PDF —
26 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-ඝාෂියා pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-ඝාෂියා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ඝාෂියා පරිවර්තනය. සූරා අල්-ඝාෂියා (Meccan) 26 ආයාත්.

← අල්-අලාසූරා අල්-ඝාෂියා අල්-ෆජ්ර් →


26 ආයාත් · Meccan · සිංහල
bismillah
ﭽﭾﭿﮀﮁ
88:1 (විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
ﮂﮃﮄﮅ
88:2 එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.
ﮆﮇﮈ
88:3 වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.
ﮉﮊﮋﮌ
88:4 ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
ﮍﮎﮏﮐﮑ
88:5 (ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
ﮒﮓﮔﮕﮖﮗﮘ
88:6 ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නොමැත.
ﮙﮚﮛﮜﮝﮞﮟ
88:7 එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
ﮠﮡﮢﮣ
88:8 (ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
ﮤﮥﮦ
88:9 ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,
ﮧﮨﮩﮪ
88:10 උසස් ස්වර්ග උයන්හි (පවතී.)
ﮫﮬﮭﮮﮯ
88:11 එහි පුහු වදන් ශ්රවණය නොකරති.
ﮰﮱﯓﯔ
88:12 එහි ගලා යන උල්පත් ඇත.
ﯕﯖﯗﯘ
88:13 එහි උස් නිදියහන් ද ඇත.
ﯙﯚﯛ
88:14 (බීමට) තබන ලද ගුරුලේත්තු ද,
ﯜﯝﯞ
88:15 වියන ලද කොට්ට ද,
ﯟﯠﯡ
88:16 දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
ﯢﯣﯤﯥﯦﯧﯨ
88:17 ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
ﯩﯪﯫﯬﯭ
88:18 අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;
ﯮﯯﯰﯱﯲ
88:19 කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;
ﯳﯴﯵﯶﯷ
88:20 මහපොළොව දෙස එය කෙසේ ව්යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
ﯸﯹﯺﯻﯼ
88:21 එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
ﯽﯾﯿﰀ
88:22 නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
ﭑﭒﭓﭔﭕ
88:23 කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
ﭖﭗﭘﭙﭚ
88:24 සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.
ﭛﭜﭝﭞ
88:25 සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
ﭟﭠﭡﭢﭣ
88:26 පසුව සැබැවින්ම ඔවුන් (කළ ක්‍රියාවන්) ගේ ගණනය අප මත ය.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers