සූරා අර්-රූම්
PDF —
Built right in your browser — download starts automatically
සූරා අර්-රූම් pdf — බාගත කරන්න (සිංහල)
සූරා අර්-රූම් pdf සිංහල — බාගත කරන්න සූරා අර්-රූම් පරිවර්තනය. අර්-රූම් (Meccan) 60 ආයාත්.
Related
- අර්-රූම් පරිවර්තනයසිංහල
- අර්-රූම් mp3අසන්න
- Quran Index සිංහල114
More සූරා PDF
සූරා අර්-රූම්

ﮫﮬ
අලිෆ්, ලාම්, මීම්.
ﮭﮮﮯ
රෝමය පරාජයට පත් කරනු ලැබීය.
ﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙ
රෝම රාජ්යය (අසල පිහිටි) පහත් භූමියෙහි ඔවුන් පරාජයට පත් කරනු ලැබුවායින් පසු ඔවුන් (නැවත) මතු ජයග්‍රහණය කරනු ඇත.
ﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨ
(එය) වසර කිහිපයක් තුළ වේ. පෙර හා පසු සියලු බලය අල්ලාහ් සතුය. තවද එදින දේවත්වය විශ්වාස කරන්නෝ සතුටු වෙති.
ﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳ
අල්ලාහ්ගේ උදව් ව මගින් (ඔවුහු සතුටු වෙති). ඔහු අභිමත කරන අයට උදව් කරයි. තවද ඔහු සර්ව බලධාරීය; මහා කරුණාවන්තය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝ
තවද (රෝමය ආක්රමණය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවයි. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කඩ නොකරයි. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා නොදනිති.
ﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦﭧﭨ
මෙලොව ජීවිතයේ මතුපිටින් වූ දෑ ඔවුහු දනිති. නමුත් මතු ලොව පිළිබඳ ව ඔවුහු අනවධානීන් ලෙස ම සිටිති.
ﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁ
තවද ඔවුහු තමන් ගැන කල්පනා නොකළෙහු ද? අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද යුක්තියෙන් හා නියමිත කාල නිර්ණයකට අනුව මිස අල්ලාහ් මැව්වේ නැත. තවද ජනයා අතරින් බහුතරයක් දෙනා ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
ﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤ
තවද මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු නොබැලුවෝ ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් බලවත් වූහ. ඔවුන් මහපොළොවේ අස්වද්දා, මොවුන් පාලනය කළ දෑට වඩා බලවත් ලෙස ඔවුහු එය පරිපාලනය කළෝය. තවද ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නොවීය. එනමුත් ඔවුහු ඔවුනටම අපරාධ කරගන්නන් වූහ.
ﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
පසුව ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කළ බැවින් ද ඒවා පිළිබඳ ඔවුන් සරදම් කරමින් සිටි බැවින් ද (එවන්) නපුරුකම් කළවුන්ගේ අවසානය නපුරු විය.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜ
අල්ලාහ් මැවීම් පළමු වතාවට උත්පාදනය කරයි. පසු ව එය නැවත නිර්මාණය කරයි. පසු ව ඔහු වෙතටමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.
ﯝﯞﯟﯠﯡﯢ
තවද එම (විනිශ්චය) කාලය සිදු වන දිනයේදී වැරදිකරුවෝ බලාපොරොත්තු සුන් කර ගනිති.
ﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬ
ඔවුන්ගේ හවුල්කරුවන් අතරින් ඔවුන් වෙනුවෙන් මැදිහත්වන්නෝ ඔවුනට නොවීය. තවද ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් ප්‍රතික්ෂේප කරන්නන් වෙති.
ﯭﯮﯯﯰﯱﯲ
තවද එම (විනිශ්චය) කාලය සිදු වන දින ඔවුහු වෙන් වෙන් ව යති.
ﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼ
නමුත් කවුරුන් දේවත්වය විශ්වාසය කොට යහකම් කළ අය වූ කලී ඔවුහු (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබති.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜ
තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් හා මතු ලොව හමු ව බොරු කළ අය වූ කලී ඔවුහුම ය දඬුවම් දීමට ගෙන එනු ලබන්නෝ.
ﭝﭞﭟﭠﭡﭢﭣ
අල්ලාහ් සුවිශුද්ධය. නුඹලා සවස් කාලයට එළැඹෙන විටත් නුඹලා උදෑසන පිබිදෙන විටත් ඔහු සුවිශුද්ධ කරනු.
ﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
අහස්හි හා මහපොළොවෙහි සියලු ප්‍රශංසා ඔහු සතුය. තවද සන්ධ්යා කාලයේ හා නුඹලා මධ්යාහ්න කාලයට එළැඹෙන විටත් (සුවිශුද්ධ කරනු).
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼ
ඔහු මළ දැයින් ජීවී දෑ හෙළි කරයි. තවද ජීවී දැයින් මළ දෑ හෙළි කරයි. මහපොළොවට, එය මිය ගිය පසු ව ඔහු යළි ජීවය දෙයි. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.
ﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈ
නුඹලා පසින් මැවීම, පසුව නුඹලා (මහපොළොවේ) මිනිසුන් ලෙසින් විසිර සිටීම ඔහුගේ සංඥා අතරිනි.
ﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞ
තවද නුඹලා ඇය සමග වාසය කර (සැනසුම ලබ)නු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි සිතන ජනයාට සංඥා ඇත.
ﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭ
තවද අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන්ම එහි දැනුමැත්තන්හට සංඥා ඇත.
ﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞ
තවද රාත්‍රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන්ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත.
ﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵ
තවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව එය මළ පසු ව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතරිනි. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ
තවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහුය.
ﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬ
තවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතුය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති.
ﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁ
තවද මැවීම ප්‍රථමෝත්පාදනය කර පසු ව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරීය; මහා ප්‍රඥාවන්තය.
ﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟ
නුඹලා අතරින්ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වීය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය අතරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමානද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට ද බියවන්නෙහු ද? වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.
ﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓ
නමුත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවුද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත.
ﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭ
එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංක ව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ නිර්මාණයේ කිසිදු වෙනස්කිරීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති.
ﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸ
ඔහු වෙත නැඹුරුවන්නන් ලෙසින් (ස්ථාපිත කරනු.) තවද නුඹලා ඔහුට බැතිමත් වනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. තවද නුඹලා ආදේශ කරන්නන් අතරින් නොවනු.
ﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅ
(එම ආදේශ කරන්නන් වන) ඔවුහු තම දහම වෙන්කර ගත් අය අතරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූහ. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටුවන්නෝය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣ
තවද මිනිසුන්ට කුමක් හෝ විපතක් සිදු වූ විට ඔවුන්ගේ පරමාධිපති වෙත යොමුවන්නන් ලෙසින් ඔවුහු ඔහුට කන්නලව් කරති. පසු ව එයින් ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුන් අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබති.
ﭤﭥﭦﭧﭨﭩﭪﭫ
(එසේ සිදු කරනුයේ) ඔවුනට අපි පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔවුන් ගුණමකු වනු පිණිසය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. එවිට නුඹලා මතු දැන ගනු ඇත.
ﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ
එසේ නැතහොත් ඔවුන් කවර දෙයක් මත ආදේශ කරමින් සිටියේ ද ඒ ගැන කතා කරන සාධකයක් ඔවුන් වෙත අපි පහළ කළෙමු ද?
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇ
තවද ජනයාට ආශිර්වාදය විඳින්නට සැලැස්වූ විට ඔවුහු එමගින් සතුටු වෙති. නමුත් ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඔවුනට අත්වූයේ නම් එවිට ඔවුහු බලාපොරොත්තු සුන් කර ගනිති.
ﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘ
තවද නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්යාප්ත කර දෙන බවත් (ඇතැමුන්ට) සීමා කර දෙන බවත් ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
ﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫ
එහෙයින් ඥාතී වූ අයට ඔහුගේ උරුමය දෙනු. තවද දුප්පතාට ද තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන් හට එය උතුම්ය. තවද ඔවුහුමය ජයග්රාහකයෝ.
ﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤ
තවද ජනයාගේ වස්තුවෙන් වැඩෙනු පිණිස නුඹලා දෙන පොළිය අල්ලාහ් අභියස වර්ධනය වන්නේ නැත. නමුත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහුමය ගුණ කරනු ලබන්නෝ.
ﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽ
අල්ලාහ් වන ඔහු නුඹලාව මැව්වේය. නුඹලාට පෝෂණය දුන්නේය. පසු ව ඔහු නුඹලා මරණයට පත් කරන්නේය. පසුව නුඹලාට ජීවය දෙන්නේය. මේවායින් කිසිවක් හෝ සිදු කරන නුඹලාගේ හවුල්කරුවන් කිසිවෙකු හෝ වෙත් ද? ඔහු සුපිවිතුරය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය.
ﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍ
මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිසය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚﭛﭜﭝﭞﭟﭠ
මහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූහ යැයි (නබිවරය!) නුඹ පවසනු.
ﭡﭢﭣﭤﭥﭦﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲ
එහෙයින් එය වැළැක්විය නොහැකි දිනයක් අල්ලාහ් වෙතින් පැමිණීමට පෙර ඍජු පිළිවෙත වෙත ඔබේ මුහුණ ස්ථාපිත කරනු. එදින ඔවුහු වෙන් වෙන් ව විසිර යති.
ﭳﭴﭵﭶﭷﭸﭹﭺﭻﭼﭽ
කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම එරෙහිවය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය ඔවුන් වෙනුවෙන්ම ඔවුහු සැලසුම් කර ගනිති.
ﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊ
විශ්වාස කොට යහකම් සිදු කළවුනට ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිසය. නියත වශයෙන්ම ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ප්රිය නොකරයි.
ﮋﮌﮍﮎﮏﮐﮑﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜ
තවද ඔහුගේ කරුණාවෙන් නුඹලා විඳින්නට සලස්වනු පිණිසත් ඔහුගේ නියෝගයෙන් නැව් ගමන් කරනු පිණිසත් ඔහුගේ භාග්යයෙන් නුඹලා (වස්තූන්) සොයනු පිණිසත් එමෙන්ම නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් (වර්ෂාවට පෙර) ශුභාරංචි වශයෙන් ඔහු සුළඟ එවීම ඔහුගේ සංඥා අතරිනි.
ﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰ
තවද ඔබට පෙර ද ධර්ම දූතවරුන් ඔවුන්ගේ ජනයා වෙත සැබැවින්ම අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණියෝය. පසු ව (එය ඔවුහු නොපිළිගත් බැවින්) වැරදි කළවුන්ගෙන් අපි පළිගත්තෙමු. තවද දේවත්වය විශ්වාස කරන්නන් හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය.
ﮱﯓﯔﯕﯖﯗﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯ
සුළඟ එවනුයේ අල්ලාහ්ය. එවිට එය වලාකුළු නංවයි. එවිට ඔහු අභිමත කරන පරිදි අහසෙහි එය විසිරුවා හරියි. තවද එය කොටස් බවට පත් කරයි. එවිට ඒ අතරින් වර්ෂාව පිට වනු ඔබ දකිනු ඇත. එසේ එවිට එය ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත පතිත වූ විට ඔවුහු සතුටු වෙති.
ﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺ
තවද මීට පෙර ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබීමට පෙර බලාපොරොත්තු සුන්වූවන් ලෙස සිටියහ.
ﯻﯼﯽﯾﯿﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋﰌﰍﰎﰏﰐ
එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසු ව එයට ඔහු ප්රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන්ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නාය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
ﭑﭒﭓﭔﭕﭖﭗﭘﭙﭚ
තවද අපි සුළඟ එවා ඔවුහු එය (අස්වැන්න) කහ පැහැගන්වන්නක් ලෙස දුටුව ද ඉන් පසු පවා ඔවුහු ප්‍රතික්ෂේප කරන්නට වූහ.
ﭛﭜﭝﭞﭟﭠﭡﭢﭣﭤﭥﭦ
(නබිවරය!) එහෙයින් ඔබ මළවුනට සවන් දෙන්නට සැලැස්විය නොහැක. තවද බිහිරන් පසුපසු හැරී ගිය විට ද එම ඇරයුම සවන් දෙන්නට සැලැස්විය නොහැක.
ﭧﭨﭩﭪﭫﭬﭭﭮﭯﭰﭱﭲﭳﭴﭵﭶ
තවද අන්ධයින්ට ඔවුන්ගේ නොමග යෑමෙන් ඔබ මග පෙන්වන්නකු ලෙස නැත. අපගේ වදන් විශ්වාස කර අපට අවනත වූ අයට මිස ඔබ සවන් දෙන්නට සැලැස්විය නොහැක.
ﭷﭸﭹﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅﮆﮇﮈﮉﮊﮋﮌﮍﮎﮏﮐﮑﮒ
දුබලත්වයේ සිට නුඹලා ව මැව්වේ ඔහුය. අනතුරු ව දුබලත්වයෙන් පසු ව ඔහු ශක්තිමත් භාවයට පත් කළේය. අනතුරුව ශක්තිමත් භාවයෙන් පසු ව දුර්වලභාවයටත් කෙස් ඉඳී ගිය තත්ත්වයටත් ඔහු පත් කළේය. ඔහු සර්ව ඥානීය; සර්ව බලසම්පන්නය.
ﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠ
තවද අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ තමන් මොහොතක් මිස රැඳී නොසිටි බවට දිවුරා සිටිති. එලෙසය, ඔවුහු වෙනතකට යොමු කරනු ලබමින් සිටියේ.
ﮡﮢﮣﮤﮥﮦﮧﮨﮩﮪﮫﮬﮭﮮﮯﮰﮱﯓﯔﯕﯖﯗ
තවද නැවත නැගිටුවනු ලබන දිනය දක්වා අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි නුඹලා රැඳී සිටියෙහුය. නැවත නැගිටුවනු ලබන දිනය මෙයයි. එනමුත් නුඹලා එය දැන සිටියේ නැත යැයි ඥානය හා විශ්වාසය දෙනු ලැබූවන් පැවසූහ.
ﯘﯙﯚﯛﯜﯝﯞﯟﯠﯡ
එහෙයින් එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු (අල්ලාහ්ගේ තෘප්තිය වෙත) නැවත හැරී එන මෙන් ඉල්ලා සිටිනු නොලබති.
ﯢﯣﯤﯥﯦﯧﯨﯩﯪﯫﯬﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶ
තවද අපි මෙම අල් කුර්ආනයේ සෑම උපමාවකින්ම ජනයාට උපමා ගෙන හැර පෑවෙමු. ඔවුන් වෙත නුඹ යම් සංඥාවක් ගෙන ආ විට නුඹලා අසත්යවාදීහු මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් නියත වශයෙන්ම පවසනු ඇත.
ﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿ
වටහා නොගන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තබනුයේ එලෙසය.
ﰀﰁﰂﰃﰄﰅﰆﰇﰈﰉﰊﰋ
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද විශ්වාස නොකරන්නන් ඔබ ව සුළු කොට නොතැකිය යුතුය.
ශුද්ධ වූ අල් කුර්ආනය
Tuesday, August 18, 2026
Don't forget us in your sincere prayers







