PDF —
59 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අද්-දුඛාන් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අද්-දුඛාන් pdf සිංහල — බාගත කරන්න සූරා අද්-දුඛාන් පරිවර්තනය. සූරා අද්-දුඛාන් (Meccan) 59 ආයාත්.



59 ආයාත් · Meccan · සිංහල
bismillah
ﭑﭒ
44:1 හා මීම්.
ﭓﭔﭕ
44:2 පැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින්.
ﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟ
44:3 නියත වශයෙන්ම භාග්යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු.
ﭠﭡﭢﭣﭤﭥ
44:4 එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක්ම තීරණය කරනු ලබයි.
ﭦﭧﭨﭩﭪﭫﭬﭭ
44:5 (එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (ධර්ම දූතයින්) එවන්නන් වූයෙමු.
ﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ
44:6 (එය) නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀ
44:7 නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු! ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.
ﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌ
44:8 ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාගේ ප්රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපතිය.
ﮍﮎﮏﮐﮑﮒ
44:9 එසේ නොව ඔවුහු සැකයෙහි කෙළිදෙළෙන් ගත කරති.
ﮓﮔﮕﮖﮗﮘﮙ
44:10 එහෙයින් අහස පැහැදිලි දුමාරයක් රැගෙන එන දිනය (නබිවරය!) නුඹ බලාපෙරොත්තුවෙන් සිටිනු.
ﮚﮛﮜﮝﮞﮟﮠ
44:11 එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
ﮡﮢﮣﮤﮥﮦﮧ
44:12 “අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
ﮨﮩﮪﮫﮬﮭﮮﮯ
44:13 ඔවුනට උපදෙස කෙසේ නම් (ප්‍රයෝජනවත්) වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
ﮰﮱﯓﯔﯕﯖﯗ
44:14 පසු ව ඔවුහු ඔහුට පිටු පා “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තෙකි, උම්මත්තකයෙකි” යැයි පැවසුවෝය.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟ
44:15 නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා (මුල් තත්ත්වයට) නැවත හැරී යන්නෝය.
ﯠﯡﯢﯣﯤﯥﯦ
44:16 දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන්ම අපි සම ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.
ﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰ
44:17 තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය ධර්ම දූතයකු පැමිණියේය.
ﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
44:18 “අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය ධර්ම දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය.)
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
44:19 “තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නොවනු. නියත වශයෙන්ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන එන්නෙක් මි.”
ﭜﭝﭞﭟﭠﭡﭢ
44:20 “තවද නුඹලා මා ගල් ගසා මැරීමෙන් නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින් ද එමෙන්ම නුඹලාගේ පරමාධිපති වෙතින් ද ආරක්ෂාව පතමි.”
ﭣﭤﭥﭦﭧﭨ
44:21 “තවද නුඹලා මා විශ්වාස නොකළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත් ව සිටිනු.”
ﭩﭪﭫﭬﭭﭮﭯ
44:22 එවිට ඔහු ‘නියත වශයෙන්ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේය.
ﭰﭱﭲﭳﭴﭵ
44:23 (ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන්ය.”
ﭶﭷﭸﭹﭺﭻﭼﭽ
44:24 තවද “මුහුද ඒ අයුරින්ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන්ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
ﭾﭿﮀﮁﮂﮃ
44:25 ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?
ﮄﮅﮆﮇ
44:26 තවද කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන ද
ﮈﮉﮊﮋﮌ
44:27 තවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් ද (අතහැර දමා ගියෝ ද?)
ﮍﮎﮏﮐﮑﮒ
44:28 එලෙසය! අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.
ﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛ
44:29 එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නොවූවෝය.
ﮜﮝﮞﮟﮠﮡﮢﮣ
44:30 තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින්ම අපි මුදවා ගත්තෙමු.
ﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬ
44:31 ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් උද්දච්ච අයෙකු විය.
ﮭﮮﮯﮰﮱﯓﯔ
44:32 තවද දැනුවත්ව ම ලෝවැසියනට වඩා සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.
ﯕﯖﯗﯘﯙﯚﯛﯜ
44:33 තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.
ﯝﯞﯟﯠ
44:34 නියත වශයෙන්ම මොවුහු මෙසේ පවසති.
ﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩ
44:35 “මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”
ﯪﯫﯬﯭﯮﯯ
44:36 එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
ﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽ
44:37 ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූවෝය.
ﯾﯿﰀﰁﰂﰃﰄﰅ
44:38 තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නොමැව්වෙමු.
ﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎ
44:39 ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
ﭑﭒﭓﭔﭕﭖ
44:40 නියත වශයෙන්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
ﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡ
44:41 එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති.
ﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪ
44:42 නමුත් අල්ලාහ් කරුණාව පෙන් වූ අය හැර. නියත වශයෙන්ම ඔහුමය සර්ව බලධාරී මහා කරුණාන්විත වනුයේ.
ﭫﭬﭭﭮ
44:43 නියත වශයෙන්ම zසක්කූම් ගස වනාහි,
ﭯﭰﭱ
44:44 පාපතරයින්ගේ ආහාරයයි.
ﭲﭳﭴﭵﭶ
44:45 එය උණු කළ තඹ මෙන්ය. එය උදර තුළ නටමින් පවතින්නේය.
ﭷﭸﭹ
44:46 ලෝ දිය නටන්නාක් මෙනි.
ﭺﭻﭼﭽﭾﭿ
44:47 (නිරයේ ආරක්ෂකයින් වන) නුඹලා ඔහු (අධර්මිෂ්ඨයා) හසු කරනු. පසු ව නුඹලා ඔහු නිරය මධ්‍යයට ඇද ගෙන යනු.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇ
44:48 පසු ව ඔහුගේ හිසට ඉහළින් වේදනා ගෙන දෙන ලෝ දිය වක් කරනු.
ﮈﮉﮊﮋﮌﮍ
44:49 නුඹ විඳිනු. නියත වශයෙන්ම නුඹ (මෙලොව) ගරුසරු ඇති බලධාරියෙකු විය.
ﮎﮏﮐﮑﮒﮓﮔ
44:50 නියත වශයෙන්ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එය වේ.
ﮕﮖﮗﮘﮙﮚ
44:51 නියත වශයෙන්ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති.
ﮛﮜﮝﮞ
44:52 උයන් හා දිය උල්පත් අතරය.
ﮟﮠﮡﮢﮣﮤ
44:53 ඔවුහු සිනිඳු සේද හා ඝන සේද වලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති.
ﮥﮦﮧﮨﮩ
44:54 එලෙසය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු.
ﮪﮫﮬﮭﮮﮯ
44:55 ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
44:56 මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නොවිඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කළේය.
ﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥ
44:57 (එය) ඔබේ පරමාධිපතිගේ භාග්යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණය.
ﯦﯧﯨﯩﯪﯫ
44:58 එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය නුඹේ දිවට (නුඹේ භාෂාවෙන්) පහසු කළෙමු.
ﯬﯭﯮﯯ
44:59 එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers