ඉබ්රාහීම් සූරා අරාබි සහ සිංහල
ඉබ්රාහීම් සූරා සම්පූර්ණ සිංහල පරිවර්තනය, ශ්‍රව්‍ය පාරායනය සමඟ කියවන්න. (52 ආයාත් — مكية). ඉබ්රාහීම් අසන්න, ඉබ්රාහීම් පරිවර්තනය, ඉබ්රාහීම් mp3, ඉබ්රාහීම් pdf.ඉබ්රාහීම් සූරා කියවන්න සහ අසන්න
🎧 ආයාත්
M
Mishary Rashid Alafasy
✓
Mishary Rashid Alafasy
✓
M
Mahmoud Khalil Al-Husary
✓
Mahmoud Khalil Al-Husary
✓
A
Abdurrahman As-Sudais
✓
Abdurrahman As-Sudais
✓
M
Mohamed Siddiq Al-Minshawi
✓
Mohamed Siddiq Al-Minshawi
✓
A
Abdul Basit Abdul Samad
✓
Abdul Basit Abdul Samad
✓
A
Ali Al-Hudhaify
✓
Ali Al-Hudhaify
✓
A
Ahmed ibn Ali al-Ajamy
✓
Ahmed ibn Ali al-Ajamy
✓
A
Abu Bakr Ash-Shaatree
✓
Abu Bakr Ash-Shaatree
✓
M
Muhammad Ayyoub
✓
Muhammad Ayyoub
✓
A
Abdullah Basfar
✓
Abdullah Basfar
✓
A
Abdullah Al-Juhani
✓
Abdullah Al-Juhani
✓
M
Maher Al Muaiqly
✓
Maher Al Muaiqly
✓
—
x1
الر ۚ كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ ١
📖 පරිවර්තනය
ආයාත් 1
අලිෆ්, ලාම්, රා (නබිවරය) අපි මෙය නුඹ වෙත පහළ දේව ග්‍රන්ථයයි. ( ජනයා) ඔවුන්ගේ පරමාධිපතිගේ අනුහසින් අන්ධකාරයන්ගෙන් ආලෝකයට ප්‍රශංසාලාභී, සර්ව බලධාරියාගේ මාර්ගය වෙත නුඹ ඔවුන් යොමු කරනු පිණිස.
اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَوَيْلٌ لِّلْكَافِرِينَ مِنْ عَذَابٍ شَدِيدٍ ٢
📖 පරිවර්තනය
ආයාත් 2
එම අල්ලාහ් කෙබඳුද යත් අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතුය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට දැඩි දඬුවමින් යුත් විනාශය ඇත.
الَّذِينَ يَسْتَحِبُّونَ الْحَيَاةَ الدُّنْيَا عَلَى الْآخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُولَٰئِكَ فِي ضَلَالٍ بَعِيدٍ ٣
📖 පරිවර්තනය
ආයාත් 3
මතු ලොවට වඩා මෙලොව ජීවිතයට ප්‍රිය කරන, අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කරන, එහි අඩුපාඩු සොයන ඔවුහු අන්ත මුළාවෙහිය.
وَمَا أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ اللَّهُ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ٤
📖 පරිවර්තනය
ආයාත් 4
තවද කිසිදු රසූල්වරයකු ඔහුගේ ජනයාගේ බසින් මිස (වෙනත් බසකින්) අපි නොඑව්වෙමු. එය ඔවුනට ඔහු (දේව පණිවිඩ) පැහැදිලි කරනු පිණිසය. එවිට අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරී. තවද තමන් අභිමත කරන අය යහ මග යොමු කරයි. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُم بِأَيَّامِ اللَّهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِّكُلِّ صَبَّارٍ شَكُورٍ ٥
📖 පරිවර්තනය
ආයාත් 5
තවද නුඹගේ ජනයා අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු. තවද අල්ලාහ්ගේ ගෙවී ගිය දිනයන් පිළිබඳ ව ඔවුනට මතක් කර දෙනු යැයි (අණ කරමින්) මූසා ව සැබැවින්ම අපි අපේ ප්‍රාතිහාර්යයන් සමග එව්වෙමු. නියත වශයෙන්ම එහි ඉමහත් කෘතවේදී ඉවසිලිවන්ත සෑම කෙනෙකුටම සංඥාවන් ඇත.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَاكُم مِّنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُم بَلَاءٌ مِّن رَّبِّكُمْ عَظِيمٌ ٦
📖 පරිවර්තනය
ආයාත් 6
තවද නුඹලාගේ පිරිමි දරුවන් කපා, නුඹලාගේ කාන්තාවන්ට ජීවිත දානය දී නුඹලාට නපුරු දඬුමවින් නපුරුකම් කළ ෆිර්අවුන්ගේ පැළැන්තියෙන් නුඹලා ව මුදවා ගත් අවස්ථාවේ නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කරනු යැයි මූසා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. තවද මේවායෙහි නුඹලාගේ පරමාධිපතිගෙන් අතිමහත් පරීක්ෂණයක් විය.
وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ ٧
📖 පරිවර්තනය
ආයාත් 7
තවද නුඹලා කෘතවේදී වූයෙහු නම් සැබැවින්ම මම නුඹලාට (ආශිර්වාදයන්) අධික කර දෙමි. නමුත් නුඹලා ගුණමකු වූයෙහු නම් නියත වශයෙන්ම මාගේ දඬුවම ඉතා දැඩි යැයි නුඹලාගේ පරමාධිපති දන්වා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
وَقَالَ مُوسَىٰ إِن تَكْفُرُوا أَنتُمْ وَمَن فِي الْأَرْضِ جَمِيعًا فَإِنَّ اللَّهَ لَغَنِيٌّ حَمِيدٌ ٨
📖 පරිවර්තනය
ආයාත් 8
තවද. "නුඹලා සහ මිහිතලයේ සිටින සියලු දෙනා (අල්ලාහ් ව) ප්‍රතික්ෂේප කරන්නෙහු නම් නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රශංසාලාභීය. අවශ්‍යතාවන්ගෙන් තොර යැයි දැන ගනු" යැයි මූසා තම ජනයාට කී අවස්ථාව සිහිපත් කරනු.
أَلَمْ يَأْتِكُمْ نَبَأُ الَّذِينَ مِن قَبْلِكُمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ ۛ وَالَّذِينَ مِن بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا اللَّهُ ۚ جَاءَتْهُمْ رُسُلُهُم بِالْبَيِّنَاتِ فَرَدُّوا أَيْدِيَهُمْ فِي أَفْوَاهِهِمْ وَقَالُوا إِنَّا كَفَرْنَا بِمَا أُرْسِلْتُم بِهِ وَإِنَّا لَفِي شَكٍّ مِّمَّا تَدْعُونَنَا إِلَيْهِ مُرِيبٍ ٩
📖 පරිවර්තනය
ආයාත් 9
නුඹලාට පෙර වූ නූහ් ආද් හා සමූද් ජනයාගේ ද ඔවුනට පසුවූවන්ගේ ද පුවත් නුඹලා වෙත නොපැමිණියේ ද? ඔවුන් ගැන අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. නමුත් ඔවුන් ඔවුන්ගේ අත් ඔවුන්ගේ මුව මත තබා ‘නුඹලා කවර දෙයක් සමඟ එවනු ලැබුවේ ද සැබැවින්ම අපි එය ප්‍රතික්ෂේප කළෙමු. තවද නුඹලා කවර කරුණක් වෙත අප ව ඇරයුම් කරන්නේ ද ඒ පිළිබඳ ව අපි අවිශ්වාසය ඇති කරන දැඩි සැකයෙහි පසුවෙමු’ යැයි පැවසූහ.
۞ قَالَتْ رُسُلُهُمْ أَفِي اللَّهِ شَكٌّ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ۚ قَالُوا إِنْ أَنتُمْ إِلَّا بَشَرٌ مِّثْلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُنَا فَأْتُونَا بِسُلْطَانٍ مُّبِينٍ ١٠
📖 පරිවර්තනය
ආයාත් 10
අහස් හා මහපොළොවේ නිර්මාපකයාණන් වූ අල්ලාහ් සම්බන්ධයෙන් සැකයක් ඇත්තේ ද? නුඹලාට ඔහු සමාව දෙනු පිණිස ද නුඹලා ව නියමිත කාලයක් ප්‍රමාද කරනු පිණිස ද ඔහු නුඹලා ව ඇරයුම් කරයි යනුවෙන් ඔවුන්ගේ රසූල්වරුන් පැවසූහ. නුඹලා අප මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවකු නොවේ. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා අප ව වළක්වන්නෙහු ය. එසේ නම් අප වෙත පැහැදිලි සාක්ෂියක් ගෙන එනු යැයි ඔවුහු පැවසූහ.
قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ وَلَٰكِنَّ اللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَمَا كَانَ لَنَا أَن نَّأْتِيَكُم بِسُلْطَانٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ ١١
📖 පරිවර්තනය
ආයාත් 11
අපි නුඹලා මෙන් මිනිසුන් මිස වෙනත් අය නොවෙමු. එනමුත් අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට (දූත මෙහෙවර) පිරිනමනු ඇත. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව අප නුඹලා වෙත ගෙන ඒමට කිසිදු සාක්ෂියක් අපට නොවීය. තවද අල්ලාහ් වෙතම දේවත්වය විශ්වාස කරන්නන් (සියල්ල) භාර කළ යුතු වේ.
وَمَا لَنَا أَلَّا نَتَوَكَّلَ عَلَى اللَّهِ وَقَدْ هَدَانَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَا آذَيْتُمُونَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ ١٢
📖 පරිවර්තනය
ආයාත් 12
තවද අල්ලාහ් වෙත භාර නොකර සිටීමට අපට කුමක් වීද? තවද සැබැවින්ම ඔහු අපගේ මාර්ග අපට පෙන්වීය. තවද නුඹලා අප හට කරන පීඩාවන් අපි ඉවසා දරා ගන්නෙමු. තවද භාර කරන්නන් අල්ලාහ් වෙතම භාර කළ යුතු වේ.
وَقَالَ الَّذِينَ كَفَرُوا لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُم مِّنْ أَرْضِنَا أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا ۖ فَأَوْحَىٰ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ الظَّالِمِينَ ١٣
📖 පරිවර්තනය
ආයාත් 13
තවද සැබැවින්ම අපි නුඹලා ව අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලා අපගේ පිළිවෙත තුළට නැවත පැමිණිය යුතුය යැයි ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ රසූල්වරුන්ට පැවසූහ. එහෙයින් ඔවුන්ගේ පරමාධිපති සැබැවින්ම අපි අපාරධකරුවන් විනාශ කරන්නෙමු යැයි ඔවුනට දන්වා සිටියේය.
وَلَنُسْكِنَنَّكُمُ الْأَرْضَ مِن بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ ١٤
📖 පරිවර්තනය
ආයාත් 14
තවද ඔවුන්ගෙන් පසුව අපි නුඹලා ව එම ප්‍රදේශයේ පදිංචි කරවන්නෙමු. එය මා ඉදිරියේ (විනිශ්චය සඳහා) සිට ගැනීමට බිය වූවන් හා මාගේ අවවාදයට බිය වූවන් හටය.
وَاسْتَفْتَحُوا وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍ ١٥
📖 පරිවර්තනය
ආයාත් 15
තවද ඔවුහු ජය පැතූහ. තවද මුරණ්ඩුකම් පෑ සාහසික සෑම කෙනෙකුම විනාශයට පත් විය.
مِّن وَرَائِهِ جَهَنَّمُ وَيُسْقَىٰ مِن مَّاءٍ صَدِيدٍ ١٦
📖 පරිවර්තනය
ආයාත් 16
ඔහු පසුපස නිරය ඇත. තවද සැරව දියෙන් ඔහුට පොවනු ලැබේ.
يَتَجَرَّعُهُ وَلَا يَكَادُ يُسِيغُهُ وَيَأْتِيهِ الْمَوْتُ مِن كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ ۖ وَمِن وَرَائِهِ عَذَابٌ غَلِيظٌ ١٧
📖 පරිවර්තනය
ආයාත් 17
ඔහු ටිකින් ටික එය ගිලයි. නමුත් එය පහසුවෙන් ගිලගන්නට අපොහොසත් වෙයි. (එවිට) සෑම තැනකින්ම ඔහු වෙත මරණය පැමිණෙයි. නමුත් ඔහු මිය යන්නෙකු නොවනු ඇත. ඔහු පසුපසින් දැඩි දඬුවමක් ඇත.
مَّثَلُ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ أَعْمَالُهُمْ كَرَمَادٍ اشْتَدَّتْ بِهِ الرِّيحُ فِي يَوْمٍ عَاصِفٍ ۖ لَّا يَقْدِرُونَ مِمَّا كَسَبُوا عَلَىٰ شَيْءٍ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ ١٨
📖 පරිවර්තනය
ආයාත් 18
තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන්ගේ උපමාව ඔවුන්ගේ ක්‍රියාවන් චණ්ඩ මාරුතයක් සහිත දිනක සුළඟ දැඩි ලෙස හසුකර ගත් අළු බඳුය. ඔවුන් ඉපැයූ දැයින් කිසිවක් මත ඔවුහු ශක්තිය නොදරති. එය අන්ත මුළාවක්මය.
أَلَمْ تَرَ أَنَّ اللَّهَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ ١٩
📖 පරිවර්තනය
ආයාත් 19
නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යය මත මැවු බව නුඹ නුදුටුවෙහි ද? ඔහු අභිමත කරන්නේ නම් නුඹලා ව ඉවත් කොට නව මැවීමක් ගෙන එනු ඇත.
وَمَا ذَٰلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ ٢٠
📖 පරිවර්තනය
ආයාත් 20
තවද එය අල්ලාහ් වෙත බැරෑරුම් (කරුණක්) නොවේ.
وَبَرَزُوا لِلَّهِ جَمِيعًا فَقَالَ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا مِنْ عَذَابِ اللَّهِ مِن شَيْءٍ ۚ قَالُوا لَوْ هَدَانَا اللَّهُ لَهَدَيْنَاكُمْ ۖ سَوَاءٌ عَلَيْنَا أَجَزِعْنَا أَمْ صَبَرْنَا مَا لَنَا مِن مَّحِيصٍ ٢١
📖 පරිවර්තනය
ආයාත් 21
තවද ඔවුන් සියල්ලන් (මතු ලොවෙහි) අල්ලාහ් ඉදිරියේ පැමිණෙති. එවිට දුර්වලයින් උඩඟුකම් පෑ අය දෙස බලා නියත වශයෙන්ම නුඹලාව අපි අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු. අල්ලාහ්ගෙන් වූ දඬුවමින් කිසිවක් හෝ අපගෙන් නැති කිරීමට නුඹලාට හැකි දැයි විමසති. ඔවුහු අල්ලාහ් අපට මග පෙන් වූයේ නම් සැබැවින්ම අප නුඹලාට මග පෙන්වන්නට තිබුණි. අපි වැලපුණ ද ඉවසා දරා ගත්තද අප වෙත එක සමානය. කිසිදු ගැලවුමක් අප වෙත නොමැත යැයි ඔවුහු පවසති.
وَقَالَ الشَّيْطَانُ لَمَّا قُضِيَ الْأَمْرُ إِنَّ اللَّهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِيَ عَلَيْكُم مِّن سُلْطَانٍ إِلَّا أَن دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِي ۖ فَلَا تَلُومُونِي وَلُومُوا أَنفُسَكُم ۖ مَّا أَنَا بِمُصْرِخِكُمْ وَمَا أَنتُم بِمُصْرِخِيَّ ۖ إِنِّي كَفَرْتُ بِمَا أَشْرَكْتُمُونِ مِن قَبْلُ ۗ إِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ ٢٢
📖 පරිවර්තනය
ආයාත් 22
තවද නියෝගය තීන්දු කරනු ලැබූ කල්හි ෂෙයිතාන් (අපාගතවූවන් අමතා) මෙසේ පවසයි. නියත වශයෙන්ම අල්ලාහ් සැබෑ ප්‍රතිඥාවකින් නුඹලාට ප්‍රතිඥා දී ඇත. තවද මමද නුඹලාට ප්‍රතිඥා දී මම නුඹලාට (එය) කඩ කළෙමි. මා නුඹලා ඇරයුම් කළෙමි. එයට නුඹලා පිළිතුරු දුන්නෙහිය. ඒ මිස වෙනත් කිසිදු සාක්ෂියක් නුඹලාට එරෙහි ව මා වෙත නොවීය. එබැවින් නුඹලා මට දොස් නොපවරනු. නුඹලා නුඹලාටම දොස් පවරා ගනු. මම නුඹලාගේ ගැලවුම්කරු නොවෙමි. නුඹලා ද මාගේ ගැලවුම්කරුවන් නොවෙති. නියත වශයෙන්ම මීට පෙර නුඹලා මට කළ ආදේශයන් මම ප්‍රතික්ෂේප කළෙමි. නියත වශයෙන්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
وَأُدْخِلَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ ٢٣
📖 පරිවර්තනය
ආයාත් 23
තවද විශ්වාස කොට දැහැමි ක්‍රියා කළවුන් ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරනු ලැබීය. ඔවුන්ගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔවුන් එහි සදාතනිකයින් විය. එහි ඔවුන්ගේ පැතුම සලාම් (ශාන්තිය වේවා යන්න)ය.
أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللَّهُ مَثَلًا كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاءِ ٢٤
📖 පරිවර්තනය
ආයාත් 24
යහපත් වදනට අල්ලාහ් උපමාවක් ගෙන හැර දක්වා ඇත්තේ කෙසේදැයි නුඹ නොදුටුවෙහි ද? එය සාරවත් ගසක් මෙනි. එහි මුල ස්ථාවරය. එමෙන්ම එහි අතු අහසෙහි (විහිදී) ඇත.
تُؤْتِي أُكُلَهَا كُلَّ حِينٍ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ٢٥
📖 පරිවර්තනය
ආයාත් 25
එය එහි පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම මොහොතකම එහි ආහාර ලබා දෙයි. ඔවුන් මෙනෙහි කර ගත හැකි වනු පිණිස අල්ලාහ් ජනයාට උපමාවන් ගෙන හැර දක්වයි.
وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ اجْتُثَّتْ مِن فَوْقِ الْأَرْضِ مَا لَهَا مِن قَرَارٍ ٢٦
📖 පරිවර්තනය
ආයාත් 26
තවද නපුරු වදනට උපමාව මහපොළොව මතු පිටින් උදුරා දමන ලද නිසරු ගසක් මෙනි. එයට කිසිදු ස්ථීර පිහිටීමක් නොමැත.
يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَيُضِلُّ اللَّهُ الظَّالِمِينَ ۚ وَيَفْعَلُ اللَّهُ مَا يَشَاءُ ٢٧
📖 පරිවර්තනය
ආයාත් 27
මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි විශ්වාස කළවුන් ව ස්ථීර ප්‍රකාශයෙන් අල්ලාහ් ස්ථීර කරයි. තවද අපරාධකරුවන් ව අල්ලාහ් නොමග යන්නට ඉඩ හරී. තවද අල්ලාහ් තමන් අභිමත කරන දෑ සිදු කරයි.
۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُوا نِعْمَتَ اللَّهِ كُفْرًا وَأَحَلُّوا قَوْمَهُمْ دَارَ الْبَوَارِ ٢٨
📖 පරිවර්තනය
ආයාත් 28
අල්ලාහ්ගේ ආශිර්වාදයන් ප්‍රතික්ෂේපයක් බවට පෙරළා තම ජනයාට විනාශයේ නිවහන වෙත රැගෙන ගිය අය ව නුඹ නුදුටුවෙහි ද?
جَهَنَّمَ يَصْلَوْنَهَا ۖ وَبِئْسَ الْقَرَارُ ٢٩
📖 පරිවර්තනය
ආයාත් 29
එය නිරයයි. එහි ඔවුහු පිවිස දැවෙති. එම නිවහන නපුරු විය.
وَجَعَلُوا لِلَّهِ أَندَادًا لِّيُضِلُّوا عَن سَبِيلِهِ ۗ قُلْ تَمَتَّعُوا فَإِنَّ مَصِيرَكُمْ إِلَى النَّارِ ٣٠
📖 පරිවර්තනය
ආයාත් 30
තවද ඔවුහු අල්ලාහ්ට සමානයන් පත් කළෝය. එය ඔහුගේ මාර්ගයෙන් (ජනයා) මුළා කරනු පිණිසය. නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන්ම නුඹලා යොමු කරනු ලබනුයේ (නිරා) ගින්න වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.
