PDF —
52 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-හාක්කා pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-හාක්කා pdf සිංහල — බාගත කරන්න සූරා අල්-හාක්කා පරිවර්තනය. සූරා අල්-හාක්කා (Meccan) 52 ආයාත්.

← අල්-කලම්සූරා අල්-හාක්කා අල්-මආරිජ් →


52 ආයාත් · Meccan · සිංහල
bismillah
ﮯﮰ
69:1 තිරසාර සිදුවීම වනාහි,
ﮱﯓﯔ
69:2 එම තිරසාර සිදුවීම යනු කුමක් ද?
ﯕﯖﯗﯘﯙ
69:3 තිරසාර සිදුවීම යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
ﯚﯛﯜﯝﯞ
69:4 (හදවත්) තිගැස්සීමට පත් කරවන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝය.
ﯟﯠﯡﯢﯣ
69:5 සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝය.
ﯤﯥﯦﯧﯨﯩﯪ
69:6 තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝය.
ﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻ
69:7 එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩ ව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස් වල කඳන් මෙන් එහි විනාශයට පත් ව සිටිනු නුඹ දකින්නට තිබුණි.
ﯼﯽﯾﯿﰀﰁ
69:8 එවිට ඔවුන්ගෙන් ඉතිරි ව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද?
ﭑﭒﭓﭔﭕﭖﭗ
69:9 තවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝය.
ﭘﭙﭚﭛﭜﭝﭞ
69:10 ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේය.
ﭟﭠﭡﭢﭣﭤﭥﭦ
69:11 ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන්ම අපි නුඹලා ව යාත්‍රාවේ ඉසිලුවෙමු.
ﭧﭨﭩﭪﭫﭬﭭ
69:12 එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිසය.
ﭮﭯﭰﭱﭲﭳﭴ
69:13 හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට;
ﭵﭶﭷﭸﭹﭺﭻ
69:14 තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට;
ﭼﭽﭾﭿ
69:15 එදින සිදු වන දෑ සිදු වනු ඇත.
ﮀﮁﮂﮃﮄﮅ
69:16 තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී.
ﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐ
69:17 තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.
ﮑﮒﮓﮔﮕﮖﮗ
69:18 එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත.
ﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡ
69:19 තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.
ﮢﮣﮤﮥﮦﮧ
69:20 නියත වශයෙන්ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින්ම මම සිතුවෙමි” යැයි පවසයි.
ﮨﮩﮪﮫﮬ
69:21 එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි.
ﮭﮮﮯﮰ
69:22 උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.
ﮱﯓﯔ
69:23 එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.
ﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝ
69:24 “පසු ගිය දින වල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)
ﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨ
69:25 තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම්!” යැයි පවසයි.
ﯩﯪﯫﯬﯭ
69:26 “තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම්!” (කොතරම් අගනේද?)
ﯮﯯﯰﯱ
69:27 “අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි පවසයි.
ﯲﯳﯴﯵﯶﯷ
69:28 “මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”
ﯸﯹﯺﯻ
69:29 “මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
ﯼﯽﯾ
69:30 “නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”
ﯿﰀﰁﰂ
69:31 “පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.”
ﰃﰄﰅﰆﰇﰈﰉﰊ
69:32 ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.
ﰋﰌﰍﰎﰏﰐﰑ
69:33 නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.
ﰒﰓﰔﰕﰖﰗ
69:34 තවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.
ﰘﰙﰚﰛﰜﰝ
69:35 එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.
ﭑﭒﭓﭔﭕﭖ
69:36 (තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.
ﭗﭘﭙﭚﭛ
69:37 වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.
ﭜﭝﭞﭟﭠ
69:38 නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.
ﭡﭢﭣﭤ
69:39 නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.
ﭥﭦﭧﭨﭩ
69:40 නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.
ﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
69:41 තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺ
69:42 එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.
ﭻﭼﭽﭾﭿ
69:43 (එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
ﮀﮁﮂﮃﮄﮅ
69:44 ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,
ﮆﮇﮈﮉ
69:45 අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.
ﮊﮋﮌﮍﮎ
69:46 පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
ﮏﮐﮑﮒﮓﮔﮕ
69:47 එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි.
ﮖﮗﮘﮙ
69:48 තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.
ﮚﮛﮜﮝﮞﮟ
69:49 තවද නියත වශයෙන්ම නුඹලා අතරින් මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු.
ﮠﮡﮢﮣﮤ
69:50 තවද නියත වශයෙන්ම එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට බලවත් ශෝකයකි.
ﮥﮦﮧﮨ
69:51 තවද නියත වශයෙන්ම එය ස්ථීර සත්‍යයකි.
ﮩﮪﮫﮬﮭ
69:52 එහෙයින් (නබිවරය!) නුඹ නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers