සූරා ඉබ්රාහීම්
PDF —
52 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා ඉබ්රාහීම් pdf — බාගත කරන්න (සිංහල)

සූරා ඉබ්රාහීම් pdf සිංහල — බාගත කරන්න සූරා ඉබ්රාහීම් පරිවර්තනය. ඉබ්රාහීම් (Meccan) 52 ආයාත්.



සූරා ඉබ්රාහීම්
52 ආයාත් · Meccan · සිංහල
bismillah
ﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
අලිෆ්, ලාම්, රා (නබිවරය) අපි මෙය නුඹ වෙත පහළ දේව ග්‍රන්ථයයි. ( ජනයා) ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකයට ප්‍රශංසාලාභී, සර්ව බලධාරියාගේ මාර්ගය වෙත නුඹ ඔවුන් යොමු කරනු පිණිස.
ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃ
එම අල්ලාහ් කෙබඳුද යත් අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතුය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දැඩි දඬුවමින් යුත් විනාශය ඇත.
ﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
මතු ලොවට වඩා මෙලොව ජීවිතයට ප්‍රිය කරන, අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කරන, එහි අඩුපාඩු සොයන ඔවුහු අන්ත මුළාවෙහිය.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫ
තවද කිසිදු රසූල්වරයකු ඔහුගේ ජනයාගේ බසින් මිස (වෙනත් බසකින්) අපි නොඑව්වෙමු. එය ඔවුනට ඔහු (දේව පණිවිඩ) පැහැදිලි කරනු පිණිසය. එවිට අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරී. තවද තමන් අභිමත කරන අය යහ මග යොමු කරයි. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣ
තවද නුඹගේ ජනයා අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු. තවද අල්ලාහ්ගේ ගෙවී ගිය දිනයන් පිළිබඳ ව ඔවුනට මතක් කර දෙනු යැයි (අණ කරමින්) මූසා ව සැබැවින්ම අපි අපේ ප්‍රාතිහාර්යයන් සමග එව්වෙමු. නියත වශයෙන්ම එහි ඉමහත් කෘතවේදී ඉවසිලිවන්ත සෑම කෙනෙකුටම සංඥාවන් ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
තවද නුඹලාගේ පිරිමි දරුවන් කපා, නුඹලාගේ කාන්තාවන්ට ජීවිත දානය දී නුඹලාට නපුරු දඬුමවින් නපුරුකම් කළ ෆිර්අවුන්ගේ පැළැන්තියෙන් නුඹලා ව මුදවා ගත් අවස්ථාවේ නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. තවද මේවායෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් අතිමහත් පරීක්ෂණයක් විය.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹ
තවද නුඹලා කෘතවේදී වූයෙහු නම් සැබැවින්ම මම නුඹලාට (ආශිර්වාදයන්) අධික කර දෙමි. නමුත් නුඹලා ගුණමකු වූයෙහු නම් නියත වශයෙන්ම මාගේ දඬුවම ඉතා දැඩි යැයි නුඹලාගේ පරමාධිපති දන්වා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇ
තවද. "නුඹලා සහ මිහිතලයේ සිටින සියලු දෙනා (අල්ලාහ් ව) ප්‍රතික්ෂේප කරන්නෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රශංසාලාභීය. අවශ්‍යතාවන්ගෙන් තොර යැයි දැන ගනු" යැයි මූසා තම ජනයාට කී අවස්ථාව සිහිපත් කරනු.
ﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮ
නුඹලාට පෙර වූ නූහ් ආද් හා සමූද් ජනයාගේ ද ඔවුනට පසුවූවන්ගේ ද පුවත් නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ගැන අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. නමුත් ඔවුන් ඔවුන්ගේ අත් ඔවුන්ගේ මුව මත තබා ‘නුඹලා කවර දෙයක් සමඟ එවනු ලැබුවේ ද සැබැවින්ම අපි එය ප්‍රතික්ෂේප කළෙමු. තවද නුඹලා කවර කරුණක් වෙත අප ව ඇරයුම් කරන්නේ ද ඒ පිළිබඳ ව අපි අවිශ්වාසය ඇති කරන දැඩි සැකයෙහි පසුවෙමු’ යැයි පැවසූහ.
ﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴ
අහස් හා මහපොළොවේ නිර්මාපකයාණන් වූ අල්ලාහ් සම්බන්ධයෙන් සැකයක් ඇත්තේ ද? නුඹලාට ඔහු සමාව දෙනු පිණිස ද නුඹලා ව නියමිත කාලයක් ප්‍රමාද කරනු පිණිස ද ඔහු නුඹලා ව ඇරයුම් කරයි යනුවෙන් ඔවුන්ගේ රසූල්වරුන් පැවසූහ. නුඹලා අප මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවකු නොවේ. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා අප ව වළක්වන්නෙහු ය. එසේ නම් අප වෙත පැහැදිලි සාක්ෂියක් ගෙන එනු යැයි ඔවුහු පැවසූහ.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰ
අපි නුඹලා මෙන් මිනිසුන් මිස වෙනත් අය නොවෙමු. එනමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට (දූත මෙහෙවර) පිරිනමනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව අප නුඹලා වෙත ගෙන ඒමට කිසිදු සාක්ෂියක් අපට නොවීය. තවද අල්ලාහ් වෙතම දේවත්වය විශ්වාස කරන්නන් (සියල්ල) භාර කළ යුතු වේ.
ﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄ
තවද අල්ලාහ් වෙත භාර නොකර සිටීමට අපට කුමක් වීද? තවද සැබැවින්ම ඔහු අපගේ මාර්ග අපට පෙන්වීය. තවද නුඹලා අප හට කරන පීඩාවන් අපි ඉවසා දරා ගන්නෙමු. තවද භාර කරන්නන් අල්ලාහ් වෙතම භාර කළ යුතු වේ.
ﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
තවද සැබැවින්ම අපි නුඹලා ව අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලා අපගේ පිළිවෙත තුළට නැවත පැමිණිය යුතුය යැයි ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ රසූල්වරුන්ට පැවසූහ. එහෙයින් ඔවුන්ගේ පරමාධිපති සැබැවින්ම අපි අපාරධකරුවන් විනාශ කරන්නෙමු යැයි ඔවුනට දන්වා සිටියේය.
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢ
තවද ඔවුන්ගෙන් පසුව අපි නුඹලා ව එම ප්‍රදේශයේ පදිංචි කරවන්නෙමු. එය මා ඉදිරියේ (විනිශ්චය සඳහා) සිට ගැනීමට බිය වූවන් හා මාගේ අවවාදයට බිය වූවන් හටය.
ﮣﮤﮥﮦﮧﮨ
තවද ඔවුහු ජය පැතූහ. තවද මුරණ්ඩුකම් පෑ සාහසික සෑම කෙනෙකුම විනාශයට පත් විය.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰ
ඔහු පසුපස නිරය ඇත. තවද සැරව දියෙන් ඔහුට පොවනු ලැබේ.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣ
ඔහු ටිකින් ටික එය ගිලයි. නමුත් එය පහසුවෙන් ගිලගන්නට අපොහොසත් වෙයි. (එවිට) සෑම තැනකින්ම ඔහු වෙත මරණය පැමිණෙයි. නමුත් ඔහු මිය යන්නෙකු නොවනු ඇත. ඔහු පසුපසින් දැඩි දඬුවමක් ඇත.
ﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽ
තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන්ගේ උපමාව ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුතයක් සහිත දිනක සුළඟ දැඩි ලෙස හසුකර ගත් අළු බඳුය. ඔවුන් ඉපැයූ දැයින් කිසිවක් මත ඔවුහු ශක්තිය නොදරති. එය අන්ත මුළාවක්මය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යය මත මැවු බව නුඹ නුදුටුවෙහි ද? ඔහු අභිමත කරන්නේ නම් නුඹලා ව ඉවත් කොට නව මැවීමක් ගෙන එනු ඇත.
ﭡﭢﭣﭤﭥﭦ
තවද එය අල්ලාහ් වෙත බැරෑරුම් (කරුණක්) නොවේ.
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋ
තවද ඔවුන් සියල්ලන් (මතු ලොවෙහි) අල්ලාහ් ඉදිරියේ පැමිණෙති. එවිට දුර්වලයින් උඩඟුකම් පෑ අය දෙස බලා නියත වශයෙන්ම නුඹලාව අපි අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ්ගෙන් වූ දඬුවමින් කිසිවක් හෝ අපගෙන් නැති කිරීමට නුඹලාට හැකි දැයි විමසති. ඔවුහු අල්ලාහ් අපට මග පෙන් වූයේ නම් සැබැවින්ම අප නුඹලාට මග පෙන්වන්නට තිබුණි. අපි වැලපුණ ද ඉවසා දරා ගත්තද අප වෙත එක සමානය. කිසිදු ගැලවුමක් අප වෙත නොමැත යැයි ඔවුහු පවසති.
ﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
තවද නියෝගය තීන්දු කරනු ලැබූ කල්හි ‍ෂෙයිතාන් (අපාගතවූවන් අමතා) මෙසේ පවසයි. නියත වශයෙන්ම අල්ලාහ් සැබෑ ප්‍රතිඥාවකින් නුඹලාට ප්‍රතිඥා දී ඇත. තවද මමද නුඹලාට ප්‍රතිඥා දී මම නුඹලාට (එය) කඩ කළෙමි. මා නුඹලා ඇරයුම් කළෙමි. එයට නුඹලා පිළිතුරු දුන්නෙහිය. ඒ මිස වෙනත් කිසිදු සාක්ෂියක් නුඹලාට එරෙහි ව මා වෙත නොවීය. එබැවින් නුඹලා මට දොස් නොපවරනු. නුඹලා නුඹලාටම දොස් පවරා ගනු. මම නුඹලාගේ ගැලවුම්කරු නොවෙමි. නුඹලා ද මාගේ ගැලවුම්කරුවන් නොවෙති. නියත වශයෙන්ම මීට පෙර නුඹලා මට කළ ආදේශයන් මම ප්‍රතික්ෂේප කළෙමි. නියත වශයෙන්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
ﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰ
තවද විශ්වාස කොට දැහැමි ක්‍රියා කළවුන් ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු ලැබීය. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔවුන් එහි සදාතනිකයින් විය. එහි ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය වේවා යන්න)ය.
ﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀ
යහපත් වදනට අල්ලාහ් උපමාවක් ගෙන හැර දක්වා ඇත්තේ කෙසේදැයි නුඹ නොදුටුවෙහි ද? එය සාරවත් ගසක් මෙනි. එහි මුල ස්ථාවරය. එමෙන්ම එහි අතු අහසෙහි (විහිදී) ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞ
එය එහි පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම මොහොතකම එහි ආහාර ලබා දෙයි. ඔවුන් මෙනෙහි කර ගත හැකි වනු පිණිස අල්ලාහ් ජනයාට උපමාවන් ගෙන හැර දක්වයි.
ﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
තවද නපුරු වදනට උපමාව මහපොළොව මතු පිටින් උදුරා දමන ලද නිසරු ගසක් මෙනි. එයට කිසිදු ස්ථීර පිහිටීමක් නොමැත.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁ
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි විශ්වාස කළවුන් ව ස්ථීර ප්‍රකාශයෙන් අල්ලාහ් ස්ථීර කරයි. තවද අපරාධකරුවන් ව අල්ලාහ් නොමග යන්නට ඉඩ හරී. තවද අල්ලාහ් තමන් අභිමත කරන දෑ සිදු කරයි.
ﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏ
අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්‍රතික්ෂේපයක් බවට පෙරළා තම ජනයාට විනාශයේ නිවහන වෙත රැගෙන ගිය අය ව නුඹ නුදුටුවෙහි ද?
ﮐﮑﮒﮓﮔﮕ
එය නිරයයි. එහි ඔවුහු පිවිස දැවෙති. එම නිවහන නපුරු විය.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣ
තවද ඔවුහු අල්ලාහ්ට සමානයන් පත් කළෝය. එය ඔහුගේ මාර්ගයෙන් (ජනයා) මුළා කරනු පිණිසය. නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා යොමු කරනු ලබනුයේ (නිරා) ගින්න වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.
ﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
කිසිදු ගනු දෙනුවක් හෝ කිසිදු මිත්‍රත්වයක් නොමැති දිනයක් පැමිණීමට පෙර සලාතය විධිමත් ව ඉටු කරන මෙන් ද ඔවුනට අපි පෝෂණය කළ දැයින් රහසිගත ව ද එළිපිට ද වියදම් කරන මෙන් ද විශ්වාස කළවුන් වන මාගේ ගැත්තන්හට (නබිවරය) නුඹ පවසනු.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
අල්ලාහ් වනාහි ඔහු අහස් හා මහපොළොව මැව්වේය. තවද අහසින් ජලය පහළ කළේය. එමගින් ඔහු නුඹලාට පෝෂණය වශයෙන් බවභෝග මතු කළේය. තවද ඔහුගේ අනුමැතියෙන් මුහුදේ ගමන් කරනු වස් නුඹලාට නැව් වසඟ කර දුන්නේය. තවද නුඹලාට ගංගාවන් ද වසඟ කර දුන්නේය.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁ
තවද හිරු හා සඳු යන දෙක අඛණ්ඩව ගමන් කරන්නක් වශයෙන් නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. තවද රාත්‍රිය හා දහවල ද නුඹලාට වසඟ කර දුන්නේය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
තවද නුඹලා ඉල්ලා සිටි සියලු දැයින් ඔහු නුඹලාට පිරිනැමුවේය. නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගණන් කළද නුඹලා එය තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම මිනිසා මහත් අපරාධකරුය; මහත් ගුණමකුය.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰ
තවද ඉබ්රාහීම් මෙසේ පැවසූ අවස්ථාව සිහිපත් කරනු. මාගේ පරමාධිපතියාණනි! මෙම නගරය අභයදායී ලෙස පත් කරනු මැනව! තවද මා හා මාගේ පුතණුවන් වන අප පිළිම වලට නැමදීමෙන් දුරස් කරනු මැනව!
ﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂ
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඒවා ජනයා අතරින් බොහෝ දෙනකු මුළා කර ඇත. එහෙයින් කවරෙකු මා අනුගමනය කළේ ද එවිට සැබැවින්ම ඔහු මාගෙන් කෙනෙකි. නමුත් කවරෙකු මට පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔබ අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
ﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝ
අපගේ පරමාධිපයාණනි! ඔබගේ පාරිශුද්ධ නිවස අසල කිසිදු වගාවකින් තොර වූ මිටියාවතක මම මාගේ පරපුර පදිංචි කළෙමි. අපගේ පරමාධිපතියාණනි! එය ඔවුන් සලාතය විධිමත් ව ඉටු කරනු පිණිසය. එහෙයින් ජනයාගෙන් ඔවුන් වෙත නැඹුරුවන්නට ඇතැම් හදවත් (ඇත්තන්) පත් කරනු මැනව! තවද බවභෝගයන්ගෙන් ඔවුනට පෝෂණය කරනු මැනව! ඔවුන් කෘතවේදී විය හැකිවනු පිණිස.
ﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱ
අපගේ පරමාධිපතියාණනි! අපි සඟවන දෑ ද අප හෙළි කරන දෑ ද ඔබ දන්නෙහිය. තවද මහපොළොවේ හෝ අහසෙහි හෝ ඇති කිසිවක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත.
ﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
මහලු වියෙහි මා හට ඉස්මාඊල් හා ඉස්හාක් පිරිනැමූ අල්ලාහ්ට සියලු ප්‍රශංසා. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අයැදුමට සවන් දෙන්නාය.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬ
මාගේ පරමාධිපතියාණනි! මා සලාතය විධිමත් ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව! තවද මාගේ පරපුරින් ද පත් කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි! තවද මාගේ අයැදුම පිළිගනු මැනව!
ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ
අපගේ පරමාධිපතියාණනි! විනිශ්චය ක්‍රියාත්මක වන දිනයේ මට ද මාගේ දෙමාපියන්ට ද දේවත්වය විශ්වාස කරන්නන්ට ද සමාව දෙනු මැනව!
ﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄ
තවද අපරාධකරුවන් කරන දෑ පිළිබඳ ව අනවධානී ව සිටින්නෙකු ලෙස සැබැවින්ම නුඹ අල්ලාහ් ගැන නොසිතනු. ඔහු ඔවුනට ප්‍රමාද කරනුයේ තම බැල්ම ඉවත් කළ නොහැකි ව පවතින දිනයක් වෙනුවෙනි.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
(එදින) ඔවුන්ගේ හිස් ඔසවා ගනිමින් වේගයෙන් දුවන්නන් වෙති. ඔවුන්ගේ (දිගහැරුණු) ඇහිපිය ඔවුන් වෙත නැවත හැරී නොඑයි. තවද ඔවුන්ගේ හදවත් හිස් ව පවතී.
ﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷ
තවද ඔවුන් වෙත දඬුවම පැමිණෙන දිනය පිළිබඳ නුඹ ජනයාට අවවාද කරනු. එවිට අපගේ පරමාධිපතියාණනි! ටික කලකට අප ව ප්‍රමාද කරනු මැනව! එවිට ඔබේ ඇරයුමට අපි පිළිතුරු දෙන්නෙමු. තවද පණිවිඩකරුවන් ව අනුගමනය කරන්නෙමු යැයි අපරාධ කළවුන් පවසති. මීට පෙර නුඹලාට කිසිදු විනාශයක් නොවනු ඇතැයි නුඹලා දිවුරා නොසිටියෙහු ද?
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆ
තවද තමන්ටම අපරාධ කළවුන්ගේ වාසස්ථාන වල නුඹලා වාසය කර ඇත්තාහුය. තවද ඔවුනට අප සිදු කළේ කෙසේදැයි නුඹලාට පැහැදිලි විය. තවද අපි නුඹලාට උදාහරණ ගෙන හැර පෑවෙමු. (යැයි ඔවුනට කියනු ලැබේ.)
ﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓ
තවද ඔවුහු ඔවුන්ගේ කුමන්ත්‍රණය සැබැවින්ම සැලසුම් කළෝය. තවද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඉන් කඳු ඉවත් වන තරම් වුව ද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇත්තේ අල්ලාහ් අබියසය.
ﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠ
තම පණිවිඩකරුවන් ට කළ ප්‍රතිඥාව කඩ කරන්නෙකු ලෙස නුඹ අල්ලාහ් ගැන නොසිතිය යුතු වේ. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය; සම ප්‍රතිචාර දක්වන්නාය.
ﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬ
එදින මහපොළොව වෙනත් පොළොවක් ලෙස ද අහස් ද (එලෙසම) පෙරළනු ලැබේ. තවද බල පරාක්‍රමයාණන් වූ ඒකීය අල්ලාහ් ඉදිරියට ඔවුහු පැමිණෙනු ඇත.
ﮭﮮﮯﮰﮱﯓﯔ
තවද එදින යදම් වල බැඳ දමනු ලැබූවන් ලෙසින් අපරාධකරුවන් නුඹ දකිනු ඇත.
ﯕﯖﯗﯘﯙﯚﯛ
ඔවුන්ගේ ඇඟලුම් ලෝ දියෙනි. තවද (නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු වෙළා ගනු ඇත.
ﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧ
සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල දෙනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත්ය.
ﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ
මෙය ජනයා වෙත කෙරෙන දැනුම් දීමකි. තවද එමගින් ඔවුන් අවවාද ලබනු පිණිස ද නියත වශයෙන්ම ඔහු ඒකීය දෙවිඳුන් යැයි ඔවුන් දැන ගනු පිණිස ද බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු පිණිස ද වේ.

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers