සූරා අල්-හුජුරාත්
PDF —
Built right in your browser — download starts automatically
සූරා අල්-හුජුරාත් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-හුජුරාත් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-හුජුරාත් පරිවර්තනය. අල්-හුජුරාත් (Medinan) 18 ආයාත්.
Related
- අල්-හුජුරාත් පරිවර්තනයසිංහල
- අල්-හුජුරාත් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-හුජුරාත්

ﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ අබිබවා නොයනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාගේ හඬ නබිවරයාගේ හඬට වඩා උස් නොකරනු. නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට සැරෙන් කතා කරනවාක් මෙන් ඔහුට හඬා නගා සැරෙන් කතා නොකරනු. එවිට නුඹලා නොදැනුවත්වම නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් අබියස ඔවුන්ගේ හඬ පහත් කරන්නන් වනාහි තම හදවත් බිය බැතිමත්භාවය සඳහා පරීක්ෂාවට ලක් කළවුන් ඔවුහුමය. ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴ
නියත වශයෙන්ම කුටි වලට පිටින් සිට නුඹ ව අමතන්නන් වනාහි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නොගන්නා අය වෙති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞ
තවද නුඹ ඔවුන් වෙත (නිවසින්) බැහැර ව පැමිණෙන තෙක් නියත වශයෙන්ම ඔවුන් ඉවසා සිටියේ නම් එය ඔවුනට යහපත් වන්නට තිබුණි. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහාකරුණාන්විතය.
ﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා වෙත දුෂ්ඨයෙකු යම් පුවතක් ගෙන ආවේ නම්, නුඹලා නොදැනුවත් ව පිරිසකට හානියක් සිදු කර පසු ව නුඹලා සිදු කළ දෑ ගැන පසුතැවිලිවන්නන් බවට පත් නොවනු පිණිස, නුඹලා (එය) පැහැදිලි කර ගනු.
ﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
තවද නියත වශයෙන්ම නුඹලා අතර අල්ලාහ්ගේ දූතයාණන් සිටින බව දැන ගනු. කරුණු බොහෝමයක ඔහු නුඹලාට අවනත වූයේ නම් නුඹලා පීඩාවට ගොදුරු වනු ඇත. එනමුත් නුඹලා වෙත අල්ලාහ් දේව විශ්වාසය පිළිබඳ කැමැත්ත ඇති කළේය. තවද එය නුඹලාගේ හදවත් තුළ අලංකාරවත් කළේය. තවද නුඹලා වෙත දේව ප්‍රතික්ෂේපය, පාපකම හා පිටුපෑම ඔහු පිළිකුල් කෙරෙව්වේය. යහමග සිටින්නෝ ඔවුහුමය.
ﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘ
(එය) අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහයක් හා ආශිර්වාදයක් වශයෙනි. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥාවන්තය.
ﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛ
දේවත්වය විශ්වාසව කරන්නන් අතරින් දෙපිරිසක් සටන් ඇරඹුවේ නම්, ඒ දෙක අතර නුඹ සමාදානය ඇති කරනු. ඒ දෙපිරිසෙන් එකක් අනෙකා මත සීමාව ඉක්මවා කටයුතු කළේ නම් අල්ලාහ්ගේ නියෝගය වෙත නැඹුරු වන තෙක් සීමාව ඉක්මවා ගියවුන්ට එරෙහිව නුඹලා සටන් කරනු. නමුත් එය නැඹුරු වූයේ නම් ඒ දෙපිරිස අතර සාධාරණ ලෙසින් සමථය කරනු. තවද නුඹලා යුක්ති ගරුක ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුක ව කටයුතු කරන්නන්ව ප්රිය කරයි.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නෝ සහෝදරයෝය. එහෙයින් නුඹලාගේ (විවාද කරන) සහෝදරයින් අතර සමථය කරනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසකට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. එමෙන්ම කාන්තාවෝ තවත් කාන්තාවන්ට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. තවද නුඹලා අතර දොස් නොකියනු. තවද පටබැඳි නම් වලින් නුඹලා එකිනෙකා ආමන්ත්‍රණය නොකරනු. දේව විශ්වාසයෙන් පසු ව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරුය. තවද කවරෙකු පාප සමාව අයැද නොසිටියේද එවිට ඔවුහුමය අපරාධකරුවෝ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! බොහෝ අනුමානයන්ගෙන් නුඹලා වැළකී සිටිනු. නියත වශයෙන්ම ඇතැම් අනුමාන පාපතරය. තවද නුඹලා ඔත්තු නොබලනු. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්රිය කරන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නාය; මහා කරුණාන්විතය.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා අභිඥානවන්තය.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫ
“අපි විශ්වාස කළෙමු” යැයි ගැමි අරාබිවරුන් පැවසුවෝය. “නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුළු වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහාකරුණාන්විතය.”
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කොට පසු ව (ඒ ගැන) සැක නොකර තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් වෙති. ඔවුහුමය සත්‍යවාදීහු.
ﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲ
“නුඹලාගේ දහම නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු දැ”යි (නබිවරය!) නුඹ විමසනු. තවද අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ දනී. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.
ﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈ
(නබිවරය!) ඔවුන් ඉස්ලාමය වැළඳ ගැනීම නුඹ වෙත කරන උපකාරයක් ලෙස ඔවුහු සලකති. නමුත්. “නුඹලා නුඹලාගේ ඉස්ලාමය මා වෙත කරන උපකාරයක් ලෙස නොසලකනු. නමුත් නුඹලා සත්‍යවාදීන් නම් දේව විශ්වාසය වෙත නුඹලාට අල්ලාහ් මග පෙන්වීමෙන් ඔහු නුඹලා වෙත උපකාර කර ඇතැ”යි නුඹ පවසනු.
ﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔ
නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ අදෘශ්යමාන දෑ පිළිබඳ ව දනී. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂකය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







