PDF —
19 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-අලා pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-අලා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-අලා පරිවර්තනය. සූරා අල්-අලා (Meccan) 19 ආයාත්.



19 ආයාත් · Meccan · සිංහල
bismillah
ﮟﮠﮡﮢﮣ
87:1 නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.
ﮤﮥﮦﮧ
87:2 ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය.
ﮨﮩﮪﮫ
87:3 තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේය.
ﮬﮭﮮﮯ
87:4 තවද උලා කන තණ බිම් පිට කළේ ඔහුය.
ﮰﮱﯓﯔ
87:5 පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.
ﯕﯖﯗﯘ
87:6 අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරනු ඇත.
ﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣ
87:7 අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.
ﯤﯥﯦ
87:8 තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.
ﯧﯨﯩﯪﯫ
87:9 එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.
ﯬﯭﯮﯯ
87:10 කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.
ﭑﭒﭓ
87:11 තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත.
ﭔﭕﭖﭗﭘ
87:12 ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.
ﭙﭚﭛﭜﭝﭞﭟ
87:13 පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.
ﭠﭡﭢﭣﭤ
87:14 සැබැවින්ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.
ﭥﭦﭧﭨﭩ
87:15 තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.කර පසු ව සලාතය ද ඉටු කළේය.
ﭪﭫﭬﭭﭮ
87:16 නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.
ﭯﭰﭱﭲ
87:17 (මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.
ﭳﭴﭵﭶﭷﭸ
87:18 සත්‍ය වශයෙන්ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.
ﭹﭺﭻﭼ
87:19 ඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers