සූරා අල්-මුල්ක්
PDF —
30 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-මුල්ක් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-මුල්ක් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-මුල්ක් පරිවර්තනය. අල්-මුල්ක් (Meccan) 30 ආයාත්.



සූරා අල්-මුල්ක්
30 ආයාත් · Meccan · සිංහල
bismillah
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ
(සියලු) පාලන බලය කවර අට අතෙහි ඇත්තේද ඔහු භාග්‍ය සම්පන්න විය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.
ﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧ
ඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිසය. තවද ඔහු සර්ව බලධාරීය; අතික්ෂමාශීලීය.
ﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇ
පසුවද නුඹ දෙවරක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතු ව හැරෙනු ඇත.
ﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕ
තවද සැබැවින්ම අපි මෙලොව අහස පහන් මගින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන් පළවා හරින වස්තූන් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු.
ﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
එමෙන්ම තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧ
ඔවුන් එහි හෙළනු ලැබූ කල්හි එය උතරමින් තිබිය දී ඉන් ඔවුහු දැඩි පිළිකුල් හඬකට සවන් දෙති.
ﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗ
එය කෝපයෙන් පිපිරෙන්නාක් මෙනි. එහි පිරිසක් දමනු ලැබූ සෑම විටකම “අවවාද කරන්නෙකු නුඹලා වෙත නොපැමිණියේ දැ?”යි එහි භාරකරුවෝ ඔවුන්ගෙන් විමසති.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪ
“එසේය. අප වෙත අනතුරු අඟවන්නෙකු සැබැවින්ම පැමිණියේය. එවිට අපි බොරු යැයි පැවසුවෙමු තවද අල්ලාහ් කිසිදු දෙයක් පහළ කර නැත. නුඹලා මහත් වූ මුළාවේ මිස නැතැයි” අපි කීවෙමුයි ඔවුහු පවසති.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
තවද අප සවන් දෙමින් හෝ අවබෝධ කර ගනිමින් සිටියෙමු නම් දැවෙන ගින්නේ සහකාරයින්ගෙන් අප නොවන්නෙමුයි ඔවුහු කියති.
ﯷﯸﯹﯺﯻﯼ
එවිට ඔවුහු තම වරද පිළිගනිති. එහෙයින් දැවෙන ගින්නේ සහකාරයින්ට ශාපය වේවා!
ﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆ
නියත වශයෙන්ම අදෘශ්‍යමානයෙහි තම පරමාධිපතිට බිය වන අය වනාහි ඔවුනට සමාව හා මහත් වූ තිළිණයක් ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛ
තවද නුඹලාගේ ප්‍රකාශයන් රහසිගත ව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන්ම ඔහු හදවත් හි ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
ﭜﭝﭞﭟﭠﭡﭢﭣ
(සියල්ල) මැවූ ඔහු නොදන්නේද? ඔහු සියුම් ඥානීය; අභිඥානවන්ත ය.
ﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳ
නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් සැකසුවේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ වල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.
ﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿ
අහසේ සිටින්නා මහපොළොවේ නුඹලාව ගිල් වීම ගැන නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? එවිට එය කම්පනය වෙමින් පවතී.
ﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍ
එසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීම ගැන නිර්භිය ව සිටින්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැයි නුඹලා මතු දැන ගනු ඇත.
ﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖ
තවද සැබැවින්ම ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝය. එවිට මාගේ උදහස කෙසේ වී ද?
ﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨ
ඔවුනට ඉහළින් පක්ෂීන් තම පියාපත් දිගු හරිමින් හා හකුළුවාලමින් පියාසර කිරීම ඔවුහු නුදුටුවෝද? උන් රඳවා තබනුයේ අපරිමිත දයාන්විතයාණන් මිස අන් කිසිවෙකු නොවෙයි. නියත වශයෙන්ම ඔහු සෑම දෙයක් පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.
ﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚ
අපරිමිත දායන්විතයාණන් හැර නුඹලාට උදව් කරන නුඹලා සතු සේනාව කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මුළාවෙහි මිස නැත.
ﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨ
නැතහොත් ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්‍යයෙන් දුරස් ව සීමාව ඉක්මවීමෙහි හා (සත්‍යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති.
ﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ
තම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ?
ﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃ
නුඹලා නිර්මාණය කොට නුඹලාට ශ්රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහුය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌ
නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහුය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﰍﰎﰏﰐﰑﰒﰓﰔ
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ?යි ඔවුහු ප්‍රශ්න කරති.
ﰕﰖﰗﰘﰙﰚﰛﰜﰝﰞ
(එයට) නියත වශයෙන්ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය!) නුඹ පවසනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞ
එය කිට්ටුවෙන්ම ඔවුන් දකින කල්හි ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ.
ﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮ
(නබිවරය!) මා හා මා සමග සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (ඔවුන්ගෙන්) විමසනු.
ﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
අපිරිමිත දයාන්විතයා ඔහුය. අපි ඔහු ගැන විශ්වාස කළෙමු. තවද ඔහු වෙතම බලාපොරොත්තු තබන්නෙමු. එහෙයින් කවරෙකු ප්‍රකට නොමගෙහි දැයි නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
නුඹලාගේ ජලය (මහපොළොව තුළට) කිඳා බැස්සේ නම් ගලා යන දිය දහර නුඹලාට ලබා දෙන්නේ කවුරුන් දැ?යි නුඹලා සිතා බැලුවෙහු දැ?යි (නබිවරය!) නුඹ විමසනු.

ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers