විශ්වාස කළ අය නොවෙති.
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
2:9
ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන් ට වංචා කරති. (සත්‍ය වශයෙන්ම) ඔවුහු තමන්ට ම මිස වංචා නොකරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
2:10
ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන් ට වංචා කරති. (සත්‍ය වශයෙන්ම) ඔවුහු තමන්ට ම මිස වංචා නොකරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත.
ﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜ
2:11
තවද නුඹලා භූමියෙහි දූෂිතකම් නොකරනු යැයි ඔවුනට පවසනු ලැබූ විට "සැබැවින් ම අපිමය සංශෝධකයෝ" යැයි ඔවුහු පැවසුවෝය.
ﮝﮞﮟﮠﮡﮢﮣﮤ
2:12
අවධානය ට ගනු. සැබැවින් ම ඔවුන් ම ය දූෂිතයින් වන්නේ. නමුත් ඔවුහු (ඒ බව) වටහා නොගනිති.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
2:13
තව ද "(දැහැමි) ජනයා විශ්වාස කළාක් මෙන් නුඹලා ද විශ්වාස කරනු" යැයි ඔවුන ට කියනු ලැබූ කල්හි "අඥානයින් විශ්වාස කළාක් මෙන් අපත් විශ්වාස කළ යුතු දැ? " යි විමසති. අවධානය ට ගනු. සැබැවින් ම අඥානයෝ ඔවුහු ම ය. නමුත් ඔවුහු (ඒ බව) නොදනිති.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫ
2:14
තවද ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. නමුත් ඔවුහු ඔවුන්ගේ ෂෙයිතානුන් (ප්‍රධානීන්) සමඟ තනි වූ විට "සැබැවින් ම අපි නුඹලා සමඟ ය, නිසකව ම අපි (විශ්වාස කළවුන් සමඟ) සමච්චල් කරන්නෝ වෙමු" යැයි පැවසුවෝය.
ﯬﯭﯮﯯﯰﯱﯲﯳ
2:15
අල්ලාහ් ඔවුන් ව අපහාසයට ලක් කරනු ඇත. තවද ඔවුන් ව සීමාව ඉක්මවීමෙහි සැරිසැරීමට ඉඩ හරිනු ඇත.
ﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿ
2:16
ඔවුහු ම ය යහ මඟ වෙනුව ට මුළා ව මිල ට ගත්තෝ වන්නේ. එබැවින් ඔවුන් ගේ ව්‍යාපාරය ලාබදායී නොවී ය. තව ද ඔවුහු යහ මඟ ගිය අය නොවූහ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
2:17
ඔවුනට උපමාව වන්නේ (අඳුර මකා ලීමට ) ගිනි ඇවිළ වූ කෙනෙකුගේ උපමාවක් මෙනි . එය ඒ අවට ඇති දෑ ආලෝකමත් කළ විට විට අල්ලාහ් ඔවුන් ගේ එළිය ඉවත් කළේය. තවද ඔවුනට දැකිය නොහැකි වන පරිදි අන්ධකාරයන් හි ඔවුන් ව අත හැර දැමීය.
ﭣﭤﭥﭦﭧﭨﭩ
2:18
බිහිරි ය, ගොළු ය, අන්ධ ය. එබැවින් ඔවුහු (යහමඟ ට) නොහැරෙනු ඇත.
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ
2:19
නැතහොත් අහසින් (වැටෙන) වර්ෂාවක් මෙනි. එහි අන්ධ කාරයන් ද අකුණු ද අකුණු එළිය ද ඇත. ගිගුරුම් හඬ හේතුවෙන් මර බියෙන් ඔවුන්ගේ ඇඟිලි ඔවුන්ගේ කන් තුළ ඔබා ගනිති. තවද දේව ප්‍රතික්ෂේපකයින් පිළිබඳ ව අල්ලාහ් සර්ව ප්‍රකාරයෙන් දන්නා ය.
ﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛ
2:20
අකුණු එළිය ඔවුන් ගේ බැල්ම පැහැර ගනන්නට යයි. එය ආලෝකවත් කළ සෑම විටක ම ඔවුහු ඒ මත ඇවිදින්නෝය. එය ඔවුන් මත අඳුරු කළ විට ඔවුහු සිට ගත්හ. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන්ගේ ශ්‍රවණය ද ඔවුන්ගේ බැල්ම ද ඉවත් කරන්න ට තිබුණි. සැබැවින් ම අල්ලාහ් සෑම දෙයක් කෙරෙහි ම අති බලවත්ය.
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧ
2:21
අහෝ ජනයිනි! නුඹලා හා නුඹලාට පෙර සිටි අය මැව්වා වූ නුඹලාගේ පරමාධිපතිට නමදිනු. නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස.
ﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
2:22
ඔහු නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් බව ට ද අහස වියනක් බව ට ද නිර්මානය කළේය. තවද අහසින් (වැසි) ජලය පහළ කර එමගින් නුඹලාගේ පෝෂණය පිණිස පලතුරු හට ගැන්වීය. එබැවින් දැනුවත් ව ම නුඹලා අල්ලාහ් ට සමානයන් නොතබනු.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
2:23
අපගේ ගැත්තාට අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙහි පසු වූයෙහු නම් එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තවද අල්ලාහ් හැර නුඹලාගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්‍යවාදීහු නම්.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅ
2:24
නමුත් නුඹලා (එසේ) නොකළෙහු නම්, නුඹලා විසින් (මෙය) කිසිසේත් ම කළ නොහැකිය. එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්න ට බිය වනු. එය දේව ප්‍රතික්ෂේපකයින්ට සූදානම් කරනු ලැබ ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷ
2:25
තවද විශ්වාස කොට යහකම් කළවුනට සැබැවින් ම පහළින් ගංගාවන් ගලා යන උයන් ඇතැයි සුබාරංචි දන්වනු. එහි පලතුරු වලින් ඔවුන් පෝෂණය කරනු ලබන සෑම විටක ම මීට පෙර අප පෝෂණය කරනු ලැබුවේ ද මෙය ම යැයි පවසති. තවද එකිනෙක ට සමාන වූ දෑ ඔවුනට ගෙන දෙනු ලැබේ. තවද ඔවුනට එහි පිවිතුරු බිරින්දෑවරුන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
2:26
නියත වශයෙන් ම කෝඳුරුවකුගේ හෝ ඊට වඩා ඉහළින් ඇති දෙයක උපමාවක් ගෙන හැර පෑම ට අල්ලාහ් ලැජ්ජා නොවන්නේ ය. එවිට විශ්වාස කළවුන් වූ කලි, සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනිති. ප්‍රතික්ෂේප කළවුන් වූ කලි, අල්ලාහ් මෙම උපමාවෙන් කුමක් අපේක්ෂා කළේ දැයි විමසති. එමගින් බොහෝ දෙනා නොමඟ හරී. තවද එමගින් බොහෝ දෙනා යහ මඟට යොමු කරයි. ඔහු දුෂ්ඨයින් හැර අන් කිසිවෙකු එමගින් නොමඟ නොහරී.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
2:27
ඔවුහු කවරහු ද යත් අල්ලාහ් ගේ ගිවිසුම, එය තහවුරු කිරීමෙන් පසු කඩ කරන, ඥාතී සම්බන්ධ කම් පැවැත්වීම පිළිබඳ ව අල්ලාහ් නියෝග කළ දෑ විසන්ධි කරන, මහපොළොවේ කලහකම් කරන අය වෙති. ඔවුහුම ය අලාභවන්තයෝ.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
2:28
නුඹලා අල්ලාහ් ව ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙසේ ද? නුඹලා අජීවී ව සිටිය දී නුඹලා ට ඔහු ප්‍රාණය දුන්නේ ය. පසු ව නුඹලා ව ඔහු මරණය ට පත් කරන්නේ ය. පසු ව නුඹලා ට ඔහු (යළි) ප්‍රාණය දෙන්නේ ය. පසු ව ඔහු වෙත ම නුඹලා (නැවත) යොමු කරනු ලබන්නෙහු ය.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿ
2:29
නුඹලා වෙනුවෙන් මහ පොළොවේ ඇති සියල්ල මැව්වේ ඔහු ය. පසු ව අහස දෙසට හැරී ඒවා අහස් හතක් ලෙස සැකසුවේ ය. තව ද ඔහු සියලු දෑ පිළිබඳ සර්වඥානී ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
2:30
තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්න ට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබ ව ඔබ ගේ ප්‍රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැයි ඔවුහු පැවසූහ. නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි යැයි ඔහු පැවසුවේය.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
2:31
ආදම් ට සියලු නාමයන් ඔහු ඉගැන් වීය. පසු ව ඒවා මලක් වරුන් වෙත ගෙන හැර පා නුඹලා සත්‍යවාදීහු නම් මේවායෙ හි නාමයන් මට දැනුම් දෙනු යි ඔහු පැවසීය.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍ
2:32
ඔබ සුපිවිතුරු ය. ඔබ අප ට ඉගැන් වූ දෑ හැර වෙනත් දැනුමක් අප ට නැත. සැබැවින් ම ඔබ සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත යැයි (මලක්වරුන්) පැවසූහ.
ﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
2:33
අහෝ ආදම්! ඒවායෙ හි නාමයන් ඔවුන ට දන්වනු යැයි ඔහු පැවසීය. ඔවුන ට ඔහු ඒවායෙ හි නාමයන් දැන් වූ කල් හි අහස් හි හා මහපොළොවේ අදෘශ්‍යමාන දෑ සැබැවින් ම මම දනිමි. තව ද නුඹලා හෙළිදරව් කරන දෑ ද, නුඹලා වසං කරමින් සිටින දෑ ද මම දනිමි යැයි නොකීවෙම් ද? යනුවෙන් (අල්ලාහ්) පැවැසුවේය.
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔ
2:34
පසුව අපි මලක්වරුන්ට "ආදම් ට සිරස නමනු" යි පැවසූ විට ඉබ්ලීස් (ෂෙයිතාන්) හැර ඔවුන් (සියල්ලෝම) සිරස නැමූහ. ඔහු (එය ට) පිටුපෑවේ ය. උඩඟු විය. තව ද ඔහු දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් කෙනෙකු විය.
ﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
2:35
තව ද අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽ
2:36
එවිට ෂෙයිතාන් ඔවුන් දෙදෙනා ව එයින් පිටමං කර යැවීමට සැලැස්සුවේය. ඔවුන් දෙදෙනා සිටි තත්වයෙන් ඔහු ඔවුන් දෙදෙනා ව බැහැර කළේය. තව ද නුඹලා පහළ ට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ට සතුරු ය. නුඹලා ට කාලයක් දක්වා මහපොළොවේ වාසස්ථානය ද භුක්ති විඳීම ද ඇත යැයි අපි පැවසුවෙමු.
ﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊ
2:37
පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) ලබා ගත්තේය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තයා ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣ
2:38
නුඹලා සියල්ලෝ ම එයින් පහළ ට බසිනු. මාගෙන් නුඹලා ට යහ මඟ පැමිණෙනු ඇත. එවිට කවරෙකු මාගේ මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔවුන් ට බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත යැයි අපි පැවසුවෙමු.
ﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
2:39
දේවත්වය ප්‍රතික්ෂේප කොට අප ගේ වදන් බොරු කළවුන් වන ඔවුහු ම ය නිරා ගින්නෙ හි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
2:40
අහෝ ! ඉස්රාඊල් දරුවනි, මා නුඹලා ට දායාද කළ මාගේ දායාදය නුඹලා සිහිපත් කර බලනු. තව ද නුඹලා මාගේ ගිවිසුම ඉටු කරනු. මම නුඹලා ගේ ගිවිසුම ඉටු කරමි. තව ද නුඹලා මට ම බිය වනු.
ﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
2:41
නුඹලා සමඟ ඇති දෑ තහවුරු කරමින් මා පහළ කළ දෑ පිළිබඳ ව නුඹලා විශ්වාස කරනු. තව ද ඒ ගැන ප්‍රතික්ෂේප කරන්නා ගෙන් පළමුවැන්නා නොවනු. තව ද මාගේ වදන් අල්ප මිලක ට නොවිකුණනු. තව ද මට ම නුඹලා බිය බැතිමත් වනු.
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
2:42
තව ද නුඹලා සත්‍යය අසත්‍යය සමඟ මුසු නොකරනු. තව ද නුඹලා දැනුවත්ව ම සත්‍යය වසන් නොකරනු.
ﮛﮜﮝﮞﮟﮠﮡﮢ
2:43
තව ද නුඹලා සලාතය ස්ථාපිත කර zසකාත් (හෙවත් අනිවාර්‍ය බද්ද) ද දෙනු. තවද (දණහිස මත අත් තබා නැමී) රුකූඋ කරන්නන් සමඟ රුකූඋ කරනු.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯ
2:44
නුඹලා දේව ග්‍රන්ථය කියවමින් ම නුඹලා නුඹලා ව අමතක කර දමා ජනයා ට යහපත විධානය කරන්නෙහු ද ? (ඒ බව) නුඹලා වටහා නොගන්නෙහු ද?
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
2:45
තව ද නුඹලා ඉවසීමෙන් හා සලාතය ඉටු කිරීමෙන් උදව් පතනු. සැබැවින් ම එය (සලාතය) දේව බියෙන් යටහත් වන්නන් ට හැර සෙසු අය ට බැරෑරුම් ය.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣ
2:46
ඔවුහු කවරහු ද යත් සැබැවින් ම තමන් තම පරමාධිපති ව මුණ ගැසෙන්නන් බවත් තව ද සැබැවින් ම තමන් ඔහු වෙත නැවත යොමු වන්නන් බවත් වටහා ගනිති.
ﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯ
2:47
ඉස්රාඊල් දරුවනි, මා නුඹලා ට දායාද කළ මාගේ දායාදය සිහිපත් කරනු. තව ද සැබැවින් ම මම නුඹලා ව සියලු ලෝවැසියන ට වඩා උසස් කළෙමි.
ﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃ
2:48
තව ද කිසිදු ආත්මයක් කිසිදු ආත්මයක ට කිසිවක් කිරීම ට හැකියාවක් නොමැති, එයින් කිසිදු මැදිහත් වීමක් පිළි ගනු නොලබන, එයින් කිසිදු වන්දියන් භාර ගනු නොලබන දිනයක ට නුඹලා බිය වනු. ඔවුහු (එදින) උදව් කරනු නොලබන්නෝය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
2:49
නුඹලා ට දැඩි වධ වේදනා දී හිංසා කරමින් ද, නුඹලා ගේ පිරිමි දරුවන් මරා දමමින් ද, නුඹලාගේ ගැහැනු දරුවන් ට ජීවිත දානය දෙමින් ද සිටි ෆිර්අවුන් ගේ පරපුරෙන් නුඹලා ව අපි මුදවා ගත් අවස්ථා ව සිහිපත් කරනු. තව ද ඒවායෙ හි නුඹලා ගේ පරමාධිපතිගෙන් වූ අතිමහත් පිරික්සුමක් තිබිණ.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
2:50
තව ද අපි නුඹලා ට මුහුද දෙබෑ කර, පසු ව එයින් නුඹලා ව මුදවා ගෙන නුඹලා බලමින් සිටියදී ම ෆිර්අවුන් ගේ පිරිස (මුහුදෙහි) ගිල්වා දැමූ සැටි සිහිපත් කරනු.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
2:51
තවද අප මූසා ට හතළිස් රැයක් ප්‍රතිඥා දුන් අවස්ථා ව සිහිපත් කරනු. අනතුරු ව නුඹලා ඔහුගෙන් පසු ව (ඔහු ගිය පසු ව) වසු පැටවා ව (නැමදුම ට) ගත්තෙහු ය. නුඹලා අපරාධකරුවෝම ය.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅ
2:52
පසුව නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස, ඉන් පසුවද අපි නුඹලා ට සමාව දුනිමු.
ﮆﮇﮈﮉﮊﮋﮌﮍ
2:53
තව ද අප නුඹලා යහ මඟ ලැබිය හැකි වනු පිණිස මූසා ට දේව ග්‍රන්ථය ද (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) නිර්ණායකය ද පිරිනැමූ අවස්ථාව සිහිපත් කරනු.
ﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
2:54
මාගේ ජනයිනි, සැබැවින් ම නුඹලා වසු පැටවා (නැමදුම ට) ගැනීමෙන් මහත් අපරාධයක් කළෙහු ය. එබැවින් නුඹලා නුඹලා ගේ උත්පාදකයා වෙත පශ්චාත්තාප වී යොමු වනු. එසේනම් නුඹලා (සීමාව ඉක්මවූවන්ව) නුඹලාම ඝාතනය කරනු. එය නුඹලා ගේ උත්පාදකයා අබියස නුඹලා ට ශ්‍රේෂ්ඨ වෙයි. එවිට ඔහු නුඹලා ට සමාව දෙයි. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා ය. අසීමිත කරුණාවන්තයා ය යැයි මූසා තම ජනයා ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙ
2:55
තව ද අහෝ මූසා! අප අල්ලාහ් ව එළිමහනේ දකින තුරු ඔබ ව අප විශ්වාස නොකරන්නේ ම යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා බලා සිටිය දී ම අකුණු සැර නුඹලා ව ග්‍රහණය කළේය.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡ
2:56
පසු ව නුඹලා කෘතවේදී වනු හැකි පිණිස නුඹලා ගේ මරණයෙන් පසු අපි නුඹලා ව අවදි කළෙමු.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
2:57
තව ද අපි නුඹලා ට වලාකුළින් සෙවණ ලබා දුනිමු. තව ද මන්නු, සල්වා (නම් ආහාර) ද අපි නුඹලා ට පහළ කළෙමු. අප නුඹලා ට ආහාර වශයෙන් ලබා දුන් දැයින් යහපත් දෑ නුඹලා අනුභව කරනු. ඔවුහු අප ට අපරාධ නොකළෝය. නමුත් ඔවුහු තමන්ට ම අපරාධ කර ගනිමින් සිටියෝය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦ
2:58
නුඹලා මෙම නගරය ට පිවිසෙනු. එහි ඇති දැයින් කැමති දෑ කැමති තැනක අනුභව කරනු. සිරස නමමින් දොරටුවෙන් ඇතුළු වනු. හිත්තතුන් (අප ට සමාව දෙනු මැනව) යැයි පවසනු. නුඹලා ගේ වැරදි වල ට අපි සමාව දෙන්නෙමු. යහ වැඩ කළවුන් ට අපි අධික කරන්නෙමු, යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ
2:59
එවිට අපරාධ කළවුන් ඔවුන ට පවසනු ලැබූ දෑ නොවන වෙනත් වදනක් වෙනස්කර පැවසූහ. එවිට අපරාධ කළවුන් ට ඔවුන් කලහකම් කරමින් සිටි හේතුවෙන් අහසින් ව්‍යසනයක් අපි පහළ කළෙමු.
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
2:60
තව ද මූසා තම ජනයා වෙනු වෙන් ජලය පැතූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹ නුඹ ගේ සැරයටියෙන් ගල ට ගසනු යැයි අපි පැවසුවෙමු. එවිට උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. සෑම ජන සමූහයක් ම ඔවුන් පානය කළ යුතු ස්ථානය දැන ගත්හ. නුඹලා අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් අනුභව කරනු. තව ද පානය කරනු. කලහ කරන්නන් ලෙස මහපොළොවේ සීමාව ඉක්මවා සැරි නොසරනු.
ﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼ
2:61
අහෝ මූසා! අප ට එකම (ආකාරයේ) ආහාරයක් මත පමණක් ඉවසා සිටිය නොහැක. එබැවින් අපට මහපොළොවෙන් හට ගැන් වන පලා වර්ග, කැකිරි, සුදු ලූනු, පරිප්පු හා ලූනු වැනි දෑ අප වෙනුවෙන් මතු කරන්නැ යි නුඹ ගේ පරමාධිපතිගෙන් අයැද සිටිනු යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු මෙසේ කීය. කවර දෙයක් ශ්‍රේෂ්ඨ ද, ඒ වෙනුව ට කවර දෙයක් පහත් ද එය මාරු කර දෙන මෙන් නුඹලා පතන්නෙහු ද? නුඹලා නගරයක ට ගොඩ බසිනු. එවිට නුඹලා ඉල්ලන දෑ නුඹලා ට හිමි වේ. තව ද ඔවුන් වෙත අවමානය ද දිළිඳුකම ද වෙළා ගනු ලැබීය. අල්ලාහ් ගේ කෝපය ට ලක් වූහ. මෙයට හේතුව ඔවුන් අල්ලාහ් ගේ වදන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් හා යුක්තියෙන් තොර ව නබි වරුන් ව ඝාතනය කරමින් සිටි හේතුවෙනි. එය ඔවුන් පිටු පා සීමාව ඉක්මවා යමින් සිටි හේතුවෙනි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩ
2:62
නියත වශයෙන්ම විශ්වාස කළ වුන් ද යුදෙව් වූවන් ද කිතුනුවන් ද සාබිඊන් වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද ඔවුන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය ට තම පරමාධිපති අබියසින් වූ ඔවුන් ගේ ප්‍රතිඵල ඔවුන ට ඇත. ඔවුන ට (මරණින් මතු ජීවිතය පිළිබඳ ව) කිසිදු බියක් නොමැත. තව ද ඔවුහු (මෙලොව අත හැර ගිය දෑ පිළිබඳ ව) දුක ට පත්වන්නේ ද නැත..
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ
2:63
"නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස, අපි නුඹලා ට පිරිනැමූ දෑ නුඹලා ඉතා බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද එහි (සඳහන් ව) ඇති දෑ සිහිපත් කරනු" යනුවෙන් අපි නුඹලා ට ඉහළින් තූර් කන්ද ඔසවා තබා, අපි නුඹලාගෙන් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු.
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
2:64
අනතුරුව, ඉන් පසුවද නුඹලා (ප්‍රතිඥාවට) පිටුපෑවෙහුය. එවිට නුඹලා ට අල්ලාහ් ගේ භාග්‍යය හා ඔහු ගේ කරුණාව නොවී නම් නුඹලා අලාභවන්තයින් අතුරින් වන්නට තිබුණි.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
2:65
සෙනසුරාදාවෙ හි නුඹලා අතුරින් සීමාව ඉක්මවා ගියවුන් (ට සිදු වූ විපාකය) පිළිබඳ ව නුඹලා මැනවින් දැනගෙන සිටින්නෙහුය. එවිට අපි " නුඹලා අවමානයට ලක්වූවන් ලෙසින් වඳුරන් වනු" යැයි පැවසුවෙමු.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟ
2:66
මෙය (එවකට) ඔවුන් අවට සිටියවුන් ට හා පසුව පැවත එන්නන් ට පාඩමක් වශයෙන් ද, බිය බැතිමතුන් ට උපදෙසක් වශයෙන් ද අපි පත් කළෙමු.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗ
2:67
නුඹලා එළදෙනකු කැපිය යුතු යැයි නිසකව ම අල්ලාහ් නුඹලා ට අණ කරන්නේ යැයි මූසා තම ජනයා ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹ අප ව විහිළුව ට ගන්නෙහි ද යැයි ඔවුහු පැවසූහ. අඥානයින්ගෙන් කෙනෙකු වීමෙන් මම අල්ලාගෙන් රැකවරණය පතමි යැයි ඔහු (මූසා) කීය.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱ
2:68
එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැයි ඔවුහු පැවසූහ. නියත වශයෙන් ම ඔහු (පරමාධිපති) සැබවින් ම එය (වයසින්) මුහුකුරා නොගිය ළපටි ද නොවූ ඒ අතර මැදිවියේ පසුවන එළදෙනකි යැයි නිසකවම ඔහු පවසයි. එබැවින් නුඹලා අණ කරනු ලබන දෑ සිදු කරනු යැයි ඔහු (මූසා) පැවසීය.
ﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅ
2:69
එහි වර්ණය කෙබඳුද යන්න අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැයි ඔවුහු පැවසූහ. නියත වශයෙන් ම එය, දකින්නන් සතුට ට පත් කරවන කහ පැහැති එම වර්ණය ද වඩා පැහැදිලි එළදෙනක යැයි සැබැවින්ම ඔහු පවසයි යනුවෙන් (මූසා) පැවසුවේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
2:70
එය කවරක් දැයි අප ට පැහැදිලි කරන මෙන් නුඹ ගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්න. සැබවින්ම අපට සියලුම එළදෙන්නු එකිනෙකට සමාන බව පෙනේ. තව ද අල්ලාහ් අභිමත කළේ නම් සැබැවින් ම අපි යහ මඟ ලබන්නන් වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
2:71
සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිම ට ජලය සපයන්න ට හෝ පුහුණු නොකළ, වර්ණයෙ හි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ යැයි පැවසීය. දැන් ය ඔබ සත්‍යය ගෙන ආවේ යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්නට (එතරම් කැමැත්තකින්) නොසිටිය ද ඔවුහු උගේ ගෙල කපා හැරියහ.
ﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉ
2:72
සැබැවින් ම එය පොළොව සී සාන්නට හෝ ගොවි බිම ට ජලය සපයන්න ට හෝ පුහුණු නොකළ, වර්ණයෙ හි කිසිදු වෙනසක් නොමැති, නිකැළැල් එළදෙනකු බව ඔහු පවසා සිටින්නේ යැයි පැවසීය. දැන් ය ඔබ සත්‍යය ගෙන ආවේ යැයි ඔවුහු පැවසූහ. (එසේ) සිදු කරන්නට (එතරම් කැමැත්තකින්) නොසිටිය ද ඔවුහු උගේ ගෙල කපා හැරියහ.
ﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
2:73
එවිට එහි ( කපන ලද එළදෙන ගේ) කොටසකින් නුඹලා (මිය ගිය) ඔහු ට ගසනු යැයි අපි කීවෙමු. මියගියවුන් ට අල්ලාහ් ප්‍රාණය දෙන්නේ එලෙස ය. තවද නුඹලා ට වටහා ගත හැකි වනු පිණිස ඔහු නුඹලා ට ඔහු ගේ සාධකයන් පෙන්වන්නේ ය.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
2:74
අනතුරු ව, ඉන් පසු ව පවා නුඹලා ගේ හදවත් දැඩි විය. ඒවා ගල් මෙන්ය. එසේ නොමැති නම් ඊටත් වඩා දැඩි ය. ගල් අතුරින් පිපිරී එමගින් ගංගාවන් ගලන දෑ ඇත. සැබැවින් ම ඒ අතුරින් පැළී විවර වී එමගින් ජලය පිට කරන දෑ ද ඇත. සැබැවින් ම ඒ අතුරින් අල්ලාහ් ට බියෙන් ඇද හැළෙන දෑ ද ඇත. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් අනවධානියෙකු නොවේ.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
2:75
(විශ්වාස කළවුනි!) නුඹලා ව ඔවුන් විශ්වාස කරනු ඇතැයි නුඹලා ප්‍රිය කරන්නෙහුද ? තවද සැබැවින්ම ඔවුන් අතුරින් පිරිසක් අල්ලාහ් ගේ වදන්වලට සවන් දී අනතුරු ව එය වටහා ගත් පසු ව පවා ඔවුන් දැනුවත්ව ම එය වෙනස් කළහ.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏ
2:76
ඔවුහු විශ්වාස කළවුන් හමු වූ විට "අපි විශ්වාස කළෙමු" යැයි පවසති. ඔවුන්ගෙන් ඇතැම් හු ඇතැමුන් සමඟ වෙන් ව ගිය විට " ඒ මගින් නුඹලා ගේ පරමාධිපති ඉදිරියේ ඔවුන් නුඹලා සමඟ වාද කරනු පිණිස, අල්ලාහ් නුඹලාට නිරාවරණය කළ දැය නුඹලා ඔවුන ට දන්වන්නෙහු ද? (මේ ගැන) නුඹලා දැන ගත යුතු නොවේද ? යැයි පැවසූහ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ
2:77
සැබැවින් ම ඔවුන් සඟවන දැයද, තව ද ඔවුන් හෙළි කරන දැයද අල්ලාහ් දන්නේය යැයි ඔවුහු නොදන්නෝ ද?
ﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦ
2:78
ඔවුන් අතුරින් ලිවීම ට කියවීම ට නොහැකි (දේව ග්‍රන්ථ නොලත්) අය ද වෙති. ඔවුහු මනඃකල්පිතය හැර දේව ග්‍රන්ථ ය පිළිබඳ නොදනිති. තව ද ඔවුන් අනුමාන කරනවා මිස නැත.
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭾﭿﮀ
2:79
එබැවින් තම දෑත් වලින් ග්‍රන්ථ ය ලියා පසු ව එය සුළු මිලක ට විකුණනු පිණිස, මෙය අල්ලාහ් වෙතින් යැයි පවසන අය ට විනාශ ය අත් වේවා! එබැවින් ඔවුන් ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශ ය අත් වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුන ට විනාශ ය අත් වේවා!
ﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
2:80
තව ද නිරා ගින්න සීමිත දින ගණනක ට මිස අප ව ස්පර්ශ නොකරන්නේම ය යැයි ඔවුහු පැවසූහ. (නබිවරය) පවසනු. (ඒ බව ට) නුඹලා අල්ලාහ් වෙතින් ගිවිසුමක් ගෙන ඇත්තෙහු ද? එසේ නම් අල්ලාහ් ඔහු ගේ ගිවිසුම කිසි විටක කඩ නොකරන්නේම ය. නැතහොත් නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පවසන්නෙහු ද?
ﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
2:81
එසේ නොව කවරෙකු පාපයක් උපයා ඔහු ගේ වැරදි ඔහු ව වෙළාගෙන ඇත්තේ ද ඔවුහුම ය නිරා ගින්නේ සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗ
2:82
තව ද විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුහුම ය ස්වර්ග උයනෙ හි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯴﯵ
2:83
තව ද නුඹලා අල්ලාහ් හැර (වෙන කිසිවෙකු ට) නැමදුම් නොකරනු. දෙමව්පියන් සමඟ යහ අයුරින් කටයුතු කරනු. එමෙන් ම ඥාතීන්, අනාථයින් හා දුගියන් සමඟ ද (යහ අයුරින් කටයුතු කරනු) තව ද ජනයා ට යහ වදනින් අමතනු. තව ද සලාතය ස්ථාපිත කරනු. සකාත් (අනිවාර්ය බද්ධ) ද දෙනු යැයි ඉස්රාඊල් දරුවන් ගෙන් අප ප්‍රතිඥාවක් ගත් සැටි සිහිපත් කරනු. පසු ව නුඹලා අතුරින් ස්වල්ප දෙනෙකු හැර නුඹලා නොසලකා හරින්නන් ලෙසින් එය ට පිටු පෑවෙහු ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
2:84
තව ද නුඹලා නුඹලා ගේ රුධිරය නොහළනු. තව ද නුඹලා අතුරින් වූවන් ව නුඹලා ගේ නිවෙස් වලින් බැහැර නොකරනු යැයි නුඹලාගෙන් අප ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. එවිට නුඹලා (එයට) සාක්ෂි දරමින් ම එය සනාථ කළෙහුය.
ﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
2:85
පසු ව (මෙසේ ප්‍රතිඥා දීමෙන් පසු) නුඹලා නුඹලාව ම ඝාතන ය කරන්නෙහු ය. නුඹලා අතුරින් පිරිසක් ව ඔවුන් ගේ නිවෙස් වලින් නුඹලා බැහැර කරන්නෙහුය. පාපී ලෙස හා සතුරුකමින් ඔවුන ට එරෙහි ව නුඹලා එකිනෙකා උදව් කරගන්නෙහුය. නුඹලා වෙත සිරකරුවන් ලෙස ඔවුන් පැමිණි විට නුඹලා වන්දි ලබා දී ඔවුන් ව මුදවා ගන්නෙහුය. එසේ නුඹලා ඔවුන් ව බැහැර කිරීම පවා තහනම් ව තිබීය. නුඹලා දේව ග්‍රන්ථ යෙන් කොටසක් විශ්වාස කර තවත් කොටසක් ප්‍රතික්ෂේප කරන්නෙහු ද? නුඹලා අතුරින් එසේ කරන්නන් හට මෙලොව ජීවිතයේ අවමාන ය මිස වෙනත් ප්‍රතිඵලයක් නො මැත. තව ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ දැඩි වේදනාව ට ඔවුහු යොමු කරනු ලැබෙති. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නොසලකා හරින්නෙකු නොවේ.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
2:86
ඔවුහුම ය මතු ලොව වෙනුව ට මෙලොව ජීවිතය මිල ට ගත්තෝ. එබැවින් ඔවුන් ගෙන් දඬුවම සැහැල්ලු කරනු නොලැබේ. තව ද ඔවුහු උදව් කරනු ද නොලබති.
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥ
2:87
තව ද නියත වශයෙන් ම අපි මූසා ට ග්‍රන්ථය පිරිනැමුවෙමු. තව ද ඔහුගෙන් පසු ව ධර්ම දූත යින් ව අනුපිළිවෙළින් යැව්වෙමු. තව ද මර්යම් ගේ පුත් ඊසා ට පැහැදිලි සාධකයන් පිරිනැමු වෙමු. තව ද පිවිතුරු ආත්මය තුළින් ඔහු ව අපි බලවත් කළෙමු. නුඹලා ප්‍රිය නොකරන යමක් ධර්ම දූතයෙකු නුඹලා වෙත ගෙන ආ සෑම විටක ම නුඹලා උඩඟුකම් පෑවෙහුය. එවිට නුඹලා පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහුය.
ﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱ
2:88
අප ගේ හදවත් ආවරණය වී ඇතැයි ඔවුහු පැවසූහ. එසේ නොව ඔවුන් ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන ට ශාප කළේය. එහෙයින් (දේව ග්‍රන්ථයේ සඳහන් බොහෝ දෑ අත හැර දමා එයින්) ඔවුන් විශ්වාස කරනු යේ ස්වල්ප ප්‍රමාණයකි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
2:89
ඔවුන් සමඟ වූ දැය සත්‍ය කරවන ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල් හි ඔවුන් ඊට පෙර සිටියේ ප්‍රතික්ෂේප කළවුන් ට එරෙහි ව ජය පතමිනි. පසු ව ඔවුන් වෙත ඔවුන් දත් දෑ පැමිණි කල් හි ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි අල්ලාහ් ගේ ශාපය අත් විය.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊ
2:90
අල්ලාහ් තම ගැත්තන් අතුරින් තමන් අභිමත කළ අය ට තම භාග්‍යය පහළ කිරීම සම්බන්ධ යෙන් ඊර්ෂ්‍යාවෙන් යුතු ව අල්ලාහ් පහළ කළ දෑ ප්‍රතික්ෂේප කර ඔවුන් ගේ ආත්මාවන් මිල ට ගත් දෑ නපුරු විය. එවිට ඔවුහු කෝපයෙන් කෝපය ට භාජනය වූහ. තව ද (මෙවැනි) දේව ප්‍රතික්ෂේපකයින් ට නින්දා සහගත දඬුවම් ඇත.
ﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
2:91
අල්ලාහ් පහළ කළ දෑ නුඹලා විශ්වාස කරනු යැයි ඔවුන ට පවසනු ලැබූ විට අප වෙත පහළ කරනු ලැබූ දෑ අපි විශ්වාස කරන්නෙමු යැයි ඔවුහු පවසති. එය ට බාහිරින් ඇති දෑ ඔවුහු ප්‍රතික්ෂේප කරති. එය (අල්කුර්ආනය) ඔවුන් සමඟ ඇති දෑ තහවුරු කරන බැවින් මෙය ම සත්‍යය වන්නේය. එබැවින් “නුඹලා විශ්වාස වන්තයින් ව සිටියෙහු නම් මීට පෙර අල්ලාහ් ගේ නබි වරුන් ව ඝාතනය කළේ මන්දැ” යි අසනු.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘ
2:92
නියත වශයෙන් ම මූසා පැහැදිලි සාධක සමඟ නුඹලා වෙත පැමිණියේ ය. අනතුරු ව නුඹලා ඔහු(ගියා) ට පසු ව වසු පැටවා (නැමදුම ට) ගත්තෙහු ය. තව ද නුඹලා අපරාධකරුවෝම ය.
ﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
2:93
නුඹලා මත තූර් කන්ද ඔසවා නුඹලා අප පිරිනැමූ දෑ බලවත් ලෙස ග්‍රහණය කර ගනු. තව ද සවන් දෙනු යැයි අප නුඹලා ගෙන් ප්‍රතිඥා ගත් සැටි සිහිපත් කරනු. (එවිට) ඔවුහු අප සවන් දී පිටුපෑවෙමු යැයි පැවසූහ. ඔවුන් ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් වසු පැටවා (නැමදීම) ඔවුන්ගේ සිත් තුළ පොවනු ලැබීය. “නුඹලා විශ්වාසවන්තයින් නම් නුඹලා ගේ විශ්වාස ය කවර කරුණක් පිළිබඳ නුඹලා ට අණ කරන්නේ ද එය නපුරු විය” යැයි (නබිවරය) පවසනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
2:94
“අල්ලාහ් අබියස (අන්) ජනයාගෙන් තොර ව, නුඹලා ට පමණක් පරලොව නිවහන හිමි වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි (නබිවරය) පවසනු.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭ
2:95
“අල්ලාහ් අබියස (අන්) ජනයාගෙන් තොර ව, නුඹලා ට පමණක් පරලොව නිවහන හිමි වෙත් නම් (එසේ පවසන දෑ හි) නුඹලා සත්‍යවන්තයින් නම් නුඹලා මරණය ප්‍රිය කරනු.”යැයි (නබිවරය) පවසනු.
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉ
2:96
ඔවුන් අන් මිනිසුන්ට වඩා, තව ද (විශේෂයෙන්) ආදේශ කළවුන ට වඩා මෙලොව ජීවිතය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නන් ලෙස නුඹ ඔවුන් ව දකිනු ඇත. ඔවුන්ගෙන් කෙනෙක් තමන් ට වසර දහසක් ආයුෂ දෙනු නොලබන්නේ දැයි ආශා කරයි. නමුත් ඔහු ට ආයුෂ දෙනු ලැබුව ද එම දඬුවමින් ඔහු දුරස්වන්නෙක් නොවෙයි. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
ﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜ
2:97
කවරෙක් ජිබ්රීල් ට සතුරු වන්නේ ද ඔහු ට පවසනු. සැබැවින් ම (ජිබ්රීල් වන) ඔහු තමන් අතර පවතින දෑ තහවුරු කරන්නක් ලෙස ද, මඟ පෙන් වීමක් ලෙස ද, විශ්වාස කළවුන් ට සුබාරංචියක් ලෙස ද, එය (කුර්ආනය) අල්ලාහ්ගේ අනුබලයෙන් නුඹේ සිතට පහළ කළේ ය.
ﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
2:98
කවරෙක් අල්ලාහ් ට ද ඔහු ගේ දේව දූතයින්ට ද ඔහු ගේ ධර්ම දූතයින්ට ද ජිබ්රීල්, මීකාල් (නම් දේව දූතයින් ට) ද සතුරු වන්නේ ද එසේ නම් සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් ට සතුරා ය (යන වග දැන ගනු).
ﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖ
2:99
තව ද සැබැවින් ම අපි ඔබ වෙත පැහැදිලි වදන් පහළ කළෙමු. පාපිෂ්ඨයින් මිස වෙන කිසිවෙක් ඒවා ප්‍රතික්ෂේප නොකරති.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢ
2:100
ඔවුන් එකිනෙකා ගිවිසුමක් ගිවිස ගත් සෑම අවස්ථාවක ම ඔවුන්ගෙන් පිරිසක් එය ඉවත හෙළුවා නොවේ ද? නමුත් ඔවුන්ගෙන් බහුතරය විශ්වාස නොකරති.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹ
2:101
ඔවුන් සතුව ඇති දැය තහවුරු කරන ධර්ම දූතයෙකු අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල් හි, ග්‍රන්ථය දෙනු ලැබූ අයවලුන් අතුරින් පිරිසක්, ඔවුන් නොදන්නවුන් මෙන් අල්ලාහ් ගේ ග්‍රන්ථය ඔවුන්ගේ පිටු පසට විසි කළහ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣ
2:102
ඔවුහු සුලෙයිමාන් ගේ පාලන සමයේ ෂෙයිතානුන් පාරායනා කළ දෑ අනුගමනය කළෝය. සුලෙයිමාන් ප්‍රතික්ෂේප නොකළේ ය. නමුත් ප්‍රතික්ෂේප කළේ ෂෙයිතානුන් ය. ඔවුහු ජනයා ට හූනියම ද බැබිලෝනියාවේ හාරූත් මාරූත් යන මලක් වරුන් දෙදෙනා ට පහළ කරනු ලැබූ දෑ ද ජනයා ට ඉගැන් වූහ. නමුත් ඔවුන් දෙදෙනා සැබැවින් ම “අපි පරීක්ෂණයකි. එබැවින් නුඹ ප්‍රතික්ෂේප නොකරනු”යි පවසා සිටීමෙන් මිස කිසිවෙකු ට ඉගැන්නුවේ නැත. එවිට ඔවුන් දෙදෙනාගෙන් සැමියා හා තම බිරිය අතර වෙන් කරවන දෑ ඔවුහු ඉගෙන ගනිති. අල්ලාහ් ගේ අනුබල යෙන් මිස කිසිවෙකු ට කිසි වකින් හානි පමුණුවන්නන් ලෙස ඔවුහු නොවූහ. තව ද ඔවුන ට හානි පමුණු වන ඔවුන ට ප්‍රයෝජනවත් නොවන දෑ ඉගෙන ගනිති. තව ද එය මිල ට ගත් අය ට පර ලොවෙ හි කිසිදු කොටසක් නොමැති බව සැබැවින් ම ඔවුහු දැන සිටියහ. ඔවුහු කවර දෙයක් ඒ වෙනුවට තමන්ව විකුණා දැමුවේ ද සැබැවින් ම එය නපුරු විය. ඔවුහු (මේ ගැන) දැන සිටියාහු නම්.
ﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱ
2:103
නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට බිය බැතිමත් වූයේ නම් අල්ලාහ් අබියසින් ලැබෙන කුසල් ශ්‍රේෂ්ඨ ය. ඔවුහු (ඒ බව) දැන සිටියාහු නම්.
ﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠ
2:104
අහෝ විශ්වාස කළවුනි! නුඹලා (විකෘති අදහසක් ගෙන දෙන) රාඉනා (යන යෙදුම) නොපවසනු. උන්ළුර්නා (අප ගැන සැලකිලිමත් වනු) යැයි පවසනු. තව ද නුඹලා (ඔවුන් ගේ ප්‍රකාශය ට) සවන් දෙනු. ප්‍රතික්ෂේපකයින් ට වේදනා සහගත දඬුවමක් ඇත.
ﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼ
2:105
නුඹලා ගේ පරමාධිපතිගෙන් යම් යහපතක් නුඹලා වෙත පහළ කරනු ලැබීම ගැන, දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද දේව ආදේශකයෝ ද ප්‍රිය නොකරති. අල්ලාහ් තමන් අභිමත කරන අය ට ඔහු ගේ කරුණා ව නියම කරයි. තව ද අල්ලාහ් අති මහත් භාග්‍යයේ හිමිකරු ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦ
2:106
අප යම් වදනක් වෙනස් කරන්නේ නම් හෝ එය අමතක කර දමන්නේ නම් හෝ ඊට වඩා යහපත් එසේත් නොමැති නම් ඊට සමාන දෙයක් අපි ගෙන එන්නෙමු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බලසම්පන්න බව නුඹ නොදන්නෙහි ද?
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ
2:107
නියත වශයෙන් ම අල්ලාහ් ඔහු ට අහස් හි හා මහපොළොවේ පාලනය හිමි බවත් අල්ලාහ් ගෙන් තොර කිසිදු භාරකරු වෙක් හෝ කිසිදු උදව් කරුවෙක් හෝ නුඹලා ට නොමැති බවත් නුඹ නොදන්නෙහි ද?
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍ
2:108
එසේ නොමැති නම් මීට පෙර මූසාගෙන් ප්‍රශ්න කරනු ලැබුවාක් මෙන් නුඹලා ද නුඹලා ගේ ධර්ම දූතයාණන්ගෙන් ප්‍රශ්න කිරීම ට අපේක්ෂා කරන්නෙහු ද? තව ද කවරෙක් විශ්වාසය වෙනුව ට ප්‍රතික්ෂේප ය හුවමාරු කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු නිවැරදි මාර්ගයෙන් නොමඟ ගියේ ය.
ﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱ
2:109
පුස්තක ලත් ජනයින් අතුරින් බොහෝ දෙනා තමන් ට සත්‍යය පැහැදිලි වූවායින් පසුව ද තමන් තුළ ඇති ඊර්ෂ්‍යාව හේතුවෙන් නුඹලා ගේ විශ්වාසයෙන් පසු ව ඔවුහු නුඹලා ව ප්‍රතික්ෂේපකයින් බව ට නැවත පත් කරන්න ට හැකි නම් යැයි ආශා කරති. එබැවින් අල්ලාහ් තම නියෝගය ගෙන එන තෙක් (ඔවුන ට) සමාව දී අත හැර දමනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අති බල සම්පන්න ය.
ﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦ
2:110
තව ද නුඹලා සලාත ය ස්ථාපිත කරනු. සකාතය ද දෙනු. නුඹලා වෙනුවෙන් නුඹලා යම් යහපතක් ඉදිරිපත් කර ඇත්නම් අල්ලාහ් අබියස එය නුඹලා දැක ගනු ඇත. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකයා ය.
ﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
2:111
යුදෙව්වෙකු ව හෝ කිතුනුවෙකු ව හෝ සිටි අය මිස වෙන කිසිවෙකු ස්වර්ග උයන ට පිවිසෙන්නේ නැතැ යි ඔවුහු පැවසූහ. එය ඔවුන් ගේ මනඃකල්පිතය යි. (නබිවරය) නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් නුඹලා ගේ සාධක ගෙන එන්නැ යි පවසනු.
ﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎ
2:112
එසේ නොව කවරෙක් දැහැමියෙකු ව සිට තම මුහුණ (මුළුමනින් ම) අල්ලාහ් ට අවනත කළේ ද එවිට ඔහු ට ඔහු ගේ ප්‍රතිඵල ඔහු ගේ පරමාධිපති අබියස හිමි වනු ඇත. ඔවුන ට කිසිදු බියක් නොමැත. තව ද ඔවුන් දුක ට පත් වන්නේ ද නැත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
2:113
කිතුනුවන් කිසිදු පදනමක් මත නොමැති බව යුදෙව්වෝ පවසති. යුදෙව්වන් කිසිදු පදනමක් මත නොමැති බව කිතුනුවෝ ද පවසති. ඔවුන් දේව ග්‍රන්ථ ය කියවමින් සිටිය දී. ඔවුන් ගේ ප්‍රකාශ මෙන් ම අවබෝධයක් නොමැත්තෝ ද මෙලෙස පවසති. එබැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙ හි ඔවුන් කවර දෙයක් පිළිබඳ මත භේද ඇති කර ගනිමින් සිටියේ ද එම විෂයය සම්බන්ධයෙන් ඔවුන් අතර අල්ලාහ් තීන්දු කරනු ඇත.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓ
2:114
අල්ලාහ් ගේ මස්ජිදයන් හි ඔහු ගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් වළක්වාලන, තව ද එය විනාශ කිරීම ට වෑයම් කරන අය ට වඩා මහා අපරාධකරු කවරෙක් ද? ඔවුන් බිය ට පත් වූවන් ලෙසම මිස එහි පිවිසීම ට ඔවුන ට සුදුසු නොවීය. ඔවුන ට මෙලොවෙ හි අවමානය ඇත. තව ද පරලොවෙ හි ඔවුන ට අතිමහත් දඬුවමක් ඇත.
ﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
2:115
තව ද නැගෙනහිර හා බටහිර අල්ලාහ් සතු ය. එබැවින් නුඹලා කවර දෙසක ට හැරුණ ද එහි අල්ලාහ් ගේ මුහුණ වේ. සැබැවින් ම අල්ලාහ් සර්ව ව්‍යාපක ය. සර්ව ඥානී ය.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕ
2:116
තව ද අල්ලාහ් පුතෙකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ. (ඔවුන් පවසන දැයින්) ඔහු සුවිශුද්ධ ය. එසේ නොව අහස් හි හා මහපොළොවෙ හි ඇති දෑ ඔහු සතු ය. සියල්ල ඔහු ට අවනත වන්නෝය.
ﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢ
2:117
(අල්ලාහ්) අහස් හි හා මහපොළොවේ උත්පාදකයා ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එය ට වනු යැයි පවසනවා පමණ ය, එවිට එය සිදු වන්නේ ය.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
2:118
තව ද දැනුම නොමැත්තෝ “අල්ලාහ් අප සමඟ කතා කළ යුතු නොවේ ද? නැතිනම් අප වෙත ප්‍රාතිහාර්‍යයක් පැමිණිය යුතු නොවේ දැ”යි අසති. ඔවුන ට පෙර සිටි අය ද මොවුන් පවසනවාක් මෙන් ම පැවසූහ. ඔවුන්ගේ හදවත් එකිනෙක ට ඒකාකාර විය. සැබැවින් ම තරයේ විශ්වාස කරන පිරිස ට අපි මෙම වැකි පැහැදිලි කරන්නෙමු.
ﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊ
2:119
නියත වශයෙන් ම අපි නුඹ ව සුබාරංචි පවසන්නෙකු ලෙස ද අවවාද කරන්නෙකු ලෙස ද සත්‍ය සමඟ යැව්වෙමු. නිරයේ සගයින් පිළිබඳ ව නුඹ ප්‍රශ්න කරනු නොලබන්නෙහි ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
2:120
යුදෙව්වෝ ද කිතුනුවෝ ද ඔවුන් ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තිය ට පත් නොවෙති. (නබිවරය) පවසනු. සැබැවින් ම අල්ලාහ් ගේ යහ මග, එයම ය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන් ගේ මනෝ ආශාවන් පිළිපදින්නෙ හි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹ ට නොමැත.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
2:121
යුදෙව්වෝ ද කිතුනුවෝ ද ඔවුන් ගේ පිළිවෙත නුඹ අනුගමනය කරන තෙක් නුඹ ගැන තෘප්තිය ට පත් නොවෙති. (නබිවරය) පවසනු. සැබැවින් ම අල්ලාහ් ගේ යහ මග, එයම ය යහ මග වනුයේ. ඥානය නුඹ වෙත පැමිණි පසුව ද නුඹ ඔවුන් ගේ මනෝ ආශාවන් පිළිපදින්නෙ හි නම් අල්ලාහ්ගෙන් කිසිදු භාරකරුවෙක් හෝ උදව්කරු වෙක් හෝ නුඹ ට නොමැත.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
2:122
අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලා ට දායාද කළ මාගේ දායාද ය මෙනෙහි කරනු. තව ද සැබැවින් ම මම නුඹලා ව ලෝ වැසියන්ට වඩා උසස් කළෙමි.
ﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
2:123
අහෝ ඉස්රාඊල් දරුවනි! මා නුඹලා ට දායාද කළ මාගේ දායාද ය මෙනෙහි කරනු. තව ද සැබැවින් ම මම නුඹලා ව ලෝ වැසියන්ට වඩා උසස් කළෙමි.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
2:124
ඉබ්‍රාහීම් ව ඔහු ගේ පරමාධිපති වදන් කිහිපයකින් පිරික්සුම ට ලක් කළ අවස්ථා ව (සිහිපත් කරනු.) එවිට ඔහු ඒවා සම්පූර්ණ කළේ ය. සැබැවින් ම මම නුඹ ව ජනයා ට මෙහෙයුම් කරුවෙකු ලෙස පත් කරන්නෙමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය. මාගේ පරපුරින් ද (එසේ පත් කරනු මැනව!) යැයි ඔහු (ඉබ්‍රාහීම්) පැවසීය. අපරාධකරුවන් ට මාගේ ගිවිසුම හිමි නොවන්නේ යැයි ඔහු පැවසීය.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
2:125
තවද සිහිපත් කරනු. එම නිවස ( මක්කාවේ පිහිටි කඃබාව) ජනයා ට සක්මන් කරන ස්ථානයක් ලෙස ද, අභයදායී ලෙස ද අපි පත් කළෙමු. තව ද නුඹලා ඉබ්‍රාහීම් ගේ ස්ථානය නැමදුම් ස්ථානයක් ලෙස ගනු. මාගේ නිවස තවාෆ් (කඃබාව වටා ගමන්) කරන්නන් ට ද, ඉඃතිකාෆ් (රැඳී) සිටින්නන් ට ද, රුකූඋ කරන්නන් ට ද, සුජූද් කරන්නන් ට ද පවිත්‍ර කර තබන මෙන් ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් යන දෙදෙනාගෙන් අපි පොරොන්දු ලබා ගත්තෙමු.
ﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔ
2:126
“මාගේ පරමාධිපතියාණෙනි, මෙය අභයදායී නගරයක් බවට පත් කරනු මැනව! එහි වැසියන් අතුරින් අල්ලාහ් ව හා පරමාන්ත දිනය ගැන විශ්වාස කළවුන් ට බවභෝග වලින් පෝෂණය කරනු මැනව!” යැයි ඉබ්‍රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු (අල්ලාහ් මෙසේ) පැවසී ය. “තව ද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට මම ස්වල්ප කලක ට ඔහු ට බුක්ති විඳින්න ට ඉඩ හරිමි. පසු ව ඔහු ව මම නිරා ගින්නේ දඬුවම ට යොමු කරන්නෙමි. එම පිවිසුම් ස්ථානය නපුරු විය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
2:127
ඉබ්‍රාහීම් හා ඉස්මාඊල් (කඃබාව නම්) නිවසේ අත්තිවාරම එස වූ අවස්ථාව සිහිපත් කරනු. “අප ගේ පරමාධිපතියාණෙනි, (අප කළ ක්‍රියාවන්) අපගෙන් පිළි ගනු මැනව! නියත වශයෙන් ම සර්ව ශ්‍රාවක සර්ව ඥානී වන්නේ ඔබම ය.”
ﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
2:128
“අප ගේ පරමාධිපතියාණෙනි, අප ව ඔබ ට අවනත වන (මුස්ලිම්වරුන්) දෙදෙනෙකු බව ට පත් කරනු මැනව! තව ද අප ගේ පරපුරින් ද ඔබ ට අවනත වන සමූහයක් ඇති කරනු මැනව ! අප ගේ (හජ්) වත් පිළිවෙත් අප ට පෙන්වා දෙනු මැනව ! තව ද අප වෙත පාප ක්ෂමා ව පිරි නමනු මැනව! සැබැවින් ම අති ක්‍ෂමාශීලී අසමසම කරුණාන්විත වන්නේ ඔබම ය.”
ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅ
2:129
“අප ගේ පරමාධිපතියාණෙනි! තව ද ඔබ ගේ වැකි ඔවුන ට පාරායනය කර පෙන් වන, දේව ග්‍රන්ථය හා ප්‍රඥා ව ඔවුන ට උගන් වන, ඔවුන් ව පිවිතුරු කරන, ඔවුන්ගෙන් ම වූ ධර්ම දූතයෙකු ඔවුන් අතර ට එවනු මැනව! සැබැවින් ම සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත වන්නේ ඔබම ය.” (යනුවෙන් ඉබ්‍රාහීම් නබි තුමා ප්‍රාර්ථනා කළහ.)
ﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
2:130
තමන් ව අඥාන භාවය ට පත් කර ගත්තෙකු මිස ඉබ්‍රාහීම් ගේ පිළිවෙතින් ඉවත් වනුයේ කවරෙක් ද? තව ද සැබැවින් ම මෙලොවෙ හි අපි ඔහු ව තෝරා ගත්තෙමු. තව ද සැබැවින් ම ඔහු පරලොවෙ හි දැහැමියන් අතර සිටින්නේය.
ﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
2:131
ඔහු ගේ පරමාධිපති “නුඹ අවනත වනු“ යැයි ඔහු ට පැවසූ අවස්ථා ව සිහිපත් කරනු. “මම ලෝ වැසියන් ගේ පරමාධිපති ට අවනත වූයෙමි” යැයි ඔහු පැවසීය.
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗ
2:132
මෙය ම ඉබ්‍රාහීම් තම පුතුන් ට ද, (එසේම) යඃකූබ් ද මෙසේ උපදෙස් දුන්හ. “අහෝමාගේ පුත්‍රයිනි! සැබැවින් ම අල්ලාහ් නුඹලා ට මෙම දහම තෝරා දී ඇත. එබැවින් නුඹලා (අල්ලාහ් ට) අවනත වූ තත්ත්වයෙන් මිස මරණය ට පත් නොවනු.”
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴ
2:133
නැතහොත් යඃකූබ් ට මරණය පැමිණි අවස්ථාවේ නුඹලා එහි පෙනී සිටියාහු ද? “මගෙන් පසු ව නුඹලා නමදිනුයේ කුමක් දැ” යි තම දරුවන්ගෙන් ඔහු ඇසූ විට “ඔබ ගේ දෙවියා වූ ද ඔබ ගේ මුතුන් මිත්තන් වන ඉබ්‍රාහීම් ඉස්මාඊල් හා ඉස්හාක් ගේ දෙවියා වූ ද එකම දෙවියා ව අපි නමදිමු. තව ද අපි ඔහු ට අවනත වන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසූහ.
ﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆ
2:134
එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙහුය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
2:135
“නුඹලා යුදෙව්වන් වනු. එසේ නොමැති නම් කිතුනුවන් වනු. නුඹලා යහ මඟ ලබනු ඇතැ“යි ඔවුහු ( යුදෙව්වන් හා කිතුනුවන්) තව දුරටත් පැවසූහ. එසේ නොව “(නබිවරය) පිවිතුරු ඉබ්‍රාහීම් ගේ පිළිවෙත ම (නුඹලා පිළිපදිනු.) තව ද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය” යැයි පවසනු.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
2:136
“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර වෙත පහළ කරනු ලැබූ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.” යැයි නුඹලා පවසනු.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
2:137
එබැවින් නුඹලා මෙය (ධර්මය) ගැන විශ්වාස කළාක් මෙන් ඔවුන් ද විශ්වාස කළේ නම් නියතව ඔවුන් ද යහ මඟ ලබන්නෝය. ඔවුහු පිටු පෑවෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු බේද යෙහි ය. ඔවුන් සම්බන්ධයෙන් අල්ලාහ් නුඹ ට ප්‍රමාණවත් වේ. තව ද ඔහු සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
2:138
(අපව වර්ණවත් කරවන) අල්ලාහ් ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ් ට වඩා කවරෙක් අලංකාරමත් වේ ද? තව ද අපි ඔහු ට යටහත් වන්නෝ වෙමු.
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕ
2:139
“අපගේ ද නුඹලාගේ ද පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී නුඹලා ඔහු සම්බන්ධයෙන් අප සමඟ වාද කරන්නෙහු ද? අප ගේ ක්‍රියාවන් අපට ය නුඹලා ගේ ක්‍රියාවන් නුඹලාට ය. තව ද අපි ඔහු ට අවංකයෝ වෙමු.” යැයි නුඹ පවසනු.
ﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷ
2:140
“නැතහොත් සැබැවින් ම ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා ඔවුන් ගේ පරපුර යුදෙව්වන් ලෙසින් හෝ කිතුනුවන් ලෙසින් සිටි බව නුඹලා පවසන්නෙහු ද? මැනවින් දන්නා නුඹලා ද නැතහොත් අල්ලාහ් දැ” යි (නබිවරය!) අසනු. ඔහු අබියස වූ අල්ලාහ් ගේ සාධකයක් වසන් කරන්නන් ට වඩා මහා අපරාධකරුවා කවරෙක් ද? තව ද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
ﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
2:141
එය ඉකුත් වී ගිය සමූහයකි. එය ඉපැයූ දෑ එය ට ඇත. එමෙන් ම නුඹලා ඉපැයූ දෑ නුඹලා ට ඇත. ඔවුන් කරමින් සිටි දෑ ගැන නුඹලා විමසනු නොලබන්නෙහු ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩ
2:142
ඔවුන් කවර දෙයක් මත සිටියෝ ද එවන් ඔවුන්ගේ දිශාවෙන් ඔවුන් ව හැර වූයේ කුමක් දැ යි ජනයා අතුරින් අඥානයෝ විමසා සිටිති. නැගෙනහිරත් බටහිරත් අල්ලාහ්ට ම සතු ය. ඔහු අභිමත කරන්නන් හට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ඇතැයි (නබිවරය) පවසනු.
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛ
2:143
නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත්, ධර්ම දූතයාණන් නුඹලාට සාක්ෂිකරුවෙකු වනු පිණිසත්, අප නුඹලා ව මධ්‍යස්ථ (ජන) සමූහයක් ලෙස පත් කළේ එලෙස ය. තම විලුඹ දෙක මත හැරී යන්නන් අතුරින් ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නන් කවරෙකු දැ යි අපි දැන ගනු පිණිස මිස ඔබ කවර දෙයක් මත (දැන්) සිටින්නේ ද එවන් දිශාව අපි පත් නොකළෙමු. එය අල්ලාහ් මඟ පෙන් වූ අය කෙරෙහි හැර (අන් අයට) භාරදූර දෙයක් විය. නුඹලාගේ විශ්වාසය නිශ්ඵල කිරීමට අල්ලාහ්ට (අවශ්‍ය) නොවීය. සැබැවින් ම අල්ලාහ් සකල ජනයාටම සෙනෙහෙවන්තය අසමසම කරුණාවන්තය.
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
2:144
නුඹගේ මුහුණ ඇතැම් විට අහස දෙසට හැරවීම සැබැවින් ම අපි දකින්නෙමු. නුඹ ප්‍රිය කරන දිශාව දෙස සැබැවින් ම අපි නුඹ ව හරවන්නෙමු. එහෙයින් නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. (ජනයිනි) නුඹලා කොතැනක සිටිය ද (සලාතයේ දී) නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු. තවද නියත වශයෙන් ම දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනු ඇත. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈ
2:145
තවද දේව ග්‍රන්ථය දෙනු ලැබූවනට නුඹ සෑම සාධකයක්ම ගෙන හැරපෑව ද ඔවුහු නුඹගේ දිශාව අනුගමනය නොකළෝය. එසේම නුඹ ද ඔවුන්ගේ කිබ්ලා ව අනුගමනය කරන්නෙකු නොවේ. තවද ඔවුන්ගෙන් සමහරෙකු සමහරෙකුගේ දිශාව අනුගමනය කරන්නන් නොවෙති. තවද නුඹට ඥානය පැමිණි පසුව නුඹ ඔවුන්ගේ මනෝ ආශාවන් අනුගමනය කළෙහි නම් එවිට නියත වශයෙන්ම නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහිය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
2:146
දේව ග්‍රන්ථය අප ඔවුනට පිරිනැමූ අය වනාහි, ඔවුන් තම දරුවන් හඳුනනවාක් මෙන් එය මැනවින් හඳුනති. තවද සැබැවින් ම ඔවුන් අතුරින් පිරිසක් තමන් දැන දැන ම සත්‍යය වසන් කරනු ඇත.
ﭡﭢﭣﭤﭥﭦﭧﭨ
2:147
සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවනු.
ﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
2:148
තවද සෑම කෙනෙකුට ම ඔහු ඒ වෙත හැරෙන දිශාවක් ඇත. එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා කොතැනක සිටිය ද අල්ලාහ් නුඹලා සියල්ල ගෙන එනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓ
2:149
තවද නුඹ කොතැනක සිට පිට ව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ දේවස්ථානය දෙසට හරවනු. සැබැවින්ම එය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයක්ම ය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අනවධානියෙකු නොවේ.
ﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕ
2:150
තවද නුඹ කොතැනක සිට පිට ව ගිය ද එවිට නුඹගේ මුහුණ ශුද්ධ දේවස්ථානය දෙසට හරවනු. තවද ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර නුඹලාට එරෙහි ව ජනයිනට සාධකයක් නොවනු පිණිස නුඹලා කොතැනක සිටිය ද නුඹලා නුඹලාගේ මුහුණු ඒ දෙසටම හරවනු. නුඹලා ඔවුනට බිය නොවනු. මටම බිය වනු. තවද මම මාගේ දායාදයන් නුඹලාට පරිපූර්ණ කරන්නෙමි. නුඹලා යහ මඟ ලබන්නට හැකිය.
ﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
2:151
නුඹලා වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන, නුඹලා ව පිවිතුරු කරන, නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව උගන්වන, නුඹලා නොදැන සිටි දෑ නුඹලාට උගන්වන නුඹලා අතුරින්ම වූ ධර්ම දූතයෙකු නුඹලා වෙත අපි එවා ඇත්තෙමු.
ﯨﯩﯪﯫﯬﯭﯮ
2:152
එබැවින් නුඹලා මා මෙනෙහි කරනු. මම නුඹලා ව මෙනෙහි කරන්නෙමි. නුඹලා මට කෘතඥ වනු. තවද මා ප්‍රතික්ෂේප නොකරනු.
ﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺ
2:153
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසීම හා සලාතය තුළින් උදව් පතනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟ
2:154
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසීම හා සලාතය තුළින් උදව් පතනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟය.
ﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭ
2:155
තවද බියෙන් හෝ සාගින්නෙන් හෝ වස්තුව, ජීවිත හා බවභෝග හිඟ කරමින් හෝ යම් දෙයකින් අපි නුඹලා ව පිරික්සුමට ලක් කරන්නෙමු. (නබිවරය) නුඹ ඉවසිලිවන්තයිනට ශුභාරංචි දන්වනු.
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸ
2:156
ඔවුහු කවරහු ද යත් යම් අභාග්‍යයක් තමන්ට ඇති වූ විටෙක සැබැවින්ම අප අල්ලාහ් සතුය. සැබැවින්ම අපි ඔහු වෙතම නැවත යොමුවන්නන් වෙමු යැයි පවසන්නෝ වෙති.
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
2:157
තම පරමාධිපතිගෙන් වූ ආශිර්වාද ද කරුණාව ද තමන් වෙත ඇත්තෝ මොවුන්ය. මොවුන්මය යහමඟ ලැබූවෝ.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟ
2:158
තම පරමාධිපතිගෙන් වූ ආශිර්වාද ද කරුණාව ද තමන් වෙත ඇත්තෝ මොවුන්ය. මොවුන්මය යහමඟ ලැබූවෝ.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕ
2:159
පැහැදිලි සාධක හා යහමඟ තුළින් අප පහළ කළ දෑ ජනයාට දේව ග්‍රන්ථයෙහි අප පැහැදිලි කළ පසුව පවා එය වසන් කරන්නන් වනාහි අල්ලාහ් ශාප කරනුයේ ඔවුනට ය. තවද ශාප කරන්නන් ද ඔවුනට ශාප කරනු ඇත.
ﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
2:160
නමුත් පශ්චාත්තාප වී, (වරදින් මිදී, ජීවිතය) හැඩ ගස්වා (ධර්මයෙහි ඇති දෙය) පැහැදිලි කළ අය හැරය. මා සමාව දෙන අය ඔවුහුම ය. තවද මම අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯ
2:161
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු ම ය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ල ගේ ද, ශාපය ඔවුන් මත වූවෝ.
ﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹ
2:162
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට දේව ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මියගියවුන් වනාහි ඔවුහු ම ය අල්ලාහ්ගේ ද, දේව දූතයින්ගේ ද, මිනිසුන් සියල්ල ගේ ද, ශාපය ඔවුන් මත වූවෝ.
ﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄ
2:163
නුඹලාගේ දෙවියා එකම දෙවියාය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
2:164
නියත වශයෙන්ම (අල්ලාහ් විසින්) අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරුවෙහි ද ජනයාට ප්‍රයෝජනවත් දෑ රැගෙන මුහුදෙහි ගමන් කරන නැව්හි ද අහසින් ජලය පහළ කර මහපොළොව මිය ගිය පසුව එය එමගින් ජීවමාන කොට එහි සෑම සත්වයෙකුම ව්‍යාප්ත කිරීමෙහි ද, සුළං හැමීමෙහි ද, අහස හා මහපොළොව අතර වසඟ කරනු ලැබූ වලාවන්හි ද අවබෝධ කරන ජනයාට සාධක ඇත.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
2:165
අල්ලාහ් හැර දමා හවුල්කරුවන් පත් කර ගන්නා අය ජනයා අතුරින් වෙති. අල්ලාහ්ට ප්‍රිය කරන්නාක් මෙන්ම ඔවුහු ඔවුනට ප්‍රිය කරති. නමුත් විශ්වාස කළවුන් අල්ලාහ්ට (පමණක්) දැඩි ලෙස ප්‍රිය කරන්නන් වෙති. අපරාධ කළවුන් දඬුවම දකින විට සියලු බලය අල්ලාහ්ට ය. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය යන බව වටහා ගනු ඇත.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫ
2:166
අනුගමනය කරනු ලැබූවන් අනුගමනය කළවුන්ගෙන් වෙන් වී ඔවුහු වේදනීය දඬුවම දැක තවද ඔවුන් අතර තිබූ සියලු සබඳතා විසන්ධි වී යන මොහොතක (වටහා ගනු ඇත.)
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦ
2:167
සැබැවින්ම අපටත් වාරයක් ඇත්නම් ඔවුන් අපගෙන් වෙන් වී ගියාක් මෙන් අප ද ඔවුන්ගෙන් වෙන් වන්නෙමු යැයි අනුගමනය කළවුන් පවසති. එලෙසය අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට දුකතියක් ලෙස පෙන්වනුයේ. තවද ඔවුහු නිරා ගින්නෙන් බැහැර වන්නන් නොවෙති.
ﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
2:168
අහෝ ජනයිනි! මහපොළොවේ ඇති දැයින් අනුමත පිවිතුරු දෑ අනුභව කරනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄ
2:169
ඔහු නුඹලාට අණ කරනුයේ නපුර හා අශීලාචාරකම ද, නුඹලා නොදන්නා දෑ අල්ලාහ් මත ගොතා පැවසීම ද වේ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨ
2:170
තවද අල්ලාහ් පහළ කළ දෑ නුඹලා අනුගමනය කරනු යැයි ඔවුනට පවසනු ලැබූ විට, නැත! අපගේ මුතුන් මිත්තන් කවර දෙයක් මත සිටියෝ ද එය අපි අනුගමනය කරන්නෙමු යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් වටහා නොගෙන යහමඟ නොලැබූ තත්වයක වූවත් එසේම ද?
ﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
2:171
ප්‍රතික්ෂේප කළවුනට උපමාව (සතුන් දක්කන විට) ඇමතුම හා කැඳවුම මිස වෙනත් කිසිවක් උන්ට නොඇසෙන (අර්ථයක් නොමැති) දෙයකින් කෑ ගසන කෙනෙකු මෙනි. ඔවුන් ගොළුය. බිහිරිය. අන්ධය. එබැවින් ඔවුහු (යථාර්ථය) වටහා නොගනිති.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
2:172
අහෝ විශ්වාස කළවුනි! අපි නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට පමණක් නමදිමින් සිටියෙහු නම් ඔහුට කෘතඥ වනු.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧ
2:173
ඔහු නුඹලාට තහනම් කරනුයේ මළ දෑ ද, රුධිරය ද, ශූකර මාංශ ද, අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කැප කරන ලද දෑ ද වේ. නමුත් සීමාව ඉක්මවා යෑමෙන් තොරව හෝ පාපයක් සිදු කිරීමේ අරමුණින් තොරව හෝ කවරෙකු බල කරනු ලැබුවේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
ﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦ
2:174
දේව ග්‍රන්ථයෙන් අල්ලාහ් පහළ කළ දෑ කවරෙකු වසන් කර එමගින් අල්ප මිලක් ලබා ගන්නේ ද ඔවුහු තම කුස තුළ (නිරා) ගින්න මිස වෙනත් කිසිවක් අනුභව නොකරන්නෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමඟ කතා නොකරයි. තවද ඔවුන් ව පිවිතුරු ද නොකරයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
ﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
2:175
ඔවුන් වනාහි, යහමඟ වෙනුවට මුළාව ද සමාව වෙනුවට දඬුවම ද මිලට ගත්තවුන්ය. එබැවින් නිරා ගින්නෙහි ඔවුන් දරා ගන්නට සලස්වනුයේ කුමක් ද?
ﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃ
2:176
සත්‍ය සමඟ දේව ග්‍රන්ථය සැබවින්ම අල්ලාහ් පහළ කර තිබීම මෙයට හේතුව වේ. එම දේව ග්‍රන්ථය සම්බන්ධව මතභේද ඇති කර ගත්තවුන් අන්ත බේදයෙහි සිටිති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
2:177
නැගෙනහිර හා බටහිර දෙසට නුඹලාගේ මුහුණ හැරවීම පමණක් යහපත නොවේ. නමුත් යහපත වනුයේ කවරෙකු අල්ලාහ්, අවසන් දිනය, මලක්වරුන්, දේව ග්‍රන්ථය සහ වක්තෘවරුන් ව විශ්වාස කොට ධනයට තමන් ඇලුම් කළ ද එය ඥාතී අයට ද අනාථයින්ට ද දුප්පතුන්ට ද මගියන්ට ද යාචකයින්ට ද වහලුන් විෂයයෙහි ද පිරිනමා සලාතය ද ස්ථාපිත කොට zසකාත් ද පිරිනැමූ අය ද ඔවුන් ගිවිසුමක් කළ විට තම ගිවිසුම ඉටු කරන්නන් ද දූගී හා පීඩාකාරී අවස්ථාවන් හි ද අසහනකාරී (යුදමය) අවස්ථාවෙහි ද ඉවසිල්ලෙන් සිටින්නන් ද වෙති. ඔවුන්මය සත්‍ය පැවසූ අය වන්නේ. තවද ඔවුන්මය බියබැතිමත් අය වන්නේ.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
2:178
අහෝ විශ්වාස කළවුනි ! ඝාතනය කරනු ලැබූවන් සම්බන්ධයෙන් සමප්‍රතිචාර දැක්වීම ඔබලාට නියම කරනු ලැබ ඇත. ස්වාධීනයෙකු ස්වාධීනයෙක් වෙනුවෙන් ද වහලෙකු වහලෙක් වෙනුවෙන් ද ස්ත්‍රියක් ස්ත්‍රියක වෙනුවෙන් ද (සමප්‍රතිචාරය) විය යුතුය. එහෙයින් ඔහුට (ඝාතකයාට) ඔහුගේ සහෝදරයාගෙන් (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ ලේ උරුමක්කාරයාගෙන්) සුලු වශයෙන් හෝ ක්ෂමාවක් ලැබුණොත් යහපත් ලෙස කටයුතු කළ යුතුය. (ඝාතකයා වන්දි මුදල) නිසි ලෙස ඔවුන් වෙත භාරදිය යුතුය. එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයක් හා දයාවකි. නමුත් කවරෙකු ඉන් පසුව සීමාව ඉක්මවා යන්නේ ද එවිට ඔහුට වේදනීය දඬුවම ඇත.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
2:179
(ඝාතනය සඳහා) සමප්‍රතිචාර දැක්වීමෙහි නුඹලාට (ආරක්‍ෂා සහිත) ජීවිතයක් ඇත. අහෝ බුද්ධිමතුනි ! (එමගින්) නුඹලා බියබැතිමතුන් විය හැකිය.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮ
2:180
නුඹලාගෙන් කෙනෙකුට මරණය සමීප වූ විට ඔහු දේපළ හැර දමා යන්නේ නම් දෙමව් පියන්ට ද සමීප ඥාතීන්ට ද යහපත් අයුරින් අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීම නියම කරන ලදී. මෙය බැතිමතුන් හට වූ යුතුකමකි.
ﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽ
2:181
එහෙයින් එයට සවන් දුන් පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එහි පාපය වනුයේ එය වෙනස් කරන්නන්හටය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
2:182
එහෙයින් එයට සවන් දුන් පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එහි පාපය වනුයේ එය වෙනස් කරන්නන්හටය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්වඥානීය.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
2:183
අහෝ විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි නියම කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය නියම කරනු ලැබීය.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
2:184
(එය) ගණන් කරනු ලැබූ දින ගණනකි. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ ගමනක නිරත ව සිටියේ නම් හෝ එවිට ඔහු වෙනත් දින ගණන් ගණනය කර(උපවාසයේ නියැළෙ)ත්වා ! එයට හැකියාව ඇති උදවියට (උපවාසය මග හැරීමේ) වන්දිය වනුයේ දුගියෙකුට ආහාර සැපයීමය. තවද කවරෙකු යම් යහපතක් අමතර ව ඉටු කළේ ද එය ඔහුට උතුම් වෙයි. නමුත් නුඹලා දැන සිටියෙහු නම් උපවාසයේ නිරත වීම නුඹලාට ශ්‍රේෂ්ඨය.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
2:185
රමළාන් මාසය වනාහි මිනිසාට මඟ පෙන්වන්නක් ලෙසත් යහමඟ පැහැදිලි කරන්නක් ලෙසත් (හොඳ නරක වෙන් කර පෙන්වන) නිර්ණායකයක් ලෙසත් එහි අල්-කුර්ආනය පහළ කරනු ලැබීය. එබැවින් කවරෙකු එම මාසයට ප්‍රවේශ වන්නේ ද ඔහු එහි උපවාසය රකිත්වා ! තවද කවරෙකු රෝගියෙකු ව හෝ ගමනක නිරත ව සිටින්නේ ද එසේ නම් වෙනත් දින ගණන් කර(උපවාසයේ නියැළෙ)ත්වා ! අල්ලාහ් නුඹලාට පහසු ව ප්‍රිය කරයි. අපහසුව ප්‍රිය නොකරයි. (මෙම සහනය) නුඹලා දින ගණන් සම්පූර්ණ කරනු පිණිස ද අල්ලාහ් නුඹලාට මඟ පෙන්වූ දෑ සඳහා ඔහු ව විභූතිමත් කරනු පිණිස ද නුඹලා කෘතඥතාව පුද කිරීමට හැකි වනු පිණිස ද වේ.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
2:186
තවද මාගේ ගැත්තන් මා ගැන නුඹෙන් විමසූ විට සැබැවින්ම මම සමීපතය. යදින්නා මගෙන් කන්නලව්ව කළහොත්, ඔහුගේ කන්නලව්වට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් මගෙන් පිළිතුරු පතත් වා, ඇරයුමට පිළිතුරු දෙත්වා, තවද මා විශ්වාස කරත්වා. එමගින් ඔවුන් යහමඟ ලබන්නට හැකි වනු ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
2:187
තවද මාගේ ගැත්තන් මා ගැන නුඹෙන් විමසූ විට සැබැවින්ම මම සමීපතය. යදින්නා මගෙන් කන්නලව්ව කළහොත්, ඔහුගේ කන්නලව්වට මම පිළිතුරු දෙමි. එබැවින් ඔවුන් මගෙන් පිළිතුරු පතත් වා, ඇරයුමට පිළිතුරු දෙත්වා, තවද මා විශ්වාස කරත්වා. එමගින් ඔවුන් යහමඟ ලබන්නට හැකි වනු ඇත.
ﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬ
2:188
තවද නුඹලාගේ වස්තුව නුඹලා අතර අයුක්ති සහගත ලෙස අනුභව නොකරනු. ජනයාගේ වස්තුවෙන් කොටසක් දැනුවත්ව ම නුඹලා භුක්ති විදිනු පිණිස ඒවා පාලකයින් වෙත යොමු නොකරනු.
ﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮ
2:189
නව සඳ පිළිබඳ ව ඔවුන් නුඹගෙන් විමසති. එය ජනයාට හා හජ් (වන්දනාවන්) හි කාල නියමයන්ය. තවද නුඹලාගේ නිවෙස් වෙත නුඹලා එහි පිටු පසින් පැමිණීම යහපත් නොවේ. නමුත් යහපත වනුයේ බියබැතිමත් වන්නාය. තවද නුඹලා නිවෙස් තුළට එහි (ප්‍රධාන) දොරටුවෙන් පැමිණෙනු. තවද නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස අල්ලාහ්ට බියබැතිමත් වනු .
ﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽ
2:190
තවද නුඹලා සමඟ සටන් කරන්නන් සමඟ නුඹලා ද සටන් කරනු. නුඹලා සීමාව ඉක්මවා නොයනු. සැබැවින් අල්ලාහ් සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව ප්‍රිය නොකරන්නේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮ
2:191
තවද නුඹලා (යුද බිමේ) ඔවුන් ව දුටු තැන මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදිම නුඹලා ඔවුන් ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ටය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නොවදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන් ව ඝාතනය කරනු. එලෙසය දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකය වනුයේ.
ﭯﭰﭱﭲﭳﭴﭵ
2:192
තවද නුඹලා (යුද බිමේ) ඔවුන් ව දුටු තැන මරා දමනු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ පරිදිම නුඹලා ඔවුන් ව පිටුවහල් කරනු. කලහකාරීත්වය ඝාතනයට වඩා ඉතා දුෂ්ටය. ශුද්ධ මස්ජිදය අබියස ඔවුන් නුඹලා සමඟ එහි සටන් වදින තුරු නුඹලා ඔවුන් සමඟ සටන් නොවදිනු. එසේ නුඹලා සමඟ ඔවුන් සටන් වැදුනේ නම් නුඹලා ඔවුන් ව ඝාතනය කරනු. එලෙසය දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකය වනුයේ.
ﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆ
2:193
තවද කලහකම් ඇති නොවී සම්පූර්ණ දහම අල්ලාහ්ට පමණක් සතු වන තෙක් ඔවුන් සමඟ නුඹලා යුද වදිනු. නමුත් ඔවුන් (කලහකම් කිරීමෙන්) වැළකී සිටියේ නම් එවිට අපරාධකරුවන් කෙරෙහි මිස වෙනත් අය කෙරෙහි කිසිදු සතුරුකමක් නොවිය යුතුය.
ﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟ
2:194
ශුද්ධ මාසය ශුද්ධ මාසයටම සමානය. තවද සියලු තහනම් කරනු ලැබූ දෑ වෙනුවෙන් සමප්‍රතිචාර ඇත. එබැවින් කවරෙකු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළේ ද ඔහු නුඹලාට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කළා සේම නුඹලා ද ඔහුට එරෙහිව සීමාව ඉක්මවා කටයුතු කරනු. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් බියබැතිමතුන් සමඟ බව දැන ගනු.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯ
2:195
තවද අල්ලාහ්ගේ මාර්ගයේ විය පැහැදම් කරනු. (නුඹලා එසේ වියදම් නොකර) නුඹලාගේ දෑත් නුඹලා විනාශය කරා නොහෙළනු. තවද නුඹලා උපකාරශීලී ව කටයුතු කරනු. සැබැවින්ම අල්ලාහ් උපකාරශීලී ව කටයුතු කරන දැහැමියන් ව ප්‍රිය කරන්නේය.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚﰛﰜﰝﰞﰟﰠﰡﰢ
2:196
තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. නමුත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතුය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරනු. නමුත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතුය. නමුත් (හජ් සහ උම්රා ව වළක්වන බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වූ විට, යමෙක් උම්රා ඉටු කර (ඉහ්රාමයෙන් තොරව) හජ් දක්වා සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතුය. නමුත් ඔහු (එය) නොලැබුවේ නම් එවිට හජ් හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළෙත්වා! එය ශුද්ධ මස්ජිදය අවට පදිංචි කරුවන්ට නොවේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
2:197
හජ් වන්දනාව හඳුනන මාසයන්හිය. එබැවින් ඒවායෙහි කවරෙකු හජ් වන්දනාව අනිවාර්ය කරගත්තේද, හජ් සමයේ දී ඔහු ලිංගික ව නොහැසිරිය යුතුය. පාපකම් නොකළ යුතුය. තර්කයන්හි නිරත නොවිය යුතුය. නුඹලා යම් යහපතක් කරන්නේ නම් එය අල්ලාහ් දන්නේය. තවද නුඹලා (හජ් සඳහා අවශ්‍ය දෑ) පොදි බැඳ ගනු. නමුත් පොදියෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ බියබැතිමත් භාවයයි. තවද අහෝ බුද්ධිය ඇත්තනි! නුඹලා මට බිය වනු.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
2:198
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය නුඹලා සෙවීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එබැවින් නුඹලා අරෆා ප්‍රදේශයන් හි සිට (බැහැර වී) ගලා ආ විට මෂ්අරුල් හරාම් නම් ස්ථානයේ අල්ලාහ් ව සිහිපත් කරනු.ඔහු නුඹලාට මඟපෙන් වූ අයුරින් නුඹලා ද ඔහු ව සිහිපත් කරනු. තවද මීට පෙර නුඹලා නොමඟ ගියවුන් අතුරින් සිටියෙහුය.
ﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝ
2:199
ජනයා (බැහැර වී) ගලා එන පරිදි ම නුඹලා ද ගලා එනු. තවද අල්ලාහ්ගෙන් පාපක්ෂමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
ﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘ
2:200
නුඹලාගේ (හජ්) වතාවත් නුඹලා ඉටු කළ විට නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් සිහිපත් කරමින් සිටියාක් මෙන් හෝ ඊටත් වඩා දැඩි සිහිපත් කිරීමකින් අල්ලාහ් ව සිහිපත් කරනු. ඒ අනුව ජනයා අතුරින් ඇතැමුන් අපගේ පරමාධිපතියාණෙනි! මෙලොවෙහි අපට පිරිනමනු මැනව! යැයි පවසන්නන් වෙති. ඔහුට මතු ලොවෙහි කිසිදු කොටසක් හිමි වන්නේ නැත.
ﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
2:201
අපගේ පරමාධිපතියාණෙනි! මෙලොවෙහි යහපත ද, මතු ලොවෙහි යහපත ද අප හට පිරිනමනු මැනව! තවද නිරයේ දඬුවමින් අපව ආරක්ෂා කරනු මැනව! යැයි පවසන ඇතැමුන් ද ඔවුන් අතුරින් වෙති.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱ
2:202
තමන් ඉපැයූ දැයින් කොටසක් තමන්ට ඇත්තෝ ඔවුන්මය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮ
2:203
තවද නියමිත දින ගණනක් තුළ නුඹලා අල්ලාහ් ව සිහිපත් කරනු. එබැවින් කවරෙකු (මිනාවෙහි රැඳී සිටීමෙන්) දින දෙකකින් ඉක්මන් වන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. තවද කවරෙකු ප්‍රමාද වන්නේ ද ඔහු කෙරෙහි ද පාපයක් නොමැත. එය බිය බැතිමත් වූවන් හටය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහු වෙත එක් රැස් කරනු ලබන බව දැන ගනු.
ﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀ
2:204
මෙලොව ජීවිතයෙහි තම ප්‍රකාශය නුඹ ව පුදුමයට පත් කරවන හා තම හදවතෙහි ඇති දෑ කෙරෙහි අල්ලාහ් ව සාක්ෂි වශයෙන් තබන අය ද මිනිසුන් අතුරින් වෙති. තවද ඔහු තර්ක කිරීමෙහි ඉතා දැඩි ය.
ﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
2:205
ඔහු හැරී ගිය විට මහපොළොවෙහි කලහකම් කිරීමටත් අස්වනු හා සත්ත්ව පරපුර විනාශ කිරීමටත් උත්සාහ දැරුවේය. තවද අල්ලාහ් කලහකම ප්‍රිය නොකරන්නේය.
ﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟ
2:206
නුඹ අල්ලාහ්ට බැතිමත් වනු යැයි ඔහුට පවසනු ලැබූ විට පාපී ලෙස ගර්වය ඔහු ව ග්‍රහණය කළේය. එබැවින් නිරය ඔහුට ප්‍රමාණවත්ය. තවද (අවසානයේ ලගින) යහන නපුරු විය.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬ
2:207
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් තම ආත්මය මිල කරන්නන් ද මිනිසුන් අතුරින් වෙති. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්තය.
ﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
2:208
අහෝ විශ්වාස කළවුනි!, නුඹලා සාමය (නම් ඉස්ලාමය) තුළට මුළුමණින්ම පිවිසෙනු. තවද ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. සැබැවින්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫ
2:209
නුඹලාට පැහැදිලි සාධක පැමිණි පසු නුඹලා (ඉන් මිදී) ලිස්සී යන්නෙහු නම් එවිට සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී හා සර්ව ප්‍රඥාවන්ත බව නුඹලා දැන ගනු.
ﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
2:210
වලාකුළු හෙවණැලි අතුරින් අල්ලාහ් ද මලක්වරුන් ද ඔවුන් වෙත පැමිණ කටයුත්ත තීන්දු කරනු ලැබීම ඔවුහු අපේක්ෂා කරන්නෝ ද? තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦ
2:211
කෙතරම් පැහැදිලි සාධක අපි ඔවුනට පිරිනමා ඇත්තෙමු දැයි ඉස්රාඊල් දරුවන්ගෙන් (නබිවරය) නුඹ විමසනු. තමන් වෙත අල්ලාහ්ගේ ආශිර්වාදය පැමිණි පසුව කවරෙකු එය වෙනස් කරන්නේ ද එවිට සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
2:212
ප්‍රතික්ෂේප කළවුනට මෙලොව ජීවිතය අලංකාර කරනු ලැබීය. ඔවුහු විශ්වාස කළවුන්ට අපහාස කරති. තවද දේව බිය හැඟීම් ඇති කර ගත් අය වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුනට ඉහළින් සිටිති. තමන් අභිමත කරන අයට අල්ලාහ් ගණනයකින් තොරව පෝෂණය කරන්නේය.
ﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
2:213
ජනයා එකම සමූහයක් විය. පසුව අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද නබිවරුන් ව එවීය. තවද කවර දෙයක් මත ඔවුන් මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන ජනයා අතර තීන්දු කිරීම පිණිස ඔවුන් සමඟ සත්‍යයෙන් යුත් දේව ග්‍රන්ථ ද පහළ කළේය. තමන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් දේව ග්‍රන්ථය ලත් ජනයා හැර (වෙනත් කිසිවෙක්) ඒ ගැන මතභේද ඇති කර ගත්තේ නැත. පසුව සත්‍යයෙන් යුත් කවර දෙයක් තුළ ඔවුන් මත භේද ඇති කර ගත්තේ ද ඒ ගැන අල්ලාහ් තම අනුභාවයෙන් විශ්වාස කළවුනට මඟ පෙන්වීය. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ඍජු මඟ වෙත මඟ පෙන්වන්නේය.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴ
2:214
නුඹලාට පෙර ඉකුත් ව ගිය වුන්ට මෙන් නුඹලාට ද (දුෂ්කර තත්වයක්) නොපැමිණ ම නුඹලා ස්වර්ගයට පිවිසෙන්න ට සිතන්නෙහු ද? දුෂ්කරතා හා උවදුරු ඔවුන් ව ග්‍රහණය කළේය. ධර්ම දූතයා හා ඔහු සමඟ වූ විශ්වාස කළවුන් ද අල්ලාහ් ගේ ජයග්‍රහණය කවදා දැයි අසන තරමට ම ඔවුහු කම්පනය ට පත් කරනු ලැබූහ. සැබැවින්ම අල්ලාහ්ගේ උපකාරය ඉතා සමීප බව දැන ගනු.
ﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍ
2:215
තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ඔවුහු නුඹගෙන් විමසති. යහපත් දැයින් නුඹලා වියදම් කළ යුත්තේ දෙමාපියන්, ඥාතීන්, අනාථයින්, දුප්පතුන් සහ මගියන්ට වේ යැයි නුඹ පවසනු. තවද නුඹලා සිදු කරන යම් යහපත් දැයක් වුව ද ඒ ගැන සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭ
2:216
සටන් කිරීම, නුඹලාට එය පිළිකුල් වුව ද, නුඹලා කෙරෙහි එය නියම කරන ලදී. නුඹලා යමක් පිළිකුල් කළ හැක. නමුත් එය නුඹලාට යහපතක් විය හැකිය. නුඹලා යමක් ප්‍රිය කළ හැක. නමුත් එය නුඹලාට හානිදායක විය හැකිය. අල්ලාහ් (සියල්ල) දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮ
2:217
ශුද්ධ මාසය එහි සටන් කිරීම පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එහි සටන් කිරීම මහත් පාපයකි. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වැළැක්වීමත් ඔහු හා ශුද්ධ මස්ජිදය ප්‍රතික්ෂේප කිරීමත් එහි වැසියන් එයින් පිටුවහල් කිරීමත් අල්ලාහ් අබියස අති මහත් පාපයකි බව පවසන්න. තවද කලහකම ඝාතනයට වඩා අති මහත් පාපයකි. ඔවුහු හැකියාව දරන්නෝ වෙත් නම් නුඹලාගේ දහමින් නුඹලා ව නැවත හරවන තෙක් නුඹලා සමඟ සටන් වැදීමෙන් ඉවත් නොවන්නෝ මය. තවද නුඹලා අතුරින් කවරෙක් තම දහමින් බැහැර වී පසුව ප්‍රතික්ෂේපක යෙකු ලෙස සිටිය දී මරණයට පත් වෙත් ද එවිට ඔවුහුමය මෙලොව හා පරලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය වන්නෝ. තවද ඔවුහුමය (නිරා) ගින්නේ සගයන් වන්නෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
ﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
2:218
නියත වශයෙන්ම විශ්වාස කළවුන් හා දේශය අත හැර දමා ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ කැප වූවන් වන ඔවුහුමය අල්ලාහ්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වන්නෝ. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁ
2:219
(නබිවරය) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට යම් ප්‍රයෝජන ඇති බවත්, නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අති මහත් බවත් පවසනු. තවද තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ද නුඹගෙන් ඔවුහු විමසති. අතිරේක දෑ (වියදම් කරනු) යැයි පවසනු. මෙලෙසය අල්ලාහ් නුඹලාට සිතන්නට හැකි වනු පිණිස නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
2:220
මෙලොව හා පරලොව තුළ (සිතන්නට හැකි වනු පිණිස) තවද අනාථයින් ගැන ඔවුහු නුඹගෙන් විමසන්නෝය. ඔවුන්ට (රැක බලාගනිමින්) යහ අයුරින් කටයුතු කිරීම උතුම් ය. නුඹලා ඔවුන් සමඟ මිශ්‍ර වූ විට ඔවුහු නුඹලාගේ සහෝදරයෝ වෙති. යහ අයුරින් කටයුතු කරන්නාගෙන් කලහකරුවා කවරෙකු දැයි අල්ලාහ් හඳුනයි. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා ව අපහසුතාව ට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්ත ය.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟ
2:221
දේව ආදේශ තබන්නියන් ව ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නොගනු. ඇය නුඹලාට ආකර්ශනීය වුව ද දේව විශ්වාසී වහලිය ආදේශ තබන්නියට වඩා උතුම් ය. තවද ආදේශ තබන්නන් හට ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නොදෙනු. ඔහු නුඹලාට ආකර්ශනීය වුව ද දේව විශ්වාසී වහලා ආදේශ තබන්නාට වඩා උතුම් ය. මොවුන් ඇරයුම් කරනුයේ (නිරයේ) ගින්න වෙත ය. තවද අල්ලාහ් ඔහුගේ අනුභාවයෙන් ඇරයුම් කරනුයේ ස්වර්ගය හා සමාව වෙත ය. තවද ජනයා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස තම වදන් ජනයාට ඔහු (මෙසේ) පැහැදිලි කරන්නේය.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟ
2:222
තවද ඔසප්භාවය පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. එය (වේදනාකාරී) කිලිටකි. එබැවින් ඔසප් සමයේ බිරියන් ගෙන් ඉවත් වනු. ඔවුන් පිරිසිදු වන තෙක් නුඹලා ඔවුනට (ලිංගික ඇසුරට) සමීප නොවනු. ඔවුන් පිරිසිදු වූ කල්හි අල්ලාහ් නුඹලාට අණ කළ පරිදි ඔවුන් වෙත යනු. සැබැවින්ම අල්ලාහ් පශ්චාත්තාපයේ නියැළෙන්නන් ප්‍රිය කරන අතර ම පිරිසිදු ව සිටින්නන් ප්‍රිය කරන්නේය යැයි පවසනු.
ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
2:223
නුඹලාගේ බිරියන් නුඹලා සතු කෙත් බිමකි. එබැවින් නුඹලා කැමති පරිදි නුඹලාගේ කෙත වෙතට යනු. තවද නුඹලා වෙනුවෙන් (දැහැමි දෑ) ඉදිරිපත් කරනු. අල්ලාහ්ට බැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහු ව මුණ ගැසෙන්නන් බව දැන ගනු. තවද විශ්වාසවන්තයින් ට නුඹ ශුභාරංචි පවසනු.
ﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃ
2:224
නුඹලා දැහැමි දෑ කිරීම, (අල්ලාහ්ට) බැතිමත් වීම, ජනයා අතර සාමය ඇති කිරීම (වැනි යහකම් නොකිරීමට) නුඹලාගේ දිවුරුම් තුළින් අල්ලාහ් ව හේතුවක් බවට පත් නොකරනු. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
2:225
පුහු ලෙස නුඹලා දෙන නුඹලාගේ දිවුරුම් වලදී අල්ලාහ් නුඹලා ව (වරදකරුවන් ලෙස) ග්‍රහනය කරන්නේ නැත. නමුත් නුඹලාව ග්‍රහනය කරනුයේ නුඹලාගේ හදවත් ඉපැයූ දෑ අනුවය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; ඉවසිලිවන්ත ය.
ﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
2:226
(ලිංගික ඇසුරෙන්) තම බිරියන්ගෙන් තමන් ඉවත් ව සිටින බවට දිවුරා සිටින්නවුනට මාස හතරක අවකාශ පොරොත්තු කාලයක් ඇත. එසේ ඔවුන් (එම කාලය තුළ) නැවත හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷ
2:227
(එම කාලය තුළ) ඔවුන් දික්කසාද වීම ස්ථීර කර ගත්තේ නම් එවිට නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
2:228
දික්කසාද කරනු ලැබූ තැනැත්තියන් තමන් විසින් (මාස් ශුද්ධි) වාර තුනක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. ඔවුන් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ ගර්භාෂයන් තුළ අල්ලාහ් මැවූ දෑ සැඟවීම ඔවුන්ට අනුමත නොමැත. එම විෂයෙහි ඔවුන් දෙදෙනා සමාදානය අපේක්ෂා කරන්නේ නම් ඔවුන් ව නැවත (එක්කර) ගැනීමට වඩාත් උචිත වන්නෝ ඔවුන්ගේ ස්වාමි පුරුෂයෝය. ඔවුන් මත (ස්වාමි පුරුෂයා) යහ අයුරින් කටයුතු කරන සේම ඔවුනටත් අයිතීන් ඇත. නමුත් ඔවුනට වඩා පිරිමින්ට නිලයක් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය. සර්ව ප්‍රඥාවන්ත ය
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺ
2:229
දික්කසාදය දෙමුරයකි. ඉන් පසුව යහපත් අයුරින් රඳවා ගැනීම හෝ කාරුණික අයුරින් මුදවා හැරිය යුතුය. අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි දෙදෙනාම බිය වෙතොත් මිස ඔවුනට පිරිනැමූ කිසිවකින් නුඹලා නැවත ගැනීම නුඹලාට අනුමත නොවේ. එසේ අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ නොහැකි වේවි යැයි නුඹලා බිය වෙතොත් එවිට ඇය ඔහුට යමක් වන්දි වශයෙන් ලබා දී (වෙන් වීම) නුඹලා කෙරෙහි වරදක් නොවන්නේය. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. ඒවා ඉක්මවා නොයනු. එවිට ඔවුහුමය අපරාධකරුවෝ වන්නෝ.
ﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚﰛ
2:230
එසේ ඔහු ඇය ව දික්කසාද කළේ නම් ඇය වෙනත් සැමියෙකු හා විවාහ වී පසුව ඔහු ඇය ව දික්කසාද කරන තෙක් ඇය ඔහුට (පළමු සැමියාට) අනුමත නොවන්නීය. ඔවුන් දෙදෙනාට අල්ලාහ්ගේ සීමාවන් ඉටු කළ හැකි යැයි දෙදෙනාම සිතන්නේ නම් ඔවුන් දෙදෙනා නැවත එක් වීම ඔවුන් දෙදෙනා කෙරෙහි වරදක් නැත. තවද මෙය අල්ලාහ්ගේ සීමාවන් ය. වටහා ගන්නා ජනයාට ඒවා ඔහු පැහැදිලි කරන්නේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
2:231
තවද නුඹලා බිරියන් ව දික්කසාද කොට ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලය ළඟා වූයේ නම් එවිට නුඹලා ඔවුන් යහ අයුරින් රඳවා ගනු. එසේ නොමැති නම් යහ අයුරින් ඔවුන් මුදවා හරිනු. සීමාව ඉක්මවා කටයුතු කිරීම පිණිස පීඩාකාරී ලෙස ඔවුන් රඳවා නොගනු. කවරෙක් එසේ කරන්නේ ද ඔහු තමන්ටම අපරාධ කර ගත්තේය. තවද අල්ලාහ්ගේ වදන් සරදමට නොගනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදය ද දේව ග්‍රන්ථයෙන් හා ප්‍රඥාවෙන් නුඹලා වෙත පහළ කළ දෑ ද මෙනෙහි කරනු. ඔහු එමඟින් නුඹලාට උපදෙස් දෙන්නේය. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානී බව නුඹලා දැන ගනු.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
2:232
තවද නුඹලා බිරියන් ව දික්කසාද කොට, ඔවුන් ද ඔවුන්ගේ (ඉද්දා හි) අවසන් කාලයට ළඟා වූ විට ඔවුන් අතර යහ අයුරින් කටයුතු කළ හැකැයි ඔවුන් සෑහීමට පත් වන්නේ නම් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සමඟ ඔවුන් නැවත විවාහ දිවියට යෑම පිළිබඳ ව නුඹලා ඔවුන් ව නොවැළැක්විය යුතුය. එය නුඹලා අතුරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කළවුනට මෙමගින් දෙනු ලබන උපදෙසකි. එය නුඹලාට පාරිශුද්ධ ය, වඩා පිවිතුරු ය. තවද අල්ලාහ් දන්නේය. නමුත් නුඹලා නොදන්නෙහුය.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓ
2:233
තවද කිරි දීම සම්පූර්ණ කිරීමට අපේක්ෂා කළ අයෙකු වෙනුවෙන් මව්වරු තම දරුවන්ට සම්පූර්ණ දෙවසරක් කිරි පොවන්නෝය. ඔවුන්ගේ පෝෂණයත් ඔවුන්ගේ වස්ත්‍රත් යහ අයුරින් පිරිනැමීම දරුවාගේ පියා සතු වගකීම ය. කිසිඳු ආත්මයක් එහි ශක්තියේ ප්‍රමාණය අනුව මිස පවරනු නොලැබේ. මව තම දරුවා හේතුවෙන් හා දරුවා සතු අය (පියා) තම දරුවා හේතුවෙන් පීඩා කරනු නොලැබේ. මෙලෙස උරුමක්කරුටත් (වගකීම) පැවරේ. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාව හා පිළිගැනීම අනුව මව් කිරි නතර කිරීමට අපේක්ෂා කළේ නම් එසේ සිදු කිරීම ඔවුන් දෙදෙනාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ට කිරි පොවා ගැනීමට නුඹලා අපේක්ෂා කළේ නම් නුඹලා යහපත් අයුරින් දෙන දෑ නුඹලා ලබා දී එසේ සිදු කර ගැනීම නුඹලා වෙත වරදක් නැත. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක බව ද නුඹලා දැන ගනු
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
2:234
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන වනාහි ඔවුන් (එම බිරියන්) විසින් මාස හතරක් හා (දින) දහයක් ඉද්දා හෙවත් පොරොත්තුවෙහි සිටිය යුතුය. ඔවුන්ගේ කාල අවසානයට ළඟා වූ විට ඔවුන් සම්බන්ධයෙන් යහපත් අයුරින් සිදු කරගන්නා දෑ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠ
2:235
එම කාන්තාවට යම් (විවාහ) යෝජනාවක් නුඹලා ඉදිරිපත් කළ ද නුඹලාගේ හදවත් තුළ නුඹලා (ඔවුන් ගැන අදහසක්) සඟවා ගත්ත ද නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම නුඹලා ඔවුන් ගැන මෙනෙහි කරන බව අල්ලාහ් දන්නේය. නමුත් ඔවුන් සමඟ නුඹලා යහ වචනයෙන් කතා කරනවා මිස රහසිගත ව ඔවුනට ප්‍රතිඥාවක් නොදෙනු. එහි නියමිත කාලය නිම වන තෙක් නුඹලා විවාහ ගිවිසුම ස්ථීර නොකරනු. තවද සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ සිත් තුළ ඇති දෑ දන්නේය. එබැවින් නුඹලා ඔහු ගැන ප්‍රවේසම් වෙනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා සෙනෙහෙවන්ත බව නුඹලා දැන ගනු.
ﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
2:236
නුඹලා ඔවුන් ව ස්පර්ශ නොකර තිබිය දී හෝ ඔවුනට (මහර්) නියමයක් නියම නොකර තිබිය දී හෝ කාන්තාවන් ව නුඹලා දික්කසාද කළෙහු නම් නුඹලා කෙරෙහි වරදක් නැත. තවද ධනවතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද දුප්පතා කෙරෙහි ඔහුගේ හැකියාව අනුව ද (නඩත්තු මුදල් ලබා දී) ඔවුනට භුක්ති විඳීමට සලස්වනු. එය දැහැමියන් කෙරෙහි වූ යුතුකමකි.
ﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄ
2:237
ඔවුනට (මහරයෙන්) නියමයක් නුඹලා නියම කර තිබිය දී ඔවුන් ව නුඹලා ස්පර්ශ කිරීමට පෙර නුඹලා ඔවුන් ව දික්කසාද කළේ නම් එවිට නුඹලා නියම කරන දැයින් අඩක් (ඔවුන් විසින් දිය යුතු)ය. නමුත් ඔවුන් එය අත හැර දැමුවේ නම් හෝ විවාහ ගිවිසුම කවර අයගේ දෑතෙහි ඇත්තේ ද ඔහු එය අත හැර දැමුවේ නම් හෝ මිස. නමුත් නුඹලා එය අත හැර දැමීම බැතිමත්භාවයට ඉතා සමීප ය. නුඹලා අතර පවතින මහිමය අමතක නොකරනු. සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙ
2:238
සලාතයන් හා මධ්‍යකාල සලාතය මත සුරක්ෂිත ව රැඳී සිටිනු. තවද නුඹලා අල්ලාහ්ට යටහත් වූවන් ලෙස නැගී සිටිනු.
ﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪ
2:239
නුඹලා බිය වෙතොත් පා ගමනින් හෝ වාහනික ව හෝ (සලාතය ඉටු) කළ යුතුය. පසුව නුඹලා සුරක්ෂිත වූයෙහු නම් නුඹලා නොදැන සිටි දෑ නුඹලාට අල්ලාහ් ඉගැන් වූවාක් මෙන් ඔහු ව නුඹලා මෙනෙහි කරනු.
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
2:240
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් තම බිරියන්ට වසරක් දක්වා (නිවසින්) ඔවුන් පිටුවහල් කිරීමකින් තොරව (ආහාර ඇඳුම් යනාදිය) භුක්ති විඳීමට හැකි වන පරිදි අන්තිම කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. නමුත් ඔවුන් බැහැර ව ගොස් ඔවුන් සම්බන්ධයෙන් ඔවුන් යහපත් අන්දමින් යමක් සිදු කර ගත්තේ නම් ඒ පිළිබඳ ව නුඹලා කෙරෙහි වරදක් නැත. තවද අල්ලාහ් සර්ව බලධාරීය; අභිඥානවන්ත ය.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐ
2:241
දික්කසාද කරනු ලැබූ කාන්තාවන්ට (දික්කසාද කළ අය විසින්) නඩත්තු වියදම් ලබා දිය යුතු වේ. එය බැතිමතුන් කෙරෙහි වූ වගකීමකි.
ﮑﮒﮓﮔﮕﮖﮗﮘ
2:242
නුඹලාට වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙස ය.
ﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘ
2:243
ඔවුන් දහස් ගණනින් සිටිය දී මරණයට බියෙන් තම නිවෙස් වලින් බැහැර ව ගියවුන් දෙස නුඹ නොබැලුවෙහි ද? එවිට නුඹලා මිය යනු යැයි අල්ලාහ් ඔවුනට පැවසුවේය. පසු ව ඔහු ඔවුනට යළි ජීවය දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා වෙත භාග්‍ය සම්පන්නයා ය. නමුත් ජනයාගෙන් බහුතරය කෘතවේදී නොවෙති.
ﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢ
2:244
අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් වදිනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක, සර්ව ඥානී බව නුඹලා දැන ගනු.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴ
2:245
කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් ලබා දෙන්නෙකු වන්නේ ද එවිට ඔහු එය ඔහුට අධික වශයෙන් ගුණ කර දෙයි. තවද අල්ලාහ් (එය) හකුළයි. තවද දිගු හරියි. තවද ඔහු වෙතම නුඹලා නැවත යොමු කරනු ලබන්නෙහුය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
2:246
මූසාගෙ (කාලයෙ) න් පසුව ඉස්රාඊල් දරුවන්ගෙන් වූ ප්‍රධානීන් පිරිසක් දෙස නුඹ නොබැලුවෙහි ද? අප වෙත රජෙකු එවනු මැනව! අපි අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදින්නෙමු යැයි ඔවුනට අයත් වක්තෘවරයෙකුට පැවසූ අවස්ථාවේ දී නුඹලාට සටන් කිරීම නියම කරනු ලැබුවහොත් නුඹලා සටන් නොකර සිටීමට සිතන්නෙහු ද? යැයි ඔහු ඇසීය. අප ව අපගේ නිවෙස් වලින් හා අපගේ දරුවන්ගෙන් අපව බැහැර කරනු ලැබ සිටිය දී අප අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොවදින්නට අපට කුමක් වීදැයි ඔවුහු ඇසූහ. නමුත් සටන් කිරීම ඔවුනට නියම කරනු ලැබූ කල්හි ඔවුන් අතුරින් කිහිප දෙනකු හැර (අන් අය) පිටුපෑවෝය. තවද අල්ලාහ් අපරාධරකරුවන් පිළිබඳ ව සර්ව ඥානීය.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
2:247
තවද සැබැවින් ම අල්ලාහ් තාලූත් ව නුඹලාට රජෙකු ලෙස එවා ඇත්තේ යැයි ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේය. අප ඔහුට වඩා පාලනය සමබන්ධයෙන් සුදුස්සන් ව සිටිය දී හා ධනයෙන් කිසිදු සමෘද්ධියක් ඔහුට දෙනු නොලැබ තිබිය දී අප පාලනය කිරීම ඔහුට කෙසේ නම් හැකි වේ දැයි ඔවුහු ඇසූහ. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා ගෙන ඇත්තේය. තවද දැනුමෙහි හා ශරීරයෙහි පුළුල් භාවය ඔහුට අමතර ව ලබා දී ඇත්තේය. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට තම පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼ
2:248
තවද, සැබැවින් ම ඔහුගේ රජකමට සලකුණ වනුයේ නුඹලා වෙත මංජුසාවක් පහළ වීමයි. එහි නුඹලාගේ පරමාධිපති වෙතින් ශාන්තිය ද මූසාගේ පරපුර හා හාරූන් ගේ පරපුර අත හැර දමා ගිය දැයින් ඉතිරි ව ඇති දෙය ද ඇත. එය මලක් වරුන් (විසින්) උසුලා ගෙන එනු ලැබේ. නුඹලා විශ්වාස වන්තයින් නම් නියත වශයෙන් ම එහි නුඹලාට සාධකයක් ඇත, යැයි ඔවුන්ගේ නබි ඔවුන් අමතා පැවසුවේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑ
2:249
තාලූත් සේනාව සමඟ පිටත් ව ගිය කල්හි ඔහු (සිය සේනාව අමතා) සැබැවින් ම අල්ලාහ් ගංගාවකින් නුඹලා ව පරීක්ෂාවට ලක් කරනු ඇත. එබැවින් කවරෙක් එයින් පානය කළේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය. කවරෙක් එහි රස නොවින්දේ ද එවිට සැබැවින් ම ඔහු මගෙන් කෙනෙකි. නමුත් තම දෑතින් අහුරක් ගත් අය හැර යැයි ඔහු පැවසුවේය. එවිට ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය පානය කළෝය. පසුව ඔහු හා ඔහු සමඟ විශ්වාස කළවුන් එය තරණය කළ කල්හි, අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ (සටන් කිරීමට) අපහට ශක්තියක් නොමැත යැයි පැවසුවෝය. සැබැවින්ම (එක් දිනක) අල්ලාහ් ව හමුවන්නෝ යැයි තරයේ සිතූ අය "අල්ලාහ්ගේ අනුමැතියෙන් කෙතරම්දෝ ස්වල්ප පිරිස් විශාල පිරිස් ජයග්‍රහණය කර තිබේ, තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ සිටින්නේය." යැයි පැවසුවෝය.
ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡ
2:250
ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ ඔවුන් පොර බඳින්නට සූදානම් ව සිටි කල්හි අපගේ පරමාධිපතියාණෙනි, අප වෙත ඉවසීම හෙළනු මැනව! තවද අපගේ පාදයන් ස්ථීර කරනු මැනව! ප්‍රතික්ෂේපිත ජනයාට එරෙහි ව අපට උදව් කරනු මැනව! යැයි පැවසුවෝය.
ﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟ
2:251
එවිට අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුහු ඔවුන් ව පරාජය කළෝය. තවද දාවූද් ජාලූත් ව මරා දැමුවේය. තවද අල්ලාහ් ඔහුට පාලනය හා ප්‍රඥාව පිරිනැමුවේය. තවද ඔහු අභිමත කළ දැයින් ඔහුට ඉගැන්නුවේය. අල්ලාහ් ජනයා ව ඇතැමෙකු ගෙන් ඇතැමෙකු ව වැළැක්වූයේ නැති නම් මිහිතලය විනාශ වී යන්නට තිබුණි. නමුත් අල්ලාහ් ලෝවැසියන් හට භාග්‍ය සම්පන්න ය.
ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
2:252
මේවා අල්ලාහ්ගේ වදන් ය. අපි ඒවා සත්‍ය සමඟ නුඹ වෙත පාරායනය කර පෙන්වන්නෙමු. තවද සැබැවින්ම නුඹ ධර්ම දූතයින් අතුරින් කෙනෙකි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
2:253
මෙම ධර්ම දූතවරුන් වනාහි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට වඩා අපි උසස් කළෙමු. ඔවුන් අතුරින් අල්ලාහ් සමඟ කතා කළ අය වෙති. ඔවුන්ගෙන් ඇතැමුන් ව තරාතිරමින් උසස් කළෙමු. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධකය පිරිනැමුවෙමු. පිවිතුරු ආත්මය තුළින් ඔහු ව අපි ශක්තිමත් කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුනට පසු පැමිණි අයවලුන් ඔවුනට පැහැදිලි සාධක පැමිණි පසුව මරා නොගන්නට තිබිණ. නමුත් ඔවුහු මත භේද ඇති කර ගත්හ. එනමුත් ඔවුන් අතුරින් විශ්වාස කළ අය ද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද වෙති. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් මරා නොගන්නට තිබුණි. එනමුත් අල්ලාහ් තමන් කැමති දේ සිදු කරන්නේය.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
2:254
අහෝ විශ්වාස කළවුනි! කිසිදු ගනුදෙනුවක් නොමැති කිසිදු මිතු දමක් නොමැති කිසිදු මැදිහත්වීමක් නොමැති දිනයක් පැමිණීමට පෙර අපි නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනු. ප්‍රතික්ෂේපකයෝ වන ඔවුහු ම ය අපරාධකරුවෝ.
ﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
2:255
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය. මද නින්ද හෝ (තද) නින්ද හෝ ඔහු ව ග්‍රහණය නොකරයි. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස මැදිහත් වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත කළ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්‍රහණය නොකරති. ඔහුගේ අසුනෙඅහස් හි හා මහපොළොවෙහි ව්‍යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. සර්ව බලධාරී ය.
ﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚ
2:256
දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ් ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගත්තේය. එයට විසන්ධි වීමක් නොමැත. තව ද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
2:257
විශ්වාස කළවුන්ගේ භාරකරු අල්ලාහ් ය. ඔහු ඔවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය කරා බැහැර කරන්නේය. තව ද ප්‍රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ භාරකරුවන් නපුරු බලවේගයන් ය. ඔවුහු ඔවුන් ව ආලෝකයෙන් අන්ධකාරයන් කරා බැහැර කරන්නෝය. ඔවුහු නිරයේ සගයෝ ය. ඔවුහු එහි සදාතනිකයෝය.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
2:258
ඉබ්‍රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නොබැලුවෙහි ද? මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නා ය යැයි පැවසූ අවස්ථාවේ ඔහු මම ද ජීවය දෙමි. මරණයට ද පත් කරමි යැයි පැවසුවේය. එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු යැයි ඉබ්‍රාහීම් පැවසුවේය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ පෙන්වන්නේ නැත.
ﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆ
2:259
එසේ නොමැති නම් එහි වහල වල් මත කඩා වැටී තිබූ ගමක් මතින් ගමන් ගත් අයෙකු මෙනි. (ඔහු ගැන ද නුඹ නොබැලුවෙහි ද?) ඔහු මෙය මිය ගිය පසු මෙයට ප්‍රාණය දෙන්නේ කෙසේ දැයි විමසුවේය. එවිට අල්ලාහ් වසර සියයක් ඔහු ව මරණයට පත් කරවා පසු ව ඔහු ව අවදි කොට නුඹ කොපමණ කලක් රැඳී සිටියෙහි දැයි විමසුවේය. දිනක් හෝ දිනක කොටසක් මම රැඳී සිටියෙමි යැයි ඔහු පැවසුවේය. නැත නුඹ වසර සියයක් රැඳී සිටියෙහිය. දැන් නුඹ නුඹේ ආහාරය හා නුඹේ පානය දෙස බලනු. එය නරක් වී නැත. තව ද නුඹේ බූරුවා දෙස බලනු. (මෙය) ජනයාට නුඹ ව සලකුණක් වශයෙන් අප පත් කරනු පිණිස ය. තව ද අප එම අස්ථි එක් රැස් කොට පසුව එය මසින් අන්දවනුයේ කෙසේ දැයි බලනු. ඔහුට පැහැදිලි වූ කල්හි සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා යැයි මම දැන ගත්තෙමි යැයි ඔහු පැවසුවේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
2:260
තවද මාගේ පරමාධිපතියාණෙනි, මියගියවුන්ට නුඹ ජීවය දෙන්නේ කෙසේ දැයි මට පෙන්වනු යැයි ඉබ්‍රාහීම් පැවසූ විට, නුඹ විශ්වාස නොකළෙහි දැ යි ඔහු විමසුවේය. එසේය (මම විශ්වාස කළෙමි) එනමුත් මාගේ හදවත සන්සුන් වනු පිණිස යැයි ඔහු පැවසුවේය. එසේ නම් පක්ෂීන් සිව් දෙනෙකු ගෙන, උන් කැබලි කර ඔබ වෙත තබා ගනු. පසු ව ඒවායින් කොටසක් (බැගින්) සෑම කන්දක් මත ම තබනු. පසු ව නුඹ උන් කැඳවනු. ඒවා නුඹ වෙත කඩිනමින් පැමිණෙනු ඇත. තව ද සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත බව දැන ගනු.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗ
2:261
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන්ට උපමාව බීජයක උපමාව මෙනි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලක ම ධාන්‍ය සියයක් තිබේ. තව ද අල්ලාහ් තමන් අභිමත කරන අයට ගුණ කරයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය, සර්ව ඥානී ය.
ﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
2:262
තම ධන සම්පත අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කර පසුව ඔවුන් වියදම් කළ දෑ කියා පෑමෙන් හෝ හිංසා කිරීමෙන් හෝ හඹා නොයන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ වේතනය ඇත. ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුන් දුකට පත්වන්නේ ද නැත.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟ
2:263
යහ වදන හා සමාව හිංසාව පසුපස හඹා යන දානයට වඩා අති ශ්‍රේෂ්ඨ ය. තව ද අල්ලාහ් අවශ්‍යතාවන්ගෙන් තොර ය. සෙනෙහෙවන්ත ය.
ﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
2:264
විශ්වාස කළවුනි! අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස නොකරන, තම ධනය මිනිසුන්ගේ ප්‍රදර්ශනයට වියදම් කරන අයෙකු මෙන්, නුඹලාගේ දානයන් කියා පෑමෙන් හා හිංසා පමුණුවමින් නිෂ්ඵල කර නොගනු. තවද ඔහු (සිදු කරන වියදම) ට උපමාව පස්වලින් වැසී ඇති මුඩු ගල් පර්වතයක උපමාව ය. එවිට ඒ මත මහා වර්ෂාවක් පතිත වී එය හිස් වූ ගල් තලාවක් බවට අත හැර දැමීය. ඔවුන් ඉපයූ දැයින් කිසිදු යහපතක් (අල්ලාහ්ගෙන්) ලබාගැනීමට ඔවුහු ශක්තිය නොදරන්නෝය. තවද අල්ලාහ් ප්‍රතික්ෂේප කළ ජනයාට මඟ පෙන්වන්නේ නැත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭ
2:265
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා තම ආත්මය ස්ථාවරවත් කරමින් තම ධන සම්පත වියදම් කරන්නවුනට උපමා ව උස් තැනිතලාවක ඇති උයනක් මෙනි ය. එයට මහා වර්ෂාවක් ඇති විය. එහෙයින් එය එහි අස්වැන්න දෙගුණයක් බැගින් ගෙන ආවේය. නමුත් එසේ එයට මහා වර්ෂාවක් පතිත නොවූව ද සුළු වර්ෂාවක් වුව ද ප්‍රමාණවත් ය. තවද අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒ
2:266
කෙනෙකුට එහි යටින් ගංඟාවන් ගලා බසින ඉඳි හා මිදි උයනක් ඇත. එහි ඔහුට සියලු වර්ගයේ පලතුරු ද ඇත. ඔහුට දුර්වල පරපුරක් සිටිය දී ඔහුට වයෝවෘද්ධභාවය හට ගනී. එවිට (එම උයනට) ගින්නෙන් යුත් කුණාටුවක් ඇති වී එය ගිනිබත් වී යාමට ඔබ අතුරින් කිසිවෙකු හෝ ප්‍රිය කරන්නෙහි ද? නුඹලා වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ මෙලෙසය.
ﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
2:267
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉපැයූ පිවිතුරු දැයින් ද අප නුඹලාට මහපොළොවෙන් මතු කළ දැයින් ද නුඹලා වියදම් කරනු. එයින් අයහපත් දෑ වියදම් කිරීමට නොසිතනු. නුඹලාගේ දෑස් වසා ගනිමින් මිස නුඹලා එවැනි දෑ ලබා ගන්නන් නොවන්නෙහුය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී බව නුඹලා දැන ගනු.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣ
2:268
ෂෙයිතාන් නුඹලාට දිළිඳුකම ප්‍රතිඥා කරන්නේය. තවද ඔහු නුඹලාට අශික්ෂිත දෑ නියම කරන්නේය. එනමුත් අල්ලාහ් ඔහුගෙන් වූ සමාව ද භාග්‍යය ද ප්‍රතිඥා දෙන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපකය, සර්වඥානීය.
ﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
2:269
ඔහු තමන් අභිමත කරන අයට ප්‍රඥාව පිරිනමන්නේය. කවරෙකුට ප්‍රඥාව පිරිනමනු ලබන්නේ ද සැබැවින්ම ඔහුට අධික යහපත පිරිනමනු ලැබ ඇත. බුද්ධියෙන් යුත් අය මිස (වෙනත් කිසිවෙකු මෙය) මෙනෙහි නොකරන්නේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡ
2:270
නුඹලා කිසියම් වියදමකින් වියදම් කළ ද නැතහොත් කිසියම් භාරයකින් භාරයක් කළ ද එවිට සැබැවින්ම අල්ලාහ් එය දන්නේය. තවද අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවෙකු නොමැත.
ﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ
2:271
නුඹලා සදකාවන් හෙළි කරන්නේ නම් එවිට එය යහපත්ය. තවද නුඹලා එය සඟවා දිළින්ඳන් හට පිරිනමන්නේ නම් එවිට එය ද නුඹලාට උතුම්ය. එය නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කරවයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚ
2:272
ඔවුන් ව යහමඟ යොමු කිරීම නුඹගේ වගකීම නොවේ. නමුත් අල්ලාහ් තමන් අභිමත කරන අයට මඟ පෙන්වන්නේය. තවද යම් යහපතකින් නුඹලා වියදම් කරන්නේ ද එය නුඹලාගේ ආත්මාවන්ටමය. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස නුඹලා වියදම් නොකරන්නෙහු ය. යම් යහපතකින් නුඹලා වියදම් කළ ද නුඹලාට එය පරිපූර්ණ ව දෙනු ලබන්නේය. තවද නුඹලා අපරාධ කරනු නොලබන්නෙහුය.
ﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
2:273
(නුඹලාගේ දානයන් සුදුසු වනුයේ) මහපොළොවේ (ජීවනෝපාය සොයා) ගමන් කිරීමට නොහැකි; අල්ලාහ්ගේ මාර්ගයේ කොටු කරනු ලැබූ දිළින්ඳන්ටය. තැන්පත්භාවය හේතුවෙන් ඔවුන් ධනවතුන් යැයි අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතයි. ඔවුන්ගේ සලකුණු මගින් නුඹ ඔවුන් ව හඳුනා ගනු ඇත. ඔවුහු යාචනය කරමින් ජනයාගෙන් (කිසිවක්) නොඉල්ලති. තවද නුඹලා වියදම් කරන යම් යහපතක් වුව ද සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
2:274
රාත්‍රියෙහි හා දහවලෙහි තම ධන සම්පත රහසිගත ව හා එළිපිට වියදම් කරන්නන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. තවද ඔවුන්ට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් වන්නෝද නොවෙති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
2:275
පොලිය අනුභව කරන්නවුන් ෂෙයිතාන් ස්පර්ශ කිරීමෙන් ඔහුගේ ප්‍රහාරයට ලක් වූ කෙනෙකු මෙන් මිස (අවසන් දින) නො නැගිටින්නෝය. එය සැබැවින්ම ඔවුහු ඇත්ත වශයෙන්ම ව්‍යාපාරය ද පොලිය මෙනි යැයි පවසා සිටි හේතුවෙනි. අල්ලාහ් ව්‍යාපාරය අනුමත කළ අතර පොලිය තහනම් කළේය. කවරෙකුට තම පරමාධිපතිගෙන් (ඒ ගැන) උපදෙසක් පැමිණ එයින් වැළකුණේ ද එවිට පසු ගිය දෑ ඔහු සතුය. ඔහුගේ විෂය අල්ලාහ් වෙතමය. කවරෙකු නැවත (එම පොලිය වෙත) යොමු වූයේ ද එවිට ඔවුහු නිරයේ සගයෝ වෙති. ඔවුහු එහි සදාතනිකයෝය.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
2:276
අල්ලාහ් පොලිය විනාශ කරන්නේය. සදකා (පුණ්‍ය ක්‍රියා) වන් වර්ධනය කරන්නේය. පාපිෂ්ඨ දේව ප්‍රතික්පේපිත සෑම කෙනෙකුවම අල්ලාහ් ප්‍රිය නොකරන්නේය.
ﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
2:277
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් ද සලාතය ස්ථාපිත කළවුන් ද zසකාත් පිරිනැමූවන් ද වනාහි ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ ප්‍රතිඵල ඇත. ඔවුනට කිසිදු බියක් නොමැත. ඔවුහු දුකට පත්වන්නෝ ද නොවෙති.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
2:278
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම්, පොලියෙන් ඉතිරි දෑ අත හැර දමනු.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦ
2:279
එලෙස නුඹලා කටයුතු නොකළේ නම් එවිට අල්ලාහ් හා ඔහුගේ දූතයා සමග යුද වැදීමට සූදානම් වනු යැයි දන්වා සිටිනු. තවද නුඹලා පශ්චාත්තාප වූයෙහු නම් එවිට නුඹලාගේ ප්‍රාග්ධනය නුඹලා සතුය. නුඹලා අපරාධ නොකළ යුතුය. තවද නුඹලා ද අපරාධයට ලක් නොවිය යුතුයි.
ﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
2:280
ඔහු දුෂ්කරත්වයෙන් පෙළෙන අයෙකු නම් එවිට පහසුකම් ඇති වන තෙක් අවකාශයක් (ලබා දිය යුතුව) ඇත. තවද නුඹලා (එය) දානයක් ලෙස පිරිනැමීම නුඹලාට යහපතය. නුඹලා (ඒ බව) දැන සිටියෙහු නම්.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇ
2:281
එහි නුඹලා ව අල්ලාහ් වෙත නැවත යොමු කරනු ලබන දිනයක් ගැන නුඹලා බියබැතිමත් වනු. පසුව සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන්නේය. තවද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁ
2:282
අහෝ විශ්වාස කළවුනි! නියමිත කාලයක් දක්වා වූ ණයක් සම්බන්ධයෙන් නුඹලා ණය ගනු දෙනු කර ගන්නෙහු නම් එය ලේඛන ගත කරනු. නුඹලා අතර ලේඛකයකු එය යුක්ති සහගත ව ලියා ගත යුතුය. තවද ලේඛකයා අල්ලාහ් තමන්ට ඉගැන් වූ අයුරින් ලිවීමට ප්‍රතික්ෂේප නොකළ යුතුය. එබැවින් (ඒ අනුව) ඔහු ලිවිය යුතුය. වගකීම පැවරුණු අය එය ලිවීම පිණිස කියවිය යුතුය. ඔහු තම පරමාධිපති වන අල්ලාහ්ට බිය බැතිමත් විය යුතුය. තවද ඉන් කිසිවකින් වංචා නොකළ යුතුය. වගකීම පැවරුණු අය අවබෝධයක් නොමැත්තෙකු හෝ දුර්වලයෙකු හෝ ලිවීම සඳහා කියවීමට නොහැකි ව හෝ සිටියේ නම් ඔහුගේ භාරකරු සාධාරණ ලෙසින් කියවිය යුතුය. තවද නුඹලාගේ පුරුෂ පාර්ශවයෙන් සාක්ෂි කරුවන් දෙදෙනකු සාක්ෂි වශයෙන් තබනු. පුරුෂ පාර්ශවයෙන් දෙදෙනෙකු නොවූයේ නම් එක් පුරුෂයෙකු හා සාක්ෂිකරුවන් ගෙන් නුඹලා සෑහීමට පත්වන අය අතුරින් ස්ත්‍රීන් දෙදෙනෙකු විය යුතුය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වැරදුනු විටක ඔවුන් දෙදෙනාගෙන් අනෙක් තැනැත්තිය එය මතක් කර දිය හැකිය. තවද කවර දෙයක් වෙත කැඳවනු ලබන්නේ ද එවිට සාක්ෂිකරුවන් (එය) ප්‍රතික්ෂේප නොකළ යුතුය. සුළු හෝ මහා (පරිමාණයේ) දෙයක් වුව ද නියමිත කලක් දක්වා එය ලිවීමට උදාසීන නොවනු. එයයි අල්ලාහ් අබියස ඉතා යුක්ති සහගත වන්නේ. සාක්ෂියට ද වඩා බලවත් වන්නේ. එමෙන්ම නුඹලා සැක නොසිතීමට ද වඩා සමීප වන්නේ, නමුත් නුඹලා අතර සිදුවන ක්ෂණික ව්‍යාපාරයක් හැර. එවිට එය ලේඛනගත නොකිරීම නුඹලා කෙරෙහි වරදක් නොවන්නේය. නමුත් නුඹලා ගනු දෙනු කරන විට නුඹලා සාක්ෂිකරුවන් නියම කරනු. තවද ලේඛකයා හා සාක්ෂිකරු පීඩාවට පත් නොවිය යුතුය. එසේ නුඹලා සිදු කරන්නෙහු නම් සැබැවින්ම එය මහා පාපයකි. තවද නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. අල්ලාහ් නුඹලාට උගන්වන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥානීය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ
2:283
නුඹලා ගමනක සිටිය දී ලේඛනගත කරන්නෙකු නුඹලා නොලැබුවෙහු නම් එවිට උකසක් අත්පත් කර ගනු ලැබේ.. නමුත් නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු ව විශ්වාස කළේ නම් විශ්වාස කරනු ලැබූ අය ඔහුගේ වගකීම ඉටු කරත්වා! තවද ඔහුගේ පරමාධිපතිට බියබැතිමත් වෙත්වා! තවද නුඹලා සාක්ෂිය වසන් නොකරනු. කවරෙකු එය වසන් කරන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඔහුගේ හදවත පාපී අයෙකි. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
2:284
අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද අල්ලාහ් සතුය. නුඹලාගේ හදවත් තුළ ඇති දෑ නුඹලා හෙළිදරව් කරන්නේ නම් හෝ එය නුඹලා සඟවන්නේ නම් හෝ ඒ පිළිබඳ ව අල්ලාහ් නුඹලාගෙන් ප්‍රශ්න කරන්නේය. පසුව ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. තවද ඔහු අභිමත කරන අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖ
2:285
තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව ධර්ම දූතයා විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ දේව ග්‍රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද අපි සවන් දුනිමු. අවනත වූයෙමු අපගේ පරමාධිපතියාණෙනි, ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය යැයි ඔවුහු පැවසුවෝය.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎ
2:286
අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයටය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයටය. අපගේ පරමාධිපතියාණෙනි! අප (යමක්) අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් හෝ අපව දඬුවමට ග්‍රහණය නොකරනු මැනව! තවද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නොසලස්වනු මැනව! කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නොපටවනු මැනව! (අප කළ වැරදි) අපගෙන් නොසලකා හරිනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරුය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහි ව අපට උදව් කරනු මැනව!
ශුද්ධ වූ අල් කුර්ආනය
Wednesday, September 9, 2026
Don't forget us in your sincere prayers