قُل لِّعِبَادِيَ الَّذِينَ آمَنُوا يُقِيمُوا الصَّلَاةَ وَيُنفِقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَلَا خِلَالٌ ٣١
📖 පරිවර්තනය
ආයාත් 31
කිසිදු ගනු දෙනුවක් හෝ කිසිදු මිත්‍රත්වයක් නොමැති දිනයක් පැමිණීමට පෙර සලාතය විධිමත් ව ඉටු කරන මෙන් ද ඔවුනට අපි පෝෂණය කළ දැයින් රහසිගත ව ද එළිපිට ද වියදම් කරන මෙන් ද විශ්වාස කළවුන් වන මාගේ ගැත්තන්හට (නබිවරය) නුඹ පවසනු.
اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَّكُمْ ۖ وَسَخَّرَ لَكُمُ الْفُلْكَ لِتَجْرِيَ فِي الْبَحْرِ بِأَمْرِهِ ۖ وَسَخَّرَ لَكُمُ الْأَنْهَارَ ٣٢
📖 පරිවර්තනය
ආයාත් 32
අල්ලාහ් වනාහි ඔහු අහස් හා මහපොළොව මැව්වේය. තවද අහසින් ජලය පහළ කළේය. එමගින් ඔහු නුඹලාට පෝෂණය වශයෙන් බවභෝග මතු කළේය. තවද ඔහුගේ අනුමැතියෙන් මුහුදේ ගමන් කරනු වස් නුඹලාට නැව් වසඟ කර දුන්නේය. තවද නුඹලාට ගංගාවන් ද වසඟ කර දුන්නේය.
وَسَخَّرَ لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَائِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ ٣٣
📖 පරිවර්තනය
ආයාත් 33
තවද හිරු හා සඳු යන දෙක අඛණ්ඩව ගමන් කරන්නක් වශයෙන් නුඹලාට ඔහු වසඟ කර දුන්නේය. තවද රාත්‍රිය හා දහවල ද නුඹලාට වසඟ කර දුන්නේය.
وَآتَاكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنسَانَ لَظَلُومٌ كَفَّارٌ ٣٤
📖 පරිවර්තනය
ආයාත් 34
තවද නුඹලා ඉල්ලා සිටි සියලු දැයින් ඔහු නුඹලාට පිරිනැමුවේය. නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාදයන් ගණන් කළද නුඹලා එය තක්සේරු නොකරනු ඇත. නියත වශයෙන්ම මිනිසා මහත් අපරාධකරුය; මහත් ගුණමකුය.
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَٰذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ الْأَصْنَامَ ٣٥
📖 පරිවර්තනය
ආයාත් 35
තවද ඉබ්රාහීම් මෙසේ පැවසූ අවස්ථාව සිහිපත් කරනු. මාගේ පරමාධිපතියාණනි! මෙම නගරය අභයදායී ලෙස පත් කරනු මැනව! තවද මා හා මාගේ පුතණුවන් වන අප පිළිම වලට නැමදීමෙන් දුරස් කරනු මැනව!
رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِّنَ النَّاسِ ۖ فَمَن تَبِعَنِي فَإِنَّهُ مِنِّي ۖ وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ ٣٦
📖 පරිවර්තනය
ආයාත් 36
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම ඒවා ජනයා අතරින් බොහෝ දෙනකු මුළා කර ඇත. එහෙයින් කවරෙකු මා අනුගමනය කළේ ද එවිට සැබැවින්ම ඔහු මාගෙන් කෙනෙකි. නමුත් කවරෙකු මට පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔබ අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا الصَّلَاةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ ٣٧
📖 පරිවර්තනය
ආයාත් 37
අපගේ පරමාධිපයාණනි! ඔබගේ පාරිශුද්ධ නිවස අසල කිසිදු වගාවකින් තොර වූ මිටියාවතක මම මාගේ පරපුර පදිංචි කළෙමි. අපගේ පරමාධිපතියාණනි! එය ඔවුන් සලාතය විධිමත් ව ඉටු කරනු පිණිසය. එහෙයින් ජනයාගෙන් ඔවුන් වෙත නැඹුරුවන්නට ඇතැම් හදවත් (ඇත්තන්) පත් කරනු මැනව! තවද බවභෝගයන්ගෙන් ඔවුනට පෝෂණය කරනු මැනව! ඔවුන් කෘතවේදී විය හැකිවනු පිණිස.
رَبَّنَا إِنَّكَ تَعْلَمُ مَا نُخْفِي وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى اللَّهِ مِن شَيْءٍ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ ٣٨
📖 පරිවර්තනය
ආයාත් 38
අපගේ පරමාධිපතියාණනි! අපි සඟවන දෑ ද අප හෙළි කරන දෑ ද ඔබ දන්නෙහිය. තවද මහපොළොවේ හෝ අහසෙහි හෝ ඇති කිසිවක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත.
الْحَمْدُ لِلَّهِ الَّذِي وَهَبَ لِي عَلَى الْكِبَرِ إِسْمَاعِيلَ وَإِسْحَاقَ ۚ إِنَّ رَبِّي لَسَمِيعُ الدُّعَاءِ ٣٩
📖 පරිවර්තනය
ආයාත් 39
මහලු වියෙහි මා හට ඉස්මාඊල් හා ඉස්හාක් පිරිනැමූ අල්ලාහ්ට සියලු ප්‍රශංසා. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අයැදුමට සවන් දෙන්නාය.
رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلَاةِ وَمِن ذُرِّيَّتِي ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ ٤٠
📖 පරිවර්තනය
ආයාත් 40
මාගේ පරමාධිපතියාණනි! මා සලාතය විධිමත් ව ඉටු කරන්නෙකු බවට පත් කරනු මැනව! තවද මාගේ පරපුරින් ද පත් කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි! තවද මාගේ අයැදුම පිළිගනු මැනව!
رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ ٤١
📖 පරිවර්තනය
ආයාත් 41
අපගේ පරමාධිපතියාණනි! විනිශ්චය ක්‍රියාත්මක වන දිනයේ මට ද මාගේ දෙමාපියන්ට ද දේවත්වය විශ්වාස කරන්නන්ට ද සමාව දෙනු මැනව!
وَلَا تَحْسَبَنَّ اللَّهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الْأَبْصَارُ ٤٢
📖 පරිවර්තනය
ආයාත් 42
තවද අපරාධකරුවන් කරන දෑ පිළිබඳ ව අනවධානී ව සිටින්නෙකු ලෙස සැබැවින්ම නුඹ අල්ලාහ් ගැන නොසිතනු. ඔහු ඔවුනට ප්‍රමාද කරනුයේ තම බැල්ම ඉවත් කළ නොහැකි ව පවතින දිනයක් වෙනුවෙනි.
مُهْطِعِينَ مُقْنِعِي رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ ۖ وَأَفْئِدَتُهُمْ هَوَاءٌ ٤٣
📖 පරිවර්තනය
ආයාත් 43
(එදින) ඔවුන්ගේ හිස් ඔසවා ගනිමින් වේගයෙන් දුවන්නන් වෙති. ඔවුන්ගේ (දිගහැරුණු) ඇහිපිය ඔවුන් වෙත නැවත හැරී නොඑයි. තවද ඔවුන්ගේ හදවත් හිස් ව පවතී.
وَأَنذِرِ النَّاسَ يَوْمَ يَأْتِيهِمُ الْعَذَابُ فَيَقُولُ الَّذِينَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَىٰ أَجَلٍ قَرِيبٍ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍ ٤٤
📖 පරිවර්තනය
ආයාත් 44
තවද ඔවුන් වෙත දඬුවම පැමිණෙන දිනය පිළිබඳ නුඹ ජනයාට අවවාද කරනු. එවිට අපගේ පරමාධිපතියාණනි! ටික කලකට අප ව ප්‍රමාද කරනු මැනව! එවිට ඔබේ ඇරයුමට අපි පිළිතුරු දෙන්නෙමු. තවද පණිවිඩකරුවන් ව අනුගමනය කරන්නෙමු යැයි අපරාධ කළවුන් පවසති. මීට පෙර නුඹලාට කිසිදු විනාශයක් නොවනු ඇතැයි නුඹලා දිවුරා නොසිටියෙහු ද?
وَسَكَنتُمْ فِي مَسَاكِنِ الَّذِينَ ظَلَمُوا أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْأَمْثَالَ ٤٥
📖 පරිවර්තනය
ආයාත් 45
තවද තමන්ටම අපරාධ කළවුන්ගේ වාසස්ථාන වල නුඹලා වාසය කර ඇත්තාහුය. තවද ඔවුනට අප සිදු කළේ කෙසේදැයි නුඹලාට පැහැදිලි විය. තවද අපි නුඹලාට උදාහරණ ගෙන හැර පෑවෙමු. (යැයි ඔවුනට කියනු ලැබේ.)
وَقَدْ مَكَرُوا مَكْرَهُمْ وَعِندَ اللَّهِ مَكْرُهُمْ وَإِن كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ الْجِبَالُ ٤٦
📖 පරිවර්තනය
ආයාත් 46
තවද ඔවුහු ඔවුන්ගේ කුමන්ත්‍රණය සැබැවින්ම සැලසුම් කළෝය. තවද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඉන් කඳු ඉවත් වන තරම් වුව ද ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇත්තේ අල්ලාහ් අබියසය.
فَلَا تَحْسَبَنَّ اللَّهَ مُخْلِفَ وَعْدِهِ رُسُلَهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ ذُو انتِقَامٍ ٤٧
📖 පරිවර්තනය
ආයාත් 47
තම පණිවිඩකරුවන් ට කළ ප්‍රතිඥාව කඩ කරන්නෙකු ලෙස නුඹ අල්ලාහ් ගැන නොසිතිය යුතු වේ. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය; සම ප්‍රතිචාර දක්වන්නාය.
يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتُ ۖ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ ٤٨
📖 පරිවර්තනය
ආයාත් 48
එදින මහපොළොව වෙනත් පොළොවක් ලෙස ද අහස් ද (එලෙසම) පෙරළනු ලැබේ. තවද බල පරාක්‍රමයාණන් වූ ඒකීය අල්ලාහ් ඉදිරියට ඔවුහු පැමිණෙනු ඇත.
وَتَرَى الْمُجْرِمِينَ يَوْمَئِذٍ مُّقَرَّنِينَ فِي الْأَصْفَادِ ٤٩
📖 පරිවර්තනය
ආයාත් 49
තවද එදින යදම් වල බැඳ දමනු ලැබූවන් ලෙසින් අපරාධකරුවන් නුඹ දකිනු ඇත.
سَرَابِيلُهُم مِّن قَطِرَانٍ وَتَغْشَىٰ وُجُوهَهُمُ النَّارُ ٥٠
📖 පරිවර්තනය
ආයාත් 50
ඔවුන්ගේ ඇඟලුම් ලෝ දියෙනි. තවද (නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු වෙළා ගනු ඇත.
لِيَجْزِيَ اللَّهُ كُلَّ نَفْسٍ مَّا كَسَبَتْ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ ٥١
📖 පරිවර්තනය
ආයාත් 51
සෑම ආත්මයකටම එය ඉපැයූ දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල දෙනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත්ය.
هَٰذَا بَلَاغٌ لِّلنَّاسِ وَلِيُنذَرُوا بِهِ وَلِيَعْلَمُوا أَنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَلِيَذَّكَّرَ أُولُو الْأَلْبَابِ ٥٢
📖 පරිවර්තනය
ආයාත් 52
මෙය ජනයා වෙත කෙරෙන දැනුම් දීමකි. තවද එමගින් ඔවුන් අවවාද ලබනු පිණිස ද නියත වශයෙන්ම ඔහු ඒකීය දෙවිඳුන් යැයි ඔවුන් දැන ගනු පිණිස ද බුද්ධිය ඇත්තවුන් මෙනෙහි කරනු පිණිස ද වේ.
කියවන්න ඉබ්රාහීම් සූරා සිංහල – පරිවර්තනය සහ ශ්‍රව්‍ය
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers

