PDF —
25 ආයාත් Meccan PDF
Built right in your browser — download starts automatically

සූරා අල්-ඉන්ෂිකාක් pdf — බාගත කරන්න (සිංහල)

සූරා අල්-ඉන්ෂිකාක් pdf සිංහල — බාගත කරන්න සූරා අල්-ඉන්ෂිකාක් පරිවර්තනය. සූරා අල්-ඉන්ෂිකාක් (Meccan) 25 ආයාත්.



25 ආයාත් · Meccan · සිංහල
bismillah
ﭣﭤﭥﭦ
84:1 අහස පැළී යන විට,
ﭧﭨﭩﭪ
84:2 තවද එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
ﭫﭬﭭﭮ
84:3 මහපොළොව සමතලා කරනු ලැබ,
ﭯﭰﭱﭲﭳ
84:4 එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,
ﭴﭵﭶﭷ
84:5 එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
ﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀ
84:6 අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.
ﮁﮂﮃﮄﮅﮆ
84:7 තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,
ﮇﮈﮉﮊﮋ
84:8 ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
ﮌﮍﮎﮏﮐ
84:9 තවද ඔහු තම ජනයා වෙත ප්‍රීතියට පත් ව හැරී යනු ඇත.
ﮑﮒﮓﮔﮕﮖﮗ
84:10 තවද තම වාර්තා පොත තම පසුපසින් දෙනු ලැබූ අය වූ කලී,
ﮘﮙﮚﮛ
84:11 ඔහු විනාශය පතනු ඇත.
ﮜﮝﮞ
84:12 තවද ඔහු (නිරයේ) ඇවිළෙන ගින්නට පිවිසෙනු ඇත.
ﮟﮠﮡﮢﮣﮤ
84:13 නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.
ﮥﮦﮧﮨﮩﮪ
84:14 නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.
ﮫﮬﮭﮮﮯﮰﮱﯓ
84:15 එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
ﯔﯕﯖﯗ
84:16 තවද ගොම්මන මත ද මම දිවුරමි.
ﯘﯙﯚﯛ
84:17 රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,
ﯜﯝﯞﯟ
84:18 චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)
ﯠﯡﯢﯣﯤ
84:19 සැබැවින්ම පියවරෙන් පියවර නුඹලා (ඉදිරියට) ගමන් කරන්නෙහුමය.
ﯥﯦﯧﯨﯩ
84:20 එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
ﯪﯫﯬﯭﯮﯯﯰﯱ
84:21 තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.
ﯲﯳﯴﯵﯶ
84:22 නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝය.
ﯷﯸﯹﯺﯻ
84:23 තවද ඔවුන් සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
ﯼﯽﯾﯿ
84:24 එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ
84:25 නමුත් විශ්වාස කොට දැහැමි දෑ කළවුන් හැර; ඔවුනට අඛණ්ඩ ප්‍රතිඵල ඇත.

ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 9, 2026

Don't forget us in your sincere prayers