සූරා අල්-කහ්ෆ් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අල්-කහ්ෆ් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-කහ්ෆ් පරිවර්තනය. අල්-කහ්ෆ් (Meccan) 110 ආයාත්.
Related
- අල්-කහ්ෆ් පරිවර්තනයසිංහල
- අල්-කහ්ෆ් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අල්-කහ්ෆ්

ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
තම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය (අල්-කුර්ආනය) පහළ කළා වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා! තවද ඔහු එහි කිසිදු ඇදයක් තැබුවේ නැත.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷ
(එය) ඍජුය. (අල්ලාහ් වන) ඔහු වෙතින් වූ දැඩි දඬුවම ගැන අවවාද කරනු පිණිසත් යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන්හට නියත වශයෙන්ම ඔවුනට අලංකාර ප්‍රතිඵල ඇතැයි දන්වනු පිණිසත් (ඔහු එය පහළ කළේ)ය.
ﯸﯹﯺﯻ
ඔවුන් නිරන්තරයෙන්ම එහි රැඳී සිටින්නන් ලෙසින්.
ﯼﯽﯾﯿﰀﰁﰂ
අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ප්‍රකාශ කළවුනට ඔහු අවවාද කරනු පිණිස ද (එය පහළ කළේය.)
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣ
ඔවුනට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ඒ පිළිබඳ ව කිසිදු දැනුමක් නොවීය. ඔවුන්ගේ මුඛවල් වලින් පිට වන ප්‍රකාශය දරුණු විය. ඔවුහු බොරුව මිස වෙනෙකක් නොපවසති.
ﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯ
මෙම දෙසුම (අල්-කුර්ආනය) ඔවුහු විශ්වාස නොකළේ නම් ඔවුන් හේතුවෙන් දුකට පත් ව නුඹ නුඹවම විනාශ කර ගන්නට බලනු ඇත.
ﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻ
ඔවුන් අතරින් ක්‍රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන්දැයි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු.
ﭼﭽﭾﭿﮀﮁﮂ
තවද නියත වශයෙන්ම අපි ඒ මත ඇති දෑ (විනාශ කර) පැළෑටි රහිත හිස් තැනිතලාවක් බවට පත් කරන්නන් වෙමු.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍ
නියත වශයෙන්ම එම ලෙනට හා සෙල්ලිපිවලට අයත් වූවන් අපගේ සංඥා අතරින් පුදුම සහගත අය වශයෙන් සිටියහ යැයි (නබිවරය) නුඹ අදහස් කරන්නෙහි ද?.
ﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
තරුණයින් (රැකවරණ සොයා) ලෙන වෙත පිවිසුනු විට ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ වෙතින් වූ කරුණාව අපට පිරිනමනු මැනව! අපගේ කටයුතු සෘජු ලෙස අපට සකස් කර දෙනු මැනව.!’ යැයි ප්‍රාර්ථනා කළහ.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦ
එවිට ලෙනෙහි වසර ගණනාවක් (නිදන්නට) ඔවුන්ගේ කන් මත ආවරණයක් අපි හෙළුවෙමු.
ﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
පසු ව ඔවුන් රැඳී සිටි කාලය මැනවින් සටහන් කරගෙන ඇත්තේ කණ්ඩායම් දෙකින් කවර (කණ්ඩායම)ක් දැයි අපි දන්වනු පිණිස අපි ඔවුන් ව අවදි කළෙමු.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
ඔවුන්ගේ පුවත පිළිබඳ ව අපි සැබෑ ලෙසින් නුඹ වෙත පවසන්නෙමු. නියත වශයෙන්ම ඔවුහු තරුණයෝය. ඔවුහු ඔවුන්ගේ පරමාධිපති ව විශ්වාස කළහ. තවද අපි ඔවුනට යහ මග අධික කළෙමු.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
තවද ඔවුහු අවදි වී ‘අපගේ පරමාධිපති අහස් හා මහපොළොවේ හිමිපාණන්ය. ඔහුගෙන් තොරව කිසිදු දෙවියකුට අපි ඇරයුම් නොකරන්නෙමු. එවිට (එසේ කළේ නම්) සැබැවින්ම අපි බොරුවක්ම පවසා ඇත්තෙමු’ යැයි ඔවුහු පැවසූ විට ඔවුන්ගේ හදවත් අපි ශක්තිමත් කළෙමු.
ﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈ
මොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤ
තවද නුඹලා ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් තොරව ඔවුන් නමදිමින් සිටි දැයින් ඉවත් වූ විට (ආරක්ෂාව පතා) ලෙන තුළට නුඹලා පිවිසෙනු. නුඹලාගේ පරමාධිපති ඔහුගේ කරුණාව නුඹලා වෙත විහිදු වනු ඇත. තවද නුඹලාගේ කටයුතු නුඹලාට (පහසු බවට) සකස් කර දෙනු ඇත.
ﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
තවද හිරු උදා වූ විට ඔවුන්ගේ ලෙනින් දකුණු දෙසට එය නැඹුරුවීමද, අවරට ගිය විට වම් දෙසින් ඔවුන් ව මග හැරී යාමද නුඹ දකිනු ඇත. (නමුත්) ඔවුහු එහි විශාල ස්ථානයක වූහ. එය අල්ලාහ්ගේ සාධකයන් අතරිනි. අල්ලාහ් කවරෙකු යහ මග යොමු කරන්නේ ද ඔහු යහ මග ලැබූවෙක්මය. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් මග පෙන්වන භාරකරුවකු නුඹ නොදකිනු ඇත.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥ
තවද නුඹ (ඔවුන් දුටුවේ නම්) ඔවුන් අවදි ව සිටින්නන් යැයි නුඹ සිතනු ඇත. නමුත් ඔවුහු නිදාගෙන සිටිති. තවද අපි දකුණු දෙසටත් වම් දෙසටත් ඔවුන්ව පෙරළමින් සිටියෙමු. ඔවුන්ගේ සුනඛයා තම පෙර පාද දෙක දිගු කරමින් දොරටුව මත විය. නුඹ ඔවුන් වෙත එබී බැලුවෙහි නම් ඔවුන්ගෙන් නුඹ වේගයෙන් පලා යනු ඇත. තවද ඔවුන් පිළිබඳ භීතියෙන් නුඹ පිරෙනු ඇත.
ﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰ
තවද එලෙස ඔවුන් අතර ඔවුන් එකිනෙකා විමසා ගනු පිණිස ඔවුන් ව අපි අවදි කළෙමු. ඔවුන් අතරින් ප්‍රකාශකයකු ‘නුඹලා කොපමණ කාලයක් රැඳුණෙහු දැයි විමසා සිටියේය. අපි දිනක් හෝ දිනකින් කොටසක් හෝ රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘නුඹලා රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතිය. එහෙයින් නුඹලාගෙන් කෙනෙකු නුඹලාගේ මෙම කාසි සමග නගරයට එවනු. එහි වඩා පිවිතුරු ආහාරයක් බලා එයින් පෝෂණය (ආහාරය) නුඹලා වෙත ඔහු ගෙනෙත්වා! තවද ඔහු ප්‍රවේශමෙන් සිටිත්වා! තවද නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නොහැඟිවිය යුතුය’ යැයි ඔවුහු පැවසුවෝය.
ﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
නියත වශයෙන්ම නුඹලා ව ඔවුන් දුටුවේ නම් ඔවුන් නුඹලා ව ගල් ගසා මරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ දහම තුළට නැවත නුඹලා ව හරවා ගනු ඇත. එවිට නුඹලා කිසිවිටෙක ජය නොලබන්නෙහුමය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍ය බවද, නියත වශයෙන්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙනු ඇතැයිද යන්න ජනයා දැන ගනු පිණිස එලෙස අපි ඔවුන්ගේ තත්ත්වය ගැන නගරවාසීන්ට ප්‍රකාශ කළෙමු. එවිට (ලෙනෙහි සිටි පිරිස සම්බන්ධයෙන්) ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් (නගරවාසීන්) එකිනෙකා අතර වාද කරමින් සිටියහ. ඔවුන්ගෙන් සමහරුන් ගොඩනැගිල්ලක් ඔවුන් (ගේ ලෙන) මත ඉදි කරනු යැයි පැවැසූහ. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව මැනවින් දන්නාය. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් පමණ ඉක්මවා ගියවුන් ඔවුන් වෙනුවෙන් අපි මස්ජිදයක් ඉදි කරමු යැයි පැවසුවෝය.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
තිදෙනෙකි. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි මතුවට ඔවුහු පවසති. තවද පස් දෙනෙකි. ඔවුන්ගෙන් සයවැන්නා සුනඛයා යැයි ගුප්ත දෑ පිළිබඳ උපකල්පනය කරමින් පවසති. තවද සත් දෙනෙකි. ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි පවසති. ඔවුන්ගේ සංඛ්‍යාව ගැන මැනවින් දන්නා මාගේ පරමාධිපතිය. ස්වල්ප දෙනෙකු හැර ඔවුන් පිළිබඳ වෙනත් කිසිවකු නොදනියි යැයි (නබිවරය) නුඹ පවසනු. එහෙයින් හෙළි කරන්නා වූ කරුණු සම්බන්ධයෙන් හැර ඔවුන් විෂයයෙහි නුඹ තර්ක නොකරනු. ඔවුන් පිළිබඳ තීන්දු ඔවුන් කිසිවෙකුගෙන් නොඅසනු.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡ
තවද යම් කරුණක් සඳහා නියත වශයෙන්ම මම එය හෙට දින සිදු කරන්නෙමි යැයි නුඹ නොපැවසිය යුතුය.
ﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕ
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස. තවද නුඹට අමතක වී නම් නුඹගේ පරමාධිපති ව මෙනෙහි කරනු. තවද මාගේ පරමාධිපති මීට වඩා සමීප මග පෙන්වීමකින් මට මග පෙන්වන්නට පුළුවනැයි නුඹ පවසනු.
ﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
තවද ඔවුහු ඔවුන්ගේ ලෙන තුළ වසර තුන්සීයක් රැඳී සිටියෝය. තවද ඔවුහු (තවත් වසර) නවයක් අමතර ව එකතු කළහ.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹ
ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. අහස් හි හා මහපොළොවේ ගුප්තය ඔහු සතුය. ඒ පිළිබඳ ව (ඔහු) කෙතරම් මහා නිරීක්ෂක ද? සර්ව ශ්‍රාවක ද? ඔහුගෙන් තොර ව කිසිදු භාරකරුවකු ඔවුනට නොමැත. ඔහුගේ පාලනයෙහි කිසිවකුව ඔහු හවුල් කර නොගනී යැයි (නබිවරය) නුඹ පවසනු.
ﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊ
තවද නුඹගේ පරමාධිපතිගේ ග්‍රන්ථයෙන් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ පාරායනය කරනු. ඔහුගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද ඔහුගෙන් තොර ව ආරක්ෂිත ස්ථානයක් නුඹ කිසිවිටෙක නොලබනු ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱ
තවද තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සවස තම පරමාධිපතිට ප්‍රාර්ථනා කරන්නන් සමඟ නුඹ ද ඉවසා සිටිනු. මෙලොව ජීවිතයේ අලංකාරය ප්‍රිය කරමින් නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට යොමු නොකරනු. අප ව මෙනෙහි කිරීමෙන් ඔහුගේ හදවත නොසැලකිලිමත්භාවයට අප පත් කළ, තවද තම ආශාවන් අනුගමනය කළ, තවද තම කටයුතු අපතේ ගිය අයට නුඹ අවනත නොවනු.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒ
තවද සත්‍යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා! නියත වශයෙන්ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන් ව වටලා ගෙන තිබේ. ඔවුහු (පිපාසය සඳහා) පිහිට පතන්නේ නම් මුහුණු දවාළන ලෝදිය මෙන් වූ පානයක් ඔවුනට පිහිට සඳහා දෙනු ලැබේ. එය නපුරු පානයක් විය. වාසස්ථානයෙන් ද නපුරු විය.
ﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟ
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ක්‍රියාවෙන් වඩාත් යහපත් දෑ කළවුන්ගේ ප්‍රතිඵල සැබැවින්ම අපි අපතේ නොහරින්නෙමු.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
ඔවුනට සදාතනික (ස්වර්ග) උයන් ඇත. ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති. එහි රනින් වූ වළලු වලින් ඔවුහු පලන්දවනු ලබති. ඔවුහු සිනිඳු සේද හා ගන සේද වලින් යුත් කොළ පැහැති ඇඳුම් අඳිති. එහි ඔවුහු කවිච්චි මත හාන්සිවෙමින් සිටිති. එම ප්‍රතිඵලය යහපත් විය. එය වාසස්ථානයෙන් ද අලංකාරවත් විය.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮ
තවද මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව නුඹ ඔවුනට ගෙන හැර පානු. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට අපි මිදි වලින් යුත් උයන් දෙකක් ඇති කළෙමු. ඒ දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. තවද අපි ඒ දෙක අතර කෙත් යායක් ඇති කළෙමු.
ﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
එම වතු දෙක එහි ඵලදාව දුන්නේය. ඉන් කිසිවකින් අඩුවක් නොකළේය. තවද ඒ දෙක අතර ගංගාවක් අපි ඇති කළෙමු.
ﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉ
තවද ඔහුට (මනා) ඵලදාවක් විය. එවිට ඔහු ඔහුගේ මිතුරා සමග සාකච්ඡාවේ යෙදිමින් ‘මම නුඹට වඩා ධනයෙන් අධික කෙනෙකි. තවද පුද්ගල වශයෙන් ද අති ගෞරවනීය කෙනෙකි’ යැයි පවසා සිටියේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝ
තවද ඔහු තමන්ටම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසීය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නොසිතමි යැයි ඔහු පැවසීය.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪ
අවසන් හෝරාව සිදුවන්නක් බව ද මම නොසිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේය.
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻ
ඔහුගේ මිතුරා ඔහු සමග සාකච්ඡාවේ යෙදෙමින් ‘නුඹ ව පසින් ද පසු ව ශුක්‍රාණුවෙන් ද මවා මිනිසෙකු ලෙසින් නුඹ ව සැකසූ අයට නුඹ ගුණමකු වන්නෙහි ද?’ යැයි විමසා සිටියේය.
ﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
එනමුත් මාගේ පරමාධිපති අල්ලාහ් වන ඔහුය. තවද මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නොකරමි.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙ
නුඹ නුඹේ උයනට පිවිසුණු විට මාෂා අල්ලාහු ලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොරව කිසිදු ශක්තියක් නොමැත) යැයි පැවසිය යුතු නොවේ ද? ධනයෙන් හා දරුවන්ගෙන් නුඹට වඩා අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුවද!
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
මාගේ පරමාධිපති නුඹේ උයනට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මා වෙත පිරිනමා ඒ (නුඹගේ උයන) වෙත ගින්නක් එවන්නට පුළුවන. එවිට එය නිසරු තැනිතලාවක් බවට පත් වනු ඇත.
ﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
එසේ නැතහොත් එහි ජලය සිඳී යන්නක් බවට පත් කරනු ඇත. එවිට එය සෙවීමට නුඹ කිසිවිටෙක හැකියාව නොදරනු ඇත.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
තවද ඔහුගේ පලදාව (විනාශයෙන්) වෙළා ගනු ලැබීය. ඒ සඳහා තමන් වියදම් කර තිබිය දී එහි උඩුවියන ද ගරා වැටී තිබිය දී (ඒ ගැන කනස්සල්ලට පත් ව) තම දෙඅත් පෙරළමින් ‘අහෝ මාගේ විනාශය! මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නොකර සිටියේ නම්’ යැයි පවසන්නෙකු බවට පත් විය.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
තවද අල්ලාහ්ගෙන් තොර ව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නොවීය. තවද ඔහු ඔහුටම උදව් කර ගන්නකු ද නොවීය.
ﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾ
මෙහි පාලන බලය සත්‍යය වූ අල්ලාහ් සතුය. ඔහු කුසල් පිරිනැමීමෙන් අති ශ්‍රේෂ්ඨය. එමෙන්ම අවසානයෙන් ද අති ශ්‍රේෂ්ඨය.
ﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗ
තවද මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට නුඹ ගෙන හැර පෙන්වනු. (එය) අපි අහසින් පහළ කළා වූ ජලය මෙනි. ඒ සමග මහපොළොවේ පැළෑටි මුසු වෙයි. පසු ව එය ඉපනැලි බවට පත් ව සුළඟ එය ගසා ගෙන යයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟ
ධනය හා දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. (කවදත්) ශේෂ ව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණ වශයෙන් උතුම්ය. බලාපොරොත්තු තැබීමෙන් ද උතුම්ය.
ﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫ
තවද එදින අපි කඳු ගමන් කරවන්නෙමු. නුඹ මහපොළොව මුඩු එළිමහනක් ලෙස දකිනු ඇත. තවද අපි ඔවුන් ව රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගෙන් කිසිවකු ව අපි අත් නොහරින්නෙමු.
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
තවද ඔවුහු නුඹගේ පරමාධිපති වෙත පෙළට ඉදිරිපත් කරනු ලබති. සැබැවින්ම අපි නුඹලා ව මුල් වරට මැව්වාක් මෙන්ම නුඹලා අප වෙත පැමිණ ඇත. නමුත් ‘නුඹලාට (නැවත නැගිටුවනු ලැබීමේ) ප්‍රතිඥාව අපි කිසි දිනක ඇති නොකරනු ඇතැයි නුඹලා සිතුවෙහුය.
ﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛ
තවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ අපගේ විනාශය! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත. තවද ඔවුන් සිදු කළ දේ (තමන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නොකරයි.
ﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙ
"නුඹලා ආදම්ට සුජූද් (ආචාර) කරනු" යැයි මලක්වරුන්ට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙස්සන්) සුජූද් (ආචාර) කළෝය. ඔහු ජින් වර්ගයාගෙන් විය. ඔහු ඔහුගේ පරමාධිපතිගේ අණට අකීකරු විය. එහෙයින් නුඹලා මා හැර දමා ඔහු හා ඔහුගේ පරපුර භාරකරුවන් ලෙස ගන්නෙහු ද? තවද ඔවුහු නුඹලාට සතුරුය. (අල්ලාහ්) වෙනුවට (වෙනත් ආරක්ෂකයින්) ගැනීම අපරාධකරුවන්ට නපුරු විය.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨ
අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලා ව මැවීමට හෝ මා ඔවුන් ව සහභාගි කරවා ගත්තේ නැත. එමෙන්ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවනවුන් ගන්නෙකු ද නොවූයෙමි.
ﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
තවද එදින ‘නුඹලා උකල්පනය කරමින් මට ආදේශ කළවුන් ව නුඹලා කැඳවනු’ යැයි ඔහු පවසයි. එවිට ඔවුහු ඔවුන් ව කැඳවති. නමුත් ඔවුහු ඔවුනට ප්‍රතිචාර නොදක්වති. ඔවුන් අතර විනාශකාරී ස්ථානයක් අපි ඇති කළෙමු.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁ
තවද වැරදිකරුවන් (නිරා) ගින්න දකිනු ඇත. එවිට නියත වශයෙන්ම තමන් එහි වැටෙන්නන් බව දැන ඔවුහු වටහා ගනිති. තවද ඉන් හැරීමක් ඔවුහු නොදකිනු ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
තවද සැබැවින්ම අපි ජනයාට මෙම අල්-කුර්ආනයේ සෑම උපමාවකින්ම විස්තර කර ඇත්තෙමු. තවද මිනිසා බොහෝ දෑ ගැන විවාදශීලී විය.
ﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴ
තවද මුතුන්මිත්තන්හට අත් වූ ඉරණම තමන් වෙත නොපැමිණීම හා (ඔවුන්) ඉදිරියේදීම දඬුවම ඔවුන් වෙත නොපැමිණීම මිස ජනයා වෙත යහමග පැමිණි විට ඔවුන් විශ්වාස කිරීමට හා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටීමට වෙනත් කිසිවක් ඔවුන් ව වැළැක්වූයේ නැත.
ﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉ
තවද ධර්ම දූතරවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් එමගින් සත්‍යය විනාශ කිරීම පිණිස අසත්‍ය දැයින් තර්ක කරති. තවද ඔවුහු මාගේ සංඥාවන් හා අවවාද කරනු ලැබූ දෑ උපහාසයට ගත්තෝය.
ﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪ
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, ඉන් පසු ව එය නොසලකා හැර තම දෑත් ඉදිරිපත් කළ දෑ අමතක කර දැමූ අයට වඩා මහා අපරාධ කරු කවුරුද? එය ඔවුහු අවබෝධ කර ගැනීමට (නොහැකිවන සේ) සැබැවින්ම අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයන් ද ඔවුන්ගේ සවන් වලට බිහිරිභාවය ද ඇති කළෙමු. තවද යහ මග වෙත නුඹ ඔවුන් ඇරයුම් කළ ද ඔවුහු කිසිවිටෙක යහ මග නොලබන්නෝමය.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
තවද නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය. ඔවුහු ඉපැයූ දෑ හේතුකොට ගෙන ඔහු ඔවුන් ව ග්‍රහණය කරන්නේ නම් ඔවුනට දඬුවම ඔහු ඉක්මන් කරනු ඇත. නමුත් ඔවුනට නියමිත කාලයක් ඇත. ඔහුගෙන් තොර ව බේරී යාමක් ඔවුහු නොදකින්නෝමය.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
තවද එම ගම්වාසීහු, ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන් ව විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට නියමිත කාල අවකාශයක් ඇති කළෙමු.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
තවද මුහුදු දෙක එක් වන තැනට මම ළඟා වන තෙක් හෝ දිගු කාලයක් මම ගත කරන තෙක් හෝ මම ගමන නොනවත්වමි යැයි තම (සේවක) කොලුවාට මූසා පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄ
ඒ (මුහුදු) දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝ
පසු ව ඔවුන් දෙදෙනා තරණය කළ කල්හි ඔහු ඔහුගේ (සේවක) කොලුවාට ‘අපගේ ආහාරය අප වෙත ගෙන එන්න. අපි අපගේ ගමනින් වෙහෙසට පත් ව ඇත්තෙමු’ යැයි පැවසීය.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
එම ගල්පර්වතය වෙත (ගොස්) අපි ගිමන් නිවා ගත් අවස්ථාව ඔබට මතකද? එවිට සැබැවින්ම මත්සයා පිළිබඳ (දැනුම් දීමට) මට අමතක විය? එය මා සිහි කිරීමට මා හට එය අමතක කළේ ෂෙයිතාන් හැර වෙනත් කිසිවකු නොවේ. මුහුදේ ඌ උගේ ගමන් මග පුදුමාකාර අයුරින් ගත්තේය යැයි ඔහු පැවසීය..
ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ
අපි සොයමින් සිටි ස්ථානය එය වේ යැයි ඔහු පැවසීය. පසු ව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු හඹා නැවත හැරී ගියෝය.
ﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
එවිට ඔවුන් දෙදෙනාම අපගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකු ව මුණ ගැසුණෝය. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗ
යහ මගින් ඔබට උගන්වනු ලැබූ දැයින් ඔබ මට ඉගැන්වීම සඳහා මම ඔබ ව අනුගමනය කරන්නදැයි මූසා ඔහුගෙන් විමසුවේය.
ﮘﮙﮚﮛﮜﮝﮞ
නියත වශයෙන් මා සමගින් ඉවසා සිටීමට ඔබ හැකියාව නොදරන්නෙහිම යැයි ඔහු පැවසුවේය.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧ
තවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේද?
ﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
තවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේද.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠ
එසේ නුඹ මා අනුගමනය කරන්නෙහි නම් කිසිවක් පිළිබඳ මම නුඹට මෙනෙහි කර පවසන තෙක් නුඹ ඒ ගැන මගෙන් විමසිය නොයුතු යැයි ඔහු පැවසුවේය.
ﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱ
එසේ නුඹ මා අනුගමනය කරන්නෙහි නම් කිසිවක් පිළිබඳ මම නුඹට මෙනෙහි කර පවසන තෙක් නුඹ ඒ ගැන මගෙන් විමසිය නොයුතු යැයි ඔහු පැවසුවේය.
ﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺ
නියත වශයෙන්ම ඔබ මා සමග ඉවසා දරා ගැනීමට හැකියාව නොදරන්නෙහිමය යැයි මම නොකීවෙම්දැයි ඔහු විමසීය.
ﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅ
මා අමතක කළ දෑ හේතුවෙන් ඔබ මා වරදට නොගනු. තවද මාගේ විෂය සම්බන්ධයෙන් ඔබ මා අපහසුතාවට ලක් නොකරනු යැයි ඔහු (මූසා) පැවසුවේය.
ﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖ
පසු ව දෙදෙනාම දරුවකු මුණ ගැසෙන තෙක් ගමන් ගත්හ. එවිට ඔහු ඔහු ව මරා දැමුවේය. (එවිට මූසා) කිසිදු ප්‍රාණ අයිතියකින් තොර ව පිවිතුරු ආත්මයක් ඔබ මරා දැමුවෙහි ද? ඔබ පිළිකුල් සහගත කරුණක් කර ඇත්තෙහිය යැයි පැවසුවේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
නියත වශයෙන්ම ඔබ මා සමග ඉවසා දරා ගැනීමට හැකියාව නොදරන්නෙහිමය යැයි මම ඔබට නොකීවෙම්දැයි ඔහු විමසීය.
ﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪ
මින් පසු ව මම යමක් පිළිබඳ ව ඔබෙන් විමසා සිටියේ නම් ඔබ මා සඟයෙකු ලෙස නොගනු. සැබැවින්ම ඔබ මා වෙතින් (ඇති තරම්) නිදහසට කරුණු ලබා ඇතිතෙහිය යැයි ඔහු පැවසීය.
ﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
පසු ව ඔවුන් දෙදෙනා ගමක වැසියන් වෙත පැමිණෙන තෙක් ගමන් ගත්තෝය. එහි වැසියන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියෝය. නමුත් ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. එවිට ඔවුන් දෙදෙනා එහි ගරා වැටෙන්නට යන බිත්තියක් දුටුවෝය. එවිට ඔහු එය කෙළින් කළේය. (මෙය දුටු) ඔහු (මූසා) ඔබ අභිමත කළේ නම් ඒ සඳහා ඔබට කුලියක් ලබා ගන්නට තිබුණි යැයි පැවසීය.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒ
. මෙය මා අතර හා ඔබ අතර වෙන්වීම (ට ඇති කාලය) වේ. ඔබ කවර දෙයක් මත ඉවසා සිටීමට නොහැකි වූයේද එහි යථාර්ථය මම නුඹට දන්වමි යැයි ඔහු පැවසුවේය..
ﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
එම නැව වූ කලී, එය මුහුදෙහි සේවය කරන දිළින්දන් සතු විය. එහෙයින් මම එය පළුදු කරන්නට සිතුවෙමි. (හේතුව) සෑම නැවක්ම බලහත්කාරයෙන් ගන්නා රජකු ඔවුනට පසුපසින් විය
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯ
. තවද එම දරුවා වූ කලී, ඔහුගේ දෙමාපියන් දේවත්වය විශ්වාස කරන දෙදෙනකු වූහ. සීමාව ඉක්මවා යමින් හා දේව ප්‍රතික්ෂේප භාවයෙන් ඔවුන් දෙදෙනාට ඔහු බරපතළකම් සිදු කිරීම ගැන අපි බිය වූයෙමු.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
එහෙයින් ඔවුන්ගේ පරමාධිපති ඔහුට වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු භාවයෙන් යුත් සෙනෙහසින් වඩාත් සමීප වූ කෙනෙකු ඔවුන් දෙදෙනාට වෙනස් කර දෙනු ඇතැයි අපි සිතුවෙමු
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀ
තවද එම බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනෙකුට හිමි ව තිබිණි. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත් ව පසු ව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නොකළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ.
ﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋ
. (අහෝ නබිවරය!) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
. නියත වශයෙන්ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින්ම ඔහුට හේතු මාර්ග පිරිනැමුවෙමු
ﭜﭝﭞ
එවිට ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
ﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸ
හිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේය. අහෝ දුල් කර්නයින්! නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු.
ﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆ
අපරාධ කළවුන් වූ කළී, අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසු ව ඔහුගේ පරමාධිපති වෙත ඔහු නැවත යොමු කරනු ලබනු ඇත. එවිට බිහිසුණු දඬුවමකින් ඔහු ඔහුට දඬුවම් කරනු ඇත යැයි ඔහු පැවසුවේය
ﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
. තවද විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී, ඔහුට යහපත් ප්‍රතිඵල සතුය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු
ﮖﮗﮘﮙ
පසු ව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
ﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩ
. හිරු උදා වන තැනට ඔහු ළඟා වූ විට අපි ඔවුනට කිසිදු ආවරණයක් ඇති නොකළ පිරිසක් වෙත එය උදා වනු ඔහු දුටුවේය.
ﮪﮫﮬﮭﮮﮯﮰﮱ
එලෙසය. ඔහු සතු ව ඇති දෑ අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු.
ﯓﯔﯕﯖ
පසු ව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
ﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
. ඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේය.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
අහෝ දුල් කර්නයින්! නියත වශයෙන්ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහුය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැයි ඔවුහු විමසුවෝය.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅ
. මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨය. එබැවින් නුඹලා ශක්තිමත් ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේය.
ﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚﰛ
කදු පාමුල දෙක අතර සමාන වන තරමට නුඹලා මා වෙත ගණ යකඩ කුට්ටි ගෙන එනු. එය ගිනියම් බවට පත් වන තෙක් නුඹලා පිඹිනු යැයි ඔහු පැවසුවේය. ඒ මත උණු කළ තඹ මා වක් කරනු පිණිස මා වෙත නුඹලා (එය) ගෙන එනු යැයි පැවසුවේය.
ﰜﰝﰞﰟﰠﰡﰢﰣﰤ
. එවිට ඉන් බැහැර වන්නට (යඃජූජ් මඃජූජ් වන) ඔවුහු ශක්තිය නොදැරූහ. තවද එයට සිදුරක් කරන්නට ද ඔවුහු ශක්තිය නොදැරූහ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
මෙය මාගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයකි. එහෙයින් මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරයි. තවද මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සැබෑවක් විය.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰ
එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු තුළ රළ මෙන් නගින්නට අපි අත හැර දමන්නෙමු. තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරන්නෙමු.
ﭱﭲﭳﭴﭵﭶ
එදින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය ප්‍රදර්ශනයක් ලෙස අපි ප්‍රදර්ශනය කර පෙන්වන්නෙමු.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
ඔවුහු වනාහි, මා සිහිපත් කිරීමෙන් ඔවුන්ගේ ඇස් ආවරණයක් තුළ වූ අය වෙති. තවද ඔවුහු සවන් දෙන්නට නොහැකිව සිටියෝය.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒ
මාගෙන් තොර ව මාගේ ගැත්තන් තම භාරකරුවන් ලෙස ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් සිතුවෝ ද? නියත වශයෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට නවාතැනක් වශයෙන් නිරය අපි සූදානම් කළෙමු.
ﮓﮔﮕﮖﮗﮘ
ක්‍රියාවන්ගෙන් වඩාත් අලාභහානි කර ගත්තවුන් පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නදැයි (නබිවරය) නුඹ විමසනු.
ﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
ඔවුන් වනාහි මෙලොව ජීවිතයේ තම පරිශ්‍රමය නාස්ති වී ගියවුන්ය. නියත වශයෙන්ම තමන් ක්‍රියාවෙන් දැහැමි දෑ කරන්නන් බව ඔවුහු සිතති.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔ
තම පරමාධිපතිගේ වදන් හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. ඒහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල වී ගියේය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (ඉන්) කිසිදු බරක වටිනාකමක් ඔවුනට නොදෙන්නෙමු.
ﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
එය, ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවින් හා මාගේ වදන් හා මාගේ රසූල්වරුන් ඔවුන් සමච්චලයට ගත් බැවින් නිරය ඔවුන්ගේ ප්‍රතිවිපාකයයි.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩ
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් ස්වර්ග උයන් ඔවුනට විය.
ﯪﯫﯬﯭﯮﯯﯰ
එහි ඔවුන් සදාතනිකයින්ය. එයින් මාරුවීමක් ඔවුහු අපේක්ෂා නොකරති.
ﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃ
මාගේ පරමාධිපතිගේ වදන් (ලිවීමට) තීන්ත බවට මුහුද පත් වුව ද මාගේ පරමාධිපතිගේ වදන් (ලියා) නිමා වීමට පෙර මුහුද සිඳී යනු ඇත. එවන් (මුහුද) හා සමාන දෙයක් අපි අමතර ව ගෙන ආව ද (එය ද ප්‍රමාණවත් නොවනු ඇත.) යැයි (නබිවරය) නුඹ පවසනු.
ﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐﰑﰒﰓﰔﰕﰖﰗﰘﰙﰚﰛﰜﰝ
මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නොකරත්වා! යැයි (නබිවරය) නුඹ පවසනු.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







